ජනාධිපතිවරයා වෙනුවෙන් අතිරේක වියදම් ලෙස කෝටි 20ක් විදේශ සංචාර ඉන්ධන සහ වාහන නඩත්තුව සඳහා වෙන්කරලා... මෙහෙම නඩත්තු කළ යුතු කෙනෙක් ද මේ - අනුර අසයි
ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කටයුතු සොයා බැලීම සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් මගින් කෝටි 130 ක් වෙන්කර ඇති හෙයින් එම මුදල් වියදම් කළ ආකාරය ගැන සභාවට කරුණු ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරන බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය.
එම ඇස්තමේන්තුවේම ජනාධිපතිවරයා සඳහා අතිරේක වියදම් ලෙස කෝටි විස්සක් විදේශ සංචාර ඉන්ධන සහ වාහන නඩත්තුව සඳහා වෙන්කර ඇති බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයා පළමුවෙන්ම මූල්‍ය විනය රැකිය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා තමා දන්නා අන්දමට එංගලන්තයට හතර පාරක්ද ජපානයට දෙපාරක් ඔහු ගොස් ඇතැයි සඳහන් කළේය.
දැන් ඔහු දින දොළහක දීර්ඝම සංචාරයට සූදානම් වන බවද දිසානායක මහතා කීවේය.
හාල් ටිකට කිරි වීදුරුවට වැට් ගහලා එකතු කරගන්න මුදල ජනාධිපතිවරයා රට සවාරි යෑමට යොදා ගන්නා බවත් ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ ඉඳලා පාර්ලිමේන්තුවට එනකොට ගිලන් රථයක් පසුපස එන බවත් ඔහු ප්‍රකාශ කළේය.
පාසල් දරුවන්ගේ ආහාර වේල් සඳහා නිල ඇඳුම සඳහා මුදල් තවම දී නැතැයි පැවසූ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට මේ මුදල වෙන්කර ඇත්තේ අයවැයෙන් වෙන් කළ මුදලට අමතර වශයෙන් බවද ප්‍රකාශ කළේය.
‘මෙහෙම නඩත්තු කරන්න ඕනේ මිනිහෙක්ද අපේ රටේ’ යයිද ඔහු මෙහිදී ප්‍රශ්න කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු