ප්‍රමාද වී ගුවන් තොටුපළට ආ ලක්මාලිට වූ විපත..
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ කර ඇති සටහනක් පහතින් දක්වා ඇති අතර, ප්‍රමාද වී පැමිණීම හේතුවෙන් සිදුවූ මෙම සිදුවීම මගින් 'පැලවත්තේ පාර්ට්' සියල්ලන්ටම, සෑම තැනටම හරියන්නේ නැති බව පෙනෙන හෙයින් පහතින් එම සටහන මෙසේ පළ කරමු..
"මීට ස්වල්ප මොහොතකට පෙර චයිනා ඊස්ටර්න් ගුවන් සේවයේ කොළඹ සිට ශැංග්හයි දක්වා ගමන් කරන MU 6018 ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වුණා.
මේ ගුවන් යානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර චීනය බලා ගමන් කිරීමට තිබුණා.
නමුත් ඇය ගුවන් තොටුපළට ආවේ ප්‍රමාද වෙලා. ඇය එද්දි ගුවන් යානය පිටත් වීමට සියල්ල සුදානම් වෙලා තිබුණා.
එම නිසා කාර්ය මණ්ඩලය ඇය ගුවන් යානයට නංවා ගැනීම ප්‍රතික්ෂේප කළා.
ලක්මාලි තමන්ගේ සුපුරුදු හඬින් සහ ස්වරයෙන් ඔවුන්ට තමන්ගේ බලය පෙන්වලා තමන් මන්ත්‍රීවරියක් බව කිව්වා.
කාර්ය මණ්ඩලය එය තමන්ට අදාල නැති බවත් තමන්ට අදාල නීතිය බවත් කිව්වා.
ඉන්පසුව ලක්මාලි හේමචන්ද්‍ර දුරකථන ඇමතුම් ලබා ගත්තා.
ජනාධිපති ලේකම් කාර්යාලයෙන්, සහ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිරි ගොවියා ඇතුළු කිහිපදෙනෙක් දුරකථන ඇමතුම් ලගා දුන්නා.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් දමින්ද රඹුක්වැල්ල කතා කළා.
නමුත් මේ කාර්ය මණ්ඩලය චීන ජාතිකයන්. ලක්මාලිට ඇඹරෙන්න මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය නෙවෙයි.
අවසානයේ ගුවන් යානය තත්පරයක් හෝ ප්‍රමාද නොවී නියමිත වේලාවට පිටත් වුණා.
ලක්මාලි හේමචන්ද්‍රට ගුවන් යානයට පිවිසීමට නොහැකි වුණා.
ඉස්සර ෆේස්බුක් එකේ කමෙන්ට් දදා හිටියට, කාර්ඩ් බෝඩ් අල්ලන් හන්දි ගානේ හිටියට ලක්මාලි දැන් ශ්‍රී ලංකා උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක්. මහජන නියෝජිතයෙක්.
මහජන නියෝජිතයන්ට විශාල වගකීමක් තිබෙනවා. ඔවුන් වෙලාවට වැඩ කළ යුතුයි.
ඔවුන් රට නියෝජනය කරන නිසා ජාත්‍යන්තරය ඉදිරියේ වැදගත් විය යුතුයි.
නමුත් ජවිපෙ සහ පැලවත්ත ලක්මාලි 'පාවිච්චි' කරන්නේ 'ගොන් පාර්ට්' දැමීමට සහ විපක්ෂයට 'ගෙරවීමට' නිසා ලක්මාලිට තවමත් ඒ වගකීම දැනෙන්නේ නැහැ.
මැදපෙරදිග රැකියාවකට යන ග්‍රාමීය කාන්තාවක් පවා තමන්ගේ ගුවන් යානය ලබා ගන්න වෙලාවට ගුවන් තොටුපළට යනවා.
මේ ශ්‍රී ලංකාවේ මහජන නියෝජිතයො!
පරක්කු වෙලා ගිහිල්ලා, ජාත්‍යන්තර ගුවන් සේවා වලට සද්දෙත් දානවා.
ලැජ්ජයි!"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා