ඇමරිකන් ඉන්දියන් කදවුරේ ව්‍යාපෘතිය හා ගෝඨාභයට අත්වූ ඉරණම
ලංකාවේ උතුරු කළාපයේ ඕනෑම ව්‍යාපෘතියක් ඉන්දියාවට හෝ, ඉන්දීය හිතවාදී කදවුරේ, රටකට හැර වෙනත් තැනකට යන්නේ,නම් එවැනි ආණ්ඩුවකට අත් වන්නේ ගෝඨාභයට අත්වු ඉරණමය..
ලංකාවේ පුනනර්ජනනීය විදුළි බළ නිෂ්පාදනය සදහා අවශ්‍ය සුළං බළය සහ ප්‍රශස්තම ඉරු එළිය තිබෙන්නේ උතුරු,පළාතට අයිති දිස්ත්‍රික්,05 තුළය. ( යාපනය/ කිලිනොච්චිය/ වන්නි / මුලතිව් සහ මන්නාරම )
ගෝඨාභය රාජපක්ෂ බළයට ඒම සමග පුනර්ජනනීය විදුළි බළ නිෂ්පාදනය වෙත යොමු වීමක් ලංකාව තුළ ඇතිවෙන ආකාරය ඉන්දියාව දුටුවේය.
එම ව්‍යාපෘති චීනය වෙත යාම දකුණු ඉන්දියාවට ඉතා ආසන්න උතුරු පළාතේ ,චීන ව්‍යාපෘති ඇතිවීමට ඇති හැකියාව ගැන ඉන්දියාවට සහ අනාගත ආරක්ෂාවට ගැටළුවක් ලෙස බරපතළව ගත්තේය.
ඉන්දියාව ඒ ව්‍යාපෘති,වලට මැදිහත් වීමට ලංකාවෙන් ඒකාධීකාරී අයිතිය ඉල්ලුවත් (ඉන්දියාව හෝ,ඉන්දියාව සිටින කදවුරේ රටවල් වල සමාගම් වෙනුවෙන්) ගෝඨාභය සහ රාජපක්ෂලා චීනය සමග ඇතිකරගෙන තිබුනු දිගුකාලීන විශ්වාසය මත ඒවා තනි ඉන්දියාවට හෝ ඉන්දියාව සහිත කදවුරට පමණක් නොව චීකය රුසියාවට පවා ඒවාට ඇතුළත් වීමට ඉඩ ලැබෙන පරිදි ඒවා සිද්ධ කර ගැනීමට එවක රජයේ බලාපොරොත්තුව විය.
එයට ඉන්දියාව උරණ වුයේය.
ගෝඨාභයද ඒ, ඉන්දීය බලහත්කාරයට එරෙහිව එයට ලංකාවට ඉන්දියාවෙන් කහ ආනයනය නතර කර රටේ නිෂ්පාදනය කර ගන්න බවට ටොක්කක් ඇන්නේය. (සැබවාන්ව කහ නතර කිරීම හරහා නොකායා කීවේ ඉන්දියාවෙි බලහතිකාරයට ඉන්දියාව සමග වෙළදාම ැඩුකරන බවයි. )
ඉන්දියාවද වැඩේ අත ඇරියෙි නැත . ඇමරිකාව මෙයට පටලවා ගත්තේය.
ගෝඨාභය රසායනික පොහොර තහනම් කරේ ලංකාවේ ලොකුම රසායනික පොහොර සැපයුම්,කරුවන් වෙන ඇමරිකාව සහ ඉන්දියාවට රිදවන්නය.
අන්තිමට ඉන්දියාව සහ ඇමරිකාව එක්ව රාජපක්ෂලා එළවන ව්‍යාපෘතිය අරගලය නමින් දියත් කළේය.
ඒ සමගම ලංකාවේ රාජ්‍ය බළය ඇමරිකාව ප්‍රමුක කදවුරට අතට ගැනීමට කටයුතු කළේය.
මානව හිමිකම් අපරාධ චෝදනාව සහ රාජපක්ෂ පවුලෙන්ම යොදාගත් බැසිල් රාජපක්ෂ හරහා දියත් කළ ආර්ථිකය හැකිලීම ඉදිරියේ ගෝඨාභය සහ මහින්දට කල හැකි දෙයක්,නොවීය.
අවසානයට ඉන්දියාව අනාගතය ගැන සිතා චීනය ලංකාවේ උතුරු කලාපයෙන් ඉතා ලගට ඒම නතර කරවා ගෙන ලංකාවේ උතුරේ චීනය නොමැති පුනර්ජනනීය විදූළි නිෂ්පාදනය අතට ගත්තේය.
ඇමරිකාව විසින් මීට පසු සමස්ථ ශ්‍රී ලංකාවම වෙනුවෙන් නැවත චීන හිතවාදී රාජපක්ෂවරයෙක් හෝ එවැනි චීන - රුසියා කදවුරට ලංවෙන රජයක් බිහි නොවන තැනට දැන් කටයුතු කරමින් සිටින්නේය.
එමෙන්ම චීනය විසින් උපාය මාර්ගිකව ඉන්දියානු සාගරයේ ලංකාවේ ඔවුන් දියතිකළ ඕනෑම ව්‍යාපෘතියකින් යම් දිනක එල්ල විය හැකි ගන්නා ඕනෑම අභියෝගයක් දුබල කළ හැකි අයුරින් ලංකා භූමියේ චීන ව්‍යාපෘති වට කරමින් ඉන්දියා ඇමරිකා කදවුරේ ව්‍යාපෘති බිහිකරන්න දැන් සැළසුම් සකස් කරගෙන තිබේ.
එය කොතරම් දරුණුද යත් චීනය ඉදිකර ලංකාව සමග හවුලේ පවත්වාගෙන යන ෂැංග්‍රිලා හෝටලයද වට කරගනිමින් ඉන්දියානු හොටල් ව්‍යාපෘති ඉදිකරන්නට රජයේ ගුවන් හමුදා මුලස්ථාන කොළඔ වරායේ ඉඩම්,කොටස් පවා ඉන්දියානු ව්‍යාපාර සදහා දැන් රනිල් ලවා වෙන්කර ගන්නට ව්‍යාපෘති දියත් වී තිබේ.
එදා ෂෙල් වැනි බහුජාතික සමාගම් අයිතිව තිබු බ්‍රිතාන්‍යයට සහ ඇමරිකානු කදවඅරට එරෙහි වීම නිසා දශක ගණනාවක් එම කදවුරේ සුරතලෙකු ලෙස චන්ද්‍රිකා බන්ඩාරනායක බිහිකර ගන්නකම් බන්ඩාරනායක නාමයට සහ ඇයගේ චීන රුසියා හිතවාදී දේශපාලනයට ඉඩක් නොදුන්නා වගේම
හෙට රාජපක්ෂ නාමයද රාජපක්ෂ දේශපාලන දැක්මද ජනතාවගෙන් අතුගාලාම දාන ව්‍යාපෘතියද ඇමරිකන් ඉන්දියන් කදවුර අරඹා තිබේ.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..