ඇමරිකන් ඉන්දියන් කදවුරේ ව්‍යාපෘතිය හා ගෝඨාභයට අත්වූ ඉරණම
ලංකාවේ උතුරු කළාපයේ ඕනෑම ව්‍යාපෘතියක් ඉන්දියාවට හෝ, ඉන්දීය හිතවාදී කදවුරේ, රටකට හැර වෙනත් තැනකට යන්නේ,නම් එවැනි ආණ්ඩුවකට අත් වන්නේ ගෝඨාභයට අත්වු ඉරණමය..
ලංකාවේ පුනනර්ජනනීය විදුළි බළ නිෂ්පාදනය සදහා අවශ්‍ය සුළං බළය සහ ප්‍රශස්තම ඉරු එළිය තිබෙන්නේ උතුරු,පළාතට අයිති දිස්ත්‍රික්,05 තුළය. ( යාපනය/ කිලිනොච්චිය/ වන්නි / මුලතිව් සහ මන්නාරම )
ගෝඨාභය රාජපක්ෂ බළයට ඒම සමග පුනර්ජනනීය විදුළි බළ නිෂ්පාදනය වෙත යොමු වීමක් ලංකාව තුළ ඇතිවෙන ආකාරය ඉන්දියාව දුටුවේය.
එම ව්‍යාපෘති චීනය වෙත යාම දකුණු ඉන්දියාවට ඉතා ආසන්න උතුරු පළාතේ ,චීන ව්‍යාපෘති ඇතිවීමට ඇති හැකියාව ගැන ඉන්දියාවට සහ අනාගත ආරක්ෂාවට ගැටළුවක් ලෙස බරපතළව ගත්තේය.
ඉන්දියාව ඒ ව්‍යාපෘති,වලට මැදිහත් වීමට ලංකාවෙන් ඒකාධීකාරී අයිතිය ඉල්ලුවත් (ඉන්දියාව හෝ,ඉන්දියාව සිටින කදවුරේ රටවල් වල සමාගම් වෙනුවෙන්) ගෝඨාභය සහ රාජපක්ෂලා චීනය සමග ඇතිකරගෙන තිබුනු දිගුකාලීන විශ්වාසය මත ඒවා තනි ඉන්දියාවට හෝ ඉන්දියාව සහිත කදවුරට පමණක් නොව චීකය රුසියාවට පවා ඒවාට ඇතුළත් වීමට ඉඩ ලැබෙන පරිදි ඒවා සිද්ධ කර ගැනීමට එවක රජයේ බලාපොරොත්තුව විය.
එයට ඉන්දියාව උරණ වුයේය.
ගෝඨාභයද ඒ, ඉන්දීය බලහත්කාරයට එරෙහිව එයට ලංකාවට ඉන්දියාවෙන් කහ ආනයනය නතර කර රටේ නිෂ්පාදනය කර ගන්න බවට ටොක්කක් ඇන්නේය. (සැබවාන්ව කහ නතර කිරීම හරහා නොකායා කීවේ ඉන්දියාවෙි බලහතිකාරයට ඉන්දියාව සමග වෙළදාම ැඩුකරන බවයි. )
ඉන්දියාවද වැඩේ අත ඇරියෙි නැත . ඇමරිකාව මෙයට පටලවා ගත්තේය.
ගෝඨාභය රසායනික පොහොර තහනම් කරේ ලංකාවේ ලොකුම රසායනික පොහොර සැපයුම්,කරුවන් වෙන ඇමරිකාව සහ ඉන්දියාවට රිදවන්නය.
අන්තිමට ඉන්දියාව සහ ඇමරිකාව එක්ව රාජපක්ෂලා එළවන ව්‍යාපෘතිය අරගලය නමින් දියත් කළේය.
ඒ සමගම ලංකාවේ රාජ්‍ය බළය ඇමරිකාව ප්‍රමුක කදවුරට අතට ගැනීමට කටයුතු කළේය.
මානව හිමිකම් අපරාධ චෝදනාව සහ රාජපක්ෂ පවුලෙන්ම යොදාගත් බැසිල් රාජපක්ෂ හරහා දියත් කළ ආර්ථිකය හැකිලීම ඉදිරියේ ගෝඨාභය සහ මහින්දට කල හැකි දෙයක්,නොවීය.
අවසානයට ඉන්දියාව අනාගතය ගැන සිතා චීනය ලංකාවේ උතුරු කලාපයෙන් ඉතා ලගට ඒම නතර කරවා ගෙන ලංකාවේ උතුරේ චීනය නොමැති පුනර්ජනනීය විදූළි නිෂ්පාදනය අතට ගත්තේය.
ඇමරිකාව විසින් මීට පසු සමස්ථ ශ්‍රී ලංකාවම වෙනුවෙන් නැවත චීන හිතවාදී රාජපක්ෂවරයෙක් හෝ එවැනි චීන - රුසියා කදවුරට ලංවෙන රජයක් බිහි නොවන තැනට දැන් කටයුතු කරමින් සිටින්නේය.
එමෙන්ම චීනය විසින් උපාය මාර්ගිකව ඉන්දියානු සාගරයේ ලංකාවේ ඔවුන් දියතිකළ ඕනෑම ව්‍යාපෘතියකින් යම් දිනක එල්ල විය හැකි ගන්නා ඕනෑම අභියෝගයක් දුබල කළ හැකි අයුරින් ලංකා භූමියේ චීන ව්‍යාපෘති වට කරමින් ඉන්දියා ඇමරිකා කදවුරේ ව්‍යාපෘති බිහිකරන්න දැන් සැළසුම් සකස් කරගෙන තිබේ.
එය කොතරම් දරුණුද යත් චීනය ඉදිකර ලංකාව සමග හවුලේ පවත්වාගෙන යන ෂැංග්‍රිලා හෝටලයද වට කරගනිමින් ඉන්දියානු හොටල් ව්‍යාපෘති ඉදිකරන්නට රජයේ ගුවන් හමුදා මුලස්ථාන කොළඔ වරායේ ඉඩම්,කොටස් පවා ඉන්දියානු ව්‍යාපාර සදහා දැන් රනිල් ලවා වෙන්කර ගන්නට ව්‍යාපෘති දියත් වී තිබේ.
එදා ෂෙල් වැනි බහුජාතික සමාගම් අයිතිව තිබු බ්‍රිතාන්‍යයට සහ ඇමරිකානු කදවඅරට එරෙහි වීම නිසා දශක ගණනාවක් එම කදවුරේ සුරතලෙකු ලෙස චන්ද්‍රිකා බන්ඩාරනායක බිහිකර ගන්නකම් බන්ඩාරනායක නාමයට සහ ඇයගේ චීන රුසියා හිතවාදී දේශපාලනයට ඉඩක් නොදුන්නා වගේම
හෙට රාජපක්ෂ නාමයද රාජපක්ෂ දේශපාලන දැක්මද ජනතාවගෙන් අතුගාලාම දාන ව්‍යාපෘතියද ඇමරිකන් ඉන්දියන් කදවුර අරඹා තිබේ.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..