මංගල උත්සව, සාද, වාණිජ ස්ථානවල ගීත වාදනයට විශේෂ නව බලපත්‍ර ගාස්තුවක්..
ලැබෙන පුනරුද ජයග්‍රහණ සමරමු. මීට පස්සේ 10 වැඩි 100 අඩු ඕනෑම තැනක ගීත ප්‍රචාරය කරනවනම් බදු ගෙවමු. මගුලටනම් ඉතිං මොකෝ..
කොලේ වහලා ගහලා තියෙන විදිහට ඊළග වෙසක් පොසෙනේ වල දන්සැල් වල ගීත ප්‍රචාරය කලොත් ඒකටති බදු ගෙවන්න වෙයි.
දවස ( Copied )
🔴 උත්සව සහ වාණිජ ස්ථානවල ගීත වාදනයට අනිවාර්ය විශේෂ බලපත්‍රයක්: බුද්ධිමය දේපළ සුරැකීමට නව රෙගුලාසි මාලාවක්
ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ හිමිකම් සුරක්ෂිත කිරීමේ පියවරක් ලෙස, ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය යටතේ ලියාපදිංචි ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් නිකුත් කරන ලද නව රෙගුලාසි මාලාවක් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇත.
🟥 පසුගිය අඟහරුවාදා සිට බලාත්මක වූ මෙම නව නීතිය යටතේ
▪️විවාහ මංගල උත්සව,
▪️පෞද්ගලික සාද,
▪️ආයතනික උත්සව,
▪️රාත්‍රී භෝජන සංග්‍රහ,
▪️සම්මාන උළෙලවල්,
▪️නිෂ්පාදන එළිදැක්වීම්,
▪️ප්‍රදර්ශන,
▪️සම්මන්ත්‍රණ,
▪️සජීවී සංගීත සංදර්ශන,
▪️DJ සංදර්ශන ඇතුළු සංගීතය ඇතුළත් බොහෝ වාණිජමය හෝ පෞද්ගලික උත්සවවලදී ගීත වාදනය කිරීම වෙනුවෙන් විශේෂ බලපත්‍රයක් ලබාගැනීම සහ නියමිත ගාස්තු ගෙවීම අනිවාර්ය කර තිබේ.
🟥 බලපත්‍ර අදාළ වන සහ නිදහස් වන සංගීත නිර්මාණ
මෙම බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) මගින් නියෝජනය වන දේශීය (සිංහල) සංගීත නිර්මාණ මෙන්ම, ඉන්දීය ප්‍රසාංගික හිමිකම් සංගමය (IPRS) හරහා නියෝජනය වන හිංදි සහ දෙමළ සංගීත නිර්මාණ සඳහා පමණි.
සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි හෝ වෙනත් විදේශීය සංගීත නිර්මාණ පමණක් භාවිත වන උත්සව සඳහා මෙම බලපත්‍රය ලබා ගැනීම අනිවාර්ය නොවන අතර, පෞද්ගලික සංගීතඥයන් හෝ DJ ශිල්පීන් සපයන යම් යම් සේවාවන් ඇතැම් අවස්ථාවලදී මෙයින් නිදහස් විය හැක.
🟥 බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය
අදාළ බලපත්‍රය උත්සවය පැවැත්වීමට දින 14කට පෙර හෝටලය හෝ උත්සව සංවිධායකයන් විසින් ලබා ගත යුතුය. එමෙන්ම, උත්සවය අවසානයේ වාදනය කළ සංගීතය/ගීත හඳුනා ගැනීමට ප්‍රමාණවත් වන පරිදි ශ්‍රව්‍ය පටිගත කිරීමක් (audio recording) සංගමය වෙත ලබා දීමටද කටයුතු කළ යුතුය.
🟥 බලපත්‍ර ගාස්තු සහ වර්ගීකරණය
සහභාගී වන ජන සංඛ්‍යාව සහ උත්සවයේ ස්වභාවය පදනම් කරගනිමින් රුපියල් 20,000 සිට රුපියල් 125,000 දක්වා වන ගාස්තු කාණ්ඩ යටතේ බලපත්‍ර නිකුත් කෙරේ.
🔸 සාමාන්‍ය DJ උත්සව
▪️පුද්ගලයන් 100ට අඩු: රුපියල් 20,000
▪️පුද්ගලයන් 100 – 300ත් අතර: රුපියල් 30,000
▪️පුද්ගලයන් 300ට වැඩි: රුපියල් 40,000
🔸සජීවී සංගීත (Live Music) උත්සව:
▪️පුද්ගලයන් 100ට අඩු: රුපියල් 25,000
▪️පුද්ගලයන් 100 – 300ත් අතර: රුපියල් 35,000
▪️පුද්ගලයන් 300ට වැඩි: රුපියල් 50,000
🔸 පෞද්ගලික හෝ ආයතනික DJ උත්සව:
▪️රුපියල් 25,000 සිට රුපියල් 50,000 දක්වා
▪️සජීවී හෝ මිශ්‍රිත (Hybrid) සංගීතය සහිත
🔸 පෞද්ගලික හෝ ආයතනික උත්සව:
▪️පුද්ගලයන් 100ට අඩු: රුපියල් 50,000
▪️පුද්ගලයන් 100 – 300ත් අතර: රුපියල් 75,000
▪️පුද්ගලයන් 300ට වැඩි: රුපියල් 125,000
🔶 වාණිජ ස්ථාන සහ ප්‍රවාහන සේවා සඳහා වාර්ෂික බලපත්‍ර
උත්සවවලට අමතරව සුපිරි වෙළඳසැල්, සිල්ලර වෙළඳසැල්, බැංකු, මූල්‍ය ආයතන, ප්‍රදර්ශනාගාර, සාප්පු සංකීර්ණ සහ සිනමා ශාලා වැනි වාණිජ ස්ථාන සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කෙරේ.
එම ගාස්තුව අදාළ ස්ථානයේ වර්ග ප්‍රමාණය සහ එය පිහිටි පළාත් පාලන ආයතන බලප්‍රදේශය (මහා නගර සභා, නගර සභා හෝ ප්‍රාදේශීය සභා) අනුව වෙනස් වේ. මීට අමතරව මගී බස් රථ, සංචාරක ප්‍රවාහන රථ සහ මගී දුම්රිය සඳහාද මෙම නියාමනය ඉදිරියේදී අදාළ කර ගැනීමට නියමිත බව වාර්තාවේ.
🟥 නිර්මාණකරුවන්ගේ ස්ථාවරය සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රතිචාර
මෙම පියවර සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර එල්ල වෙමින් පවතී.
🔸 නිර්මාණකරුවන්ගේ අයිතීන් සුරැකීම:
සාම්ප්‍රදායිකව ගීතයක් ජනප්‍රිය වන විට ගායකයාට වැඩි අවධානයක් සහ වටිනාකමක් හිමි වූවත්, එහි සැබෑ හිමිකරුවන් වන ගී පද රචකයන් සහ සංගීත නිර්මාණකරුවන් නිරන්තරයෙන් අමතක වීමට ලක්වන බව ACPOSL සභාපති නිලාර් එන්. කාසිම් මහතා පෙන්වා දෙයි. වාණිජමය මට්ටමින් සංගීතය භාවිත කරන සෑම අවස්ථාවකදීම නිර්මාණකරුවන්ට සාධාරණ කර්තෘභාග (Royalties) සහ නිසි ඇගයීම හිමිකර දීම මෙම නියාමනයේ මූලික අරමුණ බව ඔහු අවධාරණය කරයි.
🔸 සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රයේ අභියෝග:
ශ්‍රී ලංකා හෝටල් සංගමයේ (THASL) සභාපති අශෝක හෙට්ටිගොඩ මහතා පෙන්වා දෙන්නේ, මෙම අමතර බලපත්‍ර ගාස්තුව හෝටල් කර්මාන්තය මත මූල්‍ය පීඩනයක් ඇති කරන අතර එය සංචාරක ක්ෂේත්‍රයටද බලපෑම් එල්ල කළ හැකි බවයි.
සංචාරකයන් මෙරට සංස්කෘතික අත්දැකීම් විඳගැනීමට පැමිණෙන පසුබිමක, මෙවැනි බාධාවන් හේතුවෙන් හෝටල් තුළ දේශීය සංගීතය වාදනය කිරීම සීමා වීමේ අවදානමක් පවතින බව පවසන ඔහු, මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.
(Nuwan Monaravila ගේ මුහුණු පොතින්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තිලීපන්ගේ පිළිමයට මල් තියන්න සිසුන් යැව්වේ අධ්‍යාපන බලධාරීන්.. - ජාතික ගුරු ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්..
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීරණය කථානායක අතට..
ලොව ප්‍රථම කාන්තාවන් විසින් මෙහෙයවන රාජ්‍යනොවන සංවිධාන ඵලදායකද?..
නාවික හමුදා ඔත්තු සේවා නිලධාරීන් දඩයම් කිරීමේ නව ප්‍රවනතාවක්..
ජනපතිගේ බිලියන 90, කෝටි 900යේ ප්‍රශ්නය chat gpt විසඳූ අයුරු මෙන්න..
තමන්ගේ සමාජ, සංස්කෘතික නායකයින් ලෙස ත්‍රස්තවාදීන් සමරන්නේ මොන රටේ ද?..
කැකිරාවේ සුදස්සන හිමි නිකායෙන් නෙරපයි..
කොටියා කියපු අර්ච්චුනා එදා හිටියේ කාත් එක්ක ද?.. ජනාධිපතිවරණයේ දී තමන්ට සහාය දෙනකොට අර්ච්චුනා මරු.. අද කොටියා වෙලා.. - විමල් වීරවංශ
ඉන්දියාව සමඟ අත්සන් කළ භයානක ගිවිසුම.. "මෙතෙක් ඉතිහාසයේ මෙවැනි ගිවිසුමක් අත්සන් කර නෑ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කාගම හාමුදුරුවෝ සුදා ඇන්දුවා ද?.. සුදා කාගම හාමුදුරුවන්ව ඇන්දුවා ද?..
ෆේස්බුක් සටහනකින් ආගමික අපහාසයක් සිදුකළා යැයි සෞදියේදී ලාංකිකයෙකුට මරණ දඬුවම..
"ත්‍රස්තවාදීන් නොව සැමරිය යුත්තේ රටට සේවය කළ බුද්ධිමතුන්.. තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන්න".. - අරුන් සිද්ධාර්ථ්
තිලීපන්ගේ ප්‍රතිමාවලින් හෙළි වන්නේ ඩයස්පෝරා සම්මුතියයි.. අර්ජුනා “කොටියා” වුණේ වේදිකාව මාරු කළ නිසාද..? - විමල් වීරවංශ
චන්ද්‍රයා මත යුද්ධයකට සූදානම් වෙමින්ද?.. ඇමරිකාව චන්ද්‍ර කක්ෂය වෙඩි බෙහෙත් ගබඩාවක් බවට පත් කිරීමට සැරසෙයි..
රුසියාවෙන් තෙල් ගන්නා ඉන්දියාව හා චීනය ඇතුළු රටවලට 100%ක බද්දක් පැනවීමට අමෙරිකාව සැරසෙයි..
"කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක වන්නේ නැහැ".. - කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio