බොරුව ඇත්ත කරන ලංකාවේ ජනමාධ්‍ය සම්ප්‍රදාය ගැන හෙළිකරන තවත් කතාවක් - ලාංකික වෛද්‍යවරියක් ඝාතනය කළ නෝර්වේ ජාතික පෙම්වතා අත් අඩංගුවට
ශ්‍රී ලාංකීය දන්ත වෛද්‍යවරියක් වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනාව මත ඇගේ පැරණි පෙම්වතා යැයි හඳුනාගත් පුද්ගලයකු නෝර්වේ පොලීසිය විසින් පසුගිය (06) දා අත් අඩංගුවට ගෙන තිබූ පුවතක් එක්තරා වෙබ් අඩවියක වාර්තාකර තිබිණි.
නෝර්වේ එල්වෙරුම් ප්‍රදේශයේ රෝහලක් අසලදී පසුගිය අඟහරුවාදා (02) මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, වරදරාජන් රාඝවි නැමති 30 හැවිරිදි දන්ත වෛද්‍යවරියකි. ඇය විදේශගතවීමට පෙර යාපනයේ පදිංචිව සිටි තැනැත්තියක් බවත් එහි වාර්තා කර තිබිණි.
ඇගේ පැරණි පෙම්වතා වූ නෝර්වේ ජාතිකයෙකුගෙන් විවිධ හිරිහැවලට ලක්වන බවට නෝර්වේ පොලීසිය වෙත ඇය පැමිණිලි කීපයක්ම මීට පෙර ඉදිරිපත් කොට තිබූ බව එම පුවතේ සටහන්ව තිබූ අතර, ඔහු පිළිබඳව විස්තරාත්මක තොරතුරක් එහි දක්වා නොතිබිණි.
එල්වෙරුම්හි ජීවත් වූ ඇය තම පවුලේ සාමාජිකයෙකු බැලීම සඳහා ප්‍රාදේශීය රෝහලකට යන අවස්ථාවේ දි රෝහලෙන් පිටත ඇගේ මෝටර් රථය තුළ දී ඇයට වෙඩි තබා මෙම ඝාතනය සිදුකර තිබුනේ ඇයගේ මාස කීපයක් ඇසුරු කළ දමිළ පෙම්වතා යයි කීමට මෙම ලිපිය පළ කල ලියුම්කරු කිසිම විටකදී උත්සාහ ගෙන නැත.
මිනී මැරුම සිදුකළ පුද්ගලයා නොර්වීජියානු ජාතිකයෙක් යයි පැවසීම තුළින් ලිපිය කියවන අයෙකුට ගම්‍ය වන්නේ ඔහු පාරම්පරිකව පැවත එන නෝර්වීජියානුවෙක් ලෙසය. එමෙන්ම මෙම මරණය සිදු කළ පුද්ගලයාද පසුදිනම මිය ගොස් ඇති අතර ඔහුව උසාවියට ඉදිරිපත් කිරීමක් සිදු වී නැති බවත් වාර්තා වේ.
තරුණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය අතර තුවාල ලබා සිටි තරුණයාට පියවි සිහිය ලද පසුව නෝර්වේ පොලීසිය විසින් ලබා ගන්නා ලද ප්‍රකාශයකින් පසුව ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව ලියුම්කරු සඳහන් කර තිබුනද මරණය සිදුකළ පුද්ගලයා ඊට පසුදිනම මියගිය බවට මෙහි කිසිඳු සඳහනක් කර නැත.
මේ හේතූන් නිසාම ලංකාවේ ජනමාධ්‍ය විසින් බොරුව සත්‍යයක් කරන ක්‍රමය මනාවට පැහැදිලි වන පුවතක් ලෙස මෙම පුවත දැක්විය හැකි බවයි විවිධ පාර්ශ්ව පෙන්වා දෙන්නේ.
පළවී තිබූ අදාළ පුවත පහළින්...
ලාංකික වෛද්‍යවරියක් ඝාතනය කළ නෝර්වේ ජාතික පෙම්වතා අත් අඩංගුවට
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..