News Category
From Date
To Date
Maximum Number of Result

මුලින්ම පවත්වන්නේ ජනාධිපතිවරණයයි... දිනය තීරණය කරන්නේ ජනාධිපතිවරයා නොව මැතිවරණ කොමිසම විසින් ව්‍යවස්ථාවේ විධිවිධාන අනුවයි - උදය ගම්මන්පිල

Jan 9, 2024 at 06:48 AM
|

‘ජනපතිවරණයක් කලින් කැඳවීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට අහිමි කරලා තිබෙන නිසා ජනාධිපතිවරණය පවත්වන දිනය තීරණය කරන්නේ ජනාධිපතිවරයා නොව මැතිවරණ කොමිසම විසින් ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව’ යයි පිිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.‍

ජනාධිපතිවරණය කවදා පවත්වාවි දැයි එක් එක් අය දේශපාලන මත පල කරනවා. නමුත් ඒක දේශපාලන තීන්දුවක් නොවේ. නීතියේ තීන්දුවක්. ව්‍යවස්ථාවේ තීන්දුවක්. ජනපතිවරණයක් කලින් කැඳවීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට අහිමි කරලා තිබෙන නිසා ජනාධිපතිවරණය පවත්වන දිනය තීරණය කරන්නේ ජනාධිපතිවරයා නොවේ. ඒක කරන්නේ මැතිවරණ කොමිසම. මැතිවරණ කොමිසමත් ඒක තීරණය කරන්න ඕනි ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව.

වත්මන් ජනාධිපතිගේ ධූර කාලය අවසන් වීමට මාස දෙකකට නොවැඩි මාසයකට නොඅඩු කාලය තුල අනිවාර්රයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 31(3) වගන්තියේ කියනවා. ගෝඨාභය ජනාධිපතිවරයා වැඩ භාර ගත්තේ 2019 නොවැම්බර් 18. ජනාධිපති ධූර කාලය වසර 5යිනෙ. එහෙම නම් වත්මන් ජනාධිපති භුක්ති විඳින ජනාධිපති ගෝඨාභය මහතාගේ ධූර කාලය අවසන් වෙන්නේ 2024 නොවැම්බර් 18.

ඒ අනුව 2024 නොවැම්බර් 18ට මාසයකට නොඅඩු මාස දෙකකට නොවැඩි දිනයක ජනාධිපතිවරණය පවත්වන්න ඕනි. මාසයකට නොඅඩු නම් ඔක්තෝම්බර් 18ට කලින් ඡන්දය තියන්න ඕනි. ඒ වගේම මාස දෙකකට නොවැඩි නම් සැප්තැම්බර් 18ට පස්සෙයි ඡන්දය තියන්න ඕනි. අන්න ඒ නිසා තමයි ඉතාම විශ්වාසයෙන් ඡන්දය පවත්වන දිනය 2024 සැප් 18 සහ ඔක් 18 දිනයන් අතර දී යෙදෙනවා කියා අපි කියන්නේ.

1988 දී සංශෝධිත ජනාධිපතිවරණ පනතේ 2(1)(ආ) වගන්තිය අනුව නාමයෝජනා භාර ගැනීම අවසන් වන දිනයේ සිට සති හතරකට නොඅඩු සති හයකට නොවැඩි දිනයක ඡන්දය විමසීම පවත්වන්න ඕනෑ. එහෙම නම් ආසන්නතම දවස බලන්න සැප්තැම්බර් 18 සිට සති හයක් කියන්නේ අගෝස්තු 7 වන දා. නාමයෝජනා සඳහා දුරම දිනය වෙන්නේ ඔක්තෝම්බර් 18 සිට සති හතරක් ආ පස්සට ගණනය කළාම එන සැප්තැම්බර් 20දා.

ජනාධිපතිවරණ පනතේ 2(1)(අ) වගන්තිය අනුව ජනපතිවරණය ප්‍රකාශ කරන දිනයේ සිට දින 16කට නොඅඩු දින 21කට නොවැඩි දිනයක් තමයි නාමයෝජනා දිනය ලෙස ප්‍රකාශ කරන්න ඕනෑ. දැන් අපි දන්නවා නාමයෝජනා දිනය විය හැකි ආසන්නතම දිනය අගෝස්තු 7 වන දා. එදා ඉඳන් දින 21ක් ගණනය කලොත් ජූලි 17. දුරම දිනය වන සැප්තැම්බර් 20දා සිට දින 16ක් ගණනය කලොත්. සැප්තැම්බර් 4 දා. ඒ කියන්නේ 2024 ජූලි 17 වන දා සහ සැප්තැම්බර් 4 වන දා අතර ඕනෑම දිනයක ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගන්නා දිනය ප්‍රකාශයට පත් කරන්න මැතිවරණ කොමිසමට නීතියෙන් බැඳී ඉන්නවා.

සමහරු මාස ගණනක සිට පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හරින බවට මත පල කළා. ජනවාරියේ මාර්තුවේ පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට පත්තර වල ප්‍රධාන සිරස්තල පවා අපි දැක්කා. කිසිම සැකයක් නැතිව මුලින්ම එන්නේ ජනපතිවරණය කියා අපි හිතනවා. ඒකට හේතු ගණනාවක් තිබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණය දැන් පැවැත්තුවොත් ආණ්ඩුවට දරුණු පරාජයක් අත් වෙන බවත් කවුරුත් දන්නා දෙයක්. දැන් පාර්ලිමේන්තුව අතිශයින්ම ජනාධිපතිවරයාට හිතකරයි. ඔහු එවන ඕනෑම පනතක් වැඩි ඡන්ද තිහකින් හතලිහකින් සම්මත වෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාට තමන් කැමැති දෙයක් කරමින් ජනාධිපති ධූරයේ බලතල රිසි සේ භුක්ති විඳින්න අවස්ථාව ලැබිලා තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මැතිවරණයක් ජනපතිවරණයට කලින් පැවැත්තුවොත් එදා සිට ජනාධිපති ධූරය අකර්මන්‍ය වෙනවා. අපේ ව්‍යවස්ථාව අනුව සැබෑ බලවතා ඡන්දයෙන් පත්වන විධායක ජනාධිපති නොවේ. පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන කෙනා. බොහෝ වෙලාවට බහුතරය තිබෙන්නේත් ජනාධිපතිට නිසා හැමෝටම පේන්නේ ජනාධිපති හරිම බලවත් කියලා. නමුත් ජනාධිපති වෙනුවට වෙනත් කෙනෙකුට පාර්ලිමේන්තුවේ බලය ගියොත් ජනාධිපති අකර්මන්‍ය වෙලා පාර්ලිමේන්තු බලය තිබෙන කෙනා රට පාලනය කරන්න පටන් ගන්නවා. එහෙම අවස්ථා පහක් අපේ ඉතිහාසයේ තිබෙනවා.

අපි වත්මන් ජනාධිපතිට අදාළ උදාහරණය ගමුකෝ. 2001 දී පාර්ලිමේන්තුවේ බලය රනිල් මහතා අත්පත් කර ගත්තාම ජනතාවට පත් කළ ජනාධිපතිනි අකර්මන්‍ය වෙලා රටේ පාලනය රනිල් අතට ගියා. 2002 පෙබරවාරි කොටින් එක්ක සාම ගිවිසුම අත්සන් කලේ රනිල්. 2003 ජූනි මාසයේ ලෝක ආධාර සමුළුව පැවැත්වූයේ රනිල්. චන්ද්‍රිකාට තිබුණේ බලා ගෙන ඉන්න විතරයි. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණය කලින් පැවැත්තුවොත් තමන්ගේ ජනාධිපති බලයත් එදා ඉඳන් ඉවරයි කියලා ජනපති රනිල් අත්දැකීමෙන්ම දන්නවා. ඒ නිසා ජනපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනවා කියන්නේ රනිල් දේශපාලන වශයෙන් සිය දිවි හානි කර ගන්නවා කියන එකයි.

ජනාධිපතිවරයා හොඳින්ම දන්නවා ඊ ළඟ ජනාධිපතිවරණය ආණ්ඩුව පරදිනවා. 1994 සිට ජනපති වෙන්න දැරූ සියළු උත්සාහයන් අසාර්ථක වෙලා පරාජිතව ඉන්න අතරේ නොසිතූ මොහොතක නොසිතූ විධියකට ජනපති ධූරය රනිල් මහත්තයාගේ හිස මත කඩා වැටුණා. අහම්බෙන් ලැබුණු ජනපති ධූරයේ බලය උපරිමයට භුක්ති විඳිනවා මිස ඒකේ කාලය කෙටි කර ගන්න තරම් රනිල් මහතා මෝඩ වේවි කියලා අපි නම් හිතන්නේ නෑ.

ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්නය

අපේක්ෂකයින් රැසක් ජනපතිවරණයට ඉදිරිපත් වන බව කියනවා. ඔබතුමන්ලාගේ සහය කාටද?

පිළිතුර

ජනාධිපතිවරණයේ අපේ සහය කාටදැයි තීරණය කරන්නේ සැබෑ අපේක්ෂකයන් මතු වූ විටයි. මේ දක්වා නම් එවැනි සැබෑ අපේක්ෂකයෙක් මතුවී ඇති බව අපි විශ්වාස කරන්නේ නෑ. ජනපතිවරණයට අවසන් මාස තුන හය අතර තමයි ගෝඨාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා සහ මෛත්‍රීපාල සිරිසේන කියන ජනපති අපේක්ෂකයන් මතු වෙන්නේ. නාගන්ද කොඩිතුවක්කු වගේ කලින් මතුවෙන අපේක්ෂකයෝ ජනාධිපතිවරණය ඇත්තටම එන විට අතුරුදහන්. තමන් තරගකරපු දිස්ත්‍රික්කයේ යන්තම් ඡන්දය අරගෙන ගොඩ ගිය කට්ටියත් ජනපතිවෙන්න උත්සහ දරනවා. මට තියෙන නුසුදුසු කම් මොනවාදැයි අහනවා. ඒ අය එහෙම අහන්නේ තමන්ගේ නුසුදුසු කම් තමන්ටම දැනෙන නිසා. ඒ වගේ අයත් ජනපතිවෙන්න හිතනවා නම් මානසික වෛද්‍යවරයෙක්ව හමුවෙන්න ඕනෑ.

ප්‍රශ්නය

පොදු සන්ධානයක් ගැන ඔබතුමන්ලාට අදහසක් තියෙනවාද?

පිළිතුර

අපි ඒ ගැන සාකච්ඡා පවත්වනවා. බිහිකළ හැකි දැවැන්තම සන්ධානය මේ ආණ්ඩුවට එරෙහිව බිහිකිරීමට අපි කටයුතු කරණවා.

ප්‍රශ්නය

වැඩි වෙන වැට් එක ගැන ඔබතුමා හිතන්නේ කොහොමද?

පිළිතුර

ඉන්දියාව ගත්තොත් සමස්ථ බදු ආදායමෙන් 50% සෘජු බදු. 50% වක්‍ර බදු. නමුත් ලංකාවේ 2021 වසර ගත්තොත් 85% වක්‍ර බදු. සෘජු බදු 15% යි. ධනපතියන්ගෙන් ඇති හැකි අයගෙන් බදු අය නොකරන නිසා, ඔවුන්ට බදුසහන දීම නිසා, ඔවුන්ගේ බදු වංචාවලදී ඔවුන්ව ආරක්ෂා කරන නිසා, වක්‍ර බදුවලින් ආදායම සොයන්න යාමෙන් නැති බැරි මිනිහා තවතවත් පීඩාවට පත්වෙනවා. ඒ වගේම 2008 විශේෂ ව්‍යාපෘති පනත අහෝසි කළ යුතුයි. සෘජු බදු අවම වශයෙන් 40% දක්වා ඉහල දැමිය යුතුයි. නමුත් ආණ්ඩුව ඒ දේවල් නොකර නැති බැරි මිනිසාටම පීඩනය එල්ල කරණවා. ප්‍රතිපත්තියක් විදිහටම අපි ඒ බදු ක්‍රමයට විරුද්ධයි.

ප්‍රශ්නය

සමාජ ජාල නියාමන පනත්කෙටුම්පත ගැන ඔබතුමා මොකද හිතන්නේ.

පිළිතුර

සමාජ ජාලා වල බොරු ප්‍රචාර කිරීම නිසා පීඩිවට අපත් පත්ව තිබෙනවා. සමාජ මාධ්‍ය වලට යම් නියාමනයක් තිබිය යුතුයි. නමුත් මේ පනතේ අඩුපාඩු තියෙනවා. අපි ඒවා ආණ්ඩුවට පෙන්වා දී තිබෙනවා.සංශෝධන යෝජනා කර තිබෙනවා. මේ මගින් අදහස් ප්‍රකාශකිරීමේ අයිතියද නියාමනය වන නිසා මෙය ඉතාම ප්‍රවේශමෙන් කලයුතුයි. අපි යෝජනා කරනවා ඒ සදහා පත් කරන කොමිසම ජනපතිවරයා නොව ව්‍යවස්ථාධායක සභාව විසින් පත්කල යුතුයි.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුකරයකට අදාළව මේ වනවිට ඇප මත මුදාහැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ඇපය අවලංගු කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (16) ප්‍රතික්ෂේප කළාය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට අදාළ පැමිණිල්ල යළි ජුලි මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ගල් අඟුරු සහ ඩීසල් මාෆියාව තිබෙන්නේ වර්තමාන ආණ්ඩුවේ බවත්, වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ප්‍රනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් තිබූ සියලු අයෝජන නතර කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ධුරයෙන් සිසිර විජේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේතුවේ දත්ත පද්ධතිය මාස කිහිපයක් තිස්සේ බිඳ වැටීම හේතුවෙක් විශ්‍රාම වැටුප් සඳහා අයැදුම්පත්‍ර යොමු කිරීම ඇතුළු සේවා ලබා ගැනීමේදී විශ්‍රාමිකයන්ට දුෂ්කරතා නිර්මාණය වී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ය.
මෙරට දෛනිකව සිදුවන මරණ අතුරින් 70%ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන්ට ගොදුරුවීමෙන් සිදුවන බවට අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි.
ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හෙට (17) දිනයේ සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ ලේකම්වරු එකඟ වී තිබේ.

ප්‍රධාන පුවත්

අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.