
වසර 28 ක් වසාදමා තිබී පසුව විවෘත්ත වූ යාපනයේ පාසලක් සංවර්ධනය කිරීමට හමුදාව අතගසයි
යුදමය පරිසරය හමුවේ වසර 28 ක කාලයක් අධිආරක්ෂිත කාලපයට අයත්වීමෙන් වැසී තිබූ යාපනය මයිලිඩ්ඩි විද්‍යාලය සංවර්ධනය කිරීමට ශ්‍රීලංකා ගුවන් හමුදාව විසින් පියවර ගෙන තිබේ.
මෙම විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුදරුවන්ට අවශ්‍යව තිබූ ප්‍රධාන ශාලාව රුපියල් ලක්ෂ 80 ක් වැනි මුදලකින් ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් මාස 02 ක් වැනි කාලයකදී ඉදිකිරීමට සැලසුම් කිරීම විශේෂත්වයකි.
උතුරු පළාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්.චාල්ස් මහත්මියගේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන්යානා ඉංජිනේරු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් එයාර්වයිස් මාර්ෂල් මුදිත මහවත්තගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබා ප්‍රධාන ශාලාවේ ඉදිකිරීම් කටයුතු ඊයේ ආරම්භ විය.
1918 ජුනි 14 වනදා ආරම්භ කොට ඇති මෙම විද්‍යාලය ත්‍රස්තවාදී බලපෑම් හේතුවෙන් 1990 ජූලි 16 වනදා ත්‍රිවිද හමුදා භාරයට ගත් අතර මෙම විද්‍යාලය පසුව නම්කරන ලද අධිආරක්ෂිත කලාපයට අයත් විය.
යුද්ධය නිමාවීමෙන් පසුව 2018 සැප්තැම්බර් 06 වන දින මෙම විද්‍යාලය දරුවන්ගේ අධ්යාපන කටයුතු සදහා යළි විවෘත්ත විය.
ඉතා අඩු පහසුකම් යටතේ මේ වනවිට අධ්‍යාපනය ලබමින් සිටින 150 ක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කිරීමේ අරමුණින් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව මෙම විද්‍යාලයේ ඉදිකෙරෙන නව ප්‍රධාන ශාලාව දින 60 කින් ඉදිකිරීම අවසන් කිරීමට නියමිතව ඇත.
මුල් ගල තැබීමේ අවස්ථාවට සහභාගී වූ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මිය ප්‍රකාශ කර සිටියේ උතුරේ සිසු දරුවන්ගේ අධ්‍යාපනය නගාසිටුවීමට රජය විසින් මෙම විද්‍යාලයේ හිමිකාරීත්වය ඇති ඉඩමෙහි ඉතිරිව ඇති කොටසේ නීත්‍යානුකූල අයිතියද මෙම විද්‍යාලයට ඉදිරියේදී ලබාදීමට කටයුතු සලසන බවටත් ලබන වසර වන විට උතුරු පළාතේ අවතැන් වැසියන් සියලු දෙනා යළි පදිංචි කිරීමේ කටයුතු සම්පූරණයෙන් අවසන් කිරීමටත් ඉඩම් ගැටලු සම්පූරණයෙන් නිරාකරණය කිරීමටත් කටයුතු කරන බව පැවසීය.
– වන්නි රොමේෂ් මධූෂංඛ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
