කවුද කිවුවෙ ඉගෙනගන්න ඕන කියල රටේ ඉහල තනතුරු දරන්න..ලොකුම සුදුසුකම පක්ෂෙට කඩේ යාමයි, බොක්කු උඩ, කඩපිල්ගානෙ තෙල් බෙදන එකයි..
ජනාධිපති අනුර ප්‍රසිද්ධ මාධ්‍යයේ පුරසාරම් කියලා, බලහත්කාරයෙන් තමන් තනතුර දුන්නා කියපු සංචාරක සංවර්ධන මණ්ඩලයේ බුද්ධික හේවාවසම් තමන්ගේ අස්වීම දීලා ගෙදර ගියා.
මින්පෙර බුද්ධික හේවාවසම්ගේ සුදුසුකම්, කොලිෆිකේෂන්, ජාත්‍යන්තර වැඩ ගැන අනුර මහ ඉහළින් වර්ණනා කළා.
එහෙනම් දැන් ඔහු යද්දි අළුතෙන් එන බුවා ඊටත් වඩා කොලිෆයිඩ් මිනිහෙක් වෙන්න අවශ්‍යයිනෙ.
එම නිසා හොයලා බැලුවා සංචාරක සංවර්ධනයට අලුතෙන් පත්ව එන සභාපති ගැන.
මේ තනතුරට විශාල සුදුසුකම් ප්‍රමාණයක්, සමාජීය අත්දැකීම් සහ විශාල පෞරුෂයක් අවශ්‍යයි.
සාමාන්‍යයෙන් ඩොලර් බිලියන ගණන් වල ආයෝජකයො එක්ක ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩීල් කරන්නේ මේ සභාපති.
මේ සභාපතිට පාරම්පරික ධනවත් හෝටල් හිමියො එක්ක කොන්ද කෙළින් තියන්, ඇස් දිහා බලලා, ෆර්ස්ට් නේම් එකෙන් කතා කරන්න පුළුවන් වෙන්න ඕන.
එම නිසා මේ තනතුරට එන පුද්ගලයා උගත් විය යුතුයි, අත්දැකීම් බහුල විය යුතුයි. එමෙන්ම පෞරුෂයක් තිබිය යුතුයි.
මන්ද සංචාරක ක්ෂේත්‍රයේ ඉන්න පාරම්පරික ධනවතුන් ඉදිරියේ නැවෙන, ඇඹරෙන, ඉංග්‍රීසි බැරි බුවෙකුට මේ තනතුර දරන්න බැහැ. ආයෝජකයො ඉදිරියේ හැසිරෙන්න නොදන්නා පුද්ගලයෙකුට මේ තනතුර දරන්න බැහැ.
අලුතෙන් මේ තනතුරට පත්ව එන පුද්ගලයා සුරංජිත් වෑවිට.
ඔහු ගැන හොයලා බලද්දී, ඔහුගේ ඔහුගේ CV එක ලැබුණා.
එමෙන්ම යූටියුබ් එකේ ඔහුගේ වීඩියෝ කිහිපයකුත් හමුවුණා.
මිත්‍රවරුණි, විශ්වාස කරන්න. ඔහු සංචාරක මග පෙන්වන්නෙක්. සිංහලෙන් කිව්වොත් ගයිඩෙක්.
ඔබගේ සහ මාගේ රටේ ඉදිරියේ දී ආයෝජකයො එක්ක ගණුදෙනු කරන්නේ, හෝටල් හිමියො එක්ක රට වෙනුවෙන් ගණුදෙනු කරන්නේ ටුවර් ගයිඩෙක්.
ඒ විතරක් නෙවෙයි.
ඔහුගේ CV එකට අනුව ඔහුගේ විශේෂ දක්ෂතා, ඇගයුම් රාශියක් තිබුණා.
ඉන් වැඩිම බරක් තිබුණේ කිරි ගොවිතැනට. ඔහු කිරි ගොවිතැනෙන් බොහෝ දේවල් දිනාගත් පුද්ගලයෙක්.
ඔහු ටුවර් ගයිඩෙක් වගේම කිරි ගොවියෙක්!
ඔව්. ඔබ කියෙව්වා හරි. ඔහු කිරි ගොවියෙක්.
ඔහුගේ CV එකේ සුදුසුකම් කිහිපයක් මන් සිංහලෙන් පරිවර්ථනය කළා.
● කුඩා කල සිට කිරි ගොවිපලක වැඩ කර අත්දැකීම් තිබේ.
● කිරි ගොවිතැන සම්බන්ධ අතිරේක නිෂ්පාදන වලින් මධ්‍යම පළාතේ හොඳම කිරි ගොවියා. (අතිරේක නිෂ්පාදන නොහොත් බයි ප්‍රොඩක්ට්ස් ඉංග්‍රීසියෙන් ලියන්නේ by-products කියලා. හැබැයි මෙතුමා CV එකේ ලියලා තිබුණේ Bi Products කියලා)
● තවත් ඒ වගේම වැරදි ඉංග්‍රීසියෙන් ඔහු දක්ෂ කිරිගොවියෙක් බව ඒ CV එකේ ලියා තිබුණා.
කොතරම් සතුටුද ?
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපතිව ලෙස පත්ව එන්නේ කිරි ගොවියෙක්. ඒ වගේම ටුවර් ගයිඩෙක්.
මම අහන්නේ සුදුස්සාට සුදුසු තැන දෙන්න මාලිමාවට ඡන්දය දීපු ඔබට දැන් සතුටු නැත්ද ?
විහිළු අමතක කළොත් මේ සුරංජිත් වෑවිට බුවාගේ පසුබිම ගැනත් හොයලා බැලුවා.
ඔහු රැකියාව කරලා තියෙන්නේ ඩිල්මා හිමිකරු, මලික් ෆර්නෑන්ඩුගේ සංචාරක සේවා සපයන ආයතනයක.
එනම් ඔහු මලික් ෆර්නෑන්ඩුගේ ගෝලයෙක්.
ඉදිරියේ දී ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය, මලික් ෆර්නෑන්ඩුට එදිරිව පැවරූ තීරණාත්මක නඩු පහක් අධිකරණයේ දී ඇසෙනවා.
ඉන් එක් නඩුවක් මලික් ෆ්‍රනාන්දුගේ බිරිඳ සහ හිටපු SLTDA සභාපතිනි අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකර සිටිමෙන් අධිකරණයට අපහාස කිරීමේ නඩුවක්.
තවත් නඩුවක් වන්නේ බිලියන ගණනක් වටිනා මාර්බල් බීච් ඉඩම සම්බන්ධ නඩුව.
යාලේ ඉඩම් දෙකක් අයථා අත්කරගැනීමට එරෙහිවත් නඩු දෙකක් පවතිනවා.
මේ නඩු වල මලික් ෆර්නෑන්ඩු වෙනුවෙන් පෙනී ඉන්නේ මාලිමාවේ නීතිඥයා උපුල් කුමාරප්පෙරුම.
දැන් මේ නඩු සියල්ල සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාගේ ආස්ථානය ඉතා වැදගත්.
දැන් මලීක් ෆර්නෑන්ඩුගේ ගෝලයා, ටුවර් ගයිඩෙක් වෙච්ච සුරංජිත් වෑවිට මේ නඩු වල දී ලබා ගන්නා ආස්ථානය පිළිබඳවත් අප හොඳින් බලා ඉන්නවා.
උපුටාගැනීම:-
Sachin Rathwatte ✍️ FB සටහනක්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්යාප්ත විදුලි කප්පාදුවක්..
කොටුව මහේස්ත්රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..