
ආගමික දේශකයාගේ අඩිපාරේ යන්නට ගොස් ජීවිත රැසක් බිලිගත් ඛේදවාචකය
ආගමික දර්ශනවාදී දේශනා පැවැත් වු බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තා දෙසැම්බර් මස 28 දින හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ දී උග්‍ර වස වර්ගයක් වර්ගයක් භාවිතා කර සියදිවි හානි කර ගෙන තිබූ බවත් ඊට දින දෙකකට පසු ඔහුගේ අවසන් කටයුතු සිදු කළ දින රාත්‍රී දේශකයාගේ බිරිඳ සහ දරුවන් තිදෙනා ද ඒ ආකාරයට විස ශරීර ගත වී මිය යෑමත් සමග සමාජීය වශයෙන් අර්බුද රැසක් මේ වන විට නිර්මාණය වී තිබේ.
අද වන විට මෙම දේශකයාගේ අනුගාමිකයන් යැයි පැවසෙන පුද්ගලයන් හතක් උග්‍ර විස ශරීර ගත වී මියගොස් තිබේ. අවසන්මරණ දෙක පෙරේදා දින වාර්තා ව තිබූ අතර සරසවියට මෙවර තේරුණු සිසුවියක සහ අම්බලන්ගොඩ ප්‍රදේශයේ තරුණයකු සයනයිඩ්වලට සමාන උග්‍ර වස වර්ගයක් ශරීරගත විමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මේ ආකාරයෙන් හත් දෙනාම කුඩුවර්ගයක් පානය කර ඇති අතර සෑම කෙනකුම මියගොස් ඇත්තේ එකම වර්ගයක් පානය කිරීමෙන් ද යන්න ගැන සෙවීමට රස පරීක්ෂකවරයා පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන විමර්ශණයක් ආරම්භ කරන්නැයි වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් ලබා දී ඇතැයි ද පොලිසිය පවසයි.
මියගොස් සිටින සරසවි තේරුණු සිසුවිය යක්කල ප්‍රදේශයේ පදිංචිකාරියකි. 34 හැවිරිදි තරුණයා මහරගම පරණ පාර ප්‍රදේශයේ නවාතැන්පොළකට නවාතැන් ගෙන ඇති බවත් පසුව සවස හයට පමණ පිටව යන බවට නවාතැන් පොලෙහි කළමණාකාරීත්වය දැනුවත් කර තිබුනද රාත්‍රි හත පමණ වන විටත් පිටත්ව නොගිය බැවින් එහි සේවකයින් සිදුකල සෝදිසියේදී අදාල කාමරයෙහි ඇදක් මත සිහිසුන්ව වැටී සිටි තරුණයා දැක ඒ පිළිබඳව මහරගම පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කිරීමෙන් පසු පොලිසිය එහි ගොස් සිදුකල පරීක්ෂාවේදී මියගොස් සිටි තරුණයා කිසියම් වස වර්ගයක් පානය කර සියදිවි හානි කරගෙන ඇති බවට අනාවරණය වූ බව ද මහරගම පොලිසිය පවසයි.
මෙම තරුණයාද ආගමික දේශනා පැවැත් වූ දේශකයාගේ අවමංගල්‍ය කටයුතු සිදුකල මාලබේ පිට්ටුගල තුන්අදහේන ප්‍රදේශයේ නිවසට අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේ සිට පැමිණ එම අවමංගල්‍ය කටයුතු සදහා දායකත්වයක් දක්වා ඇති බව පොලිසි කළ පරික්ෂණවලින් හෙළිවි ඇත.
ඔවුන් පිළිබදව අවමංගල්‍ය නිවසේ ඥාතීන් සිදු කළ දැනුම් දීමකට අනුව පොලිසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී එම තරුණයා පොලිස් නිලධාරින්ට පවසා ඇත්තේ මියගොස් සිටින්නේ තමාගේ ශාස්තෘන් වහන්සේ බවත් තමන් ඔහුගේ දේශන මත යමින් ජීවත්වන බවත් පවසා ඇත.
එසේම යක්කල ප්‍රදේශයේ දී වස වර්ගයක් පානය කර සියදිවි නසාගත් බව කියන තරුණිය ද ඇයගේ සහෝදරියක සමගින් ආගමික දේශනා පැවැත් වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ අවමංගල්‍ය කටයුතු සදහා සහභාගී වී සිටියදී පොලිසිය තොරතුරු විමසා එම තරුණියගේ මාපියන් දැනුවත් කර නිවසට ගෙන්වා ගන්නා ලෙස එම අවස්ථාවේදී ම දැනුම් දුන් බවද එම නිළධාරීයා වැඩි දුරටත් පැවසීය.
නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් වන පොලිස් පරීක්ෂක චානක උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ පොලිස් සැරයන්වරුන් වන 32928 සිර්මාන්න 60152 සමීර යන නිළධාරීන් අදාල සියදිවි නසා ගත් හය දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
