අල්ලස් කොමිෂම හන්ගන හක්මන නන්දාලෝක මෙන්න !
“හරක් කටා” නැමැත්තාගේ රැඳවුම් නියෝග ඉවත්කර සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12 ක) අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා ඊයේ (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
මෙහිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා “අල්ලස් ලෙස ලබාගත් මුදලින් කොටසක් හිමිනමකගේ මැදිහත්වීමෙන් ඉහළ පොලිස් නිලධාරින්ට ලබා දී ඇතැයි” අණාවරණය කරන ලදී. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම මේ කියන හිමිනමගේ නම අණාවරණය නොකර සිටීම අපගේ කුතුහලයට හේතු වූ බැවින්, Lanka Underground News විශේෂ විමර්ශන අංශය මේ පිළිබඳ විශේෂ ගවේෂණයක නිරත විය. එහිදී මෙම “හිමිනම” ගැන අප අණාවරණය කර ගත්තේ සුවිශේෂී කරුණු රැසකි.
මේ කියන හිමිනම හක්මන නන්දාලෝක වේ. නොරොච්චෝල ලක්විජය බලාගාරය සඳහා ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ආනයනය කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධියට සම්බන්ධ ප්‍රධාන විදේශීය සැපයුම්කාර සමාගම වන “Trident Chemphar Limited” සහ මෑතකදී සම්බන්ධ වූ “Taranjot Resources (Pvt) Ltd” යන සමාගම්වල දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ “Panaurora (Pvt) Ltd” යන දේශීය සමාගම ය.
එම “Panaurora (Pvt) Ltd” සමාගමේ ප්‍රධාන කොටස් හිමිකාරිත්වය ප්‍රධාන වශයෙන් දේශීය ආයතන 2 ක් සහ පුද්ගලයන් දෙදෙනකු සතු වේ. එම ආයතන 2 වන්නේ, Invest LK (ඉන්වෙස්ට් එල්.කේ. ආයතනය) සහ Sayaara Holdings (සයාරා හෝල්ඩිංග්ස් ආයතනය) ය.
මෙම සමාගම් දෙකට අදාළ ප්‍රධාන කොටස්කරුවකු වන්නේ හක්මන නන්දාලෝක හිමි ය. ඒ Invest LK ආයතන හරහා ය. ලේඛනගත සාක්ෂි අනුව නීතිඥ රඛිත රාජපක්ෂ, සනත් බණ්ඩාර ජයසුන්දර, ඕෂධ හේරත් හා ශානිකා කුමාරි මෙම සමාගම් දෙකේ සෙසු කොටස් හිමියන් වේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම මෙහිදී හක්මන නන්දාලෝක හිමිගේ නම ප්‍රකාශයට පත් නොකරන්නේ එම භික්ෂු වේශධාරියා පැලවත්ත ජ.වි.පෙ. ප්‍රධානින්ගේ ප්‍රධාන පෙලේ සමීපතම හිතවතකු වන බැවිණි.
මෙම භික්ෂු වේශධාරි ව්‍යාපාරිකයා සතුව, මීට අමතරව “Hakmana Plantation” නමින් හැඳින්වෙන වතු සමාගමක් ද වේ. රාජ්‍ය අංශයේ ටෙන්ඩර් පටිපාටි අමු අමුවේ උල්ලංඝනය කරමින් රටට දැවැන්ත මූල්‍ය පාඩුවක් සිදු කළ ගල් අඟුරු වංචාවේ සැඟවුණු මහමොළකරු මොහුය. ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, පාලක ලේකම් කලවැල්ගල චන්දාලෝක හිමි සමඟ එක්ව, අදාළ විෂය බාරව සිටි ඇමතිවරයාවද සම්බන්ධ කර ගනිමින් බාල ගල් අඟුරු වංචාවෙන් අයථා ධනය උපයා ඇති මෙහෙයුමේ මෙම ව්‍යාපාරික භික්ෂු වේශධාරියා බරපතළ වැඩ කොටසක් ඉටුකර තිබේ.
මේ වන විට ද ඔහුට හිමි දේශපාලන සබඳතා මත, ඔහු සතුව ඇති වතු ගණනාවක සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයන් වැඩ කිරීම සඳහා යොදවා තිබේ. මේ දිනවල ක්‍රියාත්මක ගල් අඟුරු වංචා ගැන සොයන විශේෂ ජනාධිපති කොමිෂමට සාක්කි දීමට ද මේ ව්‍යාපාරික භික්ෂු වේශධාරියා පැමිනෙන්නේ පොලිස් නිලධාරින් දෙදෙනකුගේ ආරක්ෂාව සහිතව ය. එම සියළු වරප්‍රසාද ඔහුට හිමිව ඇත්තේ ජ.වි.පෙ. නායකත්වය සමඟ පවතින සමීප සබඳතා මතය.
“හරක් කටා” නැමැත්තාගේ බිරිඳගෙන් ලබාගත්ත බවට කියන කප්පම් මුදල ගැන පරීක්ෂණ කරන නිලධාරින්, එම කාලය තුළ හක්මන නන්දාලෝක සහ රඛිත රාජපක්ෂ අතර පැවැති දුරකථන ඇමැතුම් 1600 කට වඩා තිබෙන බව අණාවරණය කර ඇත. එහෙත් හක්මන නන්දාලෝක කැඳවා ප්‍රකාශ ගැනීමට හා ඔහුවද එම නඩු විභාගයේ චූදිතයකු බවට පත්කිරීමට විමර්ශන නිලධාරින්ට නොහැකි වී ඇත්තේ පැලවත්ත සමඟ හක්මන නන්දාලෝක සතුව පවතින බලවත් සම්බන්ධතාව හේතුකොටගෙන ය.
හක්මන නන්දාලෝක මේ වනවිට තම “ෆේස්බුක් ගිණුම” ලොක් කර තිබේ. අල්ලස් සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායකට අප අභියෝග කරනුයේ, හැකිනම් හක්මන නන්දාලෝකව කැඳවා ප්‍රකාශ සටහන්කර අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා පෙන්වන මෙන්ය. බාල ගල් අඟුරු හොරකමේ සියළු තොරතුරු දන්නා මේ ව්‍යාපාරික චීවරදාරියාට අතවත් තැබීමට රංග දිසානායකට හැකියාවක් නැති බව අපි අවධාරණය කරමු.
- Lanka Underground News
(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්යාප්ත විදුලි කප්පාදුවක්..