කාදිනල් මුව හමකටම තලන්න කියන්නේ ඇයි?..
පසුගිය 14 වෙනිදා සුරේෂ් සලේ තමන් PTA යටතේ රදවා ගෙන සිටීමට එරෙහිව අධිකරණයට ඉදිරිපති කරන ලද රීට් පෙත්සමට අදාලව කරුණු දැක්වීම කරනු ලැබුවා.
ඊට පෙර රජයේ නීතිපති වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපති කලා.
එතැනදී ප්‍රබළ නීති තර්ක කිහිපයක් සුරේෂ් සලේගේ නීතීඥයා ලෙස සංජීව ජයවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව PTA යටතේ සුරේෂ් සලේ රදවාගෙන ප්‍රශ්ණ කිරීමට අදාලව මතු කරනවා.
එනම් ජනක් ද සිල්වා විමර්ෂණ කමිටුව ඉදිරියේ සනාථ වු කාරණා සාක්ෂි ලෙස ඉදිරිපත් කරනවා.
එහිදී මේ ප්‍රහාරය මුලික වී තිබී ඇත්තේ ඇසළ පෙරහැර මංගල්ලය බවත් ඊට පෙර සහරාන් සමග පුහාරක කංඩායම අනාරක්ෂිත වීම සහ නවසීලන්තයේ පල්ලි ප්‍රහාරය මත ඉලක්කය වෙනස් වු බවත්
මේ සහරාන් කල්ලිය සම්බන්ධ විමර්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උවමනාවෙන් අපරික්ෂාකාරී බව මත මගහැරී යාමත්
ඒ සදහා භූමි මෙහෙයුම් ක්‍රියාවලියේ සිටි නිළධාරීන්ට විදේශ අංශ මගින් ලැබුණු තොරතුරු පවා වාර්ථා කිරීම ෂානි අබේසේකරලා අතින් මගහැරී තිබුණු බවට
ජනක් ද සිල්වා කමිටු විමර්ශණ වාර්ථා වලින්ම සනාථ වී ඇති බව පෙන්වා දෙමින්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතින් සිදුවුන වැරදීම් වහ ගන්න තම සේවාදායකයාට පීඩනය එල්ල කරමින් මෙම අපරාධයට තමන්ගේ සේවාදායකයා පටලවන්නට කටයුතු කරන බවට තර්කය ගෙන ආවා.
ඒ අවස්ථාව ඉතා ප්‍රබලයි. ‼️
මොකද සියල්ල මේ පිළිබද පත් කරපු රටම පිළිගත් විමර්ෂණ කමිටුවක සකේෂි මත පදනම්ව තර්ක ගොඩ නගනවා.
එයට අදාලව බාහිරව මීට පෙර සුරේෂ් සලේට පක්ෂව අමතර මැදිහත්කාර පෙත්සම් ඉදිරිපත් වුනත් ඒවා ප්‍රතික්ෂේප වුනා.
එහෙම කරේ මෙය අතිශය තීරණාත්මක රීට් අඥාවකට තඩු දෙන්නක් නිසා..‼️
අධිකරණයේදී තව දුරටත් PTA යටතේ සුරේෂ් සලේ රදවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩක්,නොලැබෙනු ඇති බවට සිතුන තැනදී
කාදිනල් අතරමැදි පෙත්සම් පාර්ශවයක් ලෙස මෙයට මැදිහත් වීමට පැමිණෙනවා.
අපට හිතෙන ආකාරයට කාදිනල්ගේ අතරමැදි පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරනු ඇතැයි හිතෙනවා.
ෂානිලා රවීලා පත්,වෙන්නේම කාදිනල්ගේ ඉල්ලීමට බව පාර්ලිමේන්තුවෙි එලිදරව් වෙනවා.
PTA එකට එනම් ත්‍රස්තවාදය වැලැක්වීමේ පණතට කාදිනල් තුමා මීට පෙර එරෙහි වුනා
ඒ එරෙහි වුන PTA පණත යටතේම සුරේෂ් සලේ රදවාගන්න තාඩන පීඩන මානසික කායික බලපෑම් කරමින්
සාක්ෂි නැති සිද්ධියකට සාක්ෂි හදන්න
සුරේෂ් සලේ රදවා ගන්න කියන්න කාදිනල් අධිකරණයට පෙත්සමකින් එනවා 😀😀
කාදිනල්ගේ ඉල්ලීමටම පත්කල නිළධාරීන් අතින් පාස්කු ප්‍රහාරය වලක්වා ගන්න බැරිවුන මොන හේතු සාක්ෂි සහිතව ඔප්පු වුනත්
ඔවුන් ලගම සුරේෂ් සලේ රදවා ප්‍රශ්ණ කරන එක හොද බව හිතන ආකාරයක් පේනවා.😀😀.
ඇත්තටම පුත්තලම වනාත විල්ලුව ලැක්ටෝවත්තේදී සහරාන්ගේ කල්ලියට අයිති පුපුරණ ද්‍රව්‍ය මුණ ගැහුණ තැනට ෂානි යටතේ අනුයුක්තව සිටි විමර්ශණ මෙහෙයුම් නිළධාරීන් 700 කගෙන් 5 දෙනෙක් පමණක් යෙදවීමට හේතු හොයන්න කියලා
විදේශ බුද්ධි තොරතුරු අංශ වලින් පහර දෙන කංඩායමේ නම් ගම් පහර දෙන්න බලාපොරොත්තු වන ස්ථාන සියල්ල සමග ලැබුණු බුද්ධි තොරතුරු මග හැරියේ ඇයි කියලා හොයන්න කියලා
කාදිනල් ඉල්ලනවා දැකලා තියනවද ???
එහෙත් කාදිනල් තුමා මහා මොළකරු සුරේෂ් සලේම බවත් එම ප්‍රහාරය දළදා පෙරහැරට ඉලක්ක වුවත් හදිසියේ පුත්තලම ලැක්ටෝවත්තේ පුපුරණ ද්‍රව්‍ය අසුවීම නිසා පුහාර සැලැස්ම කඩිනම් කර එය කතෝළික දේවස්ථාන වෙත යොමුවු බවත් අමතක කරනවා.
ඇත්තටම කාදිනල් තුමා එල්ලී සිටින්නේ චැනල් 4 වාර්ථා වැඩසටහන සහ පිල්ලයාන්ගෙි හිටපු ලේකම්ගේ සාවද්‍ය ප්‍රකාශය මතබව වැටහෙනවා
හොයනවනම් හොයන්න ඕන මේ ප්‍රහාරය වලක්වා ගන්න අවස්ථා තිබුනේද එහෙම තිබුනා නම් එය නොකල හේතුව කුමක්ද යන්න වෙනවා. ‼️
හරිනම් ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ රවීලා ෂානිලා අරං ප්‍රශ්ණ කරන්න ඕන ඒ වෙලාවෙ එය වලක්වා ගන්න ප්‍රහාරකයාට ආසන්නම තීරණ ගන්න හැකියාව තිබුණු රාජකාරි කරන ලද අයවළුන් ඔවුන් නිසා.
කාදිනල් මුව හමකටම තලපං කියන්නේ ඇයිද යන්න අදටත් වටහා ගැනීමට අපට නොහැකි වෙනවා.
කොහොම නමුත් කාදිනල් තුමා මස් රාත්තලම ඉල්ලනවා
එහෙම බැරි වුනොත් ඒක තව ආන්ඩුවකින් මුව හමට තැලීමක්ම වෙනවා.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්යාප්ත විදුලි කප්පාදුවක්..