කාදිනල් මුව හමකටම තලන්න කියන්නේ ඇයි?..
පසුගිය 14 වෙනිදා සුරේෂ් සලේ තමන් PTA යටතේ රදවා ගෙන සිටීමට එරෙහිව අධිකරණයට ඉදිරිපති කරන ලද රීට් පෙත්සමට අදාලව කරුණු දැක්වීම කරනු ලැබුවා.
ඊට පෙර රජයේ නීතිපති වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපති කලා.
එතැනදී ප්‍රබළ නීති තර්ක කිහිපයක් සුරේෂ් සලේගේ නීතීඥයා ලෙස සංජීව ජයවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව PTA යටතේ සුරේෂ් සලේ රදවාගෙන ප්‍රශ්ණ කිරීමට අදාලව මතු කරනවා.
එනම් ජනක් ද සිල්වා විමර්ෂණ කමිටුව ඉදිරියේ සනාථ වු කාරණා සාක්ෂි ලෙස ඉදිරිපත් කරනවා.
එහිදී මේ ප්‍රහාරය මුලික වී තිබී ඇත්තේ ඇසළ පෙරහැර මංගල්ලය බවත් ඊට පෙර සහරාන් සමග පුහාරක කංඩායම අනාරක්ෂිත වීම සහ නවසීලන්තයේ පල්ලි ප්‍රහාරය මත ඉලක්කය වෙනස් වු බවත්
මේ සහරාන් කල්ලිය සම්බන්ධ විමර්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උවමනාවෙන් අපරික්ෂාකාරී බව මත මගහැරී යාමත්
ඒ සදහා භූමි මෙහෙයුම් ක්‍රියාවලියේ සිටි නිළධාරීන්ට විදේශ අංශ මගින් ලැබුණු තොරතුරු පවා වාර්ථා කිරීම ෂානි අබේසේකරලා අතින් මගහැරී තිබුණු බවට
ජනක් ද සිල්වා කමිටු විමර්ශණ වාර්ථා වලින්ම සනාථ වී ඇති බව පෙන්වා දෙමින්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතින් සිදුවුන වැරදීම් වහ ගන්න තම සේවාදායකයාට පීඩනය එල්ල කරමින් මෙම අපරාධයට තමන්ගේ සේවාදායකයා පටලවන්නට කටයුතු කරන බවට තර්කය ගෙන ආවා.
ඒ අවස්ථාව ඉතා ප්‍රබලයි. ‼️
මොකද සියල්ල මේ පිළිබද පත් කරපු රටම පිළිගත් විමර්ෂණ කමිටුවක සකේෂි මත පදනම්ව තර්ක ගොඩ නගනවා.
එයට අදාලව බාහිරව මීට පෙර සුරේෂ් සලේට පක්ෂව අමතර මැදිහත්කාර පෙත්සම් ඉදිරිපත් වුනත් ඒවා ප්‍රතික්ෂේප වුනා.
එහෙම කරේ මෙය අතිශය තීරණාත්මක රීට් අඥාවකට තඩු දෙන්නක් නිසා..‼️
අධිකරණයේදී තව දුරටත් PTA යටතේ සුරේෂ් සලේ රදවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩක්,නොලැබෙනු ඇති බවට සිතුන තැනදී
කාදිනල් අතරමැදි පෙත්සම් පාර්ශවයක් ලෙස මෙයට මැදිහත් වීමට පැමිණෙනවා.
අපට හිතෙන ආකාරයට කාදිනල්ගේ අතරමැදි පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරනු ඇතැයි හිතෙනවා.
ෂානිලා රවීලා පත්,වෙන්නේම කාදිනල්ගේ ඉල්ලීමට බව පාර්ලිමේන්තුවෙි එලිදරව් වෙනවා.
PTA එකට එනම් ත්‍රස්තවාදය වැලැක්වීමේ පණතට කාදිනල් තුමා මීට පෙර එරෙහි වුනා
ඒ එරෙහි වුන PTA පණත යටතේම සුරේෂ් සලේ රදවාගන්න තාඩන පීඩන මානසික කායික බලපෑම් කරමින්
සාක්ෂි නැති සිද්ධියකට සාක්ෂි හදන්න
සුරේෂ් සලේ රදවා ගන්න කියන්න කාදිනල් අධිකරණයට පෙත්සමකින් එනවා 😀😀
කාදිනල්ගේ ඉල්ලීමටම පත්කල නිළධාරීන් අතින් පාස්කු ප්‍රහාරය වලක්වා ගන්න බැරිවුන මොන හේතු සාක්ෂි සහිතව ඔප්පු වුනත්
ඔවුන් ලගම සුරේෂ් සලේ රදවා ප්‍රශ්ණ කරන එක හොද බව හිතන ආකාරයක් පේනවා.😀😀.
ඇත්තටම පුත්තලම වනාත විල්ලුව ලැක්ටෝවත්තේදී සහරාන්ගේ කල්ලියට අයිති පුපුරණ ද්‍රව්‍ය මුණ ගැහුණ තැනට ෂානි යටතේ අනුයුක්තව සිටි විමර්ශණ මෙහෙයුම් නිළධාරීන් 700 කගෙන් 5 දෙනෙක් පමණක් යෙදවීමට හේතු හොයන්න කියලා
විදේශ බුද්ධි තොරතුරු අංශ වලින් පහර දෙන කංඩායමේ නම් ගම් පහර දෙන්න බලාපොරොත්තු වන ස්ථාන සියල්ල සමග ලැබුණු බුද්ධි තොරතුරු මග හැරියේ ඇයි කියලා හොයන්න කියලා
කාදිනල් ඉල්ලනවා දැකලා තියනවද ???
එහෙත් කාදිනල් තුමා මහා මොළකරු සුරේෂ් සලේම බවත් එම ප්‍රහාරය දළදා පෙරහැරට ඉලක්ක වුවත් හදිසියේ පුත්තලම ලැක්ටෝවත්තේ පුපුරණ ද්‍රව්‍ය අසුවීම නිසා පුහාර සැලැස්ම කඩිනම් කර එය කතෝළික දේවස්ථාන වෙත යොමුවු බවත් අමතක කරනවා.
ඇත්තටම කාදිනල් තුමා එල්ලී සිටින්නේ චැනල් 4 වාර්ථා වැඩසටහන සහ පිල්ලයාන්ගෙි හිටපු ලේකම්ගේ සාවද්‍ය ප්‍රකාශය මතබව වැටහෙනවා
හොයනවනම් හොයන්න ඕන මේ ප්‍රහාරය වලක්වා ගන්න අවස්ථා තිබුනේද එහෙම තිබුනා නම් එය නොකල හේතුව කුමක්ද යන්න වෙනවා. ‼️
හරිනම් ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ රවීලා ෂානිලා අරං ප්‍රශ්ණ කරන්න ඕන ඒ වෙලාවෙ එය වලක්වා ගන්න ප්‍රහාරකයාට ආසන්නම තීරණ ගන්න හැකියාව තිබුණු රාජකාරි කරන ලද අයවළුන් ඔවුන් නිසා.
කාදිනල් මුව හමකටම තලපං කියන්නේ ඇයිද යන්න අදටත් වටහා ගැනීමට අපට නොහැකි වෙනවා.
කොහොම නමුත් කාදිනල් තුමා මස් රාත්තලම ඉල්ලනවා
එහෙම බැරි වුනොත් ඒක තව ආන්ඩුවකින් මුව හමට තැලීමක්ම වෙනවා.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..