"දුටුගැමුණු ගේ කඩුව" හරහා මාව දඩයම් කරවීමකට සමාජ මාධ්‍ය මෙහෙයුමක් කරළියට ඇවිත්.. - නියොමාල් රංගජීව කියන කතාව
වැලිකඩ බන්ධනාගාරයේ 2012 සිදුවු ඝාතනයට 2022 ජනවාරි මාසයේ දී එතෙක් වැඩතහනමට ලක්ව සිටි, පොලිස් පරික්ෂක නියොමාල් රංගජීව මහතා ගරු අධිකරනයෙන් නිදොස්කොට නිදහස් කරන ලද අතර, වැලිකඩ ඝාතනය හා ,සමාජ මාධ්‍ය අතර පැතිර යන දුටුගැමුණු කඩු කතාව සම්බන්ධයෙන්ද රංගජීව මහතා සිය ෆේස්බුක් ගිනුමේ, මෙසේ සටහනක් තබා ඇත.
උපුටා ගැනීම..
එදා වැලිකඩ බන්ධනාගාරයේ මොකද වුණේ
-------------------------------------------------------------------------
මම වගකිවයුතු නිළධාරීයෙක් නිසා කවදාවත් සමාජ මාධ්‍යයේ කතා නොකළේය . ඒ නඩු කටයුතු පවතින බැවිනි . මම සුදනා මම සුදනා කියල කියන්න නොගිහින් ගරු ත්‍රිපුද්ගල මහාධිකරණයට භාර දී නිහඬ වුණේය. දේශපාලන බලය කවදාවත් හිස නොනවපු අදත් ඉහළ අධිකරණ වල සේවය කරන නඩුකාර වරුය.
සාක්ෂිකරුවන් 120 කට අධිකය..විමර්ශන භාර නිළධාරී ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහත්තයා ඇතුළු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව . නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර්වරු දෙදෙනකු . මම වෙනුවෙන් ගරු president councillor නලින් ඉන්ද්‍රතිස්ස සර් , අසිත් සිරිවර්ධන (ජෙනරාල් සුරේෂ් සාලේ සර් ගේ නඩුවේ ඉන්න ) මල්කා දෙනෙත්ති . 2019 ඔක්තෝබර් සිට 2022 ජනවාරි 12 දක්වා .
(මා වෙනුවෙන් නොමිලේ පෙනි සිටින ලදි)
ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රේෂත්‍රයේ දිගටම dock statement එක මගේ. (විත්ති කුඩුවේ සිට විත්තිකරු ගේ ප්‍රකාශය) ඒ දින දෙකක් .
තීන්දුව - ගරු අධිකරණයේ සියළුම විනිසුරු තුන් දෙනා ගේම එකමතික තීන්දුව රංගජිව නිදහස් ....චෝදනා බොරු
නඩු අංකය 494/19 අරගෙන කියවන්න .
මීගමුවේ සිදුවීම හරහා නැවතත් මාව දඩයම් කරවීමකට සමාජ මාධ්‍ය මෙහෙයුමක් කරළියට පැමිණ ඇත . එනම් " දුටුගැමුණු ගේ කඩුව" හරහා වේ.
දුටුගැමුණු ගේ රාජ්‍ය පාළනය ක්‍රිස්තු පූර්ව (ක්‍රිස්තුස් ඉපදෙන්න පෙර ) 136-164 කාළය වේ.
කෝට්ටේ යුගය ක්‍රිස්තු වර්ෂ (ඉපදුණ පසු )
1580 න් අවසන් වෙලා සිතාවකට ගොස් මහනුවරදී රාජ්‍ය කාළය අවසන් වීය.
මේ කඩුව කෝට්ටේ රජමහ විහාරයේ තිබුණ බව කියන්නේ 2012 දීය. ඒ කියන්නේ ඒ කාළේ හිටපු දේශපාලකයන් හා NGO පොත් ලියන්න මාමා ලාය. මේ කඩුවේ වයස අවුරුදු දෙදාහස් එකසීය හැත්තෑ හයක් වේ. අවුරුදු 2176 ක්. බුදුන් පිරිණිවන් පා ලත් අවුරුදු 2500කි.
මොන ලෝහයෙන් ද හදලා කොහොමද තියා ගත්තේ කියල කිසිම පුරාවිද්‍යා පොතක හෝ සෙල්ලිපියක නැත. මහින්ද රාජපක්ෂ මහත්තයාට එක ඔන නිසා මංජු ශ්‍රී කියන පුද්ගලයා පංසලට යැව්වා .. වැඩේ මාට්ටු වුණා ..මිනිහා හිරේ ගියා ..ඒයාව මරන්න වැලිකඩ බන්ධනාගාරයේ ගැටුමක් හදලා මාව ඒ බන්ධනාගාරයට යවලා මංජු ශ්‍රී මරලා දැම්මා . මේක විශ්වාස කරන අය මිනිසුන් වෙන්න බැහැ .. මේ කතාව නිසා මට වෙඩි කන්න සිදු වුණා ..අහිංසක නිළධාරීයෙක්,කුඩා දැරිවියක මිය ගියා පාතාලයේ වෙඩි නිසා .
දැන් නැවතත් ....
දේශපාලන පක්ෂයකට ,NGO සල්ලි වලට ,කුඩු කාරයන් ගේ සල්ලි වලට තියෙන බැදීම හා කෑදර කමට මේ විදියට ලියන්නේ.
කෝට්ටේ පංසලේ හාමුදුරුවන් දෙනම හා මංජු ශ්‍රී
---------------------------------------------------------------
මේ දෙනම ගේ ඝාතනය ගැන මිරිහාන විශේෂ විමර්ශන එකකය මගින් සිදු කර ඇත.
යහාපලන ආණ්ඩුව මේ වැලිකඩ ඝාතනය ගැන විමර්ශ කමිටුවක් දැම්මා .. මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් ,එස්.කේ.ලියනගේ
(මෑතකදී පාර්ලිමේන්තු මහ ලේකම් සේවය
අත් හිටු වාර්තා හැදුව කෙනා) ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති ජයසුන්දර ප්‍රධානත්වයෙන් .
තීන්දුව ....
පට්ටපල් අමු බොරුවක් ..විමර්ශන වාර්තා හා බී වාර්තා ප්‍රකාශ අනුව . අවශ්‍ය නම් අරන් කියවන්න " නම්බුවසම් කමිටුවේ වාර්තාව " අධිකරණ අමාත්‍යාංශයේ දැන් තියෙනවා .
ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවේදී ඔය කඩු කතාවක් ගැන කවදාවත් සාක්ෂියක් කවුරුත් දුන්නේ නැහැ . මට නඩු දාපු යහාපලන කාළේ.
යුද්ධය දිනා මහ බලයක් තිබුණ මහින්ද රාජපක්ෂ මහත්තයාට ඔය කඩුවක් ගන්න මංජු ශ්‍රී විතරයි ලංකාවේ හිටියේ . කෝ එතුමාට සමඟ කුමන්ත්‍රණයක් කලා නම් call record details .
මංජු ශ්‍රී මරන්න ගෝථාභය මහත්තයාට යවන්න හිටියේ මම විතරයි ද?🤣🤣🤣🤣
කවදාවත් දැකලා කතා කරලා නැහැ ගෝථාභය හා මම 🤣🤣🤣🤣.
මම හිතන්නේ මේ ලියන්නේ සාමාන්‍ය මනුසයෙක් නොවේ විශේෂ බුද්ධියක් තියෙන මිනිසුන්.
(නියොමාල් රංගජීවගෙ සමාජ මාධ්‍ය ගිණුමෙන් උපුටා ගන්නා ලදි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්යාප්ත විදුලි කප්පාදුවක්..