"දුටුගැමුණු ගේ කඩුව" හරහා මාව දඩයම් කරවීමකට සමාජ මාධ්‍ය මෙහෙයුමක් කරළියට ඇවිත්.. - නියොමාල් රංගජීව කියන කතාව
වැලිකඩ බන්ධනාගාරයේ 2012 සිදුවු ඝාතනයට 2022 ජනවාරි මාසයේ දී එතෙක් වැඩතහනමට ලක්ව සිටි, පොලිස් පරික්ෂක නියොමාල් රංගජීව මහතා ගරු අධිකරනයෙන් නිදොස්කොට නිදහස් කරන ලද අතර, වැලිකඩ ඝාතනය හා ,සමාජ මාධ්‍ය අතර පැතිර යන දුටුගැමුණු කඩු කතාව සම්බන්ධයෙන්ද රංගජීව මහතා සිය ෆේස්බුක් ගිනුමේ, මෙසේ සටහනක් තබා ඇත.
උපුටා ගැනීම..
එදා වැලිකඩ බන්ධනාගාරයේ මොකද වුණේ
-------------------------------------------------------------------------
මම වගකිවයුතු නිළධාරීයෙක් නිසා කවදාවත් සමාජ මාධ්‍යයේ කතා නොකළේය . ඒ නඩු කටයුතු පවතින බැවිනි . මම සුදනා මම සුදනා කියල කියන්න නොගිහින් ගරු ත්‍රිපුද්ගල මහාධිකරණයට භාර දී නිහඬ වුණේය. දේශපාලන බලය කවදාවත් හිස නොනවපු අදත් ඉහළ අධිකරණ වල සේවය කරන නඩුකාර වරුය.
සාක්ෂිකරුවන් 120 කට අධිකය..විමර්ශන භාර නිළධාරී ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහත්තයා ඇතුළු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව . නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර්වරු දෙදෙනකු . මම වෙනුවෙන් ගරු president councillor නලින් ඉන්ද්‍රතිස්ස සර් , අසිත් සිරිවර්ධන (ජෙනරාල් සුරේෂ් සාලේ සර් ගේ නඩුවේ ඉන්න ) මල්කා දෙනෙත්ති . 2019 ඔක්තෝබර් සිට 2022 ජනවාරි 12 දක්වා .
(මා වෙනුවෙන් නොමිලේ පෙනි සිටින ලදි)
ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රේෂත්‍රයේ දිගටම dock statement එක මගේ. (විත්ති කුඩුවේ සිට විත්තිකරු ගේ ප්‍රකාශය) ඒ දින දෙකක් .
තීන්දුව - ගරු අධිකරණයේ සියළුම විනිසුරු තුන් දෙනා ගේම එකමතික තීන්දුව රංගජිව නිදහස් ....චෝදනා බොරු
නඩු අංකය 494/19 අරගෙන කියවන්න .
මීගමුවේ සිදුවීම හරහා නැවතත් මාව දඩයම් කරවීමකට සමාජ මාධ්‍ය මෙහෙයුමක් කරළියට පැමිණ ඇත . එනම් " දුටුගැමුණු ගේ කඩුව" හරහා වේ.
දුටුගැමුණු ගේ රාජ්‍ය පාළනය ක්‍රිස්තු පූර්ව (ක්‍රිස්තුස් ඉපදෙන්න පෙර ) 136-164 කාළය වේ.
කෝට්ටේ යුගය ක්‍රිස්තු වර්ෂ (ඉපදුණ පසු )
1580 න් අවසන් වෙලා සිතාවකට ගොස් මහනුවරදී රාජ්‍ය කාළය අවසන් වීය.
මේ කඩුව කෝට්ටේ රජමහ විහාරයේ තිබුණ බව කියන්නේ 2012 දීය. ඒ කියන්නේ ඒ කාළේ හිටපු දේශපාලකයන් හා NGO පොත් ලියන්න මාමා ලාය. මේ කඩුවේ වයස අවුරුදු දෙදාහස් එකසීය හැත්තෑ හයක් වේ. අවුරුදු 2176 ක්. බුදුන් පිරිණිවන් පා ලත් අවුරුදු 2500කි.
මොන ලෝහයෙන් ද හදලා කොහොමද තියා ගත්තේ කියල කිසිම පුරාවිද්‍යා පොතක හෝ සෙල්ලිපියක නැත. මහින්ද රාජපක්ෂ මහත්තයාට එක ඔන නිසා මංජු ශ්‍රී කියන පුද්ගලයා පංසලට යැව්වා .. වැඩේ මාට්ටු වුණා ..මිනිහා හිරේ ගියා ..ඒයාව මරන්න වැලිකඩ බන්ධනාගාරයේ ගැටුමක් හදලා මාව ඒ බන්ධනාගාරයට යවලා මංජු ශ්‍රී මරලා දැම්මා . මේක විශ්වාස කරන අය මිනිසුන් වෙන්න බැහැ .. මේ කතාව නිසා මට වෙඩි කන්න සිදු වුණා ..අහිංසක නිළධාරීයෙක්,කුඩා දැරිවියක මිය ගියා පාතාලයේ වෙඩි නිසා .
දැන් නැවතත් ....
දේශපාලන පක්ෂයකට ,NGO සල්ලි වලට ,කුඩු කාරයන් ගේ සල්ලි වලට තියෙන බැදීම හා කෑදර කමට මේ විදියට ලියන්නේ.
කෝට්ටේ පංසලේ හාමුදුරුවන් දෙනම හා මංජු ශ්‍රී
---------------------------------------------------------------
මේ දෙනම ගේ ඝාතනය ගැන මිරිහාන විශේෂ විමර්ශන එකකය මගින් සිදු කර ඇත.
යහාපලන ආණ්ඩුව මේ වැලිකඩ ඝාතනය ගැන විමර්ශ කමිටුවක් දැම්මා .. මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් ,එස්.කේ.ලියනගේ
(මෑතකදී පාර්ලිමේන්තු මහ ලේකම් සේවය
අත් හිටු වාර්තා හැදුව කෙනා) ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති ජයසුන්දර ප්‍රධානත්වයෙන් .
තීන්දුව ....
පට්ටපල් අමු බොරුවක් ..විමර්ශන වාර්තා හා බී වාර්තා ප්‍රකාශ අනුව . අවශ්‍ය නම් අරන් කියවන්න " නම්බුවසම් කමිටුවේ වාර්තාව " අධිකරණ අමාත්‍යාංශයේ දැන් තියෙනවා .
ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවේදී ඔය කඩු කතාවක් ගැන කවදාවත් සාක්ෂියක් කවුරුත් දුන්නේ නැහැ . මට නඩු දාපු යහාපලන කාළේ.
යුද්ධය දිනා මහ බලයක් තිබුණ මහින්ද රාජපක්ෂ මහත්තයාට ඔය කඩුවක් ගන්න මංජු ශ්‍රී විතරයි ලංකාවේ හිටියේ . කෝ එතුමාට සමඟ කුමන්ත්‍රණයක් කලා නම් call record details .
මංජු ශ්‍රී මරන්න ගෝථාභය මහත්තයාට යවන්න හිටියේ මම විතරයි ද?🤣🤣🤣🤣
කවදාවත් දැකලා කතා කරලා නැහැ ගෝථාභය හා මම 🤣🤣🤣🤣.
මම හිතන්නේ මේ ලියන්නේ සාමාන්‍ය මනුසයෙක් නොවේ විශේෂ බුද්ධියක් තියෙන මිනිසුන්.
(නියොමාල් රංගජීවගෙ සමාජ මාධ්‍ය ගිණුමෙන් උපුටා ගන්නා ලදි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..