70 වසරක ඉතිහාසය අලුත් කළ සේරුවිල දිරිය දියණිය.. ටියුෂන් මාෆියාවට, AC පන්තිවලට සේරුවිලින් දුන් 'ඒ 9' කම්මුල් පහර..
අධ්‍යාපනය ලැබීමට අත්‍යවශ්‍ය මූලික පහසුකම් පවා අවම මට්ටමක පැවති පසුබිමක, දැඩි කැපවීම සහ උත්සාහය පෙරදැරි කරගනිමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගැනීමට සේරුවිල ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක් සමත්ව සිටින්නීය.
මෙසේ විශිෂ්ට දක්ෂතා දක්වා ඇත්තේ සේරුවිල, දේහිවත්ත මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ හිමංසිකා විද්‍යා අබේධීර නම් සිසුවියයි. ඇය විෂයයන් නවයටම ‘ඒ’ (A) සාමාර්ථ 9ක් ලබාගනිමින් එම පාසලේ 70 වසරක ඉතිහාසය අලුත් කිරීමට සමත්ව ඇත.
ගොවි පවුලක දියණියක වන හිමංසිකා, නගරයේ සුපිරි උපකාරක පන්තිවල සහාය හෝ වෙනත් බාහිර පහසුකම් නොමැතිව මෙම ජයග්‍රහණය ලබා තිබීම සුවිශේෂී වේ. වාර්තා වන අන්දමට ඇයට විද්‍යාව විෂය සඳහා පවා ස්ථිර ගුරුවරයෙකු සිට නොමැති අතර, එම විෂය උගන්වා ඇත්තේ ද පාසලේ ඉංග්‍රීසි ගුරුවරයා විසිනි.
මීට අමතරව, සවස් කාලයේදී ගම්මානයට පැමිණෙන වන අලි තර්ජන හේතුවෙන් ඇයගේ අධ්‍යාපන කටයුතුවලට සහ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ. කෙසේ වෙතත්, ඒ සියලු අභියෝගයන්ට නොබියව මුහුණ දෙමින් ඇය ලබාගත් මෙම ‘ඒ 9’ ප්‍රතිඵලය, පහසුකම් හිඟකම දක්ෂතාවලට බාධාවක් නොවන බව සමස්ත ශිෂ්‍ය ප්‍රජාවටම පසක් කර දුන් කදිම ආදර්ශයකි.
අභියෝග ජයගනිමින් තම පාසලටත්, ගමටත් කීර්තියක් අත්කර දුන් හිමංසිකා දියණියට සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ පිරිස් සිය උණුසුම් සුබපැතුම් එක්කරමින් සිටිති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..