News Category
From Date
To Date
Maximum Number of Result

බටහිර කුමන්ත්‍රණයට හසුවූ ලිබියාව අපායෙන් ගොඩ එමින් තිබෙන මොහොතක සොර මුලකට හසුවූ ශ්‍රී ලංකාව අපාය අබියස

Dec 28, 2023 at 01:02 PM
|

අතීතයේ ඉතා දුප්පත් රටක්ව තිබූ  ලිබියාව ක්‍රමයෙන් , අප්‍රිකානු කලාපයේ පොහොසත්ම රටක් සාක්ෂරතාවෙන් සහ  පහසුකම් අතින් ඉහළම රටක් බවට පත්වෙලා තිබුණු රටක්  අවසානයේ ඇමෙරිකානු කුමන්ත්‍රණ නිසා විනාශ  වූ රටක්.

එදා ලිබියාවේ රැකියා විරහිත අයට වෙනම වැටුපක්,  

ළමයෙක් ඉපදුනාම වෙනම වැටුපක්, 

උසස් අධ්‍යාපනයට පිටරට යන්න වරම් සියල්ල රජයෙන්, 

විවාහ වුණාම වෙනම දීමනාවක්, 

අප්‍රිකානු මහද්වීපයේ පොහොසත්ම රට ඇමෙරිකානු කුමන්ත්‍රණයට අහුවුණා අවසානයේ සියල්ල නැති කරගත් රටක් බවට පත්වුණා.

ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම සාක්ෂරතාවය සහ බුද්ධි මට්ටම්වලින් ඉහළම රටක් යුදෙව්වන්ට පසු බුද්ධිය අතින් ඉහළම රටක්. 

ලෝකෙ පොහොසත්ම සංස්කෘතිය තියන රට. 

ඒ විතරක් නෙමෙයි මහා වැව් 3600 කට ආසන්න ප්‍රමාණයක් සහිත රටක්.

ලෝකයේ නැව් ගමනාගමනයෙන් අඩකට වැඩිය ඒ ආසන්නයෙන් ගමන් කරන රටක්.

කෙටියෙන්ම කියවාහොත් ලෝකය පාලනය කළ හැකි රටක්. 

නිදහස ලබන විට ජපානයට පමණක් දෙවැනි වූ ආර්ථිකයක් තිබූ රටක්. 

ලිබියාව තෙල් නිසා දියුණු වෙලා කුමන්ත්‍රණවලට හසුවෙලා වැනසුණු රටක්. 

ශ්‍රී ලංකාව නිදහසින් පසු පවුල් දේශපාලන සහ සුදු කරපටි සොරමුලකට  හසුව අපායේ දොරකඩ ආසන්නයේ තිබෙන රටක්. 

ඒ වගේම ලෝකයේ පිහිටීම නිසා ඇමෙරිකානු ඉන්දියානු කුමන්ත්‍රණ වලට හසුව නව යටත් විජිතයක් බවට පත්වෙමින් තිබෙන රටක්. 

අපි ලිබියාවට යමු.... 

වර්තමාන ලිබියාව විවිධ කල්ලි කණ්ඩායම්වල පාලනයට හසුවූ රටක්. 

එදා තිබූ සශ්‍රීක භාවය නැති වෙච්ච රටක් ඇමරිකානු සමාගම් වල උවමනාව ඉටු කරන රටක් බවට පත්වෙලා. 

එහෙම දුප්පත් වෙච්ච රටක් උනත්  වෛද්‍යවරයෙකුට රුපියල් ලක්ෂ තිහක් විතර වැටුපක් ලබා දෙන රටක් බවට පත්වෙලා 

ඒත් අපේ රටේ, 

පැය විසි හතරම වැඩ කරන සීමා වාසික වෛද්‍යවරයාට ගෙවන්නේ රුපියල් පනස් හතර දහසයි. 

ඊට වඩා අඩු උපාධියක් තියෙන වරායේ කළමනාකරන පුහුණු තනතුරට බඳවා ගන්නවා පැය අටට රුපියල් ලක්ෂයක්. 

අවුරුදු විසිපහක් සේවා කාලයක් තිබෙන  වෛද්‍යවරයෙක්ගේ මූලික පිටුප 125000යි. 

හෙට අනිද්ද විශ්‍රාම යන්න ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ගේ වැටුප දෙලක්ෂ විසි දහසයි. 

ඒ වැටුපෙන්  තමයි ඔවුන් වාහන අරගෙන ගෙවල් දොරවල් හදලා පැට්‍රල් ගහගෙන ලෙඩ්ඩුත් බලලා ඔවුනුත් ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න ඕන. 

දැන් ඔවුන්ට ජීවත් වෙන්න අවශ්‍ය පසුබිම නැති හින්දා පිටරට යන්න පටන් අරගෙන. 

කකුළුව වතුර හැලිය නටනවා වගේ අපේ රටේ මිනිස්සුන්ට තවම තේරිලා නෑ. 

රාජකාරී වේලාවෙන් පසුවත් සියලු රෝගීන්ට සත්කාර කරලා තමයි ගෙදර යන්නේ ගොඩක් අය. 

හදිසියේ වත් තමන් කරන රාජකාරිය විතරක් කරල නිහඬ වුනොත් මොකද වෙන්නේ. 

පැය හතරයි ඕටී ගෙවන්නේ පැය හත අටක   ශල්‍ය කර්මයක්    නවත්තලා පැය හතරෙන් ගියොත් මොකද වෙන්නේ ලෙඩාට මැරෙන්න  තමයි  වෙන්නේ. 

මේ එතෙන්ට තමයි යන්න හදන්නේ කියන්නේ. 

මේ රටේ වෛද්‍යවරුන් ටික දක්ෂයෝ ටික පිටරට ගියොත් අනිවාර්යෙන් රටේ මිනිස්සුන්ට ඕක වෙනවා  තමයි. 

මහ එවුන් සිංගප්පූරුවේ මවුන්ට්  එලිසබත් යාවි. 

ඒ වගේම මේ දොස්තර ඉල්ලුම මේ කලාපයේ ඉන්දියානුවන්ට නැහැ. 

ඒකට හේතුව ප්‍රමිතිය. 

මේ ප්‍රමිතිය නැතිකරලා ඉන්දියානු තත්ත්වයට ගේන්න  තමයි වත්මන් පාලකයන්ගේ වුවමනාව. 

ලිබියාව එච්චර ව්‍යසනයකට  මුහුණ දීලාත් දැන් ඔවුන් ඔලුව උස්සගෙන එනවා. 

ඒකට ශ්‍රී ලංකාවේ අපි භාගෙට භාගයක් කන්න නෑ ,දරිද්‍රතාවයෙන්  පෙලෙනවා. 

ජීවන වියදම වැඩියි රට ඇතුලේ නිෂ්පාදනය වියදම් වැඩි  ඒකට හේතුව තෙල් පොහොර ගෑස් මිල වැඩිකම.

තාමත් දේශපාලන මහ එවුන් පරම්පරා ගානකට  තෙල් ටිකෙන් ගල් අඟුරු ටිකෙන් පොහොර ටිකෙන් හොරා කමින් ඉන්නවා. 

දක්ෂයෝ ටික රට යමින් ඉන්නවා (ඔවුන්ට තමන්ගේ ජීවන පැවැත්ම සඳහා ආත්මාර්ථකාමී වෙන්න වෙලා).

බොහොම අතලොස්සක් රටට ආදරේ කරන නිසා සහ දෙමාපිය ඥාති සම්බන්ධතාවය නිසා තාමත් ලංකාවේ රැඳිලා ඉන්න උත්සාහ කරනවා.

දැනටමත් දුෂ්කර පළාත් වල රෝහල් කිහිපයක් වැහිලා ගිහිල්ලා. 

ඇතැම් සායනවලට වෛද්‍යවරු නැහැ. 

විදුල බල මණ්ඩලයේ කෙනාට සුවිශේෂී එක වැටුපක්. 

ඛනිජ තෙල් සංස්ථාවේ කෙනාට වෙනම වැටුපක්. 

වරාය කෙනාට වෙනම වැටුපක්. 

වැඩ නැතත් ඔවුන්ට වෙනම අතිකාලදීමනා සීමාවකින් තොරව. 

හැබැයි ජීවිතය බේරගන්න ඉන්න කෙනාට දවසට පැය හතරක් විතරයි අතිකාල දීමනා ගෙවන්නේ , පැය දහයක් operation theater  එකේ හිටියට වැඩක් නෑ. 

වැටුපත් ඔවුන්ට වඩා අඩුයි  එක රටක වැටුප්තල ගොඩයි. 

ඉතින් රට නොයා ඉඳීවිද. 

නුදුරු කාලයකදී මේ රටේ සෞඛ්‍ය පද්ධතිය කඩාගෙන වැටුණහම සියල්ලන්ටම තේරේවි. 

අපේ රටේ දක්ෂයෝ ටික අපිට නොදැනුවත්ව අපේ රටෙන් හොරකම් කරනවා කිව්වොත් නිවැරදියි. 

පාලකයෝ ඒක එහෙම වෙන්න ඇරලා බලාගෙන ඉන්නවා. 

තමන්ගේ ගජ මිතුරන්ට අවුරුදු පහළොවක බදු සහන දෙනවා. 

දොස්තරට යන්න ප්‍රවාහන පහසුකම් නැති උනාට මේ රටේ විශ්වවිද්‍යාලයකට පවා නොගිය ඇතැම් අයගේ ගෙවල්වල බල්ලෝ බිරිඳට වෙන වෙනම වාහන. 

දැන් ලෝකයම ලංකාවේ දොස්තරලා ගැන දැනගෙන විනාශ මුඛයට ගිය ලිබියාව දැන් ගොඩ එමින් සිටිනවා ලිබියාවත් අපේ රටේ දොස්තරලා ඉල්ලනවා. 

මෙයින් බහුතරයක් රට ගියාම අපේ රටේ සෞඛ්‍යයට මොකද වෙන්නේ. 

ඒක තේරුම් ගන්න බැරි දූෂිත සොර මුලකින් පිළිතුරු ලබාගන්න පුළුවන්ද? 

රටේ සෞඛ්‍ය කඩාගෙන වැටුණු දාට බාල බෙහෙත් මදිවට ප්‍රමිතියෙන් තොර බාල  දොස්තරලත් එදාට ඒවි. 

එතකොට නැව ගිහිල්ලා තියේවි. 

දැන් එදා ලුණු ලාබයිද පොල් බෑය කීයද කියලා අහන්න මිනිස්සු හිටියා. 

අද රටලුණු 600 වෙලා අහන්න එකෙක් නෑ. 

ඔය වගේ තමයි රෝහලකට ගියාම දොස්තර නැතිවුණාම ජීවිතයේ තියලා එන්න වෙයි. 

එදාටත් අහන්න එකෙක් නැතිවේවි. 

මහජන යුතුකමක් වෙනුවෙන්, 

- මහජන යුතුකම් කේන්ද්‍රය - 



සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.