News Category
From Date
To Date
Maximum Number of Result

තමන්ගේ පුතාව ලගට ගන්න අඩි 30000 ඉහල අහසේදී ගූවන්යානයක් කිසිම ලේ හැලීමකින් තොරව පැහැරගත් පළමු ලාංකිකයා - සේපාල ඒකනායක

May 29, 2026 at 07:34 AM
|

ලෝක ඉතිහාසය දෙස හැරී බලන විට ගුවන් යානා පැහැරගැනීම් (Hijacks) වාර්තා වී ඇත්තේ දේශපාලන අරමුණු, කප්පම් ගැනීම් හෝ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මුල් කරගනිමිනි. නමුත් 1982 වසරේ ජුනි මාසයේදී මුළු මහත් ජාත්‍යන්තර ප්‍රජාවම මවිතයට පත් කරමින් ශ්‍රී ලාංකිකයෙකු ලියූ ඒ අපූරු ඉතිහාසය ඊට හාත්පසින්ම වෙනස් ය. ඒ, ලේ පිපාසිත ත්‍රස්තවාදයෙන් තොරව, කිසිවෙකුගේ ජීවිතයකට හානියක් නොකර, නිලධාරීවාදයේ පීඩනයට එරෙහිව සිය කුඩා පුතු වෙනුවෙන් පියෙකු දියත් කළ මාරාන්තික "ආදරණීය සටනක්" පිළිබඳ සංවේදී කතාවයි. 

1970 දශකයේ අගභාගයේදී ශ්‍රී ලංකාවෙන් නික්මෙන සේපාල ඒකනායක යනු ලෝකය ගවේෂණය කිරීමේ දැඩි ලැදියාවකින් යුක්ත වූ අපූරු තරුණයෙකි. යුරෝපය පුරා සැරිසරමින් රටවල් 67ක පමණ අත්දැකීම් ලැබූ ඔහුගේ ජීවිතය උඩුයටිකුරු වන්නේ ඉතාලියේදී මුණගැසුණු අන්නා ඇල්ද්‍රොවන්දි නම් තරුණිය නිසාය. ඔවුන් අතර ඇති වූ ප්‍රේමය විවාහයකින් කෙළවර වූ අතර, එම කැදැල්ල හැඩගැන්වීමට 'ෆ්‍රී' (Free) නම් සුරතල් පිරිමි දරුවා මෙලොවට බිහි විය.

කාලයත් සමඟ අන්නා සහ සේපාල අතර පැවති විවාහ සබැඳියාව පළුදු වුවත්, සේපාල සිය මුළු ජීවිතයම කැප කළේ කුඩා ෆ්‍රී වෙනුවෙනි. ඔහුට අනුව, බිරිඳ අහිමි වුවත් තමන්ගේ ලේ කැටියා තමන් සන්තකයේ සිටීම ජීවත් වීමට ප්‍රමාණවත් විය.

සේපාලගේ ජීවිතයට කනකොකා හඬන්නට පටන් ගත්තේ ඔහුගේ ඉතාලි පදිංචි බලපත්‍රය (Resident Card) අලුත් කිරීමේ ගැටලුවක් මුල් කරගනිමිනි. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ලංකාවේ පිහිටි ඉතාලි තානාපති කාර්යාලය හරහා සිදුකර ගන්නා ලෙස ඉතාලි බලධාරීන් නියෝග කළ නිසා, සේපාල සිය පුතු ද කැටුව ලංකාවට පැමිණියේය.

නමුත් කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයේ නිලධාරීන් සේපාලව දින ගණන් රස්තියාදු කළේ රළු සහ අනුකම්පා විරහිත අයුරිනි. මේ අතරතුර, සේපාලගේ බිරිඳ සහ ඇගේ සහෝදරයා ලංකාවට පැමිණ තානාපති කාර්යාලයේ ඉහළ නිලධාරීන්ගේ රහස් සහය ඇතිව, දරුවාගේ ගුවන්ගමන් බලපත්‍රය පවා සේපාල ළඟ තිබියදී, හොර රහසේම කුඩා ෆ්‍රීව ඉතාලියට පැහැරගෙන ගොස් තිබුණි!

තමන්ගේ පණ වැනි පුතා අහිමි වී හඬා වැටුණු සේපාල තානාපති කාර්යාලයට ගිය විට, එහි සිටි නිලධාරියා ඔහුට උසුළු විසුළු කරමින් කියා සිටියේ, "උඹට පුළුවන් නම් ඉතාලියට ඇවිත් දරුවා ගනින්" කියාය. එතැනදී සේපාල තම අවසන් තීරණය ගත්තේය. "සති දෙකකින් මම මගේ පුතාව ගන්නවා, උඹලා ඔක්කොම මගේ ඉස්සරහ දණ ගස්වනවා!"

1982 ජුනි 30 වනදා නවදිල්ලියේ සිට බැංකොක් හරහා ටෝකියෝ බලා පියාසර කළ 'අලිතාලියා' (Alitalia) සේවයට අයත් බෝයිං 747 ජම්බෝ ජෙට් යානය අහස් ගැබ සිසාරා ඇදී යමින් තිබුණි. එහි මගීන් 300කට අධික පිරිසක් සිටි අතර, ඒ අතර සේපාල ඒකනායක ද සාමාන්‍ය මගියෙකු ලෙස අසුන් ගෙන සිටියේය. ඔහුගේ අතේ කිසිදු ආයුධයක් හෝ බෝම්බයක් තිබුණේ නැත. තිබුණේ පියෙකුගේ නොසැලෙන ධෛර්යය සහ ව්‍යාජ ලෙස සකස් කළ ලිපියක් පමණි.

යානය නියමිත උසට ළඟා වූ පසු, සේපාල ගුවන් සේවිකාවක් අතේ යානයේ ප්‍රධාන නියමු ජියෝර්ගෝ මෙරෝසා වෙත ලිපියක් යැවීය. තමන් සතුව නවීනතම බෝම්බ ඇති බවත්, පවසන උපදෙස් ඒ අයුරින්ම ක්‍රියාත්මක නොකළහොත් යානය අහසේදීම පුපුරුවා හරින බවත් එහි සඳහන් විය. මගීන්ගේ ආරක්ෂාව උදෙසා නියමුවා වහාම යානය තායිලන්තයේ බැංකොක් නුවරට ගොඩබෑවේය.

බැංකොක් ගුවන් තොටුපළේදී යානය වටලනු ලැබූ අතර, මුළු ලෝකයේම මාධ්‍ය අවධානය මේ දෙසට යොමු විය. සේපාල බැංකොක් නුවර සිට මුලින්ම ඇමතුමක් ගත්තේ කොළඹ ඉතාලි තානාපති කාර්යාලයේ තමන්ට සමච්චල් කළ අර නිලධාරියාටය. "මම කියපු දේ කළා, දැන් උඹේ රජයට කියපන් මගේ පුතාව මෙහාට එවන්න කියලා" සේපාල ගිගුරුම් දුන්නේය.

ඔහුගේ ඉල්ලීම් සරල විය.

1. තමන්ගේ පුතු 'ෆ්‍රී' සහ බිරිඳ වහාම බැංකොක් වෙත ගෙන්වීම.

2. තමන්ට සිදු වූ අසාධාරණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 3ක වන්දියක්.

පැය 30ක තිගැස්මකින් සහ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලින් පසු, ඉතාලි රජය සේපාලගේ ඉල්ලීම්වලට අවනත විය. විශේෂ ගුවන් යානයකින් කුඩා ෆ්‍රී පුතාව බැංකොක් වෙත රැගෙන එන ලදී. වසර කිහිපයකට පසු තමන්ගේ පුතාව දෑතට මැදි කරගත් සේපාල, සැනෙකින් සියලුම මගීන්ව ඉතාමත් කාරුණිකව නිදහස් කළේ කිසිවෙකුටත් තුවාලයක් හෝ සිදු නොකරමිනි.

සියල්ල ජයගෙන ශ්‍රී ලංකාවට පැමිණි සේපාලව ජනතාව පිළිගත්තේ ලෝකයක් දිනූ වීරයෙකු ලෙසය. සිලෝන් කොන්ටිනන්ටල් හෝටලයේ ඔහුට ඉහළම පිළිගැනීමක් ලැබුණි. නමුත් ජාත්‍යන්තර නීතිමය සහ දේශපාලනික බලපෑම් හමුවේ, ශ්‍රී ලංකා රජයට සිදු වූයේ ගුවන් යානා පැහැරගැනීමට එරෙහි නීති අතීතයට ද බලපාන පරිදි කඩිනමින් සම්මත කර, සේපාලව අත්අඩංගුවට ගැනීමටය.

ඔහුට මුලින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වුවත්, පසුව කරන ලද ඇපෑලකින් එය වසර 5ක සිරදඬුවමක් දක්වා ලිහිල් කෙරුණි. ඔහු නීතිය ඉදිරියේ වැරදිකරුවෙකු වුවත්, ලෝක ඉතිහාසයේ කිසිදු ලේ වැගිරීමක් නොකළ, ආදරය වෙනුවෙන් අහස මෙල්ල කළ එකම ගුවන් යානා පැහැරගන්නා ලෙස ඔහු සදාකාලිකව ඉතිහාසගත විය.

සේපාල ඒකනායකගේ ක්‍රියාව ජාත්‍යන්තර ගුවන් ගමන් නීති රීතිවලට අනුව බරපතළ අපරාධයකි. සිය ගණනකගේ ජීවිත අවදානමේ හෙළීම කිසිසේත් අනුමත කළ නොහැක. එහෙත්, මෙම සමස්ත සිදුවීම දෙස මානුෂීය කෝණයකින් බලන විට අපට පෙනෙන්නේ, නීතිය සහ නිලධාරීවාදය විසින් අසරණ කරනු ලැබූ පියෙකු, තමන්ගේ දරුවා වෙනුවෙන් මරණය පවා අභියෝගයට ලක් කළ ආකාරයයි.

"යම් හෙයකින් එදා ඉතාලි තානාපති කාර්යාලය සේපාලට සාධාරණව සලකා ඔහුගේ දරුවා හොර රහසේ රටින් පිට නොකළේ නම්, මෙවැනි ජාත්‍යන්තර අපරාධයක් සිදුවේද? අවසානයේ වැරදිකරු වූයේ දරුවා වෙනුවෙන් සටන් කළ පියා ද, නැතහොත් මිනිස්කම අමතක කළ නිලධාරීවාදය ද? ඔබේ අදහස පහතින් සටහන් කරන්න."

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.