News Category
From Date
To Date
Maximum Number of Result

කුඹුක් ගස කෙතරම් වටිනවද දන්නවද..?

Dec 25, 2023 at 10:58 AM
|

ටර්මිනලියා අර්ජුන යනු ටර්මිනාලියා කුලයට අයත් ගසකි. එය පොදුවේ හැඳින්වෙන්නේ ඉංග්‍රීසියෙන් අර්ජුන හෝ අර්ජුන් ගස, තෙළිඟු භාෂාවෙන් තේලා මඩි, සිංහලෙහි කුම්බුක්, දෙමළ භාෂාවෙන් මරුදා මාරම් සහ මලයාලම්හි නීර් මරුතු යනුවෙනි. කුඹුක් ශාකය ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ සශ්‍රීකව වැඩෙන ඉතාමත් වටිනා ශාකයක් වේ.කුඹුක් ශාකය කොම්බ්‍රෙටාසේ (Combretaceae) කුලයට අයත්ය. මෙය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට ආවේණික වූ ශාකයක්. 

කුඹුක් ගසේ තිබෙන්නා වූ මිල කළ නොහැකි හැකියාව වන්නේ ජලය පිරිසිදු කිරීමයි. මෙහිදී ජලය මෘදු කිරීම(ජලයේ කිවුල ගතිය අඩු කිරීම) හා පිරිසිදුකරණයද සිදුවන අතර ඒ මඟින් මනුෂ්‍ය වර්ගයාට සිදු කරන සේවය අති මහත්ය.

විශේෂයෙන්ම වියලි කලාපයෙ දැන් දකින්නට ලැබෙන වකුගඩු රෝග ඇතිවීමට එක ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, කිවුල් ජලය හෙවත් කඨින ජලය භාවිත කිරීම බව වෛද්‍යවරු පවසති. ජලයේ බහුලව අඩංගු වන කැල්සියම් අඩංගු ලවණ සාන්ද්‍රණයෙහි අධික බව මේ තත්වයට හේතු වී ඇත.

 කුඹුක් ගහ කියන්නෙ මේ ගැටළු විසඳා ගැනීමට ස්වභාවධර්මයා විසින් ලබා දී තිබෙන එක් දායාදයක්. කුඹුක් වැව් ලිං පොකුණු ගංගා ඇළආශ්‍රිතව වගා කිරීමෙන් පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකිවනු ඇත.

මතක තියා ගන්න අපේ මුතුන් මිත්තො විශේෂයෙන් සෑම වැවක් හා අනෙක් සෑම ජල මූලාශ්‍ර ආශ්‍රිතවත් කුඹුක් ගස් සිටෙව්ව කියල.

හිතට ගන්න පරිසරයට හානි කරන අයට පරිසරයෙන්ම දඬුවම් ලැබීම ස්වභාවිකය. එම නිසා ස්වභාවධර්මයාට විරුද්ධව කටයුතු නොකිරීම මානව වර්ගයාගේ ප්‍රධාන යුතුකම හා වගකීම වන්නේය.

සැබෑ පරිසර හිතකාමියෙකු ලෙස විනාශ වෙමින් පවතින පරිසරය අනාගත පරපුර උදෙසා රැක දීම කළ යුතුය. ඒ සදහා එක් පියවරක් ලෙස සෑම වැවක් ආශ්‍රිතව මෙන්ම ළිං හා අනෙකුත් ජල මූලාශ්‍ර ආශ්‍රිතව හැකිතරම් කුඹුක් පැල සිටුවීම, පිරිසිදු පානිය ජලය ලබා ගැනීමටත් එමඟින් නිරෝගී සෞඛ්‍ය සම්පන්න භාවයත් ලබා ගැනීමටත් හේතු වනු ඇත.

කුඹුක් ගස ගැන කිවුවොත්

අඩි 40-50 ක් උසට වැවෙන මහත කඳක් සහිත ඉතා විශාල ගසකි. මෙහි අතු හරස් අතට විහිදී යයි. පොත්ත ඉතා ඝනය, සිනිඳුය, ළා රෝස පාටය. මෙම පොත්තේ පහසුවෙන් පතුරු ගැලවී යයි. ළපටි රිකිලිවල සියුම් බූවක් ඇත. පත්‍ර සම්මුඛය, ආනතය, අඟල් 3-6 අතර දිගැතිය. පත්‍රයේ දෙකෙළවරම වටකුරුය. පත්‍ර දාරය කරපත්‍රිකය. පත්‍ර නටුව ඉතා කෙටිය. කක්ෂීය ශුකිවල හෝ කුඩා අග්‍රස්ථ සංයුක්ත ඒකාක්ෂවල පුෂ්ප හට ගනී. සාමාන්‍යයෙන් පුෂ්ප දක්නට ලැබෙන්නේ අප්‍රේල් හා මැයි මාසවලදීය.

මේ පුෂ්පවලින් තද පැණි සුවඳක් හමයි. පුෂ්ප කොළ පාටට හුරු සුදු පාටයි. පුෂ්පයක රේණු 8-10 අතර ඇත. ඵලය තුඩක් සහිත නොපැලෙන අෂ්ටිලයකි. එහි මධ්‍යාවරණය මාංසලය. පිටට නෙරා සිටින දුඹුරු පාට පියාපත් 5 ක් ඵලයෙහි ඇත.

ලංකාවේ පහතරට ගං ඉවුරු අසල කුඹුක් ගස් බහුලව වැවේ. වියළි ප්‍රදේශවලද වැව් ආශ්‍රිතව දක්නට ලැබේ. කුඹුක් පොත්තේ අගනා ඖෂධීය ගුණයක් ඇත. කුඹුක් ලීය තදය, ශක්තිමත්ය. එහි අරටුව රතු පාටට හුරු දුඹුරු පාටය.

ඖෂධීය වටිනාකම....

කුඹුක් කසටය, සිසිල්ය, සෙම් පිත් නසයි, හෘදයට හිතකරයි, වණ ශුද්ධ කරයි. කැඩුණ බිදුණ ඇට සන්ධි කරයි, ශක්තිය වඩයි හෘදයාබාධ, ලේ මදිකම, විෂ, මේදය වැඩිකම, රුධිර දෝෂ, වණ හා මුත්‍ර අඩස්සිය යනාදිය සුවපත් කරයි. පිපාසය සමනය කරයි. එහෙත් වාතය කුපිත කරයි. ආයුර්වේදයේදීත් දේශීය වෙදකමේදීත් කෂාය, පත්තු, මැල්ලුම් හා ආලේප රැසකට කුඹුක් පොතු හා මුල් භාවිතා වෙයි.

පැරැන්නන් විසින් කුඹුක් ගසෙන් ගත් ප්‍රයෝජන.....

කුඹුක් පොත්තෙන් ලබා ගන්න අළු ගර්භනී මව්වරුන්ට සාම්ප්‍රදායික ඖෂධයක් වශයෙන් ලබා දීම.( වර්ථමානයේදී ගර්භනී මව්වරුන් ට කැල්සියම් පෙති ලබාදීමෙන් බලාපොරොත්තු වන කලලයේ වර්ධනය මෙමඟින් ඉටුකරගෙන ඇත)

කුඹුක් පොතු කුඩු කර ලේ ගලන තුවාල වලට තැබීමෙන් සුව කර තිබෙන අතර, සමේ ඇතිවන රෝග සඳහාද ඖෂධයක් වශයෙන් භාවිතා කර ඇත.

කුඹුක් පොතු හීනියට කුඩු කර දත් මැදීමෙන් දත් දිරා යාම වළක්වා දත් ශක්තිමත් කර ගැනීම සිදු කර ඇත.

මුඛයේ ඇතිවන ආසාදනයන් සඳහා කුඹුක් පොතු තැම්බු වතුරෙන් කට සෝදා ගැනීම කර ඇත.

 ඓතිහාසිකව ගත්තොත්.....

අලව්ව, පරමාවුල්ල අම්බලම අසල පිහිටි ඓතිහාසික ගැට කුඹුක්‌ ගස දුර්ලභ ගණයෙහි ශාකයක්‌ ලෙස මධ්‍යම පරිසර අධිකාරියෙන් නම්කර තිබේ. මෙම ශාකය ක්‍රි. ව. 1200-1300 සමයේ III විජයබාහු රජු විසින් ඉදිකරවන ලද වැවේ බැම්මෙහි මෙම කුඹුක්‌ ගස පිහිටි බව සැලකේ.

අටවිසි බුදුවරුන් අතරින් යසවන්න රජු හා යශෝධරා දේවිය මවුපියන් වු අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ මාසයක් පමණ කෙටිකලක් දුෂ්කර ක්රියා කොට කුඹුක් ගස සෙවණේදී බුදු බවට පත්වූ බව සාසන ඉතිහාසයෙහි වේ....

කූඹුක් භාවිතයෙන් සුව කරගත හැකි ලෙඩ රෝග 10 ක්....

කුකුභ යන නමින් හදුන්වනු ලබන කුඹුක් ශාකය ආයුර්වේද ප්‍රතිකර්ම කිරීමේදී බහුලව භාවිතා කරන ඖෂධයකි. දේශීය ශාකයක් වන මෙම ශාකය ආයුර්වේදය තුළ අර්ජුන නමින් හදුන්වයි. එනම් Combretacea උද්භිද කුලයට අයත් කුඹුක් ශාකය මීටර් 25ක් පමණ උසට වැඩෙන සුදු හෝ රෝස පැහැයෙන් යුතු පොතු පතුරු මෙන් ගැලවී යන කඳක් සහිත ශාකයකි. මෙහි පත්‍ර සරල සම්මුඛව හෝ උප සම්මුඛව පිහිටා ඇති අතර පත්‍ර හැඩය ආයත සිට අණ්ඩාකාර ලන්සාකාරවේ. සංයුක්ත ඒකාක්ෂ  පුෂ්ප මංජරියේ හටගනු ලබන මල් වෘන්ත රහිත  කොළ හෝ කහ පැහැති මල්වේ.අෂ්ටලයක් වූ ඵලය නොපැලෙන සුළුය. තනි දුඹුරු පැහැති බීජයක් එම ඵලය තුළ අඩංගුවේ.

කුඹුක් ශාකයේ ඖෂධීය ගුණ...

පණු රෝගයට අධි රුධිර පීඩනයට වණ සමනයට පෙනහලු රෝග වලට විදුරුමසින් ලේ ගැලීමට පාණ්ඩුවට සුදු කබර රෝගයට දියවැඩියාව ඉදමුමටහෘද රෝගවලට රක්ත අතීසාරයට  රක්ත අර්ශස් රෝගයට

මේ ආදී වූ නොයෙක් රෝග සමනය කිරීමට ආයුර්වේදයේදී කුඹුක් ශාකයේ සුඹුළු ,ගෙඩි, කුඹුක් කොළ, කුඹුක් පොතු, බහුලව භාවිතා කරයි. යම් ප්‍රතිකාරයකට කුඹුක් ශාකයේ පොතු භාවිතා කරන විට රතු හෝ රෝස පැහැ වූ මේරූ  පොතු භාවිතා කළ යුතු බව දේශීය වෛද්‍යවරු සඳහන් කර තිබේ.

 කුඹුක් ශාකයේ ඖෂධීය භාවිතය...

පපුවේ දැවිල්ල සමනයට-බොහෝ දෙනෙකුට පවතින පපුවේ දැවිල්ල වැනි රෝග තත්ත්වයකදී කුඹුක් ශාකය භාවිතා කරමින් එම රෝග තත්ත්වය සඳහා ප්‍රතිකාර කළ හැකිය. එනම් කුඹුක් පොතු චූර්ණය පාවට්ටා කොල යුෂවල රැයක්  බහා තබා පසුදින උදෑසන අඹරා ගිතෙල් සමග ආහාරයට ගැනීම මගින් පපුවේ දැවිල්ල සමනය කරගත හැකිය. ඊට අමතරව මෙම ඖෂධය ක්ෂය රෝගයට ,රක්ත පිත්ත වැනි රෝග තත්ත්වයන්ට ද ගුණදායකය.

ශුක්‍ර මේහයට, සහ ශ්වේත ප්‍රදරයට-ශුක්‍ර මේහයට මෙන්ම කාන්තාවන්ට වැළඳෙන සුදයාමේ රෝග තත්ත්වයට කුඹුක් ශාකය ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය එනම් කුඹුක් පොතු සුදු හඳුන් සමව ගෙන කෂාය කර පානය කිරීම මගින් එම රෝගයන්ට සහනය සලසා ගත හැකිය.

මීට අමතරව අමතරව ඉරුවාරදයට චර්ම රෝග වලට ශරීර ශක්තිය වර්ධනය කිරීමට කුඹුක් පොතු කෂාය කර පානය කිරීම යෝග්‍යවේ.

වන සමනය කිරීමට.වණ සමනය කිරීම සඳහා ආයුර්වේදයේ බොහෝ ඖෂධ භාවිතා කරන අතර කුඹුක් ශාකය ද වණ සමනය කිරීමට යොදා ගත හැකිය. එනම් කුඹුක් කොළ තම්බා වන සේදීම සහ කුඹුක් ගෙඩි තම්බා අඹරා වනය මත ගැල්වීම හා කුඹුක් කොලයකින් වණය වසා තැබීම මගින් වණය ඉක්මනින් සුව කරගත හැකිය.

රක්ත අතීසාරය සමනයට-රක්ත අතීසාරය සමනය කිරීම සඳහා කුඹුක් පොතු කිරි කෂාය කර පානය කිරීම ගුණදායක බව ආයුර්වේදයේ සඳහන්වේ.

ශරීරගත ඉදිමුම් සමනය කිරීමට.ශරීරගත ඉදිමුම් සමනය කිරීමට කුඹුක් මල් අබරා එම ප්‍රලේපය එම ස්ථානවල ආලේප කිරීම මගින් ඉදමුම් සමනය කරගත හැකිය.

දන්ත රෝග සුව කරයි.විදුරුමස්වලින් ලේ ගැලීම, දත් කැක්කුම වැනි රෝග සඳහා  කුඹුක් සුඹුළු කුඩු කර දත් මැදීම මගින් එම රෝග සුවකර ගත හැකිය.

කුරුලෑ සමනය කරයි.බොහෝ තරුණ තරුණියන්ට පීඩා ගෙන දෙන කුරුලෑ රෝග සමනය කිරීම සඳහා කුඹුක් පොතු කුඹුක් ශාකය ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් කුඹුක් පොතු මී පැණියෙන් ගලගා කුරුලෑ ඇති ස්ථානවල ආලේප කිරීමෙන් කුරුලෑ සමනය කරගත හැකිය.

පිළිකා සෛල විනාශ කරයි.මාරාන්තික රෝගයක් වන පිළිකා රෝගය ඇතිවීමට හේතුවන පිළිකා සෛල විනාශ කිරීමට කුඹුක් උපකාර වන බව කරන ලද නවතම පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. එනම් ඒ සඳහා කුඹුක් පොතු කඳේ සංඝටක සහ පොතුවල සංඝටක මේ සඳහා හේතුවේ.

යටි පතුල් පැලීම සමනය කරයිශරීරයේ උෂ්ණාධික බව හේතුවෙන් යටි පතුල් පැලීම ඇතිවේ. මේ සඳහා ඖෂධයක් ලෙස කුඹුක් ශාකයේ පොතු කුඩු කර කෝපි මෙන් පානය කිරීම ගුණදායකවේ.

මල බද්ධය සමනය කරයි.බොහෝ දෙනෙකුට බහුලව ඇතිවන මලබද්ධය වැනි රෝග තත්ත්වයන් සඳහා ද කුඹුක් ගුණදායකය. එනම් කුඹුක් දලු මැල්ලුමක් ලෙස සකසා ආහාරයට ගැනීම මගින් මල බද්ධය සමනය කරගත හැකිය.

මීට අමතරව දැව නිෂ්පාදන සිදු කිරීම සඳහා මෙන්ම බොහොමයක් ග්‍රාමීය ප්‍රදේශවල ජලය සිසිල් කර ගැනීම සඳහා මෙන්ම ජලය පිරිසිදු කර ගැනීම සඳහා කුඹුක් ශාකය ළිං ආශ්‍රිතව සිටුවා තැබීම සිදු කරයි. එමෙන්ම කුඹුක් ගසක් ළග ඇති ජලය ස්නානය කිරීමෙන් ශරීරය සිසිල් කර ගත හැකි බව ද බොහෝ ජනයාගේ විශ්වාසයයි...

උපුටාගැණීම අන්තර්ජාලය ඇසුරෙනි.....

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.