විශිෂ්ට සිනමාකරුවන්ටත්, කැමරා අධ්‍යක්ෂකවරුන්ටත් නැතුවම බැරිවූ හෙළ සිනමාවේ සැඟවුනු මිනිසා.. - පාලිත මැදිවක
සිංහල සිනමාවේ පෝෂණය සඳහා දායක වූ ඇතැම් පිරිසක් රිදි තිරය මත පෙනුණේ නොපෙනුනා සේම සිනමාව ගැන අලුතෙන් සිතා අලුත් නිර්මාණ කළ එබඳු අපූරු මිනිසුන් ගැන වැඩිපුර ලියැවුනේද නැත. පාලිත මැදිවක ද එබන්දෙකි.
මේ අපූරු නිර්මාණකරුවා පසුගියදා එනම් 2026 මැයි මස 10 වැනි දින සිය 91 වැනි ජන්ම දිනයේදීම අප අතරින් සදහටම නික්ම ගියේය. ඔහුගේ අවසන් කටයුතු පසුගිය 13 වැනි දා බලගල්ලේ දී සිදුකෙරිණ.
මේ සටහන ඔහු වෙනුවෙනි,
පාලිත ඩබ්ලිව්. මැදිවක ගැන බොහෝ දෙනා නොදන්නවා මෙන්ම ඔහු ප්‍රචාරයට කැමැතිවූයේ ද නැති බව බොහෝ දෙනෙකු පවසති.
මෙයට දශක දෙකකට පමණ ඉහත මෙරට චිත්‍රපට තැනූ බොහෝ විශිෂ්ට සිනමාකරුවන්ටත්, විශේෂයෙන් කැමරා අධ්‍යක්ෂකවරුන්ටත් ඔහු නැතිවම බැරි වූයේ ඔහු විසින් ගොඩ නගන ලද සම්පන් ෆිල්ම් ඉක්වියුප්මන්ට් හෙවත් සම්පන් සිනමා කාර්මික ආයතනය හේතුවෙන්ය.
එකල සම්පන් යුනිට් එක නමින් ක්ෂත්‍රයේ පතලව තිබුණු එම ආයතනය හුදෙක් චිත්‍රපට කැමරා හෝ ආලෝක උපකරණ සේවා සැපයූ ආයතනයකට වඩා පතලව තිබුණේ නිර්මාණ ශිල්පි මිනිසෙකුගේ පරිකල්පනා ශක්තිය හේතුවෙන්ය. පාලිත ඩබ්ලිව්. මැදිවක වෘත්තියෙන් ඉංජිනේරුවෙකි. ඔහු අලුත් නිර්මාණ තැනූ ඉංජිනේරුවෙකි.
ඔහු සතු බොහෝ උපකරණ ඔහු විසින්ම සිය න්‍යාත්මක දැනුම ප්‍රායෝගිකව භාවිතයෙන් ගොඩ නැගූ ඒ්වා විය. අද මෙන් ඩ්‍රෝන භාවිත කොට රූප ගත නොකරන ඒ දවස රූප ගත කිරිම් උදෙසා යොදා ගත් කැමරා දොඹකරය විදෙස් රටකින් ආනයනය කළේ නම් එය විශාල මුදලක් වැය වන එකකි. එහෙත් පාලිත එය සිය දැනුමෙන් ගොඩ නැංවූයේය. එය කෙතරම් ශක්තිමත් හා සිනමාකරණයේදී විශිෂ්ට නිර්මාණයක් වී ද යත් මෙරට විශිෂ්ට සිනමා කැමරා අධ්‍යක්ෂවරුන් පමණක් නොව මෙරට ජාත්‍යන්තර චිත්‍රපට නිෂ්පාදනයේදී ද එතෙරින් ආනයන නොකොට එම දොඹකරයම යොදා ගැණින. ස්ටීවන් ස්පිල්බර්ග් විසින් නිර්මාණය කරන ලද ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම් චිත්‍රපටය ඒ් අතරින් එකකි. මෙරට නිර්මාණය කළ දැවැන්ත චිත්‍රපටයක් වූ එය සඳහා අවශ්‍ය දොඹකර එතෙරින් ආනයනය කළ හැකි වුවත් සම්පන් දොඹකරයේ ක්‍රියාකාරිත්වය සුද්දන් මවිත කරවන එකක් විය.
(තොරතුරු අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..