News Category
From Date
To Date
Maximum Number of Result

සාගින්න විසින් මරාදැමූ ‘අනන්තය දැන සිටි මිනිසා‘ - මහා ගණිතඥ ශ්‍රීනිවාස රාමනුජන්

Dec 24, 2023 at 11:45 AM
|

ඔහු ජීවත් වුණේ අවුරුදු 32 ක් පමණි. නමුත් ඒ කෙටි ජීවිත කාලය තුළ ශ්‍රීනිවාස රාමනුජන් ගණිත රාජධානියට නව මුහුණුවරක් ලබාදුන්නේය. වසර 3 ක් ඇතුළත, 20 වන සියවසේ ගණිතයේ අනාගත හැඩය තීරණය කළ පර්යේෂණ පත්‍රිකා 30කට වඩා එළිදැක්වීය. ඔහු අති විශිෂ්ටයෙකි. ඇස්ට්‍රොෆිසික්ස් හෙවත් තාරකා භෞතික විද්‍යාව පවා ඔහු ප්‍රගුණ කර සිටියේය.

අත්‍යන්ත දුගී බවෙන් වෙළී ඔහු උපන්නේ තමිල්නාඩුවේ ය. අද අප දකින තමිල්නාඩුවට වඩා එදා ඔහු උපත ලද 1887 දෙසැම්බර් 22 වැනිදා තමිල්නාඩුව කෙසේ පවතින්නට ඇත්දැයි සිතන්න. ඔහු උපන් මිත්තණියගේ පැල්පත පිහිටා තිබුණේ අද චෙන්නායි යැයි කියන මදුරාසියටත් හැතැක්ම 400 ක් එපිටිනි. එය මිහිපිට අපායක් බඳු විය. පැල්පත් නිවාස වටා තිබූ දිය අගල්වල වැසි දිනයට මළපහ කැබලි පාවෙමින් තිබුණේය.

ඔහුගේ වයස අවුරුද්දක් වන විට ඔවුන් කුම්බකෝනම් නගරය වෙත ආහ. එහි සිට මදුරාසියට ඇති දුර, කලින් තැනට වඩා බාගයකින් අඩු විය. ඔහුගේ පියා රෙදි සාප්පුවක ගණන් තබන්නෙකි. නමුත් ඒ නිවස වටා තිබූ දිය අගල්වලත් වැසි දිනයට මළපහ කැබලි පා වුණේය.

ළමා කාලයේදී කිසිදාක විධිමත් ලෙස පාසල් යන්නට ඔහුට බැරි විය. ඔහු ටික කලක් කුම්බකෝනම් ප්‍රාථමික විදුහලට ගියේය. ඉන්පසු නගරයේ උසස් පාසලට ගියේය. දුප්පත්කම නිසා පාසල් යැවුණේ කඩින් කඩ ය. අතිශය නිහඬ සහ කරන්නට සිතාගෙන සිටින්නේ කුමක්දැයි කිව නොහැකි දරුවෙකු ලෙස ඔහු කල් ගත කළේය.

කුම්බකෝනම් හි දේවාලයකට ගොස් සිටියදී ඔහුට ජීවත් වීමට අරමුණක් හටගත්තේය.... ඔහුගේ සිතේ ගණිතයට ආශාවක් ඇති විය. ඔව්.. වළක්වා ගත නොහැකි ලලාසාවක්..!

අවසානයේ අවුරුදු 13 ක පාසල් දරුවෙකු වශයෙන් ශ්‍රීනිවාස තමන්ගේම ගණිත ක්‍රම අත්හදා බලමින් සිටියේය. අංක විද්‍යා ඥානය ඔහුට උපතින් පිහිටි දෙයක්ද නැතිනම් දෙවියන් දුන් වරමක්දැයි කිසිවෙක් නොදනිති.

උසස් පාසලේදී ඔහුට ජී.එස්. කාර් විසින් රචිත Synopsis of elementary results in pure mathematics -ශුද්ධ ගණිතයේ මූලික ප්‍රතිඵල සාරාංශය නමැති පොත හමුවුණේය. එය ලියැවී තිබුණේ ඉතා ලුහුඬු සහ සරල බසකිනි. ඔහු එයින් මන්මත් විය. තමන්ටම ගණිතය උගන්වා ගැනීම ඔහු ආරම්භ කළේය. ඉන්පසු සංකීර්ණ ගණිත සමීකරණ සොයාගැනීම ඇරඹුවේය. ගණිතයේ පමණක් නොව පාසලේ සෑම විෂයකම දක්ෂතා දැක්වූ ඔහු, 1904 වසරේදී ශිෂ්‍යත්වයක් ලබා කුම්බකෝනම් රජයේ විදුහලට ඇතුළත් විය.

ඒ ශිෂ්‍යත්වය ඔහුට ලැබුණේ පළමු වසරේදී පමණි. එයට හේතුව බලධාරීන්ගේ වරදක් නොවේ. කොලුවා ගණන් පමණක් සාදන, ගණිතයට ඇබ්බැහි වූවෙකු බවට පත්ව සිටියේය. මුදල් අසීරුකම් ඇති විය. එවිට දෙමාපියන්ටත් නොකියා ඔහු මදුරාසියට හැතැක්ම 650 ක් දුරින් පිහිටි විසාගපට්නම් නගරය වෙත පළා ගියේය. ටික කලක් ජීවත් වෙමින් ගණන්ම සෑදුවේය. ඊළඟ වසරේදී මුදල් ටිකක් ද සොයාගෙන මදුරාසියට ගොස් පාචායියප්පා විදුහලට ඇතුළත් විය. මදුරාසි සරසවියට ඇතුළත් වීමට සිහින මැවූ නමුත්, සුපුරුදු පරිදි ගණිතය හැර සෙසු සියලු කලා විෂයන් අසමත් විය.

ශ්‍රීනිවාස රාමනුජන් අසනීප වන්නට පටන් ගෙන තිබුණේය. 1908 වසරේදී ඔහු බරපතළ ලෙස රෝගාතුර වී සැත්කමකට ද මුහුණ දුන්නේය. ඔහුට ගෙදර යන්නට සිදුවිය.

ගෙදර ගිය විට ඔහුගේ අම්මා කළේ ළමා විවාහ අති බහුල වී තිබූ ඒ කාලයේ ඕනෑම කුම්බකෝනම් ගැහැණියක කරන දෙයයි. අවුරුදු 10 ක කුඩා දැරියක වූ එස්. ජානකී අම්මාල් ව ඔහුට සරණ පාවා දීම සිදුවිය. අවුරුදු 2 ක් යන තෙක් ශ්‍රීනිවාස ඇය දෙස බැලුවේ පවා නැත.

පසුව ඔහු විනෝදයට මෙන් Journal of the Indian Mathematical Society හි පළ වූ ගණිත ගැටළු විසඳන්නට පටන් ගත්තේය. 1911 වසරේදී බර්නූලි අංක ගැන අති විශිෂ්ට පර්යේෂණ පත්‍රිකාවක් එළි දැක්වූයේය. ඔහුගේ දෛවය පාර සොයාගෙන තිබිණි. ඉන්දියානු ගණිත සංගමයට ඔහු ගැන ඉව වැටුණේය. පිළිගැනීම ලැබෙන්නට පටන් ගත්තේය. මදුරාසියේදී කොලුවාට ‘ගණං කාරයෙකු‘ ලෙස ගෞරවය ලැබෙන්නට පටන් ගත්තේය. ඒ වසරේදීම ඔහු මේ ගණිත සංගමයේ නිර්මාතෘවරයා සොයායන්නේ රැකියාවක් සඳහා උපදෙසක් පතමිනි. ඒ අනුව මදුරාසියේ ගිණුම් මහලේකම් කාර්යාලයේ තාවකාලික රස්සාවක් ඔහු සොයාගත්තේය.

ඉන්දියාවේ ගණිත සමාජයේ නිර්මාතෘවරයා වන්නේ රාමචන්ද්‍ර රාඕ ය. ඔහු මෙසේ ලියයි..

‘‘අසෝබන, මිටි, මහත, රැවුල නොකැපූ, ඒ මදිවාට අපිරිසිදු, අති දීප්තිමත් ඇස් ඇති ගැටවරයෙක් ගෙවීගිය සටහන් පොතක් කිහිල්ලේ ගසාගෙන මා හමුවට ආවේය. ඔහු කාලකණ්නි දුප්පත්කමකින් පෙළෙමින් සිටියේය... සිය අතේ තිබුණු පොත පෙරළා තමන් විසින් සිදුකළ සොයාගැනීම් ඔහු මට විස්තර කරන්නට පටන් ගත්තේය. මම මොහොතකට ගොළුවුණා.. අමුත්තක් තිබෙනවා.. නමුත් ඔහු කියවන්නේ ඇත්තද, නැතිනම් විකාරදැයි අසන්නට මගේ දැනුම මට ඉඩ දුන්නේ නැහැ.. .. ඔහුට උවමනා මොනවාදැයි මම ඇසුවා.. ඔහුට උවමනා කර තිබුණේ තුට්ටු දෙකක රස්සාවක්.. ඒක ලැබුණොත් මේ ගණිත වැඩ පර්යේෂණ දිගටම කරගෙන යා හැකි බව ඔහු පැවසුවා...‘‘

A short uncouth figure, stout, unshaven, not over clean, with one conspicuous feature-shining eyes- walked in with a frayed notebook under his arm. He was miserably poor. ... He opened his book and began to explain some of his discoveries....

පිස්සෙක්ද? ප්‍රාඥයෙක්ද?

ටික කලකින් මදුරාසි වරායේ භාර කාර්යාලයේ ලිපිකරු රැකියාවක් ද ශ්‍රීනිවාස හට ලැබුණේය. එහි කළමනාකරු වූ එස්.එන්. අයියර් ගේ මනුෂ්‍යත්වයේ දෑත ඔහු වෙත යොමුවිය. කේම්බ්‍රිජ් සරසවියේ ට්‍රිනිටි කොලෙජ් හි සිටි ප්‍රකට ඉංග්‍රීසි ගණිතඥයෙකු වූ ජී.එච්. හාඩි වෙත ලිපියක් ලියන ලෙස මේ දුප්පත් මදුරාසි කොලුවාට අදහස දුන්නේ අයියර් ය.

රාමනුජන් මේ ලිපිය ලියන්නේ, තමන් විසින් කළ වැඩවලට සාක්ෂි පිණිස තමන්ම සොයාගත් ගණිත ප්‍රමේයයන් 120 ක් ද අමුණමිනි.

රාමනුජන් යැවූ ලිපිය කේම්බ්‍රිජ් වෙත ලැබුණේය. හාඩි සහ ඔහුගේ සහායක ජේ.ඊ ලිට්ල්වුඩ් ඒ ගැන මෙබඳු අදහසක් දැරුවෝය. ‘‘එක්කෝ පිස්සෙක්.. නැතිනම් මහා ප්‍රාඥයෙක් ..!‘‘ (“crank or a genius.”)

අවසානයේ සුප්‍රසිද්ධ ගණිතඥයා මෙසේ ද නිගමනය කළේය. ‘‘මේ ප්‍රමේයයන් සැබෑවක් විය යුතුයි. මොකද ඒවා සත්‍ය නෙවෙයි නම් කිසිම කෙනෙක් ඒවා හොයාගන්නට හිතන්නේවත් නැහැ...‘‘

දෛවය කණපිටට............

හාඩි, වහාම ශ්‍රීනිවාස රාමනුජන් හට කේම්බ්‍රිජ් සරසවියට ඇරයුම් කළේය. වසර 5 ක වෘත්තීය සබඳතාවක් දෙන්නා අතර හටගත්තේ එසේ ය. ඒ කාලය තුළ ඔවුන් දෙදෙනා එක්ව පර්යේෂණ පත්‍රිකා 30කට වඩා එළිදැක්වූහ. “On certain arithmetical functions” නමින් එළිදැක්වූ පර්යේෂණ පත්‍රිකාව ගණිත ලෝකය සොළවා තැබුවේය. ඔවුන් දෙදෙනා පසුකලෙක හැඳින්වුණේ ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ගණිතඥ සංකලනය වූ ‘ඉයුලර් සහ ජැකෝබි‘ ට සමාන කරමිනි.

කේම්බ්‍රිජ් උපාධිය ලබා.........

අවසානයේදී 1916 දී රාමනුජන්, තමන්ට මදුරාසියේදී ඉටුකරගත නොහැකි සිහිනය කේම්බ්‍රිජ් සරසවියේදී ඉටු කර ගත්තේය. ඒ පර්යේෂණ උපාධියක් වශයෙන් පළමු උපාධිය ලබා ගනිමිනි. එයින් ලන්ඩන් ගණිත සමාජය (London Mathematical Society) ට ඔහුට දොර ඇරුණේය. ඒ හා සමකාලීනවම ඔහු රාජකීය ගණිත සමාජයේ ද ළාබාලතම සාමාජිකයා බවට පත් විය.

මිය ගිය හැටි.......

ලෝකයම ඔහු අබියස තිබුණත් ළමා මන්දපෝෂණය තුළින් උපත ලැබූ ඔහුගේ කායික පිරිහීම ශීත දේශගුණය විසින් ඉක්මන් කර තිබිණි. ඔහුගේ සිරුර නිතර රිදුම් දුන්නේය. අතීසාරයට ගොදුරු විය. අවසානයේ 1917 දී වෛද්‍යවරුන් නිගමනය කරන්නේ කුමක්ද? ඔහු අති දරුණු විටමින් ඌනතාවයකින් විශාල කාලයක් පීඩා විඳ ඇති බවයි....

1919 වසරේදී ඉන්දියාවේ බොම්බේ නගරය බලා අවසාන වතාවට එන විට ඔහු, සිය අධ්‍යයන කටයුතුවලට ගත කරනවාට වඩා වැඩි කාලයක් රෝහල්ගත වීම් සඳහා වැය කරමින් සිටියේය. ඔහු ඉක්මනින් ආපසු එංගලන්තය බලා ආවේය. දුප්පත්කම විසින් ඇති කළ නිදන්ගත දුර්වල කම් විසින් ඔහුව තීව්‍ර ඉරණම් ගමනක් වෙත තල්ලු කරමින් සිටියේය. 1920 අප්‍රේල් මාසයේදී සොයාගැනෙන්නේ ඔහු ආමාශයේ වණ සහ ක්ෂය රෝගයෙන් එකවිට පෙළෙන බවයි....

අවසානයේ තමන්ට ආලෝකයක් පෙන්වූ දුප්පත් නගරය කුම්බකෝනම් වෙත ම යන ශ්‍රීනිවාස රාමනුජන් වයස අවුරුදු 32 දී අවසන් හුස්ම හෙළන විට ක්ෂය රෝගය විසින් පෙණහළු ද අඩපණ කර තිබිණි.

ඒ 20 වන සියවසේදී සෞඛ්‍ය සේවය ලෝකයේ මේ තරම් දියුනු නොවූ නිසා මේ මහා ගණිතඥයා අපට අහිමි වූවා යැයි ඔබට කියන්නට පුළුවන. නමුත්.. සිතා බලන්න. වයස 32 ක් පමණක් ජීවත් වූ, වයස 64 ක් ජීවත් වූවාටත් වඩා මහා වැඩ කොටසක් ලෝකය වෙනුවෙන් කළ මේ විරල - කෙසඟ ප්‍රාඥයා අකාලයේ ගොදුරු කර ගත් නිදන්ගත රෝගය අන් කිසිවක් නොව, අත්‍යන්ත දුප්පත් කමයි.

ඉන්දියානුවෝ දෙසැම්බර් 22 වැනිදා ට යෙදී තිබූ ඔහුගේ ජන්ම දිනය මෙවර ද මහ ඉහළින් සමරති. ඔහු වෙනුවෙන් ගණිත තරග පවත්වති. සමරු ප්‍රදර්ශන පවත්වති. තැපැල් මුද්දර ද නිකුත් කරති. නමුත් මේ ලෝකයට එක් ප්‍රධාන දෙයක් සහමුලින්ම අමතක වී තිබේ. ඔහුගේ ජීවිතය දෝලනය වූ මදුරාසිය, කුම්බකෝනම් සහ ඉන්දියාවේ අදටත් ශ්‍රී නිවාස වැනි දරුවෝ අත්‍යන්ත දුප්පත්කමෙන් සිඟා කති. ශ්‍රීනිවාස රාමනුජන්ලා මේ ලෝකයට අකාලයේ අහිමි කරන දුප්පත්කම, සාගින්න තුරන් කළ හැකි නම්, එය ඔහුට පිදෙන සැබෑ උපහාරයයි.

'The man who knew infinity'

- ‘‘අනන්තය දැන සිටි මිනිසා‘‘.

. මේ අද වන විට ශ්‍රීනිවාස රාමනුජන් හැඳින්වීමට යොදන අන්වර්ථ නාමයයි. ශ්‍රීනිවාස සැබවින්ම අනන්තයන් දෙකක් ගැන දැන සිටියේය.

එකක් නම් ගණිතමය ලෝකයේ අනන්තයයි. අනෙක නම් දුප්පත්කමේ සහ සාගින්නේ අනන්තයයි...

- රදිකා ගුණරත්න | අවුට්බවුන්ඩ් ටුඩේ | www.outboundtoday.com/

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.