News Category
From Date
To Date
Maximum Number of Result

සාගින්න විසින් මරාදැමූ ‘අනන්තය දැන සිටි මිනිසා‘ - මහා ගණිතඥ ශ්‍රීනිවාස රාමනුජන්

Dec 24, 2023 at 11:45 AM
|

ඔහු ජීවත් වුණේ අවුරුදු 32 ක් පමණි. නමුත් ඒ කෙටි ජීවිත කාලය තුළ ශ්‍රීනිවාස රාමනුජන් ගණිත රාජධානියට නව මුහුණුවරක් ලබාදුන්නේය. වසර 3 ක් ඇතුළත, 20 වන සියවසේ ගණිතයේ අනාගත හැඩය තීරණය කළ පර්යේෂණ පත්‍රිකා 30කට වඩා එළිදැක්වීය. ඔහු අති විශිෂ්ටයෙකි. ඇස්ට්‍රොෆිසික්ස් හෙවත් තාරකා භෞතික විද්‍යාව පවා ඔහු ප්‍රගුණ කර සිටියේය.

අත්‍යන්ත දුගී බවෙන් වෙළී ඔහු උපන්නේ තමිල්නාඩුවේ ය. අද අප දකින තමිල්නාඩුවට වඩා එදා ඔහු උපත ලද 1887 දෙසැම්බර් 22 වැනිදා තමිල්නාඩුව කෙසේ පවතින්නට ඇත්දැයි සිතන්න. ඔහු උපන් මිත්තණියගේ පැල්පත පිහිටා තිබුණේ අද චෙන්නායි යැයි කියන මදුරාසියටත් හැතැක්ම 400 ක් එපිටිනි. එය මිහිපිට අපායක් බඳු විය. පැල්පත් නිවාස වටා තිබූ දිය අගල්වල වැසි දිනයට මළපහ කැබලි පාවෙමින් තිබුණේය.

ඔහුගේ වයස අවුරුද්දක් වන විට ඔවුන් කුම්බකෝනම් නගරය වෙත ආහ. එහි සිට මදුරාසියට ඇති දුර, කලින් තැනට වඩා බාගයකින් අඩු විය. ඔහුගේ පියා රෙදි සාප්පුවක ගණන් තබන්නෙකි. නමුත් ඒ නිවස වටා තිබූ දිය අගල්වලත් වැසි දිනයට මළපහ කැබලි පා වුණේය.

ළමා කාලයේදී කිසිදාක විධිමත් ලෙස පාසල් යන්නට ඔහුට බැරි විය. ඔහු ටික කලක් කුම්බකෝනම් ප්‍රාථමික විදුහලට ගියේය. ඉන්පසු නගරයේ උසස් පාසලට ගියේය. දුප්පත්කම නිසා පාසල් යැවුණේ කඩින් කඩ ය. අතිශය නිහඬ සහ කරන්නට සිතාගෙන සිටින්නේ කුමක්දැයි කිව නොහැකි දරුවෙකු ලෙස ඔහු කල් ගත කළේය.

කුම්බකෝනම් හි දේවාලයකට ගොස් සිටියදී ඔහුට ජීවත් වීමට අරමුණක් හටගත්තේය.... ඔහුගේ සිතේ ගණිතයට ආශාවක් ඇති විය. ඔව්.. වළක්වා ගත නොහැකි ලලාසාවක්..!

අවසානයේ අවුරුදු 13 ක පාසල් දරුවෙකු වශයෙන් ශ්‍රීනිවාස තමන්ගේම ගණිත ක්‍රම අත්හදා බලමින් සිටියේය. අංක විද්‍යා ඥානය ඔහුට උපතින් පිහිටි දෙයක්ද නැතිනම් දෙවියන් දුන් වරමක්දැයි කිසිවෙක් නොදනිති.

උසස් පාසලේදී ඔහුට ජී.එස්. කාර් විසින් රචිත Synopsis of elementary results in pure mathematics -ශුද්ධ ගණිතයේ මූලික ප්‍රතිඵල සාරාංශය නමැති පොත හමුවුණේය. එය ලියැවී තිබුණේ ඉතා ලුහුඬු සහ සරල බසකිනි. ඔහු එයින් මන්මත් විය. තමන්ටම ගණිතය උගන්වා ගැනීම ඔහු ආරම්භ කළේය. ඉන්පසු සංකීර්ණ ගණිත සමීකරණ සොයාගැනීම ඇරඹුවේය. ගණිතයේ පමණක් නොව පාසලේ සෑම විෂයකම දක්ෂතා දැක්වූ ඔහු, 1904 වසරේදී ශිෂ්‍යත්වයක් ලබා කුම්බකෝනම් රජයේ විදුහලට ඇතුළත් විය.

ඒ ශිෂ්‍යත්වය ඔහුට ලැබුණේ පළමු වසරේදී පමණි. එයට හේතුව බලධාරීන්ගේ වරදක් නොවේ. කොලුවා ගණන් පමණක් සාදන, ගණිතයට ඇබ්බැහි වූවෙකු බවට පත්ව සිටියේය. මුදල් අසීරුකම් ඇති විය. එවිට දෙමාපියන්ටත් නොකියා ඔහු මදුරාසියට හැතැක්ම 650 ක් දුරින් පිහිටි විසාගපට්නම් නගරය වෙත පළා ගියේය. ටික කලක් ජීවත් වෙමින් ගණන්ම සෑදුවේය. ඊළඟ වසරේදී මුදල් ටිකක් ද සොයාගෙන මදුරාසියට ගොස් පාචායියප්පා විදුහලට ඇතුළත් විය. මදුරාසි සරසවියට ඇතුළත් වීමට සිහින මැවූ නමුත්, සුපුරුදු පරිදි ගණිතය හැර සෙසු සියලු කලා විෂයන් අසමත් විය.

ශ්‍රීනිවාස රාමනුජන් අසනීප වන්නට පටන් ගෙන තිබුණේය. 1908 වසරේදී ඔහු බරපතළ ලෙස රෝගාතුර වී සැත්කමකට ද මුහුණ දුන්නේය. ඔහුට ගෙදර යන්නට සිදුවිය.

ගෙදර ගිය විට ඔහුගේ අම්මා කළේ ළමා විවාහ අති බහුල වී තිබූ ඒ කාලයේ ඕනෑම කුම්බකෝනම් ගැහැණියක කරන දෙයයි. අවුරුදු 10 ක කුඩා දැරියක වූ එස්. ජානකී අම්මාල් ව ඔහුට සරණ පාවා දීම සිදුවිය. අවුරුදු 2 ක් යන තෙක් ශ්‍රීනිවාස ඇය දෙස බැලුවේ පවා නැත.

පසුව ඔහු විනෝදයට මෙන් Journal of the Indian Mathematical Society හි පළ වූ ගණිත ගැටළු විසඳන්නට පටන් ගත්තේය. 1911 වසරේදී බර්නූලි අංක ගැන අති විශිෂ්ට පර්යේෂණ පත්‍රිකාවක් එළි දැක්වූයේය. ඔහුගේ දෛවය පාර සොයාගෙන තිබිණි. ඉන්දියානු ගණිත සංගමයට ඔහු ගැන ඉව වැටුණේය. පිළිගැනීම ලැබෙන්නට පටන් ගත්තේය. මදුරාසියේදී කොලුවාට ‘ගණං කාරයෙකු‘ ලෙස ගෞරවය ලැබෙන්නට පටන් ගත්තේය. ඒ වසරේදීම ඔහු මේ ගණිත සංගමයේ නිර්මාතෘවරයා සොයායන්නේ රැකියාවක් සඳහා උපදෙසක් පතමිනි. ඒ අනුව මදුරාසියේ ගිණුම් මහලේකම් කාර්යාලයේ තාවකාලික රස්සාවක් ඔහු සොයාගත්තේය.

ඉන්දියාවේ ගණිත සමාජයේ නිර්මාතෘවරයා වන්නේ රාමචන්ද්‍ර රාඕ ය. ඔහු මෙසේ ලියයි..

‘‘අසෝබන, මිටි, මහත, රැවුල නොකැපූ, ඒ මදිවාට අපිරිසිදු, අති දීප්තිමත් ඇස් ඇති ගැටවරයෙක් ගෙවීගිය සටහන් පොතක් කිහිල්ලේ ගසාගෙන මා හමුවට ආවේය. ඔහු කාලකණ්නි දුප්පත්කමකින් පෙළෙමින් සිටියේය... සිය අතේ තිබුණු පොත පෙරළා තමන් විසින් සිදුකළ සොයාගැනීම් ඔහු මට විස්තර කරන්නට පටන් ගත්තේය. මම මොහොතකට ගොළුවුණා.. අමුත්තක් තිබෙනවා.. නමුත් ඔහු කියවන්නේ ඇත්තද, නැතිනම් විකාරදැයි අසන්නට මගේ දැනුම මට ඉඩ දුන්නේ නැහැ.. .. ඔහුට උවමනා මොනවාදැයි මම ඇසුවා.. ඔහුට උවමනා කර තිබුණේ තුට්ටු දෙකක රස්සාවක්.. ඒක ලැබුණොත් මේ ගණිත වැඩ පර්යේෂණ දිගටම කරගෙන යා හැකි බව ඔහු පැවසුවා...‘‘

A short uncouth figure, stout, unshaven, not over clean, with one conspicuous feature-shining eyes- walked in with a frayed notebook under his arm. He was miserably poor. ... He opened his book and began to explain some of his discoveries....

පිස්සෙක්ද? ප්‍රාඥයෙක්ද?

ටික කලකින් මදුරාසි වරායේ භාර කාර්යාලයේ ලිපිකරු රැකියාවක් ද ශ්‍රීනිවාස හට ලැබුණේය. එහි කළමනාකරු වූ එස්.එන්. අයියර් ගේ මනුෂ්‍යත්වයේ දෑත ඔහු වෙත යොමුවිය. කේම්බ්‍රිජ් සරසවියේ ට්‍රිනිටි කොලෙජ් හි සිටි ප්‍රකට ඉංග්‍රීසි ගණිතඥයෙකු වූ ජී.එච්. හාඩි වෙත ලිපියක් ලියන ලෙස මේ දුප්පත් මදුරාසි කොලුවාට අදහස දුන්නේ අයියර් ය.

රාමනුජන් මේ ලිපිය ලියන්නේ, තමන් විසින් කළ වැඩවලට සාක්ෂි පිණිස තමන්ම සොයාගත් ගණිත ප්‍රමේයයන් 120 ක් ද අමුණමිනි.

රාමනුජන් යැවූ ලිපිය කේම්බ්‍රිජ් වෙත ලැබුණේය. හාඩි සහ ඔහුගේ සහායක ජේ.ඊ ලිට්ල්වුඩ් ඒ ගැන මෙබඳු අදහසක් දැරුවෝය. ‘‘එක්කෝ පිස්සෙක්.. නැතිනම් මහා ප්‍රාඥයෙක් ..!‘‘ (“crank or a genius.”)

අවසානයේ සුප්‍රසිද්ධ ගණිතඥයා මෙසේ ද නිගමනය කළේය. ‘‘මේ ප්‍රමේයයන් සැබෑවක් විය යුතුයි. මොකද ඒවා සත්‍ය නෙවෙයි නම් කිසිම කෙනෙක් ඒවා හොයාගන්නට හිතන්නේවත් නැහැ...‘‘

දෛවය කණපිටට............

හාඩි, වහාම ශ්‍රීනිවාස රාමනුජන් හට කේම්බ්‍රිජ් සරසවියට ඇරයුම් කළේය. වසර 5 ක වෘත්තීය සබඳතාවක් දෙන්නා අතර හටගත්තේ එසේ ය. ඒ කාලය තුළ ඔවුන් දෙදෙනා එක්ව පර්යේෂණ පත්‍රිකා 30කට වඩා එළිදැක්වූහ. “On certain arithmetical functions” නමින් එළිදැක්වූ පර්යේෂණ පත්‍රිකාව ගණිත ලෝකය සොළවා තැබුවේය. ඔවුන් දෙදෙනා පසුකලෙක හැඳින්වුණේ ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ගණිතඥ සංකලනය වූ ‘ඉයුලර් සහ ජැකෝබි‘ ට සමාන කරමිනි.

කේම්බ්‍රිජ් උපාධිය ලබා.........

අවසානයේදී 1916 දී රාමනුජන්, තමන්ට මදුරාසියේදී ඉටුකරගත නොහැකි සිහිනය කේම්බ්‍රිජ් සරසවියේදී ඉටු කර ගත්තේය. ඒ පර්යේෂණ උපාධියක් වශයෙන් පළමු උපාධිය ලබා ගනිමිනි. එයින් ලන්ඩන් ගණිත සමාජය (London Mathematical Society) ට ඔහුට දොර ඇරුණේය. ඒ හා සමකාලීනවම ඔහු රාජකීය ගණිත සමාජයේ ද ළාබාලතම සාමාජිකයා බවට පත් විය.

මිය ගිය හැටි.......

ලෝකයම ඔහු අබියස තිබුණත් ළමා මන්දපෝෂණය තුළින් උපත ලැබූ ඔහුගේ කායික පිරිහීම ශීත දේශගුණය විසින් ඉක්මන් කර තිබිණි. ඔහුගේ සිරුර නිතර රිදුම් දුන්නේය. අතීසාරයට ගොදුරු විය. අවසානයේ 1917 දී වෛද්‍යවරුන් නිගමනය කරන්නේ කුමක්ද? ඔහු අති දරුණු විටමින් ඌනතාවයකින් විශාල කාලයක් පීඩා විඳ ඇති බවයි....

1919 වසරේදී ඉන්දියාවේ බොම්බේ නගරය බලා අවසාන වතාවට එන විට ඔහු, සිය අධ්‍යයන කටයුතුවලට ගත කරනවාට වඩා වැඩි කාලයක් රෝහල්ගත වීම් සඳහා වැය කරමින් සිටියේය. ඔහු ඉක්මනින් ආපසු එංගලන්තය බලා ආවේය. දුප්පත්කම විසින් ඇති කළ නිදන්ගත දුර්වල කම් විසින් ඔහුව තීව්‍ර ඉරණම් ගමනක් වෙත තල්ලු කරමින් සිටියේය. 1920 අප්‍රේල් මාසයේදී සොයාගැනෙන්නේ ඔහු ආමාශයේ වණ සහ ක්ෂය රෝගයෙන් එකවිට පෙළෙන බවයි....

අවසානයේ තමන්ට ආලෝකයක් පෙන්වූ දුප්පත් නගරය කුම්බකෝනම් වෙත ම යන ශ්‍රීනිවාස රාමනුජන් වයස අවුරුදු 32 දී අවසන් හුස්ම හෙළන විට ක්ෂය රෝගය විසින් පෙණහළු ද අඩපණ කර තිබිණි.

ඒ 20 වන සියවසේදී සෞඛ්‍ය සේවය ලෝකයේ මේ තරම් දියුනු නොවූ නිසා මේ මහා ගණිතඥයා අපට අහිමි වූවා යැයි ඔබට කියන්නට පුළුවන. නමුත්.. සිතා බලන්න. වයස 32 ක් පමණක් ජීවත් වූ, වයස 64 ක් ජීවත් වූවාටත් වඩා මහා වැඩ කොටසක් ලෝකය වෙනුවෙන් කළ මේ විරල - කෙසඟ ප්‍රාඥයා අකාලයේ ගොදුරු කර ගත් නිදන්ගත රෝගය අන් කිසිවක් නොව, අත්‍යන්ත දුප්පත් කමයි.

ඉන්දියානුවෝ දෙසැම්බර් 22 වැනිදා ට යෙදී තිබූ ඔහුගේ ජන්ම දිනය මෙවර ද මහ ඉහළින් සමරති. ඔහු වෙනුවෙන් ගණිත තරග පවත්වති. සමරු ප්‍රදර්ශන පවත්වති. තැපැල් මුද්දර ද නිකුත් කරති. නමුත් මේ ලෝකයට එක් ප්‍රධාන දෙයක් සහමුලින්ම අමතක වී තිබේ. ඔහුගේ ජීවිතය දෝලනය වූ මදුරාසිය, කුම්බකෝනම් සහ ඉන්දියාවේ අදටත් ශ්‍රී නිවාස වැනි දරුවෝ අත්‍යන්ත දුප්පත්කමෙන් සිඟා කති. ශ්‍රීනිවාස රාමනුජන්ලා මේ ලෝකයට අකාලයේ අහිමි කරන දුප්පත්කම, සාගින්න තුරන් කළ හැකි නම්, එය ඔහුට පිදෙන සැබෑ උපහාරයයි.

'The man who knew infinity'

- ‘‘අනන්තය දැන සිටි මිනිසා‘‘.

. මේ අද වන විට ශ්‍රීනිවාස රාමනුජන් හැඳින්වීමට යොදන අන්වර්ථ නාමයයි. ශ්‍රීනිවාස සැබවින්ම අනන්තයන් දෙකක් ගැන දැන සිටියේය.

එකක් නම් ගණිතමය ලෝකයේ අනන්තයයි. අනෙක නම් දුප්පත්කමේ සහ සාගින්නේ අනන්තයයි...

- රදිකා ගුණරත්න | අවුට්බවුන්ඩ් ටුඩේ | www.outboundtoday.com/

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.