මේ පුද්ගලයා ඇත්තටම කවුද කියලා දැනගත්තම ලෝකයම හෙල්ලිලා ගියා..
දුම්රියේ ගමන් කරපු අමුතු පෙනුමක් තියෙන මේ මගියාට තරුණයන් පිරිසක් විහිලු කළා..
හැබැයි මේ පුද්ගලයා ඇත්තටම කවුද කියලා දැනගත්තම ලෝකයම හෙල්ලිලා ගියා..
ඔබේ බැංකු ගිණුමට එක රැයකින් රුපියල් කෝටි 30ක් (ඩොලර් මිලියනයක්) එනවා කියලා. ඔබ මොකද කරන්නේ? ලස්සන ගෙයක් ගනියි, සුපිරි වාහනයක් ගනියි, මුළු ලෝකෙම වටේ රවුමක් ගහලා සැපට ඉන්න බලයි නේද? ඒක තමයි සාමාන්‍ය මනුස්ස ස්වභාවය.
හැබැයි, රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර දුම්රියක, පරණ කබායක් දාගෙන, රැවුල වවාගෙන, හරිම සාමාන්‍ය විදියට යන මේ මිනිහෙක් ඉන්නවා. ඔහු දෙස බලන කෙනෙක්ට හිතෙන්නේ ඔහු තවත් එක අසරණ මනුස්සයෙක් කියලා විතරයි. සමහර තරුණයන් ඔහුගේ පෙනුමට විහිලු කරනවා.. හැබැයි කවුරුවත් දන්නේ නැති උනාට ඔහු තමයි ග්‍රිගරි පෙරෙල්මාන් (Grigori Perelman). ලෝකයේ ජීවත් වන බුද්ධිමත්ම මිනිසා
🛑 ගණිත ලෝකයේ විසඳන්න බැරි මිලේනියම් ප්‍රශ්න (Millennium Prize Problems) කියලා ගැටලු 7ක් තියෙනවා. මේවා විසඳන ඕනෑම කෙනෙක්ට ඇමරිකානු ඩොලර් මිලියනයක තෑග්ගක් දෙනවා කියලා ක්ලේ ගණිත ආයතනය (Clay Mathematics Institute) ප්‍රකාශ කරලා තිබුණා.
මේ අතරින් අමාරුම ප්‍රශ්නයක් තමයි පොයින්කරේ අනුමානය (Poincaré Conjecture). අවුරුදු 100ක් තිස්සේ ලෝකයේ හිටපු දැවැන්තම ගණිතඥයෝ මේක විසඳන්න උත්සාහ කරලා පරාජය වුණා. ගොඩක් අය හිතුවේ මේක කවදාවත් විසඳන්න බැරි වෙයි කියලා.
2002 අවුරුද්දේ දවසක, කිසිම සද්දයක් බද්දයක් නැතුව අන්තර්ජාලයට පර්යේෂණ පත්‍රිකා 3ක් මුදා හැරෙනවා. මේක ලියලා තිබුණේ පෙරෙල්මාන්. ඔහු කිසිම ජර්නල් එකක මේක පළ කළේ නැහැ, කාටවත් කිව්වෙත් නැහැ. හැබැයි මේ පත්‍රිකා කියවපු ලෝකයේ ප්‍රධාන ගණිතඥයන්ගේ ඇස් උඩ ගියා
"දෙවියනේ... අවුරුදු 100ක් තිස්සේ මුළු ලෝකයම හොයපු උත්තරය මේ මිනිහා හොයාගෙන!"
ඔවුන් අවුරුදු දෙකක් තිස්සේ පෙරෙල්මාන්ගේ සමීකරණ පරීක්ෂා කළා. අවසානයේ ඔවුන් නිගමනය කළා: පෙරෙල්මාන් නිවැරදියි! ඔහු ලෝකය මවිත කරමින් Poincaré Conjecture එක විසඳා අවසානයි.
මේ ජයග්‍රහණයත් එක්ක ලෝකයම ඔහු පස්සේ පන්නන්න ගත්තා. 2006 දී ඔහුට ගණිත ලෝකයේ නොබෙල් ත්‍යාගය හා සමාන Fields Medal සම්මානය පිරිනැමුවා. 2010 දී අර කිව්ව ඩොලර් මිලියනයක (රුපියල් කෝටි 30කට අධික) තෑග්ග පිරිනැමුවා.
හැබැයි පෙරෙල්මාන් මොකද කළේ?
ඔහු ඒ හැම සම්මානයක්ම, හැම සතයක්ම ප්‍රතික්ෂේප කළා... මම සත්වෝද්‍යානයක ඉන්න සතෙක් නෙවෙයි ප්‍රදර්ශනය වෙන්න.
මගේ දැනුම මම සල්ලි වලට විකුණන්නේ නැහැ. මට අවශ්‍ය දේ මම හොයාගත්තා මම විශ්වයේ රහස දන්නවා නම්, මම මොකටද ඩොලර් මිලියනයක් පස්සේ දුවන්නේ?
ඔහු කිව්වේ අන්න ඒ වගේ කතාවක්. ඇමරිකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල ඔහුට මහාචාර්ය ධුර දෙන්න ආරාධනා කළා. ඔහු ඒ හැම එකකටම කිව්වේ No කියලා විතරයි.
🏠 අදටත් පෙරෙල්මාන් ජීවත් වෙන්නේ රුසියාවේ හරිම සාමාන්‍ය මහල් නිවාසයක ඔහුගේ වයසක මව එක්ක. ඔහු එළියට බහින්නේ කෑම ටිකක් ගන්න විතරයි. ඔහුට මාධ්‍ය එක්ක කතා කරන්න උවමනාවක් නැහැ. ඔහුට ඕන වුණේ ගණිතය ඇතුළේ තියෙන සත්‍යය සොයාගන්න විතරයි.
අපි ජීවත් වෙන්නේ හැමදේම සෝෂල් මීඩියා වල දාලා, ලයික්ස් හිඟාකන, සල්ලි තියෙනවා නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා හිතන ලෝකයක. හැැබැයි පෙරෙල්මාන් පෙන්නලා දුන්නා "ආත්ම තෘප්තිය" සහ "සත්‍යය" කියන දේ සල්ලි වලට වඩා කොයි තරම් වටිනවද කියලා.
සැබෑ බුද්ධිමතෙක් කියන්නේ තමන්ගේ දැනුම ප්‍රදර්ශනය කරලා පොහොසත් වෙන කෙනෙක්ට නෙවෙයි, තමන්ගේ ප්‍රතිපත්ති වෙනුවෙන් ලෝකයක් වටිනා සම්පත් අත්හැරිය හැකි කෙනෙක්ටයි. 💡🔗👇
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..