News Category
From Date
To Date
Maximum Number of Result

ඔයාගෙත් ළමා කාලයේ මේ පොප් පොප් බෝට්ටු එක්ක බැඳුණු මතක තියෙනවද?..

May 1, 2026 at 07:44 AM
|

ඔබට මතකද පොඩි කාලේ වෙසක් පොසොන් වලට කඩවල් වලට ගියාම අපි කාලෙකට කලින් ගත්ත සෙල්ලම් බඩුවක් තිබුණා. ඒ තමයි යකඩ තහඩු වලින් හදපු, යටින් පොඩි ඉටිපන්දමක්, පොල්තෙල් පහනක් පත්තු කරලා වතුරට දැම්මාම ටක් ටක් ගාලා සද්දයක් කරගෙන ඉස්සරහට යන "පොප් පොප් බෝට්ටුව" (Pop Pop Boat).

ඇත්තම කිව්වොත් අපි ඒ කාලේ මේවා දැක්කේ නිකන්ම නිකන් මැජික් එකක් විදිහට. මේක ඇතුළේ කිසිම මෝටරයක් නෑ, කැරකෙන රෝදයක් නෑ, කිසිම චලනය වෙන කෑල්ලක් නෑ. හැබැයි වතුර ටිකක​ට දාලා, යටින් ගින්දර ටිකක් දුන්නාම මේක කොහොමද මෙච්චර ස්මූත් එකට ඉස්සරහට යන්නේ? අර "පොප් පොප්" සද්දේ එන්නේ කොහෙන්ද? මේක ඇතුළේ වෙන මැජික් එක තේරුම් ගන්න විද්‍යාඥයින් පවා කාලයක් තිස්සේ පර්යේෂණ කළා කිව්වොත් ඔයා විශ්වාස කරනවාද? අපි මේ ලිපියෙන් අපේ ළමා කාලයේ තිබුණ සුන්දරම මතකයක් පිටිපස්සේ හැංගිලා තියෙන ඒ සෙල්ලම් බඩුව වැඩ කරපු හැටි ගැන කතා කරමු. ලෑස්තිද? 

මේ සෙල්ලම් බෝට්ටුව ලෝකෙට ඇවිත් දැන් අවුරුදු 100 කටත් වැඩියි. 1891 දී Thomas Piot කියන ප්‍රංශ ජාතික නව නිපැයුම්කරු තමයි මේක මුලින්ම හොයාගත්තේ.  

අපි ගොඩක් අයට මේක වැඩ කරන විදිහ ගැන අහුවොත් කියන්නේ එකම කතාවක්: "බෝට්ටුව වතුරෙන් තිබ්බාම ඒකෙ තියන පුංචි ටැංකියට වතුර පිරුන​ම, ඉටිපන්දමෙන් ඒ වතුර රත් වෙලා නටන්න ගන්නවා. එතකොට හැදෙන හුමාලය නිසා වතුර ටික පීඩනයෙන් අර බට දෙකෙන් එළියට විදිනවා. ඊටපස්සේ බට ඇතුළේ සීතල නිසා අර හුමාලය ආයෙත් වතුර බවට පත් වෙලා ටැංකිය ඇතුළේ පීඩනය අඩුවෙනවා. එතකොට ආයෙත් එළියෙන් වතුර ටැංකියට ඇදලා ගන්නවා. ආයෙත් ඒ වතුර රත් වෙනවා..."

මේක අහන්න ලස්සන කතාවක් වුණාට මේක සම්පූර්ණයෙන්ම වැරදියි! ❌

ඇයි ඒ?

මේ බෝට්ටුවට වතුර පිරෙද්දි කවදාවත් ඒකේ ටැංකිය සම්පූර්ණයෙන්ම වතුරෙන් පිරෙන්නේ නෑ, අනිවාර්යයෙන්ම හුළං බුබුළක් ඇතුළේ ඉතුරු වෙනවා.

මේ විදිහට වතුර නටලා හුමාලය හැදිලා ආයෙත් වතුර වෙන එක ගොඩක් වෙලා යන වැඩක්. හැබැයි පොප් පොප් බෝට්ටුවක මේ චක්‍රය තත්පරේකට 16 වතාවක් සිද්ධ වෙනවා! (ඒ කියන්නේ තත්පර 0.0625 කින් වතුර එළියට විදලා ආයෙත් ඇතුළට ගන්නවා). මේක හිතාගන්නවත් බැරි තරම් වේගවත්. එහෙනම් ඇත්තටම මොකද වෙන්නේ?

මේකේ ඇත්තම රහස හොයාගන්න විද්‍යාඥයින් වීදුරු වලින් විනිවිද පෙනෙන පොප් පොප් බෝට්ටුවක් හදලා පරීක්ෂා කළා. එතකොට තමයි නියම මැජික් එක එළියට ආවේ! 🧪🚤

මේ බෝට්ටුවට වතුර පිරෙද්දි, ඇතුළේ ටැංකිය ගොඩක්ම පිරෙන්නේ හුළං වලින්. වතුර තියෙන්නේ චූට්ටයි. ඉටිපන්දමෙන් මේ ටැංකිය රත් කරද්දී, ඇතුළේ තියෙන අර හුළං කොට​ස රස්නයට ප්‍රසාරණ​ය වෙන්න ගන්නවා. ඒත් එක්කම අර චූටි වතුර ටිකෙනුත් හුමාලය හැදෙනවා. මේ රස්නේ වායුව ටැංකියේ ඉඳන් අර බට දෙක දිගේ එළියට විහිදෙනවා, ඒත් එක්කම බටේ තියෙන වතුර ටික එළියට තල්ලු වෙනවා.

හැබැයි, මේ රස්නේ වායුව බටේ දිගේ යද්දී, බටේ තියෙන්නේ වතුර ඇතුළෙනේ. ඒ නිසා බටේ මාරම සීතලයි. මේ සීතල බටේට ආපු ගමන් අර හුමාලය එකපාරටම ආයෙත් වතුර බවට පත්වෙනවා. එතකොටම අර ප්‍රසාරණ​ය වෙලා තිබුණ වායු බුබු​ළ එකපාරටම හැකිළෙනවා (Contract/Pressure drops). එතකොට මොකද වෙන්නේ? එළියේ තියෙන වතුර ආයෙත් බටේ දිගේ ඇතුළට ඇදලා ගන්නවා!

වතුර ඇතුළට එද්දී ඒකෙන් අර වායුව ආයෙත් ටැංකිය පැත්තට තද වෙනවා. ටැංකිය රස්නෙයිනේ. ඉතින් ආයෙත් වායුව ලොකු වෙනවා, වතුර එළියට විදිනවා! මේක දිගටම සිද්ධ වෙනවා.

මේ සිද්ධ වෙන දේට විද්‍යාවේදී කියන්නේ Resonant Oscillation (අනුනාද දෝලනය) කියලා. මේක තේරුම් ගන්න අපි සරල උදාහරණයක් ගමු. හිතන්න රබර් පටියක ගැටගහපු බෝලයක් ගැන. ඔයා ඒ බෝලය එකපාරක් පල්ලෙහාට ඇදලා අතෑරියොත් ඒක උඩ පල්ලෙහා යනවා නේද (Oscillate වෙනවා). දැන් ඔයා ඒ බෝලය උඩ පල්ලෙහා යන රිද්මයටම හරියටම ගැලපෙන්න, ඔයාගේ අතින් පොඩි තල්ලුවක් දිගටම දෙනවා නම්, ඒ බෝලය ලොකු වේගයකින් නොනවත්වාම උඩ පල්ලෙහා යනවා. 🎸🔁

පොප් පොප් බෝට්ටුවෙත් වෙන්නේ මේකමයි!

රබර් පටිය තමයි බෝට්ටුව ඇතුළේ තියෙන වායුව. ඒක ඇදෙනවා, හැකිළෙනවා.

බෝලය තමයි බටේ ඇතුළේ එහාට මෙහාට යන වතුර.

ඔයාගේ අතින් දෙන තල්ලුව තමයි ඉටිපන්දමේ රස්නය සහ බටේ තියෙන සීතල.

මේ රස්නය සහ සීතල නිසා අර වායුව නියම රිද්මයට ප්‍රසාරණ​ය වෙනවා, හැකිළෙනවා. මේ නිසා බටේ තියෙන වතුර එක දිගට එළියට විදිනවා, ආයෙත් ඇතුළට ගන්නවා. මේ ඔක්කොම වෙන්නේ තත්පරේකට 16 පාරක් වගේ වේගයකින්!

එතකොට "පොප් පොප්" සද්දේ එන්නේ කොහෙන්ද? ගොඩක් අය හිතන් ඉන්නේ මේ සද්දේ එන්නේ අර බට දෙකෙන් වතුර එළියට විදිනකොට එන සද්දයක් කියලා. නැත්නම් වතුර නටන සද්දයක් කියලා. හැබැයි ඒකත් වැරදියි!  

අර වීදුරු වලින් හදපු බෝට්ටුවේ කිසිම "පොප් පොප්" සද්දයක් ඇහෙන්නේ නෑ. මේ සද්දේ එන්නේ යකඩ වලින් හදපු බෝට්ටුවේ ටැංකියේ උඩින් ගහලා තියෙන තුනී යකඩ තහඩුවෙන්. ටැංකිය ඇතුළේ පීඩනය වැඩිවෙද්දී මේ තහඩුව උඩට ඉස්සෙනවා (Pop!). පීඩනය අඩුවෙලා වතුර ඇතුළට ඇදෙද්දී මේ තහඩුව ආයෙත් පල්ලෙහාට තද වෙනවා (Pop!). මේ තහඩුව තත්පරේකට 16 පාරක් උඩ පල්ලෙහා යද්දී තමයි අර අපි හැමෝම ආස කරපු ටක් ටක් ටක්... සද්දේ ඇහෙන්නේ! (හරියට පරණ ටින් එකක් අතින් තද කරද්දී සද්දේ එනවා වගේ).

එතකො​ට වතුර එළියට විදලා, ආයෙත් ඇතුළට ගන්නවා නම් බෝට්ටුව ඉස්සරහට යන්නේ කොහොමද?  මේක තමයි ලොකුම ප්‍රහේලිකාව. භෞතික විද්‍යාවේ නියමයන්​ට අනුව (Newton's Third Law), වතුර පාරක් පිටිපස්සට විදිනකොට බෝට්ටුව ඉස්සරහට යන්න ඕනේ. හැබැයි අර වතුර ටික ආයෙත් බෝට්ටුව ඇතුළට අදිනකොට බෝට්ටුව ආයෙත් පිටිපස්සට එන්න එපැයි නේද? එහෙනම් මේක එකම තැන එහාට මෙහාට වෙවී තියෙන්න ඕනෙනේ. කොහොමද මේක දිගටම ඉස්සරහට යන්නේ? 

මේකට හේතුව වෙන්නේ වතුර එළියට යන විදිහයි, ඇතුළට එන විදිහයි සම්පූර්ණයෙන්ම වෙනස් වීම!

එළියට විදිනකොට (Expulsion phase): වතුර එළියට යන්නේ බටෙන් කෙලින්ම එකම පැත්තකට විදින තනි වතුර පාරක් (Collimated jet) විදිහට. මේකෙන් බෝට්ටුවට මාරම තල්ලුවක් ලැබෙනවා.

ඇතුළට ඇදගන්නකොට (Suction phase): වතුර බටේට ඇදගන්නේ කෙලින් තියෙන වතුර නෙවෙයි, බටේ කට වටේටම තියෙන හැම පැත්තකින්ම වතුර ටික ටික තමයි ඇතුළට එන්නේ. මේ නිසා බෝට්ටුව පිටිපස්සට අදින බලය ගොඩක් දුර්වලයි.

ඒ වගේම වතුර ඇතුළට ඇදගත්තාම, ඒ වතුර පාර ගිහින් ටැංකිය ඇතුළේ වදිනවා. එතකොට ඒ වදින බලයෙන් ආයෙත් බෝට්ටුව ඉස්සරහට තල්ලු වෙනවා. මේ ඔක්කොම එකතු වුණාම බෝට්ටුව දිගටම ඉස්සරහටම තමයි යන්නේ!

එතකො​ට මේ වගේ කිසිම සෙලවෙන කොටසක් නැති, ලේසියෙන් හදන්න පුළුවන් එන්ජිමක් ඇයි අපි ලොකු නැව් වලට හරි බෝට්ටු වලට හරි පාවිච්චි නොකරන්නේ? 

ඒකට එකම හේතුව තමයි කාර්යක්ෂමතාවය. පොප් පොප් බෝට්ටුවක එන්ජිම මාරම අකාර්යක්ෂමයි. මේකේ කාර්යක්ෂමතාවය 3.5% ක් විතරයි! ඒ කියන්නේ ඔයා දෙන ගින්දර වලින් 96.5% ක්ම අපතේ යනවා. අද තියෙන සාමාන්‍ය නැවක එන්ජිමක් මීට වඩා 10 ගුණයක් විතර කාර්යක්ෂමයි. ඒ නිසා මේක සෙල්ලම් බඩුවකට නියම වුණාට, ඇත්ත ලෝකයේ ප්‍රවාහනයට කොහෙත්ම ගැලපෙන්නේ නෑ.

ඔබ​ටත් කවදහරි මේ සෙල්ලම් බෝට්ටුවක් තිබිලා තියනවද? මේකට ඔයා කිව්ව නම මොකක්ද? පහළින් Comment කරන්න අමතක කරන්න එපා!

අපි පොඩි කාලේ මැජික් එකක් කියලා හිතන් හිටපු ඒ චූටි සෙල්ලම් බෝට්ටුව ඇතුළේ මෙච්චර ලොකු, මෙච්චර ලස්සන භෞතික විද්‍යාවක් හැංගිලා තිබුණා කියලා හිතනකොටත් පුදුමයි නේද? සමහර වෙලාවට ලෝකේ තියෙන සරලම දේවල් ඇතුළේ තමයි විශ්මිතම විද්‍යාව හැංගිලා තියෙන්නේ. 

ඔයාගෙත් ළමා කාලයේ මේ පොප් පොප් බෝට්ටු එක්ක බැඳුණු මතක තියෙනවද? මේ සද්දේ එන්නේ යකඩ තහඩුවෙන් කියලා දැනගත්තාම ඔයාට මොකද හිතුණේ? මේ ලිපියෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තාද? ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහායින් Comment කරන්න. ඒ වගේම මේ ලිපියට Like එකක් දාලා, 90 දශකයේ ළමා කාලය ගත කරපු, විද්‍යාවට ආස ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරන්න අමතක කරන්න එපා! 

- Sulochana Dissanayake

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.