සිදුවූයේ කුමක්ද...? සිදුවන්නේ කුමක්ද...?
සාමාන්‍යයෙන් කුඩු කේස් එකකට හරි බඩු කේස් එකකට හරි සමාජ විරෝධී කේස් එකකට කෙනෙක් මාට්ටු උනාම කවුරු හරි දේශපාලඥයෙක් එක්ක එකට ඉඳලා ගහන ෆොටෝ දාන එක බුකියෙ හරි සුලභ සිදුවීමක්..
ඒ නිසා මම ඒක වැඩිය කෙයාර් කරන්නෙ නෑ.
ඒ නිසා ඔය කටුනායක එයාර්පෝට් එකේදි හාමුදුරුවරු 22 ක් එක්ක තහනම් මත්ද්‍රව්‍ය අහුවෙච්ච එකේ ප්‍රධාන සැකකරු ජාතික ජන බලවේගයට උදව් කරා කියන මේ චායාරූපයත් මම පයිසෙකට මායිම් කරේ නෑ..
මොකද ලංකාවෙ ඕනෑම පුද්ගලයෙක් දේශපාලඥයින් එක්ක ගත්ත ෆොටෝ තියෙනවා
ඒත් ඊයෙ රෑ නිවුස් අහනකොට මගේ ඇස් උඩ ගියා..
මේ රටේ හාමුදුරුනමක් මත්ද්‍රව්‍ය සමග කටුනායක එයාර්පෝට් එකේදි අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙයලු..
මෙච්චර කල් මේ රටේ නීතියක් තිබිලා තියෙනවා බෞද්ධ ස්වාමින්වහන්සේ නමක් රටින් පිට වෙනවා නම් මහහිමිවරුන්ගෙන් අනිවාර්යයෙන්ම අවසර ගත යුතුයි කියලා.
මෙම චීවරධාරීන් පිරිස ඒ අවසරය අරගෙන නෑ..
ඒ ඇයි...?
මහනාහිමිවරුන් ලිඛිත අවසරය ලබා ගැනීමෙ නීතිය මේ රජය ඉවත් කරලා..
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙ කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න කියන්නෙ " එම අවසරය ලබා ගැනීමෙ ක්‍රමවේදය අත්හිටෙව්වෙ කෙටි කාලයකට" කියලා..
දැන් තමයි අවස්ථා සම්බන්ධය ගලපන්න වෙන්නෙ..
හාමුදුරුවරුන් රටෙන් පිටවීමට මහනාහිමිවරුන්ගෙන් ලිඛිත අවසරය ගැනීමෙ නීතිය මේ රජයෙන් තාවකාලිකව ඉවත් කරනවා..
ඒ කාලසීමාව ඇතුලේ හාමුදුරුවරු 22 ක් කුඩු එක්ක එයාර්පෝට් එකේදි මාට්ටු වෙනවා...
ඒ හාමුදුරුවරු කණ්ඩායම මෙහෙයවපු ප්‍රධාන චීවරධාරියා මේ ආණ්ඩුව බලයට පත් කරන්න උදව් කරපු කෙනෙක්...
මේ සියල්ලම එක්තරා කෙටි කාලසීමාවක් ඇතුළත සිද්ධ වෙන්නෙ කොහොමද..?
සිදුවූයේ කුමක්ද...? සිදුවන්නේ කුමක්ද...? තීරණය කිරීම සබුද්ධික ඔබට බාරයි...
- නිලන්ත සත්සර ගමගේ
(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..