සද්ද නැති සුද්දෙ දෙන බද්ද
2024 / 01/ 01 ඉඳන් VAT එක 18% වැඩි කරගෙන tax file එකත් ඇරගෙන බදු ගෙවන අපි උබල ඔක්කොම මේ කතාව කියවන්නම වෙනව.
ඔය VAT එක ගෝඨා ආපු ගමන් අඩු කලා 8% ට එයා බලාපොරොත්තු උනාට පොඩි මිනිහට සත පහක වැඩක් උනේ නෑ. ව්‍යාපාරිකයෝ ගේම ගැහුවා. අන්තිමට ආර්ථික ඝාතකය කියලා අහගෙන ගියා. පස්සෙ රනිල් ලොක්කට IMF එකෙන් ණයක් දෙනවනම් ඕක 18% ගේන්න ඕන කිව්ව. ගෝටට වෙච්ච දේ තමන්ට කරගන්න ඕනේ නැති නිසා ලොක්ක ලෝස් නැතිව ඕක 18% ට ගේනව.
අමතක උනා, VAT 0% තිබ්බ භාණ්ඩ 97කටත් මේක වදිනවා. ෆෝන් , පොත්, ඔය ලයිට් බිල අඩු කරගන්න කියලා හයිකරපු සෝල එකටත් 18% වදිනව. ලයිට් වතුර බිල්, පොල් තෙල් , පෙට්‍රල් ඩීසල් ඔක්කොටොම. දැනට VAT එක ගහලා නැත්තෙ ලැට් එකට විතරයි කියල තමයි සමහරු කියන්නෙ.
මට කියන්න ඕන උනේනම් මෙන්න මේ කතාව ...
* ලංකාවෙ සිමිත සමාගම් 105000 තියෙනව ඒකෙන් බදු ගෙවන්නෙ 30000 විතර. ඒ කියන්නෙ බිස්නස් කරන උන්ගෙන් 25% වත් බදු ගෙවන්නෙ නැහැ. උන්ගෙන් බදු අය කරගන්නෙත් නෑ
* මාසික ආදායම ලක්ෂයට වැඩි නම් බදු ගෙවන්න ඕන. එහෙම ලක්ෂ 88 මේ රටේ ඉන්නව. ඒ උනාට බදු ගෙවන්නෙ ලකශ 15 වගේ.
(කට්ට කාල ඉගනගත්ත දොස්තරල ඉංජිනේරව it field එකේ සහ ඔය විශ්වවිද්‍යාල ආචාර්යවරු , පුද්ගලික ආයතන සේවකයෝ වගේ අය තමයි ඒකත් ගෙවන්නෙ)
* ඔය තමන්ගෙ දේපල Rent කරල ආතල් එකේ මාසෙට ලක්ෂ 5 සිට 10 හොයන උනුත් ඔය ගොඩේ නැහැ. පොල් ඉඩම් තේ ඉඩම් තියාගෙන සැපේ ඉන්න එවුන් ගෙවන්නෙත් නෑ
* අපි ඔය VAT එක දසමෙට ගෙව්වට මහාපරිමාන ව්‍යාපරිකයෝ ඕක ආණ්ඩුවට හරියට ගෙවන්නෙ නැහැ. ඔය බදු උපදේශක කියලා බෝඩ් ගහගෙන ඉන්නේ උන් තමයි බදු හොරකම් කරන්නේ කොහොමද කියලා උන්ට කියලා දෙන්නේ.
කෝටි 400ක් වංචා කරපු දකුණු ආසියාවෙ ලොකුම VAT බදු වංචාකාරය බිහිවෙන්නෙත් ලංකාවන්. උගෙ නම මොහොමඩ් කානිල් අදටත් හොයා ගන්න නැහැ
* කොළඹ නගරයේ විතරක් ෆිල්ම් හෝල් 35 ක් තියෙනව. උබල අපි නයට ෆිල්ම් බලන්නෙ නැහැනෙ. ඒ උනාට උන් කෝටි 35 ක් බදු ගෙවල නැහැ අරගනනෙත් නැහැ
* අරක්කු කම්පැනි 7 වගේ ලංකාවෙ තියෙන්නේ. බිලියන 7 ක් බදු ගෙවල නැහැ. අරගෙනත් නැහැ .මිනිස්සු ණයට බොන්නෙත් නෑ.
* RMVඑකේ උන් වාහන මේ වසරෙ විතරක් 400 ක් හොරෙන් ලියාපදිංචි කරල බදු ගෙවන්නෙ නැහැ
* දේශපාලනික හිතවත් ව්‍යාපාරිකයො බිලියන 700 ක රාජ්‍ය බැංකු දෙකට පොල්ල තියලා.ඒව බොල් ණය කරලා උන්ව නිදහස් කරල තියෙන්නෙ
* හැම අවුරුද්දෙම ආයතන 17 ක් සීනි බදු වංචාව කරනවා. කෝටි 9000 විතර මේ අවුරුද්දෙත් දුන්න ගේම . හාල් , ලූනු , පරිප්පු ඒ ඔක්කොමගෙ එකම කතාව
* කළුගල් මුදලාලිල 93 දෙනෙක් කෝටි 30 ක් බදු ගෙවල නෑ
* බදු දීපු රජයෙ ඉඩම් වලින් කෝටි 24 ක් බදු අරගෙන නැහැ
* වැවිලි සමාගම් හතකින් බදු මුදල් කෝටි 83 ක් අරගෙන නැහැ
* කැසිනෝ ව්‍යාපාරිකයෝ දෙන්නෙක් විතරක් කෝටි 44ක බදු ගෙවලා නෑ. කෝටි 155 දඩ මුදල් එකතුකරල නැහැ
මේව ලියල ඉවරකරන්නත් බැහැ ඒ තරමට මහා පරිමාණ පෝසතුන් සහ නිලධාරීන් දේශපාලකයන් එකතුවෙලා මේ බදු වංචාවල් කරනව. ඉතිං අපි රට හදන්න කියල වේලක් නොකා හරි බද්ද ගෙවන්න වෙනව.
ඉහිං syatem එකක් නැද්ද මේ හොරකමට එරෙහිව කියල හිතුන. බදු එකතු කරන්න ආයතන 42 සම්බන්ද කරන්න බිලියන 8 ක් දීල "රුමිස් කියල පරිගණක" පද්ධතියක් හයි කරනවා. අදටත් ඒකෙන් වැඩක් අරගෙන නැහැ . උබල හිතනවද ඔය වරායෙ, දේශීය ආදායම් එකේ සුරාබදු එකේ උන් ඕක කරන්න දෙයි කියල.
ලෝකෙ මුලින්ම කරන්න මහා ධනවතුන් ගෙන් බදු එකතු කරන එක. අපේ කරන්නෙ බඩගින්නට බඩ ඉරිඟු කන 56,000ක් දරුවො මන්දපෝෂණයෙන් ඉන්න රටක දුප්පත්ම එකාගෙ බත් පතේ ඉදන් බදු ගහන එක.
අන්තිමට කරන එක මුලින් කරලා.
මේ බදු වංචාවන් කරන්නෙ දේශපාලනයට වඩා බලධාරීන් සහ නිලධාරීන්. මුන්ට විරුද්දව නීති සම්මත කරල දඩුවම් දීල ක්‍රියාත්මක වෙන්න පුළුවන් කොන්ද පණ තියෙන නායකයෙක් එක්ක බහුතර බලයක් තියෙන පාර්ලිමේන්තුවක් එනකං අපි උඹලට තව තවත් බදු ගෙවන්න වෙයි.
වැට් එක විතරක් නෙමෙයි ,අපි පෞද්ගලිකව ගෙවපු Payee Tex දැනෙන්න අඩු කරා.
ඒකින් අපි වගේ රැකියා කරන දහස් ගනන්
දෙනා ට ලැබුණේ කියන්න බැරි සහනයක්.
අද දරන්න බැරි විදිහට payee tex වැඩි කරපුවහම කෑගහන ඒ සහනය විඳපු එකෙක්වත් ,
සහනය ලැබුනහම ඒක ගැන හොඳක් කිවුවෙ නැහැ.
හොඳ දේ හොඳ ලෙසත් ,වැරදි දේ වැරදි ලෙසත් අපි දකින්නේ නැති නිසා තමයි මේ හැම දේම.
- මුහුණු පොතෙන් -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්