News Category
From Date
To Date
Maximum Number of Result

ශිෂ්ටාචාරයේ ආවරණ ඉරා දැමූ "නිරුවත් වානරයාගේ" නික්මයාම..

Apr 25, 2026 at 03:03 PM
|

​මිනිසා යනු තවමත් ප්‍රාථමික සහජාසයන්ගෙන් මෙහෙයවෙන සතෙකු බව විද්‍යාත්මකව ඔප්පු කළ විප්ලවීය ප්‍රාඥයා, ඩෙස්මන්ඩ් මොරිස් (Desmond Morris) 2026 අප්‍රේල් 19 වන දින සිය 98 වසරක ජීවන ගමන නිමා කළේය. ඔහු මානව චර්යා විද්‍යාව (Ethology) සහ මනෝවිද්‍යාව යන විෂය පථයන්හි නොමැකෙන සලකුණක් තබා ගිය අයෙකි. සත්ත්ව විද්‍යාඥයෙකු ලෙස සිය ගමන ඇරඹූ ඔහු, සතුන් නිරීක්ෂණය කිරීමට යොදාගත් විධිමත් ක්‍රමවේද මිනිස් වර්ගයා විග්‍රහ කිරීමට යොදා ගැනීමත් සමඟ ලෝක සාහිත්‍යයේ සහ විද්‍යාවේ නව පෙරළියක් ඇති කළේය.

​මෙම අසාමාන්‍ය ජීවන දැක්ම හැඩගැස්වීමට ඔහුගේ ළමා කාලය තීරණාත්මක බලපෑමක් කළේය. 1928 දී එංගලන්තයේ උපත ලැබූ ඔහුගේ පියා හැරී මොරිස්ය. පළමු ලෝක යුද්ධයේදී විෂ වායු ප්‍රහාරයකට ලක්ව පෙනහළු දුර්වල වී සිටි සිය පියා, වසර ගණනාවක් තිස්සේ දෑස් පෙනෙන මානයේ සෙමින් මිය යන ආකාරය කුඩා ඩෙස්මන්ඩ් බලා සිටියේය. මිනිස් සංහතිය එකිනෙකා මරාගැනීමට දක්වන මෙම දරුණු ප්‍රචණ්ඩත්වය පිළිබඳ ඔහු තුළ ඇති වූයේ මහත් කළකිරීමකි.

​මෙම පසුබිම නිසාම ඔහු කුඩා කල සිටම මිනිසුන්ගේ සෘජු සමාජීය ඇසුරට වඩා සතුන්ගේ ලෝකය සහ ස්වභාවධර්මය ගවේෂණයට නැඹුරු විය. ඔහු මිනිස් වර්ගයා දෙස බැලුවේ "සමාජයේ කොටස්කරුවෙකු" ලෙස නොව, පසෙකට වී සතෙකු දෙස බලන විද්‍යාඥයෙකුගේ දුරස්ථ නිරීක්ෂණ ඇසිනි. මොරිස් මිනිසුන් ගැන මෙතරම් නිවැරදිව ලිවීමට සමත් වූයේම, ඔහු තමන්ගේම වර්ගයා දෙස මෙලෙස බාහිරව හිඳ නිරීක්ෂණය කළ නිසාය.

​මොරිස්ගේ ශාස්ත්‍රීය පදනම ඉතා ශක්තිමත් එකකි. බර්මින්හැම් විශ්වවිද්‍යාලයෙන් ප්‍රාණී විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය ලබාගත් ඔහු, පසුව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය වෙත පිවිසියේය. එහිදී නොබෙල් ත්‍යාගලාභී නිකොලාස් ටින්බර්ගන් යටතේ පර්යේෂණ මෙහෙයවූ ඔහු, 1954 දී සතුන්ගේ ප්‍රජනක හැසිරීම් පිළිබඳ සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය. ලන්ඩන් සත්වෝද්‍යානයේ ක්ෂීරපායී අංශයේ භාරකරු ලෙස කටයුතු කරද්දී සහ බීබීසී නාලිකාවේ 'Zoo Time' වැනි වැඩසටහන් ඉදිරිපත් කරද්දී ඔහුට සතුන්ගේ මෙන්ම මිනිසුන්ගේ හැසිරීම් ද ඉතා සමීපව අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබුණි.

​ඔහුගේ චින්තනයේ කේන්ද්‍රස්ථානය වූයේ 1967 දී ප්‍රකාශිත "The Naked Ape" කෘතියයි. එකල ලෝකය මිනිසාව හැඳින්වූයේ දෙවියන්ගේ සුවිශේෂී නිර්මාණයක් ලෙස වුවද, ඔහු එම මතවාදය අභියෝගයට ලක් කරමින් මිනිසාව හැඳින්වූයේ ලොව වෙසෙන වානර විශේෂ 193ක් අතරින් "ලොම් රහිත" එකම වානරයා ලෙසයි. අපේ ආදරය, සටන් කිරීම, ආහාර සෙවීම සහ දරුවන් රැකබලා ගැනීම වැනි සෑම සංකීර්ණ ක්‍රියාවක්ම පිටුපස ඇත්තේ වසර මිලියන ගණනක් පැරණි පරිණාමීය සත්ත්ව අවශ්‍යතා බව ඔහු සාක්ෂි සහිතව පෙන්වා දුන්නේය.

​නූතන නාගරික පරිසරය දෙස බැලූ ඔහු එය හැඳින්වූයේ "The Human Zoo" ලෙසයි. සත්වෝද්‍යානයක කොටු කළ සතුන් පටු ඉඩකඩ සහ අස්වාභාවික පරිසරය නිසා පීඩනයට පත්ව අසාමාන්‍ය ලෙස හැසිරෙන්නා සේම, කොන්ක්‍රීට් වනාන්තර තුළ කොටු වූ මිනිසා ද ප්‍රචණ්ඩත්වය සහ මානසික ආතතිය වැනි චර්යාවන් පෙන්වන ආකාරය ඔහු විග්‍රහ කළේය. වචනවලින් බොරු කීමට මිනිසාට හැකි වුවත්, ශරීරයේ ඉරියව්වලින්  සත්‍යය හෙළිවන ආකාරය ගැන ඔහු ලියූ "Manwatching" කෘතිය අදටත් ලොව පිළිගත් අත්පොතකි.

​විද්‍යාඥයෙකුට අමතරව ඔහු දක්ෂ සර්යලවාදී (Surrealist) චිත්‍ර ශිල්පියෙකු ද විය. සර්යලවාදය යනු තර්කයෙන් ඔබ්බට ගිය, යටිසිතේ පවතින සිහිනමය ලෝකය කලාවට නැගීමයි. මොරිස් සිය චිත්‍ර හරහා ද පෙන්වීමට උත්සාහ කළේ මිනිස් යටිසිතේ සැඟවුණු ප්‍රාථමික සත්ව ස්වරූපයයි. කොන්ගෝ (Congo) නම් චිම්පන්සියාට පින්සලක් ලබා දී ඔහු කළ පර්යේෂණය ලෝකප්‍රකට වූ අතර, එමඟින් තහවුරු කළේ නිර්මාණශීලීත්වය යනු හුදෙක් මිනිසාට පමණක් සීමා වූවක් නොවන බවයි.

​ලාංකේය පාඨකයන් වන අපට ඔහුගේ අගනා දැනුම සමීප වූයේ එස්. එම්. බන්දුසීල මහතාගේ "නිරුවත් වානරයා" සහ "මනුසත් උයන" වැනි  පරිවර්තන හරහාය. සිය 98 වසරක ජීවිතය පුරා ඔහු කළේ අපට අපවම හඳුන්වා දීමයි. තමන් සතෙකු ලෙස හැඳින්වීම පහත් කිරීමක් ලෙස නොසැලකූ ඔහු, මිනිසාට තමන්ගේම සත්ත්ව මූලයන් තේරුම් ගනිමින් වඩාත් සහකම්පනයෙන් යුතු ලෝකයක් ගොඩනගන්නට මඟ පෙන්වීය. ඔහු මෙලොවින් සමුගත්ත ද, ඔහු ඉතිරි කළ ඒ "නිරුවත් සත්‍යය" ලොව පවතින තාක් කල් ඔහු අමරණීය වනු ඇත.

✍️ අනුරුද්ධිකා දිල්රංගි

(සමාජ මාධ්‍යයෙන්)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.