හැකරයා එවු අවසන් පණිවිඩය..
ආචාර්ය හාන්ස් සිය මැක්බුක් තිරය දෙස දෑස් නොපියා බලා සිටියේ ය.
හැකරයා විසින් අවසන් වරට එවන ලද ඊමේලය දෙස ඔහු බලා සිටියේ කිසිදු කලබලයකින් තොරව ය.
“ඩොක්ටර්, මොකද හිතන්නේ?” අනුරගේ හඬින් ආචාර්ය හාන්ස්ගේ කල්පනාව බිඳිනි.
“මම තාම කල්පනා කරනවා,” ආචාර්ය හාන්ස් පැවසුවේ තිරය වෙතින් ඇස් ඉවතට නොගෙන ය.
“මගේ යටතේ තියෙන මුදල් අමාත්‍යාංශය ම හැක් කරලා ඩොලර් මිලියන ගානක් හොරකම් කළා ම කොහොමද ඩොක්ටර් අපි රාජ්‍ය ඩිජිටල්කරණය ගැන කථා කරන්නේ!” අනුරගේ ස්වරය දුක්මුසු ය.
ආචාර්ය හාන්ස් පිළිතුරු දුන්නේ නැත. හැඟීම් සමග මෙවැනි ප්‍රශ්න විසඳීමට නොහැකි බව ඔහු දනී.
හැකරයා විසින් එවන ලද ඊමේලයේ සෑම අකුරක් ම, සෑම විරාම ලකුණක් ම, සෑම ඉලක්කමක් ම විමසිල්ලෙන් බැලූ ආචාර්ය හාන්ස්ට එම ලියමනෙහි කිසියම් සැඟවුණු කේතයක් පෙනෙන්නට විය.
“මට කඩදාසියක් දෙන්න,” හාන්ස් ඉල්ලුවේ සිය කමිස සාක්කුවෙන් පාකර් පෑන අතට ගනිමිනි.
සිය මේසයේ පසෙක තිබෙන ෆොටෝකොපි කඩදාසි ගොන්නෙන් එකක් ගත් අනුර එය සිය ඩිජිටල් උපදේශකයාට දික් කළේ උනන්දුවෙනි.
තිරය දෙස වරින් වර බලමින් කඩදාසිය මත අකුරු ලියන්නට වූ ආචාර්ය හාන්ස් අවසානයේ කට කොනින් සිනහා පෑවේ ය.
“මොකද ඩොක්ටර් හිනා වෙන්නේ?” අනුර ඇසුවේ නොරිස්සුමෙනි.
හැකරයා විසින් එවන ලද අවසාන ඊමේලයේ සඟවා තිබූ පණිවිඩය සොයා ගත් ආචාර්ය හාන්ස් කඩදාසිය අනුර වෙත දිගු කළේ ය.
වෙව්ලන දෑතින් කඩදාසිය අතට ගත් අනුර ආචාර්ය හාන්ස් විසින් පරිවර්තනය කර තිබූ පණිවිඩය කියවූ සැණින් පුටුවෙන් බිමට වැටුණේ ය.
‘“ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” - නිර්මාල් දේවසිරි (2022)’ යනුවෙන් එහි ලියා තිබිණි.
එරන්ද ගිනිගේ
2026 අප්‍රේල් 24
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..