News Category
From Date
To Date
Maximum Number of Result

වැල්ලවායේ වලං පොළොව ගහපු එකේ ඇත්ත කතාව..

Apr 13, 2026 at 08:49 AM
|

මම මගේ ඔෆිස් එක ඉස්සරහ  වාහනය පාක් කරන තැන ඒ මිනිස්සුන්ට දීලා.. මගේ පාඩුවේ ඉන්න වෙලාවේ වැල්ලවායේ  ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ඇවිල්ලා ඒ පවුල් හයට පුදුම කරදරයක් දුන්නේ.  

මේ මිනිස්සු සෑම අවුරුද්දකම මේ ස්ථානය වලංං විකුණනවා ගිය අවුරුද්දෙත් විකුණනවා. ඒ අවස්ථාවත් මම තමයිදුන්නේ මගේ වාහනය අයින් කරලා මම හැමදාම වාහනය ගහන්නේ ඔතන දැන් අවුරුදු දහයක් තිස්සේ ඉතින් මේ කතාව සත්‍ය කතාවක් ඕන කෙනෙකුට ඇවිල්ලා ඒ ස්ථානේ බලන්න පුළුවන් ඒ නිසයි මේ කතාව මේ විදියට දිගහැරුවේ.

සමහර අය සම්පූර්ණ කතාව දන්නැතුව අරහෙන් මෙහෙන් අහුලගෙන ෆේස්බුක් එකේ වියුස් ගන්න දඟලනවා. ඒක කරන්න එපා. සත්‍ය කතා කරන්න බොරු ප්‍රචාරය කරන්න එපා මම මේ කතාවේ මුල ඉඳලා අග වෙනකන් දන්න නිසයි මේ කතාව මේ විදිහට ලියන්න තීරණය කළේ. අවුරුදු ගණනාවක් දන්න නිසා මේ අවුරුද්දේ තමයි ඔය විදියට උනේ ඒකට අසාධාරීන්ට එරෙහිව තමයි මම නැගී සිටියේ.    මම දිගින් දිගටම කතා කරලා කිව්වා ඔය වැඩේ කරන්න එපා කියලා ඒ නිලධාරීන් දැනුවත් කරා. මේ දවස් ටිකේ විතරයි මේ මිනිස්සුන්ට මේ දේ කරගන්න ඉඩ දෙන්න නමුත් මාත් එක්ක එකට එක කියාගත්තු ඒ නිලධාරීන් පසුව වැල්ලවාය ප්‍රාදේශීය  සභාවේ සභාපතිවරයාටත් මම කතා කරා. එතුමාගෙනුත් ඉල්ලීමක් කරා පුලුවන්නම් මේ මිනිස්සු වෙනුවෙන් මේ දවස් ටික දෙන්න කියලා නමුත් සභාපතිතුමා කිව්වේ වෙනත් ස්ථානයක දෙන්නම් ඔතන නම් බැහැ කියලා.  නමුත්   අන්තිමට ඒ මිනිස්සුන්ට යන්න කිව්වේ ටොයිලට් එකක් පැත්තට.  ටොයිලට් එකක් පැත්තේ ඒ වගේ බිස්නස් එකක් වෙන්නෙ නැහැ. ඒක කවුරුත් තේරුම් ගන්න ඕන ඒ අයට දුන්නේ ටොයිලට් එකක් පැත්තලු. ඉතින් බිස්නස් නැතුව ඒ පැත්තේ දාලා මොකටද. ඒ මදිවට රුපියල් 500ක ටිකට් කඩලා.  ඒක කරලා තියෙන්නෙ වැල්ලවායේ  ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්. එහෙම කරලත් මේ මිනිස්සුන්ට ඉන්න දෙන්නැතුව අන්තිමට වැල්ලවායේ  පොලිස් ස්ථානාධිපතිතුමාත් ඇවිල්ලා ඒ මිනිස්සු අයින් කරන්න හදන වෙලාවේ තමයි ඔන්න ඔය සිදුවීම සම්පූර්ණ වුණේ. 

ඊට පස්සේ මම oic මහත්තයටත් මතක් කරලා දුන්නා. මේ වැඩේ කරන්නඑපා මොකද මිනිස්සු මේ දවස්වල කීයක් හරි හොයාගන්න තියෙන චාන්ස් එක නැති කරන්න එපා කාටවත් කරදරයක් නෑ කවුද කියන්නේ මේකේ කරදරයක් වෙලා තියෙනවා කියලා. පේමන්ට් එකේ බඩු දාලා නැහැ. ඒක බොරුවක් ඕනම ඇස් දෙකක් තියෙන කෙනෙකුට පේනවා. බලන්න  oic  මහත්තය මේ මිනිස්සුන්ගෙන් කරදරයක් නැහැ කිසි කෙනෙකුට ඇයි මේ මිනිස්සු ඉවත් කරන්නේ? ඒ නිසා මේ මිනිස්සුන්ට  පාඩුවේ බිස්නස් එක කරගෙන යන්න ඉඩ දෙන්න.     

එහෙම ඇහුවෙත් නැතුව අන්තිමට එතන හිටපු වැඩිහිටි තාත්තා ජිප් එකට දාගෙන ගන්න හදන වෙලාවෙ තමයි නැවතත් ඕවයි සී මහත්තයට මම කිව්වේ සර් වැඩේ ඔහොම කරන්න එපා. ඒක හොඳ නෑ සර්ගේ තනතුරටත්  හොඳ නැහැ. සර් මනුස්සකමින් බලන්න මේක දිහා එතකොට සර්ට උනත්  මේකෙ ඇත්ත නැත්ත නැත්තඒ වෙලාවේ තමයි වයසින් මහත්තයා ඇත්තටම ඒ ගැන හිතලා හිතලා, ඒ මනුස්සයා ජීප් එකෙන් බැස්සලා පාඩුවේ බලන් හිටියේ මොකද වෙන්නේ කියලා. ඔය අතරතුරේ තමයි ඒ වලං ගෙනාපු අය මුට්ටි පොළොවේ ගහලා තමන්ගේ විරෝධය පෑවේ. ඒක ඇත්තටම ලොකු අසාධාරණයක් එතන හිටපු හැමෝම දැක්කා. නමුත් කවුරුත් ඉදිරිපත් වුණේ නෑ කතා කරන්න. ඒ වලං ගෙනාපු කොල්ලා මාත් එක්ක කිව්වා අනේ මහත්තයෝ! මමගෙදර ගෑනිගේ මාලේ උකස් කරලා තමයි මේ වලන් ටික ගෙනාවේ. මම උදේට කාලත් නෑ. අපේ පවුලේ කවුරුත් තාම කාලවත් නැහැ. ඉතින් තාම සල්ලි හොයාගන්න බැරි වුනා. අපෙන් සල්ලි ඉල්ලනවා වැල්ලවායේ  ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ඇවිල්ලා. රුපියල් පන්දාහක් බඳින්නලු. එහෙම වුණොත් අර ටොයිලට් එක පැත්තෙන් දෙන්නම්ලු. ඉතින් මහත්තයෝ එහෙම වැඩක් නැහැ. මෙතන බිස්නස් එක තියෙනවා. ඔයාටවත් කරදරයක් නෑ නේද මහත්තයෝ ඔයාගේ වාහනේ දාගන්න තියෙන තැන නේද මට මේ දුන්නේ. ඉතින් මහත්තයලා නේද අපට එහෙමනම් කචල් දාන්න ඕන. එහෙම කරන්නැතුව මහත්තයලා අපට ඒ අවස්ථාවක් දුන්න ඇයි. මේ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට ඒක තේරෙන්නෙ නැත්තේ ඇයි. ඒ මිනිස්සුන්ට මනුස්සකමක් නැත්තේ ඇයි. සභාපතිතුමාට මනුස්සකමක් තේරෙන්නේ නැත්තේ ඔහොම කියාගෙන කියාගෙන ගියා.  මම එයාගේ පිටට තට්ටුවක් දාලා කිව්ව ගණන් ගන්න එපා. ඔහොම තමයි මිනිස්සුන්ට තැලෙන යකඩ දැක්කට පස්සේ ආචාර්යා පු#ක උඩ දාගෙන තලනවා කියලා. ඒ නිසා කොල්ලෝ ගණන් ගන්න එපා මගේ ඔෆිස් එක ඉස්සරහා ඔය බඩු ටික තියාගන්න තියාගෙන විකුණගන්න. එහෙම කියල    මම සෑම අවුරුද්දකම  අසරණ මිනිස්සු වෙනුවෙන් ආහාර මඩු ලබාදීම කටයුතු කරනවා. මේ සැරේ ඒ විදිහට ආහාර මඩු ලබාදෙන්න කටයුතු කරා  ඔන්න ඔය අතරතුරේ තමයි මට මතක් වුණේ  මේ අයටත් ඒකෙන් කොටසක් දුන්නනම් හොඳයි කියලා ඊට පස්සේ මම ඒ පවුල් හයටම ආහාර මලු ලබා දුන්නා මලු හයක් ඒ පවුල් හයටම දීල කිව්වේ. ඔන්න ඉතින් මට කරන්න පුළුවන් දේ කරා. ඔයාලා ඔය ටික මගේ ඔෆිස් එක ළඟ තියාගෙන  විකුණගන්න වෙන කරන්න දෙයක් නැහැ. එහෙම කියල මගේ යුතුකම ඉටු කරා. ඔන්න ඕක තමයි එදා සිදුවීම ඇත්ත සිදුවීම සමහරක් වෙලාවට සමහරක් අය මේ සැබෑ සිදුවීම දන්නේ නැහැ. ඒ අවස්ථාවට විවිධ කට්ටිය ඇවිල්ලා වීඩියෝ කරාට සම්පූර්ණ කතාව ඕක තමයි. ඕකේ සම්පූර්ණ වීඩියෝ එකත් මා සතුව තියෙනවා. කාටහරි ඕන්නං ඒ වීඩියෝ එකත් දෙන්නම්. මේක තමයි ඇත්තම කතාව.

ආ තව එකක් කියන්න බැරි උනා අර ආපු නිලධාරීන්ට මම කිව්වේ ඔය ඔතන ඒ අය ඉවත් කරනවකරනව නම් ඊට කලින් ගොඩක් ඉවත් කරන්න තැන් තියෙනවා. ඒ නිසා එන්න යන්න මාත් එක්ක පෙන්නන්න කියලා ඒ නිලධාරීන්ට කතා කරාට පස්සේ ඒකටත් එකඟ වුණේ නැහැ. ඔවුන්ට ඕන වුණේ කාගේ හරි කියමනකට අර අහිංසක මිනිස්සු ඉවත් කරන්න. ඒකට මම තරයේ ප්‍රතික්ෂේප කරල එරෙහි වුණා. ඒ නිසා ඒ නිලධාරිනුත් අද මාත් එක්ක අමනාප වෙලා ඉන්නේ ඔන්න ඔය නිසා.  

වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමනි. ඒ වගේම එම නිලධාරී මහත්ම මහත්මියනි මීට වඩා මිනිසුන් ගැන හිතන්න මනුස්සගමින් හිතන්න  අපේ බලය තාවකාලිකයි. අපේ රැකියාව සමහරක්වෙලාවට තාවකාලිකව වෙන්න පුළුවන්. නමුත් මනුස්සකම තාවකාලිකව පාවිච්චි කරන්න එපා මැරෙනකම්ම තමන්ගේ මනුස්සකම තියාගන්න. ඒ මනුස්සකමින් මේ විශ්වය බලාගෙන ඉන්නවා කිරි උතුරන්න ගෙනාපු මුට්ටිය පොළොවේ ගහන්න තරම් ආවේගයක් එනව කොල්ලෝ අතර, මේ කොල්ලා ඉවසුවා ඇති. අන්තිමට මේ කොල්ලන්ගෙන් පිටවුනේ මොකක්ද දන්නවද? මම වස කුප්පියක් බීලා මෙතන මැරෙනව කියල දරාගන්න බැරුව ඒ මනුස්සයා අඬ අඬා කියද්දි මම ළඟට ගිහිල්ල කිවුවා කොල්ලෝ බය වෙන්න එපා. මේ වැඩේ උඹ පුළුවන් විදියට කරගනියි. අවුරුද්දට මේ වෙළඳාම ඔබට සාර්ථක වෙනවා වැඩේ කරගෙන පලයන් ප්‍රශ්නයක් වුණොත් අපි බලා ගන්නම්. ඔහොම කියලා උගේ හිතේ තිබුණු කේන්තිය ටිකක් හරි මග හරින්න ඒ විදියට කිව්වා. 

ඒනිසා ඒ සිදුවීම එතැනින් නිමාව දුටුවත්  මේ වගේ සිද්ධි තවත් නොවන්නට සමාජය වග බලා ගත යුතුයි  ගංජා කුඩු වෙනත් අපරාධ මේ සමාජෙ ඕන තරම් තියනවා. ඒවා අල්ලන්න පොලිසියට පුළුවන් නමුත් මේ වගේ අහිංසක මිනිස්සුන්ගේ බඩට ගහන්න නම් පොලිස් නිලධාර මහත්වරුනි ඒ වැඩේ කරන්න එපා. ඔබටත් දරු පවුලක් ඉන්න වග අමතක කරන්නේ එපා.

දේශපාලඥයන්ගේ වචන වලට ඔබේ කාකි ඇඳුම පාවා දෙන්න එපා. ඔබ හොඳට ඉගෙන ගෙන ඔබ මේ සමාජයට යහපත් විදියට ජීවත් වෙද්දි එක එක දේශපාලඥයන්ගේ ක්‍රියා කලාපයන් වලට වැඩ කරන්න ගිහිල්ලා අන්තිමට ඔබ මිනිස්සු ඉස්සරහ හෑල්ලුවට ලක් කරගන්න එපා අන්තිමට ම්නිසුන්ගේ ගෞරවයද නැති කරගන්න එපා. එවැනි ස්ථානයට එන්න කලින් හොඳට හිතලා බලන්න. මේ ස්ථානයට ගිහිල්ලා මේ වගේ සිදුවීමක් වුණොත් සමාජයට ඔබ මුහුණ දෙන්නේ කොහොමද ඔබේ නිවසට ඔබ මුහුණ දෙන්නේ කොහොමද? ඔබටත් දරුවන්  සිටිනවා නේද? දෙමව්පියන් සිටිනවා නේද? ඔබේ ගෙදරත් ඔබ සතුටින් ජීවත් විය යුතුයි නේද?. මේ සිදුවීම ගැන හිතලා මින් ඉදිරියටවත් හැමෝම හොඳින් වැඩ කරයි කියලා අපි විශ්වාසය තබනවා.

- usp බණ්ඩාර  (මාධ්‍යවේදී)

මුහුණු පොතින් උපුටා ගන්නා ලදී



සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.