News Category
From Date
To Date
Maximum Number of Result

වැල්ලවායේ වලං පොළොව ගහපු එකේ ඇත්ත කතාව..

Apr 13, 2026 at 08:49 AM
|

මම මගේ ඔෆිස් එක ඉස්සරහ  වාහනය පාක් කරන තැන ඒ මිනිස්සුන්ට දීලා.. මගේ පාඩුවේ ඉන්න වෙලාවේ වැල්ලවායේ  ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ඇවිල්ලා ඒ පවුල් හයට පුදුම කරදරයක් දුන්නේ.  

මේ මිනිස්සු සෑම අවුරුද්දකම මේ ස්ථානය වලංං විකුණනවා ගිය අවුරුද්දෙත් විකුණනවා. ඒ අවස්ථාවත් මම තමයිදුන්නේ මගේ වාහනය අයින් කරලා මම හැමදාම වාහනය ගහන්නේ ඔතන දැන් අවුරුදු දහයක් තිස්සේ ඉතින් මේ කතාව සත්‍ය කතාවක් ඕන කෙනෙකුට ඇවිල්ලා ඒ ස්ථානේ බලන්න පුළුවන් ඒ නිසයි මේ කතාව මේ විදියට දිගහැරුවේ.

සමහර අය සම්පූර්ණ කතාව දන්නැතුව අරහෙන් මෙහෙන් අහුලගෙන ෆේස්බුක් එකේ වියුස් ගන්න දඟලනවා. ඒක කරන්න එපා. සත්‍ය කතා කරන්න බොරු ප්‍රචාරය කරන්න එපා මම මේ කතාවේ මුල ඉඳලා අග වෙනකන් දන්න නිසයි මේ කතාව මේ විදිහට ලියන්න තීරණය කළේ. අවුරුදු ගණනාවක් දන්න නිසා මේ අවුරුද්දේ තමයි ඔය විදියට උනේ ඒකට අසාධාරීන්ට එරෙහිව තමයි මම නැගී සිටියේ.    මම දිගින් දිගටම කතා කරලා කිව්වා ඔය වැඩේ කරන්න එපා කියලා ඒ නිලධාරීන් දැනුවත් කරා. මේ දවස් ටිකේ විතරයි මේ මිනිස්සුන්ට මේ දේ කරගන්න ඉඩ දෙන්න නමුත් මාත් එක්ක එකට එක කියාගත්තු ඒ නිලධාරීන් පසුව වැල්ලවාය ප්‍රාදේශීය  සභාවේ සභාපතිවරයාටත් මම කතා කරා. එතුමාගෙනුත් ඉල්ලීමක් කරා පුලුවන්නම් මේ මිනිස්සු වෙනුවෙන් මේ දවස් ටික දෙන්න කියලා නමුත් සභාපතිතුමා කිව්වේ වෙනත් ස්ථානයක දෙන්නම් ඔතන නම් බැහැ කියලා.  නමුත්   අන්තිමට ඒ මිනිස්සුන්ට යන්න කිව්වේ ටොයිලට් එකක් පැත්තට.  ටොයිලට් එකක් පැත්තේ ඒ වගේ බිස්නස් එකක් වෙන්නෙ නැහැ. ඒක කවුරුත් තේරුම් ගන්න ඕන ඒ අයට දුන්නේ ටොයිලට් එකක් පැත්තලු. ඉතින් බිස්නස් නැතුව ඒ පැත්තේ දාලා මොකටද. ඒ මදිවට රුපියල් 500ක ටිකට් කඩලා.  ඒක කරලා තියෙන්නෙ වැල්ලවායේ  ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්. එහෙම කරලත් මේ මිනිස්සුන්ට ඉන්න දෙන්නැතුව අන්තිමට වැල්ලවායේ  පොලිස් ස්ථානාධිපතිතුමාත් ඇවිල්ලා ඒ මිනිස්සු අයින් කරන්න හදන වෙලාවේ තමයි ඔන්න ඔය සිදුවීම සම්පූර්ණ වුණේ. 

ඊට පස්සේ මම oic මහත්තයටත් මතක් කරලා දුන්නා. මේ වැඩේ කරන්නඑපා මොකද මිනිස්සු මේ දවස්වල කීයක් හරි හොයාගන්න තියෙන චාන්ස් එක නැති කරන්න එපා කාටවත් කරදරයක් නෑ කවුද කියන්නේ මේකේ කරදරයක් වෙලා තියෙනවා කියලා. පේමන්ට් එකේ බඩු දාලා නැහැ. ඒක බොරුවක් ඕනම ඇස් දෙකක් තියෙන කෙනෙකුට පේනවා. බලන්න  oic  මහත්තය මේ මිනිස්සුන්ගෙන් කරදරයක් නැහැ කිසි කෙනෙකුට ඇයි මේ මිනිස්සු ඉවත් කරන්නේ? ඒ නිසා මේ මිනිස්සුන්ට  පාඩුවේ බිස්නස් එක කරගෙන යන්න ඉඩ දෙන්න.     

එහෙම ඇහුවෙත් නැතුව අන්තිමට එතන හිටපු වැඩිහිටි තාත්තා ජිප් එකට දාගෙන ගන්න හදන වෙලාවෙ තමයි නැවතත් ඕවයි සී මහත්තයට මම කිව්වේ සර් වැඩේ ඔහොම කරන්න එපා. ඒක හොඳ නෑ සර්ගේ තනතුරටත්  හොඳ නැහැ. සර් මනුස්සකමින් බලන්න මේක දිහා එතකොට සර්ට උනත්  මේකෙ ඇත්ත නැත්ත නැත්තඒ වෙලාවේ තමයි වයසින් මහත්තයා ඇත්තටම ඒ ගැන හිතලා හිතලා, ඒ මනුස්සයා ජීප් එකෙන් බැස්සලා පාඩුවේ බලන් හිටියේ මොකද වෙන්නේ කියලා. ඔය අතරතුරේ තමයි ඒ වලං ගෙනාපු අය මුට්ටි පොළොවේ ගහලා තමන්ගේ විරෝධය පෑවේ. ඒක ඇත්තටම ලොකු අසාධාරණයක් එතන හිටපු හැමෝම දැක්කා. නමුත් කවුරුත් ඉදිරිපත් වුණේ නෑ කතා කරන්න. ඒ වලං ගෙනාපු කොල්ලා මාත් එක්ක කිව්වා අනේ මහත්තයෝ! මමගෙදර ගෑනිගේ මාලේ උකස් කරලා තමයි මේ වලන් ටික ගෙනාවේ. මම උදේට කාලත් නෑ. අපේ පවුලේ කවුරුත් තාම කාලවත් නැහැ. ඉතින් තාම සල්ලි හොයාගන්න බැරි වුනා. අපෙන් සල්ලි ඉල්ලනවා වැල්ලවායේ  ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ඇවිල්ලා. රුපියල් පන්දාහක් බඳින්නලු. එහෙම වුණොත් අර ටොයිලට් එක පැත්තෙන් දෙන්නම්ලු. ඉතින් මහත්තයෝ එහෙම වැඩක් නැහැ. මෙතන බිස්නස් එක තියෙනවා. ඔයාටවත් කරදරයක් නෑ නේද මහත්තයෝ ඔයාගේ වාහනේ දාගන්න තියෙන තැන නේද මට මේ දුන්නේ. ඉතින් මහත්තයලා නේද අපට එහෙමනම් කචල් දාන්න ඕන. එහෙම කරන්නැතුව මහත්තයලා අපට ඒ අවස්ථාවක් දුන්න ඇයි. මේ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට ඒක තේරෙන්නෙ නැත්තේ ඇයි. ඒ මිනිස්සුන්ට මනුස්සකමක් නැත්තේ ඇයි. සභාපතිතුමාට මනුස්සකමක් තේරෙන්නේ නැත්තේ ඔහොම කියාගෙන කියාගෙන ගියා.  මම එයාගේ පිටට තට්ටුවක් දාලා කිව්ව ගණන් ගන්න එපා. ඔහොම තමයි මිනිස්සුන්ට තැලෙන යකඩ දැක්කට පස්සේ ආචාර්යා පු#ක උඩ දාගෙන තලනවා කියලා. ඒ නිසා කොල්ලෝ ගණන් ගන්න එපා මගේ ඔෆිස් එක ඉස්සරහා ඔය බඩු ටික තියාගන්න තියාගෙන විකුණගන්න. එහෙම කියල    මම සෑම අවුරුද්දකම  අසරණ මිනිස්සු වෙනුවෙන් ආහාර මඩු ලබාදීම කටයුතු කරනවා. මේ සැරේ ඒ විදිහට ආහාර මඩු ලබාදෙන්න කටයුතු කරා  ඔන්න ඔය අතරතුරේ තමයි මට මතක් වුණේ  මේ අයටත් ඒකෙන් කොටසක් දුන්නනම් හොඳයි කියලා ඊට පස්සේ මම ඒ පවුල් හයටම ආහාර මලු ලබා දුන්නා මලු හයක් ඒ පවුල් හයටම දීල කිව්වේ. ඔන්න ඉතින් මට කරන්න පුළුවන් දේ කරා. ඔයාලා ඔය ටික මගේ ඔෆිස් එක ළඟ තියාගෙන  විකුණගන්න වෙන කරන්න දෙයක් නැහැ. එහෙම කියල මගේ යුතුකම ඉටු කරා. ඔන්න ඕක තමයි එදා සිදුවීම ඇත්ත සිදුවීම සමහරක් වෙලාවට සමහරක් අය මේ සැබෑ සිදුවීම දන්නේ නැහැ. ඒ අවස්ථාවට විවිධ කට්ටිය ඇවිල්ලා වීඩියෝ කරාට සම්පූර්ණ කතාව ඕක තමයි. ඕකේ සම්පූර්ණ වීඩියෝ එකත් මා සතුව තියෙනවා. කාටහරි ඕන්නං ඒ වීඩියෝ එකත් දෙන්නම්. මේක තමයි ඇත්තම කතාව.

ආ තව එකක් කියන්න බැරි උනා අර ආපු නිලධාරීන්ට මම කිව්වේ ඔය ඔතන ඒ අය ඉවත් කරනවකරනව නම් ඊට කලින් ගොඩක් ඉවත් කරන්න තැන් තියෙනවා. ඒ නිසා එන්න යන්න මාත් එක්ක පෙන්නන්න කියලා ඒ නිලධාරීන්ට කතා කරාට පස්සේ ඒකටත් එකඟ වුණේ නැහැ. ඔවුන්ට ඕන වුණේ කාගේ හරි කියමනකට අර අහිංසක මිනිස්සු ඉවත් කරන්න. ඒකට මම තරයේ ප්‍රතික්ෂේප කරල එරෙහි වුණා. ඒ නිසා ඒ නිලධාරිනුත් අද මාත් එක්ක අමනාප වෙලා ඉන්නේ ඔන්න ඔය නිසා.  

වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමනි. ඒ වගේම එම නිලධාරී මහත්ම මහත්මියනි මීට වඩා මිනිසුන් ගැන හිතන්න මනුස්සගමින් හිතන්න  අපේ බලය තාවකාලිකයි. අපේ රැකියාව සමහරක්වෙලාවට තාවකාලිකව වෙන්න පුළුවන්. නමුත් මනුස්සකම තාවකාලිකව පාවිච්චි කරන්න එපා මැරෙනකම්ම තමන්ගේ මනුස්සකම තියාගන්න. ඒ මනුස්සකමින් මේ විශ්වය බලාගෙන ඉන්නවා කිරි උතුරන්න ගෙනාපු මුට්ටිය පොළොවේ ගහන්න තරම් ආවේගයක් එනව කොල්ලෝ අතර, මේ කොල්ලා ඉවසුවා ඇති. අන්තිමට මේ කොල්ලන්ගෙන් පිටවුනේ මොකක්ද දන්නවද? මම වස කුප්පියක් බීලා මෙතන මැරෙනව කියල දරාගන්න බැරුව ඒ මනුස්සයා අඬ අඬා කියද්දි මම ළඟට ගිහිල්ල කිවුවා කොල්ලෝ බය වෙන්න එපා. මේ වැඩේ උඹ පුළුවන් විදියට කරගනියි. අවුරුද්දට මේ වෙළඳාම ඔබට සාර්ථක වෙනවා වැඩේ කරගෙන පලයන් ප්‍රශ්නයක් වුණොත් අපි බලා ගන්නම්. ඔහොම කියලා උගේ හිතේ තිබුණු කේන්තිය ටිකක් හරි මග හරින්න ඒ විදියට කිව්වා. 

ඒනිසා ඒ සිදුවීම එතැනින් නිමාව දුටුවත්  මේ වගේ සිද්ධි තවත් නොවන්නට සමාජය වග බලා ගත යුතුයි  ගංජා කුඩු වෙනත් අපරාධ මේ සමාජෙ ඕන තරම් තියනවා. ඒවා අල්ලන්න පොලිසියට පුළුවන් නමුත් මේ වගේ අහිංසක මිනිස්සුන්ගේ බඩට ගහන්න නම් පොලිස් නිලධාර මහත්වරුනි ඒ වැඩේ කරන්න එපා. ඔබටත් දරු පවුලක් ඉන්න වග අමතක කරන්නේ එපා.

දේශපාලඥයන්ගේ වචන වලට ඔබේ කාකි ඇඳුම පාවා දෙන්න එපා. ඔබ හොඳට ඉගෙන ගෙන ඔබ මේ සමාජයට යහපත් විදියට ජීවත් වෙද්දි එක එක දේශපාලඥයන්ගේ ක්‍රියා කලාපයන් වලට වැඩ කරන්න ගිහිල්ලා අන්තිමට ඔබ මිනිස්සු ඉස්සරහ හෑල්ලුවට ලක් කරගන්න එපා අන්තිමට ම්නිසුන්ගේ ගෞරවයද නැති කරගන්න එපා. එවැනි ස්ථානයට එන්න කලින් හොඳට හිතලා බලන්න. මේ ස්ථානයට ගිහිල්ලා මේ වගේ සිදුවීමක් වුණොත් සමාජයට ඔබ මුහුණ දෙන්නේ කොහොමද ඔබේ නිවසට ඔබ මුහුණ දෙන්නේ කොහොමද? ඔබටත් දරුවන්  සිටිනවා නේද? දෙමව්පියන් සිටිනවා නේද? ඔබේ ගෙදරත් ඔබ සතුටින් ජීවත් විය යුතුයි නේද?. මේ සිදුවීම ගැන හිතලා මින් ඉදිරියටවත් හැමෝම හොඳින් වැඩ කරයි කියලා අපි විශ්වාසය තබනවා.

- usp බණ්ඩාර  (මාධ්‍යවේදී)

මුහුණු පොතින් උපුටා ගන්නා ලදී



සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.