හෙළ යක්ඛ යක්ඛනියන්ට ඇන ගන්න පෙර ලියමි
ගෙදරට වෙලා ඔන් ලයින් බිස්නස් එකක් එහෙම කරගෙන ඉන්නකොට සෙට් වෙන මරාළයක් තමයි.
ලක්ෂ 6 සිට 10 දක්වා පඩි ගන්න පුළුවන් කියලා IT ෆීල්ඩ්එකේ ජොබ් වලට ඉක්මනින් යවනවා කියන මරාලය. ‼️
ඕවා සෙට් වෙන්නේම FB ටික්ටොක් ඉන්ස්ට්‍රග්‍රෑම් වලින්ම තමයි ඉතිං ...
ඊට පස්සේ රටකාලා වතුර බීලා ඉන්න පොරවල් සෙට් එකක් හම සුදු ඉංශ්‍රීසියෙන් කථා කරන සුද්දෙක් හෝ අවම චීනෙක් හරි ඉන්දියන් එකෙක් එක්ක ඔයාට නාස් ලණුව දානවා.
ඊට පස්සේ අතේ,තියෙන සේසතම වියදම්,කරගෙන මැදපෙරදිග රටක සිට තායිලන්තයේ මියන්මාරයේ දක්වා පරාසයක රටක නන්නත්තාර වෙනවා.‼️
එහෙම අපේ රටෙන් ගිය IT වැඩ්ඩන් 58ක් මේ,වෙනකොට තායිලන්ත මියන්මාර බෝඩරයේ සයිබර්,ක්‍රිමිනල් ඒරියා එකක දස වද විදින වහළුන් විදිහට සේවය නරන බව අද රටේ දහවල් ප්‍රවෘත්ති වලින් අහන්න ලැබුනා.
මැදපෙරදිග ඩුබායි/ කටාර්/ බහරේන්/ ක්වේට් වලත් සැළකිය යුතු පිරිසක්
IT ජොබ් එකන් ෆුල් AC ඉන්ටර්නැෂනල් කම්පනි ඔෆීස් එකක ලක්ෂ 5 සිට 25 දක්වා පරාසයක වැටුප් හීන දැකලා ඇවිත්
ඩේටා එන්ට්‍රි ඔපරේටර් ඉදන් පාරේ වාහනයක් දෙකක් හෝදලා දවසේ ගේම ගහගන්න පරාසය දක්වා ජොබ් වල හීන දියකරනවා.
ඉතිං හෙළ යක්ඛ යක්කනියනි
01 ) IT වලින් ඔයාට ජොබ් එකක් දෙනවා කියන උං ඔයා විසිට් අරගෙන රටකට ගිහිං ජොබ් දෙනවා කියනවනම් ඒක රෝල් කරලා ..... ගහගන්න කියලා තියෙන වැඩක් කරගෙන ඉන්න.
02 ) ඔයා විසිට් එකකට මැදාපරදිග ඩුබායි වගේ රටකට අරගෙන ගිහිං එතැනින් ඇමරිකාවේ එංගලන්තයේ ප්‍රංශයේ ඉතාලියේ රස්සාවකට යනව නයෙක් නටවනවනම් ඒකත් රිජෙක්ට් කරන්න සරළව මැදපෙරදිග කම්පණියකින් එහෙම යවනවනමි ඒ රටේ අදාල අායතන වලට තියෙන ප්‍රෙසෙස් වලින් මිසක් විසිට් එකකට ගිහිං එහෙම යන්න බෑ.
03 ) වඩා භයානකම මේක
ඔබ රස්සාවකට අරං යන අය විසිට් එකකට අරං යන වග අවසාන මොහොතේ ඔබට දැනගන්නට සලස්වනවා නම් සහ ඊට කලිං ඔබ ලංකාවේ වකුගඩු හදවවත් ප්‍රමුක වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරලා වාර්ථා යවනවනම් වඩා සැලකිලිමත් වන්න
ලංකාවේ,යක්ඛ පුත්තු දැං බංග්ලා දේශ කාරයන්ටත් වඩා අන්ත විදිහට අවයව ජාවාරමට පවා මිනිස්සු පටවන තැනට වැටිලා ඉන්නවා.
ඔබ විසිට් එකකට අරං යනවා නම් වෛද්‍ය පරීක්ෂණ වාර්ථා අවශ්‍ය නැත. ඔබ යම් ජාවාරමකට විකිනීම සදහා ගෙනයන විට මිසක් ඔබ රැකියාවට අරංය න්ටන් සංචාරක වීසා මත බව අවසාන අවස්ථාව තෙක් ඔබට හංගන්න උවමනා නැත. ඒනිසා විහින් කෙලවාගෙන 74 වසරකට දේශපාලනයට බැන බැන නොයන්න.
04)
ඔබේ IT දැනීමට ලබා දෙනවා කියන වැටුප ඔබට රැකියාව දෙන රටේ පෞද්ගලික අංශයේ ආයතන වල සැබෑ වැටුපදැයි තැරැව්කරුවාට මුදල් සපයන්න පෙර ඔබේ පාස්පෝට් සහ ලියකියවිලි දෙන්න පෙර අන්තර්ජාලය සහ වෙනත් ක්‍රම මගින් හොයා බලන්න.
ලංකාවේ නයි නටවා පිටරටට පටවන අය 75 % රටින් පිටව අනාථ වන්නේම අරින නයා වඩාගෙන පැමිණීම නිසාය.
ලංකාවේ IT කාරයන් ගන්නවාට වඩා ලාභයට ඉන්දියාව බංග්ලාදේශය පාකාිස්ථානය චීනය වැනි රටවල් IT පුහුණු ශ්‍රමය සපයන කාලයක ඔබ මේ ලෝකයේ ඉන්න පට්ටම IT වැඩ්ඩාට අන්දා විසිට් වීසා එකකට පටවන්න හදන්නේ ඇයි දැයි පොඩ්ඩක් විමසා බලන්න.
ලංකාවෙන් ඇවිත් සදා අනාථ වෙලා ඉන්න හෙළ යක්ඛ පුතුන් ලංකාවේ සමහර ඒජන්සි කාරයන් කියන මාෆියා සමග එක්ව සමුහ අනාථ කිරීම් වල නිරත වන අතර
ඒවාට ඉලක්ක වන්නේද අසුවන්නේද මේ ගෘහ සේවයට කම්කරු රස්සාවකට එන ජාතියේ සුපිං කෑලි නොව
ගමට රටට තමන් හෙන උගතා වැඩ්ඩා ලෙස පෙන්නා ගෙන හිටිය පොරවල් බව සිහිතබා ගන්න.
මොකද එහෙම කොටස තමන්ගේ ගේ දොර උගසට තබා ගත්ත සල්ලි ටිකත් දීලා හොදම එකෙන් කෙලවා ගත්තත් ලෝකයට නෝන්ඩි කරන්නේ නැතුව නම්බුව තත්වය මේන්ටේන් කරගන්න අනාථ වීම මතම ජීවත් වෙන්න හිත හදා ගන්න බව උං ටක්කෙටම දන්නා නිසාය.
ඒ,නිසා ඔබ රටකට ඔබේ මුදලින්ම විසිට් වීසා එකක් ගසා අරං යන්න හදන IT ජොබ් එක ගැන දෙපාරක් හිතන්න.
මොකද සමහර අයට එහෙම ඇවිත්,අනාථ වූ පසු අඩුමගානේ කාර් එකක්,සෝදා රෙස්ටුරන්ට් එකක පිගානක් හෝදා හෝ ගේමක් ගහගන්න බැරි තරම් අධි සංවේදී යක්ඛයන් බවට පත්වන නිසාය
පිටරට බින්න බැස්ස යක්ඛ පුතුන්ට උංගේ අඩෝ,වැඩියාව ඇහීමත් උං හිතන පතන ජාතියේ ජොබ් හොයන්න වීමත්
මල ඇනයක් වී තිබීම නිසා ඇත්තටම උදව්වක් කරන්න ඕන එකෙකු දැක්කත් ලංකාවේ මෙහෙ ඉන්න ස්ථාවර යක්ඛ පුත්තු මග ඇර යන්නේ ඒ නිසාය.
ඕං කීවා.
සරළව විසිට් වලට රට රටවලට නැති ජොබ් හීන වලට රිංගන්න ගිහිං කෙලවාගෙන අඩන්න එපා නෙවෙයි ජීවිතෙත් නැතිකරගන්න එපා.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්