ප්‍රවීන මාධ්‍යවේදී අනුර සොලමන් ගේ අභාවය ගැන රත්තනදෙණියේ මේධානන්ද හිමි මුහුණුපොතේ තැබූ සටහන..
දිවයින පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයෙක් වූ අනුර සොලමන් මිය ගිය පුවත දැක ඉමහත් කම්පාවට පත්වෙමි. මා 2003 සිට 2013 දක්වා අඛණ්ඩව දශකයක් දිවයින පුවත්පත කියවා ඇත්තෙමි. එතැන් සිට දශකයක් දිවයිනට ලියා ඇත්තෙමි. මේ අනුව දශකයක් කියවා දශකයක් ලියා ඇති දිවයින සමග මගේ ගනුදෙනුව වසර 20ක් පමණ වෙයි.
මුලින්ම මම දිවයිනට ලිපියක් ලියන්නේ 2012 දීය. එතැන් පටන් ඇතිවූ දැන හැදුනුම්කම් මත දිවයින කර්තෘ මණ්ඩලයේ බොහෝ අය ආශ්‍රය කොට ඇත්තෙමු. ඒ අය අතර අනුර සොලමන්ස් ද ප්‍රධානය. ඔහු තරම් සිත්ගන්නා සුලු 'කතු වැකි' ලිවීමේ සූරයකු වෙන කිසිදු පුවත්පතක නොවීය. ඔහු විදග්ධ පණ්ඩිතමානී බස්වහරක් වෙනුවට "සෝපහාසය මුසු" ග්‍රාම්‍ය බස්වහරක් දිනපතා පුවත්පතේ කතු වැකියට ගෙනාවේය. පාඨකයා පුවත්පතේ මුලින්ම කියවන ලිපිය 'කතු වැකිය' බවට පත් කළේය. අප වුණත් දිවයිනේ සෙසු ප්‍රවෘත්ති හා විශේෂාංග කියවන්නේ කතු වැකිය කියවීමෙන් පසුවය. සෝපහාසය නම් යමෙකුට හෝ යමකට ඇනුම්පද සහිතව උපහාසාත්මක ස්වරූපයෙන් සිනාසෙමින් කරන විවේචනයකි.
මෙය හුදෙක් හාස්‍යය පමණක් නොව, ඛේදවාචකයක් සැහැල්ලුවෙන් පෙන්වා දී පාඨකයා හෝ ශ්‍රාවකයා සිතීමට පොළඹවන රචනා ශෛලියකි. බොහෝ කාටූන් ශිල්පින්ගේ ඇත්තේ ද මෙම ක්‍රමයයි. සිනාවක් මෙන්ම දේශපාලන ගැඹුරක් එහි ගැබ්ව තිබෙයි. දිවයින කතුවැකිය ද එවැනි අමුතුම රහකින් හා ගැඹුරකින් යුතු එකකි. උපමා, පිරුළු, පුරාණෝක්ති, උත්ප්‍රාස- අනුප්‍රාස වැනි රසකාරක අවශ්‍ය මාත්‍රාවෙන් යොදා පත අට එකට සිඳගත් දිනපතා දිවයින කතු වැකිය අඳුරෙහි අස්ලෝමට වුව වදින ඉලක්කයකින් යුක්ත විය. ඒ මාත්‍රාවෙන් කතුවැකි ලිවිය හැකි සූරයා සොලමන් ම පමණි. ඔහුට නිවන් සුව ලැබේවා..!
©|රත්තනදෙණියේ මේධානන්ද හිමි|•
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..