ප්‍රවීන මාධ්‍යවේදී අනුර සොලමන් ගේ අභාවය ගැන රත්තනදෙණියේ මේධානන්ද හිමි මුහුණුපොතේ තැබූ සටහන..
දිවයින පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයෙක් වූ අනුර සොලමන් මිය ගිය පුවත දැක ඉමහත් කම්පාවට පත්වෙමි. මා 2003 සිට 2013 දක්වා අඛණ්ඩව දශකයක් දිවයින පුවත්පත කියවා ඇත්තෙමි. එතැන් සිට දශකයක් දිවයිනට ලියා ඇත්තෙමි. මේ අනුව දශකයක් කියවා දශකයක් ලියා ඇති දිවයින සමග මගේ ගනුදෙනුව වසර 20ක් පමණ වෙයි.
මුලින්ම මම දිවයිනට ලිපියක් ලියන්නේ 2012 දීය. එතැන් පටන් ඇතිවූ දැන හැදුනුම්කම් මත දිවයින කර්තෘ මණ්ඩලයේ බොහෝ අය ආශ්‍රය කොට ඇත්තෙමු. ඒ අය අතර අනුර සොලමන්ස් ද ප්‍රධානය. ඔහු තරම් සිත්ගන්නා සුලු 'කතු වැකි' ලිවීමේ සූරයකු වෙන කිසිදු පුවත්පතක නොවීය. ඔහු විදග්ධ පණ්ඩිතමානී බස්වහරක් වෙනුවට "සෝපහාසය මුසු" ග්‍රාම්‍ය බස්වහරක් දිනපතා පුවත්පතේ කතු වැකියට ගෙනාවේය. පාඨකයා පුවත්පතේ මුලින්ම කියවන ලිපිය 'කතු වැකිය' බවට පත් කළේය. අප වුණත් දිවයිනේ සෙසු ප්‍රවෘත්ති හා විශේෂාංග කියවන්නේ කතු වැකිය කියවීමෙන් පසුවය. සෝපහාසය නම් යමෙකුට හෝ යමකට ඇනුම්පද සහිතව උපහාසාත්මක ස්වරූපයෙන් සිනාසෙමින් කරන විවේචනයකි.
මෙය හුදෙක් හාස්‍යය පමණක් නොව, ඛේදවාචකයක් සැහැල්ලුවෙන් පෙන්වා දී පාඨකයා හෝ ශ්‍රාවකයා සිතීමට පොළඹවන රචනා ශෛලියකි. බොහෝ කාටූන් ශිල්පින්ගේ ඇත්තේ ද මෙම ක්‍රමයයි. සිනාවක් මෙන්ම දේශපාලන ගැඹුරක් එහි ගැබ්ව තිබෙයි. දිවයින කතුවැකිය ද එවැනි අමුතුම රහකින් හා ගැඹුරකින් යුතු එකකි. උපමා, පිරුළු, පුරාණෝක්ති, උත්ප්‍රාස- අනුප්‍රාස වැනි රසකාරක අවශ්‍ය මාත්‍රාවෙන් යොදා පත අට එකට සිඳගත් දිනපතා දිවයින කතු වැකිය අඳුරෙහි අස්ලෝමට වුව වදින ඉලක්කයකින් යුක්ත විය. ඒ මාත්‍රාවෙන් කතුවැකි ලිවිය හැකි සූරයා සොලමන් ම පමණි. ඔහුට නිවන් සුව ලැබේවා..!
©|රත්තනදෙණියේ මේධානන්ද හිමි|•
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..