බලය තියෙනකොට පරිත්‍යාගශීලීන් වට වෙනවා නම්, ඒක ජවිපෙ ලාල්ටත් පොදුයි නම්, මහින්දලාටත් පොදුයි..
ලාල් කාන්තගේ මේ කතාව ඇතුලේ කතා ගොඩකට උත්තර තියනවා.
ලාල් කාන්ත කියනවා අද මට පුළුවන් 100 දෙනෙක්ගෙන් ලක්ෂ 5 ගානේ ඉල්ල ගන්න කියලා.
ලාලා මෙතැනදී අද (දැන්) කියන්නේ වර්තමානය.
වර්තමානය ලාලා සහිත මාළිමාවේ පාලන කාලය. එනම් බලය ඇති කාලය
අද යනු ලාල්ලා පොරවල් වෙච්ච සමය
බළය සහිත කාලයේ ඕනැ කෙනෙක් මුදල් විතරක් නෙවේ ඕනැම අවශ්‍යතාවයකට උදව් කරනවා කර ගහනවා.
ඒ තමයි බළය.
බළය සමග දැවැන්තයන් (පොරවල්) බිහිකරනවා.
ජවිප ලාල් කාන්ත බළය සමග අද පොරක්.
මීට වසර දෙකකට කලිං ලාලා මේ කථාව කියලා මේ ගේ හදලා ජනතාවට පෙන්නුවනම් ලාල් අදට වඩා පොරක්. ‼️
මගේ කතාව ඒක නෙවේ. ජවිපයේ දේශපාලන මංඩලේ ඉදලා ජීවිත කාලයම ස්ට්‍රයික් විවේචන කරපු ලාල් කාන්තට
අද (බලය හිමි කාලයේ) 100 දෙනෙකුගෙන් ලක්ෂ පහ ගානේ ගෙන්නාගෙන පෙන්වන්න පුළුවන් කියනවනම් රටේ යුද්ධය නිමා කරලා රට ඉහළට ගත්ත
මහින්ද රාජපක්ෂලාට කෝටිය ගානේ ගෙනැත් දෙන්න මිනිස්සු 10000 රටෙන් සහ රටෙන් එපිට ලාංකිකයන්ගෙන් බලය තියෙනකොට එහෙමනම් පුළුවන්.‼️
ඒවා ජවිපය කීවේ හොර ව්‍යාපාරිකයන් එක්ක ඩීල් කියලනම්
රාජපක්ෂලාට අනුග්‍රහය දක්වනේ කළු ව්‍යාපාරිකයන් කිවනම්
බලය තියෙනකොට හාතවතුන් කියා රාජපක්ෂලාට උදවි කරන්නේ ඩීලි කරුවන් කියනවනම්
මහින්ද රාජපක්ෂලා රටට කරපු සේවයෙන් 10% කරලා නැති ලාල් කාන්තට බලය එක්ක
ලක්ෂ ගනන් වලින් ආධාර කරන මිනිස්සු පෙන්වන්න පුළුවන් කියනවනම්
රස්සාවක් නොකර මහින්දගේ දරුවො සැප ගත්තා කියන ඒවාට
මහින්දට කෝටි ගානන් වත්කම් තියනවා කියන ඒවට
උත්තරය තියනවා
මොකද අද ලාල්ගේ මේ ගෙදරත් දුවට සැප දෙන්න දුවගේ නමට අරගත්ත එකක්
වෙනස පොහොට්ටු මහින්දගේ පුත්තුසහ ජවිප ලාල්ගේ දුව වීම විතරයි.‼️
සැප එකයි
ලෙනින් කියනවා වගේම හොදම දේ දරුවන්ට බව තම තමන්ගේ දරැවන් වෙනුවෙන් එහෙමනම් මහින්දලා වගේම ලාල් කාන්තලත් පෞද්ගලිකවත් තෝරලා තියනවා බලය එක්ක.
මොකද ලාල් කාන්තට වඩා එහෙමනම් මහින්දලාට මිනිස්සු සලකන්න ඉඩ තියනවනේ.
බලය තියෙනකොට පරිත්‍යාග ශීලීන් වට වෙනවා නම්
ඒක ජවිපෙ ලාලාටත් පොදුයි නම්
මහින්දලාටත් පොදුයි. හොරකම් කරපුවා නෙවෙි මිනිස්සු අනිවාර්යයෙන් මහින්දට ලබා දුන්න පරිත්‍යාග ඇති තරම් ඇති.
බලය තියෙනකොට එහෙමයි.
සිස්ටම් එක එහෙමනම්
මහින්දලා ඒ සිස්ටම් එකේ හොරු වෙලා
ලාල් කාන්තලා පිරිසිදුවෙන්න බෑ.
අන්තිමට අපිට හිතන්න තියෙන්නේ ධනවාදයත් සමාජවාදයත් දෙකම එකිනෙකාට ඇගිල්ල දිගු කරගන්නේ බලය හුවමාරු වෙනකල් විතරයි.
දැන් සමාජවාදීන් උන්ම විවේචනය කරපු ධනපති ක්‍රමයට දුවනවා.😀😀
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..