News Category
From Date
To Date
Maximum Number of Result

ජනපති ඝාතන තැත හෙවත් මහා ප්‍රේම පූජාව...

Mar 25, 2026 at 10:55 AM
|

අමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් ජනපති පදවියට පත්ව දින 69 කට පසු 1981 මාර්තු 30 වන දින වොෂින්ටන්හි හිල්ටන් හෝටලයට පැමිණෙනුයේ දේශනයක් පැවැත්වීම සඳහා ය.....දේශනය නිම කොට හෝටලයෙන් පිටතට පැමිණි ඔහු සිය නිල වාහනය වූ ලිමොසින් රථය පැමිණෙන තුරු මොහොතක් හෝටල් අංගනයේ රැඳී සිටියේ ය....

එකී සුළු මොහොතේ එක්වරම වෙඩි හඬවල් කිහිපයක් ඇසුණු අතර ඔහු අසල සිටි මාධ්‍ය ලේකම් ජේම්ස් බ්‍රැඩි ද, වොෂින්ටන් පොලිස් ප්‍රධානී තෝමස් ඩෙලහාන්ටි ද, රහස් සේවා නියෝජිත ටිම් මැකාර්ති ද බිම පතිත වූහ... සිදු වූයේ කුමක්දැයි සිතා ගන්නටත් පෙර කොහෙන්දෝ සිට ඇදී ආ තවත් උණ්ඩයක් රේගන්ගේ වම් උරය පසාරු කර ගෙන ගියේ ය....

  Röhm RG-14 .22LR blue steel වර්ගයේ රිවෝල්වරයකින් ජනාධිපති රේගන්ට වෙඩි තබා තිබුණේ ඔහුට අඩි 10 ක පමණ දුරකින් සෙනඟ අතර සිටි ජෝන් හින්ක්ලි නමැති පුද්ගලයෙකි.... ඔහුගේ අවාසනාවට, ජනාධිපති රේගන්ගේ වාසනාවට හා අමෙරිකානු ජනතාවගේ වාසනාවට හෝ අවාසනාවට හින්ක්ලි දුර්වල වෙඩික්කරුවෙකු විය....

 අඩි 10 ක දුරක සිට ඔහු තැබූ වෙඩි උණ්ඩ බොහොමයක් අපතේ ගිය ඒවා විය... 

ඔහුගේ ඉලක්කය වී තිබුණේ ජනාධිපති රේගන් වුවද රේගන්ට එල්ල කර තැබූ පළමු උණ්ඩය මාධ්‍ය ලේකම් ජේම්ස් බ්‍රැඩිට වැදුණු අතර අනෙකුත් උණ්ඩ පොලිස් ප්‍රධානියා හා රහස්‍ය ලේකම් සොයා ගිය අතර තවත් ඒවා එතැන තිබූ බිත්ති හා කුළුණු සිදුරු කර තිබුණි.... අවසානයේ හිත හදා ගෙන ඔහු මුදා හල රිවෝල්වරයේ තිබූ අවසන් උණ්ඩය එවෙලෙහිම එතැනට පැමිණි ජනපති නිල රථය වූ ලිමොසින් රියේ වෙඩි නොවදින බඳෙහි වැදී ලිස්සා පැමිණ ජනාධිපති රේගන්ගේ උරය සිදුරු කර තිබුණි...

 චිත්‍රපට ජවනිකාවක් බඳු වූ සිද්ධිය එසේ නිමාවට පත් වූ අතර එතැනදීම හින්ක්ලි අත් අඩංගුවට පත් විය....

ලෝකයේ බලවත්ම පුද්ගලයා ඝාතනය කිරීමේ ප්‍රයත්නය පිටුපස තිබූ හාස්‍යජනක චිත්‍රපට කතාව හෙළි වන්නේ ඉන් පසුවය...

රේගන් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට හින්ක්ලිට සිතක් පහළ වන්නේ දේශපාලන කුමන්ත්‍රණයක් නිසාවත්, කොන්ත්‍රාත්තුවකටවත්, ඇමරිකානු එක්සත් ජනපදයේ බලය ඇල්ලීමටවත් නොව 1976 දී පමණ ඔහු නැරඹූ “ටැක්සි ඩ්‍රැයිවර්” නමැති හොලිවුඩ් චිත්‍රපටය නිසා බව හින්ක්ලි කිසිගානක් නොමැතිව පැවසී ය...

ලෝකයේ බලවත්ම පුද්ගලයා ඝාතනය කිරීමට යමෙකු පෙළඹවීමට තරම් “ටැක්සි ඩ්‍රැයිවර්” චිත්‍රපටයේ පවත්නා විශේෂත්වය කුමක්ද? 

හින්ක්ලි ඉන් එහාට කිසිවක් නොපැවසූ බැවින් පරීක්ෂණ කණ්ඩායමට එය දැන ගැනීම සඳහා “ටැක්සි ඩ්‍රැයිවර්” චිත්‍රපටය නැරඹීමට සිදු විය....

මාර්ටින් ස්කෝරස් අධ්‍යක්ෂණය කළ, රොබට් ඩී නීරෝ, ට්‍රැවිස් බික්ල් නම් ටැක්සි රියැදුරෙකුගේ හා ජූඩි ෆොස්ටර්, අයිරිස් නමැති 12 හැවිරිදි ළමා ගණිකාවකගේ චරිතය නිරූපණය කළ “ටැක්සි ඩ්‍රැයිවර්” චිත්‍රපටයේ කතාව සැකෙවින් මෙසේ ය....

මැරීන් භටයෙකු ලෙස වියට්නාම් යුද්ධයට යන ට්‍රැවිස් ආපසු පැමිණෙන්නේ මානසික අවපීඩනයට ලක් වූ හුදකලා පුද්ගලයෙකු ලෙස ය.... ප්‍රචණ්ඩත්වයට ප්‍රිය කරන ඔහු නිව්යෝක් නගරයේ ටැක්සි රියැදුරෙකු ලෙස නැවත ජීවිතය අරඹයි.... එහිදී ඔහුට හමු වන බෙට්සි නම් කාන්තාවක සමඟ හාද වීමට තැත් කළ ද එය අසාර්ථක වෙයි.... ලිංගික ඊර්ෂ්‍යාවෙන් පෙළෙන ඔහු, ඇයට උදව් කරන එක්තරා ජනාධිපතිවරණ අපේක්ෂකයකු මරා දැමීමට තැත් කොට එයද අසාර්ථක වෙයි... මේ අතර එක් රාත්‍රියක හදිසියේ අහම්බෙන් ඔහුගේ ටැක්සි රථයට ගොඩ වන අයිරිස් නමැති ළමා ගණිකාවක් ඔහුට පවසන්නේ තමා  සිය පිම්පියාගෙන් ගැල වී පලා යන බවත් ඔහුගෙන් මිදීමට ඇයට උදව් කරන ලෙසත් ය.....

 පසුව ගිනි අවියක් මිල දී ගෙන අයිරිස්ගේ පිම්පියාත් ඊට උදව් කරනා කිහිප දෙනෙකුත් මරා දමනු ලබන ට්‍රැවිස් අවසානයේ වීරයෙකු මෙන් ටැක්සිය පදවා ගෙන අයිරිස් හමුවට එයි....මානසික අවපීඩනයෙන් පෙළෙන ට්‍රැවිස්ට අවශ්‍ය වනුයේ කෙසේ හෝ වීරයකු වීමට බව චිත්‍රපටයෙන් අවසානයේ ගම්‍ය වෙයි...

චිත්‍රපටය නැරඹූ පරීක්ෂණ කණ්ඩායම අගක් මුලක් සොයා ගත නොහැකිව නැවතත් හින්ක්ලිගෙන් ප්‍රශ්න කිරීම අරඹන ලද්දේ ය...

එහිදී නැවතත් කතා කිරීම අරඹන හින්ක්ලි රේගන් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත් කිරීමේ හේතුව මෙසේ හෙළිදරව් කරන්නට විය....

“ටැක්සි ඩ්‍රැයිවර්” චිත්‍රපටය කිහිප වරක්ම නැරඹූ හින්ක්ලි එහි අයිරිස් නමැති ළමා ගණිකාවගේ චරිතයට හා එම චරිතය රඟ පෑ ජූඩි ෆොස්ටර් කෙරෙහි තමාට තදින් බැඳීමක් ඇති වූ බව නොහොත් ආදරය කිරීමට පටන් ගත් බව පැවසීය..... 

මේ වන විට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වූ හින්ක්ලි සිය උගෙනුම හා උපාධිය ලබා ගැනීමේ අපේක්ෂාව ඉවත ලා ජූඩි සමඟ හාදකමක් ඇති කර ගැනීම සිය ජීවිතයේ එකම ඉලක්කය බවට පත් කර ගන්නා ලද්දේ ය..... 

විශ්ව විද්‍යාලයේ ඔහුට කිසිදු මිත්‍රයෙකු නොසිටි අතර ඔහුගේ එකම බලාපොරොත්තුව ජූඩි මිත්‍ර කර ගැනීම ම විය...

 අවුරුදු ගණනක් තිස්සේ රට පුරා ජූඩිව සොයන හින්ක්ලි අවසානයේ ඇය යේල් විශ්ව විද්‍යාලයේ පාඨ මාලාවක් හදාරමින් සිටින බව දැන ගන්නේ සඟරාවක පළ වූ ඇය පිළිබඳ වූ ලිපියකිනි..... 

ඇගේ ලිපිනය සොයා ගත් ඔහු එතැන් පටන් ඇයට නොකඩවා  ලිපි ලිවීම නොහොත් කරදර කිරීම අරඹන ලද්දේ ය... 

දිගින් දිගටම සිදු වන්නා වූ මේ කරදරය ඉවසිය නොහැකි වූ ජූඩි ඔහු කැඳවා ඔහු ගැන තමාට උනන්දුවක් නොමැති බවත් කරදර නොකරන ලෙසත් ඉල්ලා සිටිය ද එය ශිෂ්ට ලෙස පිළි ගැනීමට තරම් මානසික තත්ත්වයක ඔහු නොසිටියේය.... ජූඩි විසින් ප්‍රතික්ෂේප කෙරුන ද ඉන් පසුබට නොවූ හින්ක්ලිගේ එතැන් සිට එකම කල්පනාව වූයේ ජූඩිගේ සිත දිනා ගැනීමට තමා කුමක් කළ යුතුද යන්නයි......

වීර ක්‍රියාවක් කොට වීරයෙකු වී මුළු රටේම අවධානය දිනා ගතහොත් ජූඩි ද දිනා ගතහැකිවේයැයි එහිදී ඔහුට කල්පනාවක් පහළ වන්නේ ය.....

එසේ නම් කළ යුතු වීර ක්‍රියාව කුමක්ද? 

එය නම් චිත්‍රපටයේ ට්‍රැවිස් මෙන් ඇයට උදව් කළ යුතුය......නොහොත් ඇය පසුපස හඹා යන පිම්පියා සොයා මරා දැමිය යුතු ය....  හින්ක්ලිට, චිත්‍රපටයේ මෙන් ජූඩිට කරදර කරන පිම්පියෙකු සොයා ගත නොහැකි වන අතර චිත්‍රපටයේ එන ආකාරයට ඔහු ඊ ළඟට සොයන්නට වන්නේ ජනපතිවරණ අපේක්ෂකයෙක් ය.....

 එසේ ජනපතිවරණ අපේක්ෂකයකු සොයන ඔහුට සිහි වන්නේ එවකට අමෙරිකානු ජනාධිපතිවරයා වූ ජිමී කාටර් ය....

 එතැන් සිට, ජිමී කාටර් ඝාතනය කොට වීරයෙකු වී ජූඩිගේ සිත දිනා ගන්නට අවස්ථාවක් සොයන හින්ක්ලිට ඒ සඳහා වාසනාව පෑදෙන්නේ කාටර් ජනාධිපතිවරයා කිසියම් කටයුත්තකට ටෙනසි ප්‍රාන්තයේ නැෂ්විලී ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණෙන බව සොයා ගැනීමෙනුයි....

තමාගේ කාර්යය ඉටු කර ගැනීමට උදා වූ මේ මහඟු අවස්ථාව අත් නොහල ඔහු වහාම එහි ගිය අතර අමෙරිකානු ජනාධිපතිවරයාට ලංවීම මෙතරම් පහසුදැයි තමා විශ්මයට පත් වූ බව පසුව සඳහන් කළේ ය..... 

කාටර් ජනාධිපතිවරයාට අඩියකටත් වඩා සමීපයට යාමට ඔහුට හැකි වී තිබුණි....

නමුත් එසැණින්ම ජනපති ආරක්ෂක නිලධාරීන් විසින් පසෙකට ඇද ගන්නා හින්ක්ලිව පරීක්ෂා කරන ඔවුන්ට ඔහු ළඟ තිබූ ගිනි අවිය හසු වන්නේ ය.....

කුමන හේතුවක් නිසා හෝ FBI නිලධාරීන්, හින්ක්ලි සමඟ ගිනි අවියක් හමුවීම එතරම් බරපතල දෙයක් ලෙස නොසැලකූ බැවින් හින්ක්ලි මානසික රෝගියෙකු ලෙස ඔප්පු කොට ඔහු මුදා ගැනීමට ඔහුගේ දෙමාපියන් සමත් වූහ...... ඉන්පසු ඔහුව මානසික වෛද්‍යවරයකු වෙත යොමු කළ අතර සෑහෙන කලක් ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහු දෙමාපියන්ට පවසන්නේ ජිමී කාටර් ඝාතනය කිරීමේ අදහස අත් හැරිය බවත් ඒ වෙනුවට රොනල්ඩ් රේගන් ඝාතනය කිරීමට තීරණය කළ බවත් ය....

තව දුරටත් ඔහු පවසා සිටින්නේ එයින් රටට හොඳක් සිදුවන බවත් ය.... 

ජනාධිපති රේගන් ඝාතන උත්සාහයේ හාස්‍යජනක නිදාන කතාව එසේ අනාවරණය වූ අතර රේගන් ජනාධිපතිවරයාට වෙඩි වැදීමෙන් පසු සිදු වූ සිද්ධි දාමය මෙසේ විය... 

පසුව සොයා ගත් පරිදි තත්පර 1.7 ක කාලයක් තුළ හින්ක්ලි වෙඩි පහර 6 ක් එල්ල කර ඇති අතර ඔහුගේ 6 වෙනි අවසාන කණා වෙඩි උණ්ඩය ලිමොසින් රථයේ වෙඩි නොවදින බඳෙහි වැදී ආපසු පැමිණ රේගන්ගේ වම් උරයෙන් ඇතුළු වී ඉල ඇටයක් තුවාල කරමින් හදවතට අඟලක් තරම් කිට්ටුවෙන් පෙනහැල්ලක් තුළ නැවතී තිබිණි....

 ජනාධිපතිවරයාට වෙඩි වැදී මරණාසන්න වීමේ සිද්ධිය ඉහල පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර වියවුලක් ඇති කරවීමට හා පැවති සීතල යුද්ධයක් එළිපහලියට පැමිණවීමට සමත් වී තිබුණි.....

ඊට ආසන්නම සිද්ධිය වූයේ අමෙරිකානු රාජ්‍ය ලේකම් විසින්,

‘උප ජනාධිපති විසින් භාර ගන්නා තුරු ධවල මන්දිරය මගේ පාලනය යටතේ පවතිනවා’

යි මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම හෙවත් බළලා මල්ලෙන් එළියට පැනීමයි....

මේ අලකලංචි මෙසේ සිදු වෙද්දී හින්ක්ලි තුළ තමන් කළ ක්‍රියාව ගැන කිසිදු වරදකාරී හැඟීමක් හෝ පසුතැවිල්ලක් නොමැති බව පෙනෙන්නට තිබුණි.... 

අධිකරණ මනෝවෛද්‍ය චිකිත්සකවරයාගේ වාර්තාව පරිදි හින්ක්ලි උන්මාදයකින් පෙළෙන බව හෙළි වූ අතර ඒ නිසා ඔහුට විරුද්ධව නීතිමය පියවර නොගන්නා ලදී.... 

අධිකරණයේ උපදෙස් පරිදි හින්ක්ලි වොෂින්ටනයේ සාන්ත එලිසබෙත් රෝහලේ 2006 වසර වනතුරු පූර්ණ කාලීනව රඳවා තබන ලදී..... ඉන්පසු ඔහු සිය මවගේ පූර්ණ අධීක්ෂණය යටතේ වරින් වර නිවසට රැගෙන ඒමට අවසර ලැබිණ.... 2016 සැප්තැම්බර් 10 වන දින ඔහු රෝහලෙන් මුදා හරින ලද අතර, අධිකරණයේ පරීක්ෂාව යටතේ හා තව දුරටත් මනෝ වෛද්‍ය ප්‍රතිකාර යටතේ මව සමඟ පූර්ණ කාලීනව වාසය කිරීම පිණිස පිටත්ව ගියේය.....

 මේ සියළු ප්‍රතිකාර හා පියවරවලින් පසුව හින්ක්ලි ප්‍රකාශ කළේ සිදු වූ කිසිම දෙයක් ගැන ඔහු පසුතැවිලි නොවන බවත්, එම වෙඩි තැබීම ලෝක ඉතිහාසයේ මෙතෙක් සිදු වූ ශ්‍රේෂ්ඨතම ප්‍රේම පූජාව බවත් ය....     

- නිමල් ෆ්‍රැන්සිස්

(අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි)



සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.