News Category
From Date
To Date
Maximum Number of Result

ජනපති ඝාතන තැත හෙවත් මහා ප්‍රේම පූජාව...

Mar 25, 2026 at 10:55 AM
|

අමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් ජනපති පදවියට පත්ව දින 69 කට පසු 1981 මාර්තු 30 වන දින වොෂින්ටන්හි හිල්ටන් හෝටලයට පැමිණෙනුයේ දේශනයක් පැවැත්වීම සඳහා ය.....දේශනය නිම කොට හෝටලයෙන් පිටතට පැමිණි ඔහු සිය නිල වාහනය වූ ලිමොසින් රථය පැමිණෙන තුරු මොහොතක් හෝටල් අංගනයේ රැඳී සිටියේ ය....

එකී සුළු මොහොතේ එක්වරම වෙඩි හඬවල් කිහිපයක් ඇසුණු අතර ඔහු අසල සිටි මාධ්‍ය ලේකම් ජේම්ස් බ්‍රැඩි ද, වොෂින්ටන් පොලිස් ප්‍රධානී තෝමස් ඩෙලහාන්ටි ද, රහස් සේවා නියෝජිත ටිම් මැකාර්ති ද බිම පතිත වූහ... සිදු වූයේ කුමක්දැයි සිතා ගන්නටත් පෙර කොහෙන්දෝ සිට ඇදී ආ තවත් උණ්ඩයක් රේගන්ගේ වම් උරය පසාරු කර ගෙන ගියේ ය....

  Röhm RG-14 .22LR blue steel වර්ගයේ රිවෝල්වරයකින් ජනාධිපති රේගන්ට වෙඩි තබා තිබුණේ ඔහුට අඩි 10 ක පමණ දුරකින් සෙනඟ අතර සිටි ජෝන් හින්ක්ලි නමැති පුද්ගලයෙකි.... ඔහුගේ අවාසනාවට, ජනාධිපති රේගන්ගේ වාසනාවට හා අමෙරිකානු ජනතාවගේ වාසනාවට හෝ අවාසනාවට හින්ක්ලි දුර්වල වෙඩික්කරුවෙකු විය....

 අඩි 10 ක දුරක සිට ඔහු තැබූ වෙඩි උණ්ඩ බොහොමයක් අපතේ ගිය ඒවා විය... 

ඔහුගේ ඉලක්කය වී තිබුණේ ජනාධිපති රේගන් වුවද රේගන්ට එල්ල කර තැබූ පළමු උණ්ඩය මාධ්‍ය ලේකම් ජේම්ස් බ්‍රැඩිට වැදුණු අතර අනෙකුත් උණ්ඩ පොලිස් ප්‍රධානියා හා රහස්‍ය ලේකම් සොයා ගිය අතර තවත් ඒවා එතැන තිබූ බිත්ති හා කුළුණු සිදුරු කර තිබුණි.... අවසානයේ හිත හදා ගෙන ඔහු මුදා හල රිවෝල්වරයේ තිබූ අවසන් උණ්ඩය එවෙලෙහිම එතැනට පැමිණි ජනපති නිල රථය වූ ලිමොසින් රියේ වෙඩි නොවදින බඳෙහි වැදී ලිස්සා පැමිණ ජනාධිපති රේගන්ගේ උරය සිදුරු කර තිබුණි...

 චිත්‍රපට ජවනිකාවක් බඳු වූ සිද්ධිය එසේ නිමාවට පත් වූ අතර එතැනදීම හින්ක්ලි අත් අඩංගුවට පත් විය....

ලෝකයේ බලවත්ම පුද්ගලයා ඝාතනය කිරීමේ ප්‍රයත්නය පිටුපස තිබූ හාස්‍යජනක චිත්‍රපට කතාව හෙළි වන්නේ ඉන් පසුවය...

රේගන් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට හින්ක්ලිට සිතක් පහළ වන්නේ දේශපාලන කුමන්ත්‍රණයක් නිසාවත්, කොන්ත්‍රාත්තුවකටවත්, ඇමරිකානු එක්සත් ජනපදයේ බලය ඇල්ලීමටවත් නොව 1976 දී පමණ ඔහු නැරඹූ “ටැක්සි ඩ්‍රැයිවර්” නමැති හොලිවුඩ් චිත්‍රපටය නිසා බව හින්ක්ලි කිසිගානක් නොමැතිව පැවසී ය...

ලෝකයේ බලවත්ම පුද්ගලයා ඝාතනය කිරීමට යමෙකු පෙළඹවීමට තරම් “ටැක්සි ඩ්‍රැයිවර්” චිත්‍රපටයේ පවත්නා විශේෂත්වය කුමක්ද? 

හින්ක්ලි ඉන් එහාට කිසිවක් නොපැවසූ බැවින් පරීක්ෂණ කණ්ඩායමට එය දැන ගැනීම සඳහා “ටැක්සි ඩ්‍රැයිවර්” චිත්‍රපටය නැරඹීමට සිදු විය....

මාර්ටින් ස්කෝරස් අධ්‍යක්ෂණය කළ, රොබට් ඩී නීරෝ, ට්‍රැවිස් බික්ල් නම් ටැක්සි රියැදුරෙකුගේ හා ජූඩි ෆොස්ටර්, අයිරිස් නමැති 12 හැවිරිදි ළමා ගණිකාවකගේ චරිතය නිරූපණය කළ “ටැක්සි ඩ්‍රැයිවර්” චිත්‍රපටයේ කතාව සැකෙවින් මෙසේ ය....

මැරීන් භටයෙකු ලෙස වියට්නාම් යුද්ධයට යන ට්‍රැවිස් ආපසු පැමිණෙන්නේ මානසික අවපීඩනයට ලක් වූ හුදකලා පුද්ගලයෙකු ලෙස ය.... ප්‍රචණ්ඩත්වයට ප්‍රිය කරන ඔහු නිව්යෝක් නගරයේ ටැක්සි රියැදුරෙකු ලෙස නැවත ජීවිතය අරඹයි.... එහිදී ඔහුට හමු වන බෙට්සි නම් කාන්තාවක සමඟ හාද වීමට තැත් කළ ද එය අසාර්ථක වෙයි.... ලිංගික ඊර්ෂ්‍යාවෙන් පෙළෙන ඔහු, ඇයට උදව් කරන එක්තරා ජනාධිපතිවරණ අපේක්ෂකයකු මරා දැමීමට තැත් කොට එයද අසාර්ථක වෙයි... මේ අතර එක් රාත්‍රියක හදිසියේ අහම්බෙන් ඔහුගේ ටැක්සි රථයට ගොඩ වන අයිරිස් නමැති ළමා ගණිකාවක් ඔහුට පවසන්නේ තමා  සිය පිම්පියාගෙන් ගැල වී පලා යන බවත් ඔහුගෙන් මිදීමට ඇයට උදව් කරන ලෙසත් ය.....

 පසුව ගිනි අවියක් මිල දී ගෙන අයිරිස්ගේ පිම්පියාත් ඊට උදව් කරනා කිහිප දෙනෙකුත් මරා දමනු ලබන ට්‍රැවිස් අවසානයේ වීරයෙකු මෙන් ටැක්සිය පදවා ගෙන අයිරිස් හමුවට එයි....මානසික අවපීඩනයෙන් පෙළෙන ට්‍රැවිස්ට අවශ්‍ය වනුයේ කෙසේ හෝ වීරයකු වීමට බව චිත්‍රපටයෙන් අවසානයේ ගම්‍ය වෙයි...

චිත්‍රපටය නැරඹූ පරීක්ෂණ කණ්ඩායම අගක් මුලක් සොයා ගත නොහැකිව නැවතත් හින්ක්ලිගෙන් ප්‍රශ්න කිරීම අරඹන ලද්දේ ය...

එහිදී නැවතත් කතා කිරීම අරඹන හින්ක්ලි රේගන් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත් කිරීමේ හේතුව මෙසේ හෙළිදරව් කරන්නට විය....

“ටැක්සි ඩ්‍රැයිවර්” චිත්‍රපටය කිහිප වරක්ම නැරඹූ හින්ක්ලි එහි අයිරිස් නමැති ළමා ගණිකාවගේ චරිතයට හා එම චරිතය රඟ පෑ ජූඩි ෆොස්ටර් කෙරෙහි තමාට තදින් බැඳීමක් ඇති වූ බව නොහොත් ආදරය කිරීමට පටන් ගත් බව පැවසීය..... 

මේ වන විට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වූ හින්ක්ලි සිය උගෙනුම හා උපාධිය ලබා ගැනීමේ අපේක්ෂාව ඉවත ලා ජූඩි සමඟ හාදකමක් ඇති කර ගැනීම සිය ජීවිතයේ එකම ඉලක්කය බවට පත් කර ගන්නා ලද්දේ ය..... 

විශ්ව විද්‍යාලයේ ඔහුට කිසිදු මිත්‍රයෙකු නොසිටි අතර ඔහුගේ එකම බලාපොරොත්තුව ජූඩි මිත්‍ර කර ගැනීම ම විය...

 අවුරුදු ගණනක් තිස්සේ රට පුරා ජූඩිව සොයන හින්ක්ලි අවසානයේ ඇය යේල් විශ්ව විද්‍යාලයේ පාඨ මාලාවක් හදාරමින් සිටින බව දැන ගන්නේ සඟරාවක පළ වූ ඇය පිළිබඳ වූ ලිපියකිනි..... 

ඇගේ ලිපිනය සොයා ගත් ඔහු එතැන් පටන් ඇයට නොකඩවා  ලිපි ලිවීම නොහොත් කරදර කිරීම අරඹන ලද්දේ ය... 

දිගින් දිගටම සිදු වන්නා වූ මේ කරදරය ඉවසිය නොහැකි වූ ජූඩි ඔහු කැඳවා ඔහු ගැන තමාට උනන්දුවක් නොමැති බවත් කරදර නොකරන ලෙසත් ඉල්ලා සිටිය ද එය ශිෂ්ට ලෙස පිළි ගැනීමට තරම් මානසික තත්ත්වයක ඔහු නොසිටියේය.... ජූඩි විසින් ප්‍රතික්ෂේප කෙරුන ද ඉන් පසුබට නොවූ හින්ක්ලිගේ එතැන් සිට එකම කල්පනාව වූයේ ජූඩිගේ සිත දිනා ගැනීමට තමා කුමක් කළ යුතුද යන්නයි......

වීර ක්‍රියාවක් කොට වීරයෙකු වී මුළු රටේම අවධානය දිනා ගතහොත් ජූඩි ද දිනා ගතහැකිවේයැයි එහිදී ඔහුට කල්පනාවක් පහළ වන්නේ ය.....

එසේ නම් කළ යුතු වීර ක්‍රියාව කුමක්ද? 

එය නම් චිත්‍රපටයේ ට්‍රැවිස් මෙන් ඇයට උදව් කළ යුතුය......නොහොත් ඇය පසුපස හඹා යන පිම්පියා සොයා මරා දැමිය යුතු ය....  හින්ක්ලිට, චිත්‍රපටයේ මෙන් ජූඩිට කරදර කරන පිම්පියෙකු සොයා ගත නොහැකි වන අතර චිත්‍රපටයේ එන ආකාරයට ඔහු ඊ ළඟට සොයන්නට වන්නේ ජනපතිවරණ අපේක්ෂකයෙක් ය.....

 එසේ ජනපතිවරණ අපේක්ෂකයකු සොයන ඔහුට සිහි වන්නේ එවකට අමෙරිකානු ජනාධිපතිවරයා වූ ජිමී කාටර් ය....

 එතැන් සිට, ජිමී කාටර් ඝාතනය කොට වීරයෙකු වී ජූඩිගේ සිත දිනා ගන්නට අවස්ථාවක් සොයන හින්ක්ලිට ඒ සඳහා වාසනාව පෑදෙන්නේ කාටර් ජනාධිපතිවරයා කිසියම් කටයුත්තකට ටෙනසි ප්‍රාන්තයේ නැෂ්විලී ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණෙන බව සොයා ගැනීමෙනුයි....

තමාගේ කාර්යය ඉටු කර ගැනීමට උදා වූ මේ මහඟු අවස්ථාව අත් නොහල ඔහු වහාම එහි ගිය අතර අමෙරිකානු ජනාධිපතිවරයාට ලංවීම මෙතරම් පහසුදැයි තමා විශ්මයට පත් වූ බව පසුව සඳහන් කළේ ය..... 

කාටර් ජනාධිපතිවරයාට අඩියකටත් වඩා සමීපයට යාමට ඔහුට හැකි වී තිබුණි....

නමුත් එසැණින්ම ජනපති ආරක්ෂක නිලධාරීන් විසින් පසෙකට ඇද ගන්නා හින්ක්ලිව පරීක්ෂා කරන ඔවුන්ට ඔහු ළඟ තිබූ ගිනි අවිය හසු වන්නේ ය.....

කුමන හේතුවක් නිසා හෝ FBI නිලධාරීන්, හින්ක්ලි සමඟ ගිනි අවියක් හමුවීම එතරම් බරපතල දෙයක් ලෙස නොසැලකූ බැවින් හින්ක්ලි මානසික රෝගියෙකු ලෙස ඔප්පු කොට ඔහු මුදා ගැනීමට ඔහුගේ දෙමාපියන් සමත් වූහ...... ඉන්පසු ඔහුව මානසික වෛද්‍යවරයකු වෙත යොමු කළ අතර සෑහෙන කලක් ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහු දෙමාපියන්ට පවසන්නේ ජිමී කාටර් ඝාතනය කිරීමේ අදහස අත් හැරිය බවත් ඒ වෙනුවට රොනල්ඩ් රේගන් ඝාතනය කිරීමට තීරණය කළ බවත් ය....

තව දුරටත් ඔහු පවසා සිටින්නේ එයින් රටට හොඳක් සිදුවන බවත් ය.... 

ජනාධිපති රේගන් ඝාතන උත්සාහයේ හාස්‍යජනක නිදාන කතාව එසේ අනාවරණය වූ අතර රේගන් ජනාධිපතිවරයාට වෙඩි වැදීමෙන් පසු සිදු වූ සිද්ධි දාමය මෙසේ විය... 

පසුව සොයා ගත් පරිදි තත්පර 1.7 ක කාලයක් තුළ හින්ක්ලි වෙඩි පහර 6 ක් එල්ල කර ඇති අතර ඔහුගේ 6 වෙනි අවසාන කණා වෙඩි උණ්ඩය ලිමොසින් රථයේ වෙඩි නොවදින බඳෙහි වැදී ආපසු පැමිණ රේගන්ගේ වම් උරයෙන් ඇතුළු වී ඉල ඇටයක් තුවාල කරමින් හදවතට අඟලක් තරම් කිට්ටුවෙන් පෙනහැල්ලක් තුළ නැවතී තිබිණි....

 ජනාධිපතිවරයාට වෙඩි වැදී මරණාසන්න වීමේ සිද්ධිය ඉහල පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර වියවුලක් ඇති කරවීමට හා පැවති සීතල යුද්ධයක් එළිපහලියට පැමිණවීමට සමත් වී තිබුණි.....

ඊට ආසන්නම සිද්ධිය වූයේ අමෙරිකානු රාජ්‍ය ලේකම් විසින්,

‘උප ජනාධිපති විසින් භාර ගන්නා තුරු ධවල මන්දිරය මගේ පාලනය යටතේ පවතිනවා’

යි මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම හෙවත් බළලා මල්ලෙන් එළියට පැනීමයි....

මේ අලකලංචි මෙසේ සිදු වෙද්දී හින්ක්ලි තුළ තමන් කළ ක්‍රියාව ගැන කිසිදු වරදකාරී හැඟීමක් හෝ පසුතැවිල්ලක් නොමැති බව පෙනෙන්නට තිබුණි.... 

අධිකරණ මනෝවෛද්‍ය චිකිත්සකවරයාගේ වාර්තාව පරිදි හින්ක්ලි උන්මාදයකින් පෙළෙන බව හෙළි වූ අතර ඒ නිසා ඔහුට විරුද්ධව නීතිමය පියවර නොගන්නා ලදී.... 

අධිකරණයේ උපදෙස් පරිදි හින්ක්ලි වොෂින්ටනයේ සාන්ත එලිසබෙත් රෝහලේ 2006 වසර වනතුරු පූර්ණ කාලීනව රඳවා තබන ලදී..... ඉන්පසු ඔහු සිය මවගේ පූර්ණ අධීක්ෂණය යටතේ වරින් වර නිවසට රැගෙන ඒමට අවසර ලැබිණ.... 2016 සැප්තැම්බර් 10 වන දින ඔහු රෝහලෙන් මුදා හරින ලද අතර, අධිකරණයේ පරීක්ෂාව යටතේ හා තව දුරටත් මනෝ වෛද්‍ය ප්‍රතිකාර යටතේ මව සමඟ පූර්ණ කාලීනව වාසය කිරීම පිණිස පිටත්ව ගියේය.....

 මේ සියළු ප්‍රතිකාර හා පියවරවලින් පසුව හින්ක්ලි ප්‍රකාශ කළේ සිදු වූ කිසිම දෙයක් ගැන ඔහු පසුතැවිලි නොවන බවත්, එම වෙඩි තැබීම ලෝක ඉතිහාසයේ මෙතෙක් සිදු වූ ශ්‍රේෂ්ඨතම ප්‍රේම පූජාව බවත් ය....     

- නිමල් ෆ්‍රැන්සිස්

(අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි)



සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.