අම්බේඩ්කාර් තුමා පංච ශීලය සමාදන්වී බුදු දහම වැලඳ ගැනීම..
👉 මේ දකින පින්තූරය කොහේ එකක් වෙන්න පුළුවන්ද?
👉 මේ ලංකාව නොවෙයි නම් තායිලන්තය හෝ බුරුමය වැනි බෞද්ධ රටක් කියලා බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන්.
👉 ඒත් මේ ලංකාව හෝ වෙනත් බෞද්ධ රටක් නෙමෙයි ඉන්දියාව කියලා කිව්වොත් බොහෝ දෙනෙකුට පුදුම හිතෙයි.
👉 මේ ස්ථානය තමයි ඉන්දියාවේ ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ නාග්පූර් නගරයේ පිහිටා ඇති දීක්ෂ භූමි කියන ස්ථානය.
👉 මේ ස්ථානයේදී තමයි ඉන්දියාවේ පළමු අධිකරණ ඇමතිවරයා වූ බීම්රාඕ අම්බෙඩ්කාර් මහතා ලක්ෂ පහක අතිවිශාල දලිත් ජනතාවක් සමග බුදුදහම වැලඳගන්නේ.
👉 මේ සිදුවීම වුණේ 1956 ඔක්තෝබර් 14 වැනිදා.
👉 එදා අම්බේඩ්කාර් තුමා තමන්ගේ බිරිඳත් එක්ක පංච ශීලය සමාදන්වෙලා නිල වශයෙන් බුදු දහම වැලදගත්තා. මේ අවස්ථාවට සහභාගි වූණු ලක්ෂ පහක පමණ දලිත් ජනතාවත් එදා බුදුදහම වැලදගත්තා.
👉 මේක ලෝක ඉතිහාසයේ එක් දිනක් තුළ සිදුවූ දැවැන්තම ආගමික පරිවර්තනයක් විදිහට සැලකෙන සුවිශේෂී සිදුවීමක්.
👉 මේ සුවිශේෂී දිනය හඳුන්වන්නේ ධම්ම චක්‍ර ප්‍රවර්තන දිනය විදිහට. අදත් එතුමාගේ අනුගාමිකයන් ඇතුළු බෞද්ධයන් මේ දිනය ඉහළින් සමරනවා. මේ පේන්නේ එවැනි අවස්ථාවක ඡායාරූපයක්.
👉 අම්බෙඩ්කාර්තුමාගේ ක්‍රමය අනුගමනය කරමින් 2018 වසරේදීත් 55000ක පමණ විශාල දලිත් ජනතාවක් බුදු දහම වැලඳගෙන තිබුණා. 2023 වසරේදීත් මේ ස්ථානයේ එවැනිම දෙයක් සිදුවුණා.
👉 ඒ අනුව අම්බෙඩ්කාර් එදා කළ ක්‍රියාව ඉන්දියාවේ බෞද්ධ පුනර්ජීවනයට අද දක්වාම බලපෑම් කරමින් තිබෙන සුවිශේෂී කටයුත්තක්.
👉 ශ්‍රී ලංකාවේ ජීවත් වන බෞද්ධයන් ප්‍රමාණය මිලියන 15ක් පමණ වන විට වර්තමාන ඉන්දියාවේ මිලියන 10 පමණ විශාල බෞද්ධ ජනතාවක් ජීවත් වන අය බොහෝදෙනා දන්නේ නැහැ.
👉 ඉන්දියානු ජනගහනයේ ප්‍රතිශතයක් විදිහට මේ ප්‍රමාණය 0.8ක තරම් පුංචි අගයක් වුණත්, සංඛ්‍යාත්මකව ඒ පිරිස ඉතා විශාලයි.
👉 අම්බෙඩ්කාර්තුමා බුදු දහම වැලඳගෙන හරියටම දින 53කට පස්සේ 1956 දෙසැම්බර් හය වැනිදා එතුමා අභාවප්‍රාප්ත වෙනවා.
👉 හැබැයි ඉන්දියාවේ බෞද්ධ ප්‍රබෝධය පිටුපස අම්බෙඩ්කාර්තුමාගේ මැදිහත් වීම තවමත් සජීවීව පවතින්නක්.
👉 මේ පිළිබඳ වැඩි විස්තර සහිත වීඩියෝව ඔබට නෙක්ස්ට් පේජ් යූටියුබ් නාලිකාවෙන් නරඹන්න පුළුවන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..