රාජා.... හෝ.... මා හෝ.... ගංගා හෝ
"රාජා.... හෝ.... මා හෝ.... ගංගා හෝ.... යන්න මන්තරයක් නොවේ. එහි අදහස "එක්‌කෝ රාජාට සැනසිල්ලක් ලැබී නින්ද යයි. එසේ නොවුණහොත් රජු අතින් මා මිය යයි. නැතිනම් ගඟ පිටාර ගලා අප දෙදෙනාම ගසාගෙන යයි"
අතුරු මිතුරු දඹදිව තුරු
රාජකපුරු සෙට්‌ටියා
විවිධ ගුරාලා, කට්‌ටඬියෝ, කපුවෝ පිළිබඳ පුවත් අද නිතර ජනමාධ්‍යවලින් වාර්තා වේ.
ඉතිහාසය හා සම්බන්ධ එවැනිම ගුරෙක් පිළිබඳ කතාවක් ඔබට ගෙනහැර පෑමයි. මේ ගුරා නිසා අපේ රාජධානියක් පවා බිඳ වැටී සිංහල ජනයා මහත් ඛේදවාඡකයන් ඉරණමකට පත් විය.
දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණි අරිට්‌ඨ කී වෙන්ඩු පෙරුමාල්ය. මොහු ඇතුළු පිරිස සෙට්‌ටි, හෙට්‌ටි ආදී නමින් හඳුන්වන ශිව ආගම අදහන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට ප්‍රසිද්ධ ආඬි ගුරාලාය.
නමුත් ඇත්තෙන්ම
👉අරිට්‌ඨ කී වෙන්ඩු පෙරුමාල් නම් හෙට්‌ටියා යන්ත්‍ර මන්ත්‍ර හෝ ගුප්ත විද්‍යාවද හරියට නොදනී. මොහු ලංකාවට පැමිණියේ සීතාවක රාජසිංහ රජ සමයේය.
මෙකල ලංකාවට පෘතුගීසින්ගෙන් බොහෝ අඩම්තේට්‌ටම් එල්ල වූ අවධියකි. සීතාවක රාජසිංහ රජුද ලංකාද්වීපය පෘතුගීසි ග්‍රහණයෙන් මුදා ගැනීමට නොනිමි අරගලයක නිරතව හෙම්බත්ව සිටියේය.
නිරන්තර හැල හැප්පීම් නිසාත්, සතුරන් කෙරෙහි වූ අසීමිත වෛරය නිසාත් චිත්ත පීඩාවට පත්ව සිටි යුදකාමී, රණශූර රාජසිංහයෝ මානසික සහනයක් පතා වෙන්ඩුපෙරුමාල්ගේ බසට නැඹුරු විය. 👉ඔහුගේ ඉගැන්වීම අනුව රජු බුදු දහම අතහැර ශිව ආගම වැළඳ ගත්තේය.
කැලණි ගඟ මත තැනූ මණ්‌ඩපයක රජු වෙනුවෙන් යාගයක් පැවැත්වීමට සැලසුම් කළ ඔහු එහිදී මන්තරය ලෙස ජප කළේ රාජා.... හෝ.... මා හෝ.... ගංගා හෝ.... යන්නයි. නමුත් එය මන්තරයක් නොවේ. එහි අදහස "එක්‌කෝ රාජාට සැනසිල්ලක් ලැබී නින්ද යයි. එසේ නොවුණහොත් රජු අතින් මා මිය යයි. නැතිනම් ගඟ පිටාර ගලා අප දෙදෙනාම ගසාගෙන යයි" යන අදහසයි.
👉චිත්ත පීඩාව නිසා දින ගණනක් නින්ද නොගිය රජුට මේ ශාන්ති කර්මය අවස්‌ථාවේ හොඳින් නින්ද ගියේය. එය වෙන්aඩුපෙරුමාල්ට වාසනාවක් විය.
මේ නිසා ඔහු කෙරෙහි පැහැදුනු රජු ඔහු කියන කියන තාලයට වැඩ කරන්නට විය.
👉වෙන්ඩුපෙරුමාල්ද රජු නොමඟ යවමින් බිලි පූජා දෙමින් තව තවත් රජුට සමීප විය. රාජධානියේ උසස් තනතුරු, නිලතල සියල්ල ඔහුට හිමිවිය.
දැන් රජුට ඔහුගෙන් තොර ලෝකයක් නැත. රජුගේ සමීපතම මිතුරා හා විශ්වාසවන්තයා ඔහු විය.
මේ අතුරු මිතුරුකම නිසා අවංකව රජුට සේවය කළ අයට රාජධානියේ තැනක් නැති විය.
👉දඹදිවින් පැමිණි මේ අතුරු මිතුරා රාජධානියේ අභ්‍යන්තර කටයුතුවලට අත දමමින් රාජ්‍ය පාලනයේ අවුල් වියවුල් ඇති කළේය.
👉කුකුළන්ගේ බෙල්ල කැපීම වැනි බිලි පූජා නිසා බෞද්ධ සංඝරත්නයත්, බෞද්ධ ජනතාවත් රජුගෙන් දුරස් විය. රජුට සමීපව සිටි අය රජුගෙන් දුරස් විය.
මෙය සීතාවක රාජධානියේ පිරීහිමට ප්‍රබල ලෙස බලපෑවේය. උඩරට සමඟ සටනින් පැරදී
👉පෙතංගොඩ උයනට ආ සීතාවක රාජසිංහ රජුගේ පාදයේ උණ කටුවක් ඇනුණු අවස්‌ථාවේ වෙන්ඩුපෙරුමාල් රාජකීය වෛද්‍යවරුන්ට රජුට ප්‍රතිකාර කිරීමට ඉඩ නොදී තමා එය මන්තර බලයෙන් සුව කරන බව පැවසීය.
👉එසේ කියා ඔහු රාත්‍රි කාලයේ රජුගේ තුවාලයට අශ්ව බෙටි දියකර වක්කළේය. මේ නිසා විෂ බීජ ශරීරගත වූ රජු පිටගැස්‌ම සැදී මරණයට පත් විය.
ඔහු එසේ කළේ රජු මියගිය විට සීතාවක රාජ්‍යයේ බලය තමාට පවරා ගැනීමටය.
එහෙත් රජු මියගොස් නොබෝ දිනකින් පෘතුගීසින් සීතාවක අල්ලා ගත්තේය. ඉතා සටකපට අවස්ථාවාදියෙක් වූ මේ ආඬිගුරා එතැන් පටන් පෘතුගීසින්ට එක් වී ජයවීර බණ්ඩාර නමින් පෙනී සිටියේය. මේ අතර උඩරට විමලධර්ම රජු යෙද වූ උපායක ප්‍රතිඵලයක් ලෙස මේ පුද්ගලයා පෘතුගීසින් විසින්ම මරා දමනු ලැබීය.
මෙසේ සීතාවක රාජධානිය විනාශ මුඛයට ඇද දැමූ මේ ආඬිගුරාට ඇතැමුන් සරදමට මේ වැකිය කියූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එම කවියෙන් කියවුණෙ
"මේ හෙට්‌ටියාට සීතාවක රාජධානියේ වැඩවලට අත දාන්න එපා" යන්නයි.
අතුරු මිතුරු දඹදිව තුරු
රාජකපුරු සෙට්‌ටියා
අලුත ගෙනා මනමාලිට
හාල්පතක් ගරාලා
ඉහළ ගෙටත් බෙදාලා
පහළ ගෙටත් බෙදාලා
කුකුළ කපල ගේ මුල්ලේ
කිකිළි කපලා දොරමුල්ලේ
අතක් ගනින් හෙට්ටියෝ
- Indu Abenayake -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..