වෛද්‍ය හමුව විත් පියුමි හංසමාලි
මේක යූටියුබ් එකේ දැක්ක නිසා බැලුවෙ මොකක්ද බොලේ මේ කියල.
බැලින්නම් හෘද රෝග විශේෂඥවරයකු ජාතික රූපවාහිනියේ උදේ වැඩසටහනකට ගෙන්වලා නිවේදිකාවක් ඔහුගෙන් හෘද රෝග සම්බන්ධයෙන් ප්‍රශ්න අහනවා. හෘද රෝග විශේෂඥ වෛද්‍ය වරයා උත්තර දෙනවා. පියුමි හන්සමාලි පැත්තක ඉඳගෙන ඉන්නවා.
නිවේදිකාව විශේෂඥ වෛද්‍ය වරයා ගෙන් ප්‍රශ්න දෙකක් අහලා තුන්වෙනි ප්‍රශ්නය අහන්නෙ පියුමි හන්සමාලිගෙන්. පියුමි හන්සමාලිත් "ඔව් ව්‍යයාම කරන එක හරි වැදගත්, මමත් ව්‍යායාම කරනවා" වගේ කෙටි උත්තර දෙනවා. විශේෂඥ වෛද්‍ය වරයා ඊළඟ වාරෙදි පියුමි හන්සමාලි කිව්ව දේකින් කොටසක් ගන්නවා "අර මෙතුමිය කිව්ව වගේම..." කියලා. ඔන්න ඔහොමයි සාකච්ඡාව ගලා යන්නෙ. විශේෂඥ වෛද්‍ය වරයා උත්තර දෙන අතරෙත් වරින් වර පියුමි හන්සමාලිට කැමරාව යනවා.
ඔය අස්සෙ මැජික් ශිල්පියෙකුත් මතු වෙනවා. මැජික් ශිල්පියා කාඩ් කුට්ටමක් අරගෙන අනලා අනලා විශේෂඥ වෛද්‍ය වරයා ගෙන් අහනවා කොළයක් අරන් බලලා ආයෙ දාන්න කියලා. ඊට පස්සෙ ඔහු කුට්ටම ආයෙ අනලා අනලා එක කොළයක් අරන් පියුමිට පෙන්නල අහනවා මොකක්ද ඒ කියල. පියුමි ඇඹරි ඇඹරි කියනවා "රුවිත බූරුවා" කියලා. මැජික් ශිල්පියා ආපහු විශේෂඥ වෛද්‍ය වරයා දිහා හැරිලා අහනවා "හරි නේද ඩොක්ටර් කොළේ?" "හරියට හරි" විශේෂඥ වෛද්‍ය වරයාට හරි පුදුමයි.
ඊට පස්සේ නිවේදිකාව "වෛද්‍යතුමනි, අපි ගන්නා ආහාර හෘද රෝග කෙරෙහි බලපානවද?" වගේ ප්‍රශ්නයක් අඅහලා ආපහු සාකච්ඡාවට යොමු වෙනවා.
----
අපි නොදන්න ලයිව් පන්නයේ හදපු විහිළු කතාවක් වගේ පෙනුනත් මේක ජාතික රූපවාහිනියෙ ඇත්තටම ගිය වැඩසටහනක්.
ටයි පටියක් පැළඳ ගත්ත මැදි වයසේ වෛද්‍යවරයකු රෝග ගැන කරන සාකච්ඡාවක් හරිම "බෝරින්" වෙන්න පුළුවන්. පැත්තකින් පියුමි හන්සමාලිව තිබ්බ නම් ගොඩක් දෙනෙක් ඒක බලනවා. සමහරක් රටවල රූපවාහිනි ප්‍රවෘත්ති අවසන් වෙලා "බෝරින්" කාල ගුණ වාර්තාව කියවන්න දාන්නෙ කොටට-හිරට ඇඳගත්ත කෙල්ලක්.
ඉස්සරහටත් මේක තව වර්ධනය කර ගන්න පුළුවන්
ප්‍රවෘත්ති වැඩසටහන් - "නිව්ස් විත් පියුමි හන්සමාලි"
ප්‍රවෘත්ති කියන නිවේදකයා ප්‍රවෘත්ති කියනවා. ඒ අතරෙ පියුමි හන්සමාලිව පැත්තකින් වාඩි කරවල තියෙනවා.
"පස්සර පැත්තෙ බස් එකක් පෙරළිලා තිස් දෙනෙක් තුවාල වෙල, පියුමි මොකද හිතන්නෙ ඒ ගැන?'
"අනේ හරි දුකයි අනේ. අපේ නැන්ද කෙනෙකුත් ඉන්නවා බදුල්ලෙ. කෝල් එකක් දීල බලන්න ඕන පස්සෙ එයාලගෙ කාට හරි කරදරයක්ද කියලා"
දේශපාලන වැඩසටහන් - "සළකුණ විත් පියුමි හන්සමාලි"
චමුදිත අනුර කුමාර දිසානායකගෙන් ප්‍රශ්න අහනවා. පියුමි හන්සමාලි චමුදිතගෙ පැත්තකින් වාඩි වෙලා ඉන්නවා. සංවාදය අතර මඟ චමුදිත පැත්ත හැරිලා අහනවා. "පියුමි ඔයා මොකක්ද හිතන්නෙ මෙතුමා කිව්ව දේ ගැන?" පියුමි හන්සමාලි තොදොල් වෙවී කියනවා "අනේ, මට ඒ ගැන එච්චර තේරුමක් නෑ".
සංවාදය දිගටම.
ටික වෙලාවකින් පියුමි හන්සමාලිට උන් හිටි තැන් අමතක වෙලා කෑ ගහනවා "වාචාලයෙක් වගේ කෑ ගහන්න එපා නාට්ටාමියො, ඒ මිනිහට උත්තර දෙන්න දීපන්.
https://www.facebook.com/nalin.subasinghe1
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..