වෛද්‍ය හමුව විත් පියුමි හංසමාලි
මේක යූටියුබ් එකේ දැක්ක නිසා බැලුවෙ මොකක්ද බොලේ මේ කියල.
බැලින්නම් හෘද රෝග විශේෂඥවරයකු ජාතික රූපවාහිනියේ උදේ වැඩසටහනකට ගෙන්වලා නිවේදිකාවක් ඔහුගෙන් හෘද රෝග සම්බන්ධයෙන් ප්‍රශ්න අහනවා. හෘද රෝග විශේෂඥ වෛද්‍ය වරයා උත්තර දෙනවා. පියුමි හන්සමාලි පැත්තක ඉඳගෙන ඉන්නවා.
නිවේදිකාව විශේෂඥ වෛද්‍ය වරයා ගෙන් ප්‍රශ්න දෙකක් අහලා තුන්වෙනි ප්‍රශ්නය අහන්නෙ පියුමි හන්සමාලිගෙන්. පියුමි හන්සමාලිත් "ඔව් ව්‍යයාම කරන එක හරි වැදගත්, මමත් ව්‍යායාම කරනවා" වගේ කෙටි උත්තර දෙනවා. විශේෂඥ වෛද්‍ය වරයා ඊළඟ වාරෙදි පියුමි හන්සමාලි කිව්ව දේකින් කොටසක් ගන්නවා "අර මෙතුමිය කිව්ව වගේම..." කියලා. ඔන්න ඔහොමයි සාකච්ඡාව ගලා යන්නෙ. විශේෂඥ වෛද්‍ය වරයා උත්තර දෙන අතරෙත් වරින් වර පියුමි හන්සමාලිට කැමරාව යනවා.
ඔය අස්සෙ මැජික් ශිල්පියෙකුත් මතු වෙනවා. මැජික් ශිල්පියා කාඩ් කුට්ටමක් අරගෙන අනලා අනලා විශේෂඥ වෛද්‍ය වරයා ගෙන් අහනවා කොළයක් අරන් බලලා ආයෙ දාන්න කියලා. ඊට පස්සෙ ඔහු කුට්ටම ආයෙ අනලා අනලා එක කොළයක් අරන් පියුමිට පෙන්නල අහනවා මොකක්ද ඒ කියල. පියුමි ඇඹරි ඇඹරි කියනවා "රුවිත බූරුවා" කියලා. මැජික් ශිල්පියා ආපහු විශේෂඥ වෛද්‍ය වරයා දිහා හැරිලා අහනවා "හරි නේද ඩොක්ටර් කොළේ?" "හරියට හරි" විශේෂඥ වෛද්‍ය වරයාට හරි පුදුමයි.
ඊට පස්සේ නිවේදිකාව "වෛද්‍යතුමනි, අපි ගන්නා ආහාර හෘද රෝග කෙරෙහි බලපානවද?" වගේ ප්‍රශ්නයක් අඅහලා ආපහු සාකච්ඡාවට යොමු වෙනවා.
----
අපි නොදන්න ලයිව් පන්නයේ හදපු විහිළු කතාවක් වගේ පෙනුනත් මේක ජාතික රූපවාහිනියෙ ඇත්තටම ගිය වැඩසටහනක්.
ටයි පටියක් පැළඳ ගත්ත මැදි වයසේ වෛද්‍යවරයකු රෝග ගැන කරන සාකච්ඡාවක් හරිම "බෝරින්" වෙන්න පුළුවන්. පැත්තකින් පියුමි හන්සමාලිව තිබ්බ නම් ගොඩක් දෙනෙක් ඒක බලනවා. සමහරක් රටවල රූපවාහිනි ප්‍රවෘත්ති අවසන් වෙලා "බෝරින්" කාල ගුණ වාර්තාව කියවන්න දාන්නෙ කොටට-හිරට ඇඳගත්ත කෙල්ලක්.
ඉස්සරහටත් මේක තව වර්ධනය කර ගන්න පුළුවන්
ප්‍රවෘත්ති වැඩසටහන් - "නිව්ස් විත් පියුමි හන්සමාලි"
ප්‍රවෘත්ති කියන නිවේදකයා ප්‍රවෘත්ති කියනවා. ඒ අතරෙ පියුමි හන්සමාලිව පැත්තකින් වාඩි කරවල තියෙනවා.
"පස්සර පැත්තෙ බස් එකක් පෙරළිලා තිස් දෙනෙක් තුවාල වෙල, පියුමි මොකද හිතන්නෙ ඒ ගැන?'
"අනේ හරි දුකයි අනේ. අපේ නැන්ද කෙනෙකුත් ඉන්නවා බදුල්ලෙ. කෝල් එකක් දීල බලන්න ඕන පස්සෙ එයාලගෙ කාට හරි කරදරයක්ද කියලා"
දේශපාලන වැඩසටහන් - "සළකුණ විත් පියුමි හන්සමාලි"
චමුදිත අනුර කුමාර දිසානායකගෙන් ප්‍රශ්න අහනවා. පියුමි හන්සමාලි චමුදිතගෙ පැත්තකින් වාඩි වෙලා ඉන්නවා. සංවාදය අතර මඟ චමුදිත පැත්ත හැරිලා අහනවා. "පියුමි ඔයා මොකක්ද හිතන්නෙ මෙතුමා කිව්ව දේ ගැන?" පියුමි හන්සමාලි තොදොල් වෙවී කියනවා "අනේ, මට ඒ ගැන එච්චර තේරුමක් නෑ".
සංවාදය දිගටම.
ටික වෙලාවකින් පියුමි හන්සමාලිට උන් හිටි තැන් අමතක වෙලා කෑ ගහනවා "වාචාලයෙක් වගේ කෑ ගහන්න එපා නාට්ටාමියො, ඒ මිනිහට උත්තර දෙන්න දීපන්.
https://www.facebook.com/nalin.subasinghe1
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..