සුදුසුකම් ඕන නැති තරඟකාරීත්වය ඉතාමත් අඩු රැකියා ක්ෂේත්‍ර කිහිපයක්
ශ්‍රී ලංකාව තුල අවම වෘත්තිකයන් සංඛ්‍යාවක් සිටින සහ ඉහල වැටුප් තලයකට පිවිසිය හැකි තරඟකාරීත්වය ඉතාමත් අඩු රැකියා ක්ෂේත්‍ර කිහිපයක්.
මේවා කරන්න මහ ලොකු සුදුසුකම් ඕන නෑ. උනන්දුව කැපවීමයි ඕන. ලංකාව තුල ඉලක්කම් 6ක වැටුපක් බොහොම ලේසියෙන් අනෙත් රැකියාවන්ට සාපේක්ෂව මේවගෙන් උපයන්න පුළුවන්.
තව මේවගේ ඒවා ඔයාලගේ රැකියා ක්ෂේත්‍රවලත් ඇති. මේවා මං දන්න, මං අත්දැකීමෙන්ම අත් විඳපු මගේ ක්ෂේත්‍රයට ආසන්න ක්ෂේත්‍ර.
මේවා මේ පාර විභාගෙ ලියපු පොඩි එවුන්ට වැදගත් වෙයි. මොකද මේවා මං දැනගත්තෙ ගොඩක් මහන්සි වෙලා හොයල. පෙලක් ඒවා මං දැන ගන්නකොට පරක්කු වැඩියි. කිහිපයක් විතරක් මමත් කරා. මේ වගේ දේවල් හොයන්න උනන්දුවක් තියෙන අයට තමයි, මේක. 👇
ඕන ගොනෙකුට තේරෙන විදියට ලියන්න හිතුණ නිසා බර වචන, තාක්ෂණික වචන ගොඩක් අඩුකරල තමයි මේක දැම්මෙ.
1) Industrial Boiler Operator :-
Garment Factory වල, තේ කර්මාන්තශාලාවල වගේ ලොකු සිලින්ඩරයක් වගේ තියෙන යන්ත්‍රයක් දැකල ඇති ගොඩක් අය. හුමාලය, ජල වාශ්ප, උණු වතුර හදන්න ගන්න විශාල යන්ත්‍රයක් තමයි මේ බොයිලේරුව කියල කියන්නෙ. ඒකෙ වැඩකරන්න නම්, licence එකක් ඕන. ඒක ගන්න ඒ වගේ බොයිලේරුවක මුලින් වැඩකරන්න ඕන trainee කෙනෙක් විදියට. ඒකට අදාල පාඨමාලාත් තියේ 8 pass නම් පුළුවන්. මොරටුව විශ්වවිද්‍යාලය, IITM ආයතනය වගේ ඒවගේ. Boiler Operator grades තියේ class I සිට III වෙනකන්. Class III ඉන්න කෙනෙක්ට වුණත්, ලක්ෂයක් වගේ වැටුපක් ගන්න පුළුවන්. ලංකාවෙම මේ අය 1000ක් නෑ හොයාගන්න.
2) Safety Engineer/ Occupational & Safety Manager :-
කර්මාන්තශාලාවක සෞඛ්‍ය හා වෘත්තීමය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්න කෙනා. මෙයා overall ගත්තොත්, doctor, engineer, PHI, ඔය වගේ වෘත්තීන් කිහිපයක තියෙන මූලික සංකල්පවල එකතුවක් කිව්වත් ප්‍රශ්නයක් නැහැ.
මෙහෙම කෙනෙක් වෙන්න අවශ්‍ය පාඨමාලා, NIOSH, CIPM, කොළඹ විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය, NEBOSH වගේ ආයතනවල තියේ. මූලික සුදුසුකම O/L. බිංදු 6ක වැටුපක් ගන්න පුළුවන් රැකියාවක්. ලංකාවෙම මේ අය 1000ක් නෑ හොයාගන්න. ඉදිරියේදී අනිවාර්ය වෙනවා මෙම තනතුර රැකියා ස්ථානයක සේවකයින් 100ට වඩා වැඩිනම්.
3) NDT (Non Destructive Test) Technician :-
ගුවන් යානාවල, පාලම්වල, තෙල් ටැංකිවල වගේ ඇතුලත පියවි ඇසට නොපෙනෙන පළුදු, වගේ දේවල් පරීක්ෂණාත්මකව සොයන කෙනා.
මේකටත් පාඨමාලා තියේ, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ. හැබැයි ලක්ෂ 4ක් වගේ යනවා ඔක්කොම පාඨමාලා කරන්න. හැබැයි වැටුප බිංදු 7යි. ලංකාවෙම මේ අය 100ක් නෑ.
4) ECU Programming :-
දැන් එන වාහනවල සියලුම පද්ධති පාලනයවන කොටස තමයි ECU එක. ඒක programme කරන්න දන්න අය අඩුයි ලංකාවෙ. ලංකාවෙම 100ක් නෑ මේ අය.
හැපුණ වාහනයක Airbag sensor එක open වෙලා ඒකේ data, ECU එකේ record වෙනවා. පෙලක් අයට ඕන brand new විදියට ඒ වාහනේ විකුණන්න. එතකොට අර recorded data එක අයින් කරගන්න, ECU programming දන්න කෙනෙක් ඕන. මෙහෙම කිව්වම ගොඩක් අයට තෙරේන නිසයි මේක දැම්මෙ. 😂
උඩ කිව්ව හොර වැඩේ වගේම, ECU programming වලින් ගොඩක් සාධනීය දේවල් කරන්න පුළුවන්. මෙහෙම කෙනෙක්ටත් ලංකාවේ බිංදු 6ක වැටුපකට යන්න පුළුවන්. දැනට OBD Academy එකේ පාඨමාලා තියේ. රජයේ අධ්‍යාපන ආයතන මේවා ගැන තවම හිතලවත් නෑ.
උඩ 4ම, පිටරට යන්න පට්ට valid, ඉහලම වැටුපක් පිට රට ගෙවනවා. කරා කියල පාඩුවක් වෙන්නෙ නැහැ. මං දැම්මෙ ලංකාවෙ තත්ත්වය විතරයි. ඒවගේ නම්වල නම් පොඩි පොඩි වෙනස්කම් ඇති, ඒත් කරන්න තියෙන දේ ඔය ටික.
මේ ගැන තව ඔයත් හොයල බලන්න. දන්න පොඩි එවුන්ටත් කියන්න.
O/L ගැන පත හෑලි දාන අතරේ මේ හෑල්ල හොඳයි කියල හිතල දැම්මෙ.
Thiluka T. Thilakarathna

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්යාප්ත විදුලි කප්පාදුවක්..