කායික වෛද්‍ය විද්‍යා මහාචාර්ය චාමර දලුගමගේ රට හැර නොයාමේ කැමැත්ත හා සබරගමුව වෛද්‍ය පීඨයේ ඇත්ත කතාව
"අපේ පවුලේ මහාචාර්ය වරයෙකු හිටියේ නැහැ .ඒත් මට පුංචි කාලෙ ඉඳලම කැමැත්තක් තිබුණ වෛද්‍යවරයෙක් වන්න .මම තේරෙන කාලෙ ඉදලම සැලැස්මකට අනුව වැඩ කළා .ඊලඟ අවුරුදු 5 දී ,10 දී මම කොතනද ඉන්නෙ කියල මම සැලසුම් කළා.සැලසුම් කළා පමණක් නෙවි ,ඒ වෙනුවෙන් වැඩ කළා .ප්‍රශ්න ආව ,පසු බෑමට ලක්වුණා.ඒත් මම අධර්‍ය්මත් නොවී සියල්ල කළා.මගේ තෘප්තිය ශ්‍රී ලංකාවේ මිනිසුන්ට සේවය කිරීමයි .
පශ්චාත් අධ්‍යයනය කටයුතු වෙනුවෙන් වසර ගණනක් එන්ගලන්තයේ වාසය කළ මම එහි රැඳී සිට වෘත්තීය කටයුතු කරගෙන යාමට අවස්ථාව හිමි වුවද ,යළිත් මවු රටට පැමිණියා. එන්ගලන්තයේ වැඩ කරන්න මට අවස්ථා ගොඩාක් ලැබුණා.ඒත් මම ඒවා අත ඇරල ලංකාවට ආවේ, මගේ රටේ ළමයින්ට උගන්වන එක මට ලොකු සතුටක් නිසා .ඒක මම බොහොම තෘප්තියෙන් කරන දෙයක් .
මේ රටේ ජීවත් වෙලා මේ රට වෙනුවෙන් යමක් කරන එකෙන් ,මම ලොකු තෘප්තියක් ලබනවා .ඒ නිසා මේ රට දාල යන්න කිසිම අදහසක් නෑ. මේ රටේ ශිෂ්‍ය යන්ට උගන්වන එකත් රෝගීන්ට ප්‍රතිකාර කරන එකත් මට ලොකු සතුටක්. ඒක දිගින් දිගටම කරගෙන යනවා."
- මහාචාර්ය චාමර දලුගම -
(මතු සම්භන්ධයි) .fb ගිනුමෙන් උපුටා ගන්නා ලදී
මගේ සටහන
තම උපන් රටට සේවය කිරීමටත් එහි ඉගෙන ගන්නා වෛද්‍ය සිසුන්ට සේවය කිරීමටත් බාධක මධ්‍යයේ රට අතහැර නො යාමටත් ඔහු තීරණය කර ඇත. එවන් ගුරුවරුන් රටේ සම්පත් වේ. ආදර්ශයට ගත යුතුව ඇත තමන් ඉගෙනගත් නිදහස් අධ්‍යාපනය සුරකමින් රෝගී සත්කාර සේවාවේ යෙදෙන මෙවැනි උතුම් පුරුෂයන් අප සැමදා ඇගයීමට ලක් කළ යුතුය.
අපි අනතුරුව සබරගමුව වෛද්‍ය පීඨය දිහා බලමු.
එහි ඇත්තේ හාත්පසින් මීට වෙනස් කතාවකි.
තමන් ඉගෙනගත් නිදහස් අධ්‍යාපනය සහ රැකියාව කරන සෞඛ්‍ය සේවය දඩමීමා කරමින් සබරගමුව වෛද්‍ය පීඨය ප්‍රමිතියෙන් තොර බාල තත්වයේ වෛද්‍ය පීඨයක් කර පුද්ගලික මුදලාලිලාට ඒ හරහා වෛද්‍ය අධ්‍යාපනය විනාශ කොට විකිණීමට උඩගෙඩි දෙන විශේෂඥ වෛද්‍යවරුන් මහාචාර්යවරුන් සහ වෛද්‍ය නොවන පීඨාධිපතිනියන් නිසා සබරගමුව ලොකු අවුලක ය.
දැනුදු සිසුන් රවටමින් වසර පහක් තිස්සේ නොකළ වැඩ හෙට කරනවා අනිද්දා කරනවා, ලබන මාසේ කරනවා, යන පණිවිඩය දෙමින් 'බාලගිරි දෝෂය අද නොවේ හෙට' යැයි කියමින් සියලු දෙනා අනියම් ආකාරයෙන් රවටමින් විවිධ බොරු කියමින් රට වෙනුවෙන් නොව පෞද්ගලික මුදලාලිලා වෙනුවෙන් කටයුතු කරන බව පැහැදිලිව පෙනේ.
එහි එක් කොටසක් පෞද්ගලික සේවය අහිමි වේ යැයි බියෙන් පසු වෙමින් මහාචාර්ය එකක ඉදිවීමට කැමති නැත.
තව කොටසක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය විනාශ වුණත් තමන්ට පුද්ගලික වෛද්‍ය පීඨයක රැකියාවක් ලැබේවි යැයි සිතමින් තමන් උගත් ආචාර්ය මහාචාර්ය පදවිය පවා පාවාදෙමින් ඇත.
ඒ අතර ගෙදර නිදහසේ විවේක සුවයෙන් සිටිය යුතු අයද ඇත.
තවත් කොටසක් දේශපාලන අරමුණු වෙනුවෙන් සටන් ඉදිරියට ගෙන යාමට සියල්ල අවුල් කරමින් ඇත.
තවත් වෛද්‍ය නොවන කණ්ඩායමක් දිගටම රැඳී සිටීමට වෛද්‍ය නොවන කණ්ඩායම් වෛද්‍ය පීඨයට පුරවමින් සිසුන් බිල්ලට ගනිමින් ඇත.
මෙහි ප්‍රධානම කරුණ සිසුන් කොටසක් වින්දිතයන් වී ඇති අතර තවත් කොටසක් මං මුලාවට ලක් ව ඇත.
කැලේ ගසක් කැපීමට කැලේ ගසක් ප්‍රයෝජනයට ගත්තත් බොහෝ අයවලුන් උත්සහ දැරුවත් මේ රටේ එය කිරීමට කිසිදා නොහැකි බවත් ස්වභාව ධර්මය හෝ අවසානයේ දඬුවම් පමුණුවනු ඇත.
සයිටම් අර්බුදයේ දී අප දුටුවේ එයයි.
- මහජන යුතුකම් කේන්ද්‍රය -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..