News Category
From Date
To Date
Maximum Number of Result

ජිනීවා මානව හිමිකම් නාටකයේ යටිපෙළ මෙන්න..- වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

Oct 18, 2025 at 02:46 PM
|

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට අදාළව හෙවත් එරෙහිව 60/1 නමින් සුපුරුදු යෝජනාව ඉදිරිපත් කරනු ලැබූ අතර,  මේ නව ප්‍රවණතා ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී එක්සත් ජාතීන්ගේ  මහ කොමසාරිස් වෝල්ටර් ටූර්ක් සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය අතර ඇති කරගෙන ඇති  එකඟතාවයකට අනුව එම ක්‍රියාවලිය සිදුවන බවට බරපතළ සැකයක් ඇතිවී තිබෙන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් සකස් කළ විශේෂ ලිපියක ඒ මහතා මේ ගැන දීර්ඝ වශයෙන් කරුණු අනාවරණය කර ඇත.

අදාළ සවිස්තරාත්මක ලිපිය පහළින්..

ජිනීවා මානව හිමිකම් නාටකයේ යටිපෙළ හෙවත් කපටි සූත්‍රය

පසුගිය ඔක්තෝබර් මස 1 දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට අදාළව හෙවත් එරෙහිව 60/1 නමින් සුපුරුදු යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය. නිශ්චිත බරපතළ කොන්දේසි අඩංගු නොවන එම යෝජනාව ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීම සමාජයේ යම් පාර්ශ්ව වල ඇගයීමට ලක්වී ඇත. නමුත් ඊට පෙර මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කළ වාර්තාවේ අඩංගු කරුණු සැලකිල්ලට ගත යුතු බවට එම යෝජනාවේ සඳහන් වේ. ශ්‍රී ලංකාවේ රජය විසින් සැපිරිය යුතු ඉතා බරපතල කොන්දේසි රාශියක් එම වාර්තාවේ අඩංගු විය. ඊට අමතරව මීට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කළ 51/1 සහ 57/1 යන යෝජනා අනුව කටයුතු කළ යුතු බවද මෙවර 60/1 යෝජනාවේ සඳහන් වේ. ඒ අනුව මෙවර යෝජනාවේ ඊට පෙර 2015 දී යහපාලන ආණ්ඩුව විසින් ස්තුති පූර්වකව පිළිගත් 30/1 යෝජනාවේ අඩංගු ආකාරයට ශ්‍රී ලංකාවේ රජය විසින් ඉටු කළ යුතු නිශ්චිත කොන්දේසි එකින් එක සඳහන් වන්නේ නැත.  

මෙවර 60/1 යෝජනාවේ නිශ්චිතව සහ ප්‍රබල ලෙස අවධාරණය කෙරෙන්නේ පළාත් සභා මැතිවරණය පවත්වා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කළ යුතු බව සහ උතුරු සහ නැගෙනහිර පළාත් සභා ප්‍රතිඵලදායක ලෙස ක්‍රියාත්මක වන බව සහතික කළ යුතු බව පමණි. ඒ අනුව පිටු තුනකින් සමන්විත ලේඛනයක පූර්විකාවට අමතරව අඩංගු වන වගන්ති 14ක් අඩංගු ලේඛනයේ සඳහන් වන්නේ ආණ්ඩුව විසින් ඉටු කළ යුතු විශේෂිත නොවන කොන්දේසි ප්‍රමාණයකි. නමුත් ඉතා බරපතළ කොන්දේසි අඩංගු මහකොමසාරිස් වාර්තාව පිටු 16කින් සමන්විත වන අතර සහ එම වාර්තාව මත පදනම්ව ඊට අදාළව ශ්‍රී ලංකාවේ රජයේ ස්ථාවරය කුමක්දැයි සඳහන් වන මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ප්‍රතිපෝෂණ ලේඛනය පිටු 11කින් සමන්විත වේ. එම ප්‍රතිපෝෂිත ලේඛනය මගින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් දැනටමත් ඉටු කළ සහ ඉටුකිරීමට බලාපොරොත්තු වෙන කොන්දේසි පිළිබඳව සහතිකයක් ලබා දී ඇත.

ඒ අනුව මහ කොමසාරිස් වාර්තාවට අදාළව ශ්‍රී ලංකාවේ රජය ඉදිරිපත් කළ ප්‍රතිපෝෂණ ලේඛනයේ උතුරු ප්‍රදේශයේ හමුදා කඳවුරු අනාරක්ෂිත වන ලෙස එම කඳවුරු මැදින් ගමන් කළ පාරවල් 5ක් පොදු ගමනාගමනයට විවෘත කිරීම සහ කඳවුරු ආශ්‍රිත ඉඩම් මහජනයාට නිදහස් කිරීම පිළිබඳව සඳහන් වේ. ඊට අමතරව මහකොමසාරිස් වාර්තා වේ අඩංගු ඉතා බරපතල කොන්දේසි නිශ්චිතව සඳහන් කර ඒවා ඉටුකරන බවට එම ලේඛනය මගින් සහතික වී ඇත. එසේම මහ කොමසාරිස් වාර්තාවේ අඩංගු වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ බල අධිකාරියට එකඟවීම සඳහා අත්සන් කළ යුතු රෝම ප්‍රඥප්තිය ආදියට විරෝධය ප්‍රකාශ නොකර ඒවා පිළිබඳව නිහඬව සිටීමේ ප්‍රතිපත්තියක්ද එම ප්‍රතිපෝෂණ ලේඛනය මගින් ප්‍රදර්ශනය කර ඇත. මේ සියලු නව ප්‍රවණතා ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී එක්සත් ජාතීන්ගේ  මහ කොමසාරිස් වෝල්ටර් ටූර්ක් සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය අතර ඇති කරගෙන ඇති  එකඟතාවයකට අනුව එම ක්‍රියාවලිය සිදුවන බවට බරපතළ සැකයක් ඇතිවේ. එනම්, ප්‍රතික්ෂේප කිරීම සහ එකඟතාවය ලබාදීම ඉතා සූක්ෂම ලෙස එකම ක්‍රියාවලියක් තුළ සිදුවී ඇති බවට පැහැදිලි චෝදනාවක් ආණ්ඩුවට විරුද්ධව එල්ල කිරීම සඳහා හැකියාව ලැබේ. එම චෝදනාව සාධාරණීකරණය කිරීම සඳහා සාක්ෂි රාශියක් ඉදිරිපත් කළ හැක. 

එම සාක්ෂි අතරින් පළමුවැන්න, මෙවර ඉදිරිපත් වන්නේ ඉතා මෘදු යෝජනාවක් බව විජිත හේරත් අමාත්‍යවරයා විසින් පළමු වටයේදීම සඳහන් කිරීමය. ඒ අනුව මෘදු යෝජනාවක් නම් ඊට එකඟතාවය හෝ සමානුග්‍රහය දැක්වීම වරදක් නොවන බවටද මතයක් ගොඩ නැගීමේ හැකියාව ලැබේ. දෙවැන්න, ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග මානව හිමිකම් කවුන්සිලය යොදා ගැනීම මගින් ඉටු කර ගැනීමට අපේක්ෂිත අවසන් අරමුණට අදාළ පූර්ව කොන්දේසි සියල්ල විශේෂයෙන්ම සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම, අභිචෝදක කාර්යාලය පිහිටුවීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ආදිය පිළිබඳව ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගේ කතාව මෙන්ම 60/1 යෝජනාවට  පිළිතුරු කතාව සිදුකළ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරියගේ කතාව මගින් එකඟතාවය පළ කිරීමය. තුන්වැන්න, මහ කොමසාරිස් වාර්තාවේ අඩංගු ඉතා බරපතල කොන්දේසියක් වූ රෝම ප්‍රඥප්තිය පිළිබඳව ආණ්ඩුවේ ප්‍රතිපෝෂණ ලේඛනය මගින් කිසිදු විරෝධයක් ප්‍රකාශ නොකර නිහඬව සිටීමය. හතර වැන්න, ජිනීවා ක්‍රියාවලියට වක්‍රව සහය දක්වන යම් පාර්ශව විසින් රෝම ප්‍රඥප්තිය අත්සන් කළහොත් ඉතා බරපතල ලෙස රණවිරු දඩයම ආරම්භ වන බවට එම කරුණ පමණක් අවධාරණය කිරීම මගින් සෙසු කොන්දේසි අවතක්සේරු කිරීමය. ඒ මගින් අදාළ කොන්දේසියට එකඟ නොවීම තුළ ආණ්ඩුව විසින් රණවිරුවන් පාවා නොදෙන බවට මතයක් ගොඩනැගීමට සහ සෙසු බරපතළ කොන්දේසි වලට එකඟ වීමේ වරද යටපත් කිරීමට හැකි වේ.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී වෝල්ටර ටූර්ක් සහ විජිත හේරත් එකඟතාවය තුළ යම් මනෝ විද්‍යාත්මක යුද උපක්‍රමයක් ක්‍රියාත්මක වන බව තේරුම් ගැනීම අපහසු නැත. උදාහරණයක් ලෙස රෝම ප්‍රඥප්තිය අත්සන් කිරීම වැනි මීට පෙර ඉදිරිපත් නොකළ බරපතල කොන්දේසියක් ඉදිරිපත් කිරීම සහ ආණ්ඩුව ඊට එකඟ නොවීම තුළ ආණ්ඩුවට ගෞරවයක් ලැබේ. එසේම මෘදු යෝජනාවක් ලෙස ආණ්ඩුව විසින්ම සඳහන් කරන 60/1 යෝජනාව ප්‍රතික්ෂේප කිරීම මගින් ආණ්ඩුව ජාත්‍යන්තර පීඩනයට යටත් නොවන බවට ව්‍යාජ මතයක් ගොඩනැගීමට හැකියාව ලැබේ. ඊට අමතරව ආණ්ඩුව ප්‍රතිපෝෂණ ලේඛනය මගින් සහ කවුන්සිලය හමුවේ වාචිකව සිදුකළ ප්‍රකාශ මගින් ඉටු කිරීමට එකඟවන බරපතල කොන්දේසි කිසිවක් නිශ්චිතව 60/1 යා්ජනාවට ඇතුල් නොකිරීම මගින් යෝජනාව ප්‍රතික්ෂේප කරන අතර බරපතළ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට අවකාශය නිර්මාණය වේ. ඒ සියලු කරුණු වලට අමතරව ආණ්ඩුව විසින් යෝජනාව ප්‍රතික්ෂේප කළද යෝජනාවට විරෝධය ප්‍රකාශ නොකර සිටීමටද පරිස්සම් විය.

ඒ අනුව යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම සහ ඊට විරෝධය පළ කිරීම යන ස්ථාවරයන් දෙක අතර පවතින වෙනස පැහැදිලි කිරීමට සිදුවේ. උදාහරණයක් ලෙස මීට පෙර 2021 දී ඉදිරිපත් වූ 46/1 යෝජනාවට සහ 2022 දී ඉදිරිපත් වූ 51/1 යෝජනාවට ශ්‍රී ලංකාවේ රජය විරෝධය ප්‍රකාශ කර ඇත. විරෝධය ප්‍රකාශ කිරීම සඳහා හුදු ප්‍රතික්ෂේප කිරීම හෝ පිළි නොගන්නා බව සඳහන් කිරීම වෙනුවට ඡන්දයක් ඉල්ලා කවුන්සිලය තුළ බෙදීමක් ඇති කළ යුතුය. එවිට ඡන්දය මගින් යෝජනාව පරාජය කළ නොහැකි වුවද එය පරාජය කිරීම ශ්‍රී ලංකාවේ ස්ථාවරය වූ බව අවධාරණය වන අතර ශ්‍රී ලංකාවට හිතවාදී සෙසු රටවල විරෝධයද කවුන්සිලය තුළදී ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබේ. වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව 2024 සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් වූ 57/1 යෝජනාවට ද ප්‍රතිචාර දක්වනු ලැබුවේ ඒ ආකාරයටමය. එනම් ඡන්දයක් ඉල්ලා විරෝධය ප්‍රකාශ කිරීම වෙනුවට  එම යෝජනාව ප්‍රතික්ෂේප කරන බව පමණක් ප්‍රකාශ කෙරිණි. ඒ බව එම සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරියගේ පිළිතුරු කතාව මගින් මැනවින් පැහැදිලි වේ. ඇය 51/1 එක යෝජනාවට මීට පෙර විරෝධය ප්‍රකාශ කළ බව එනම් විරෝධය යන වචනය සඳහන් කරන අතර 57/1 යෝජනාවම අදාළව ප්‍රතික්ෂේප කිරීම පමණක් සිදුකරනු ලැබීය.

ඒ ආකාරයට විරෝධය ප්‍රකාශ කිරීම මගින් ඡන්දයක් ඉල්ලීමට ක්‍රියා නොකිරීම පිළිබඳව විදේශ අමාත්‍යවරයා විසින් ඉතා ලාමක නිදහසට කාරණයක් ඉදිරිපත් කිරීම හාස්‍යජනක වේ. ඔහු සඳහන් කරන්නේ ඡන්දයක් ඉල්ලා ජයග්‍රහණය කළ නොහැකි බවය. එනම් ඡන්දයකින් යෝජනාව පරාජය කිරීමට හැකියාවක් නොමැති බැවින් සහ ඊට අදාළව බලපෑම් කිරීම සඳහා මුදල් වියදම් කිරීමට නොහැකි බැවින් විරෝධය ප්‍රකාශ කිරීම සිදු නොකළ බවය. මීට පෙර 46/1 සහ 51/1  යෝජනා වලට විරෝධය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දයක් ඉල්ලා සිටිනු ලැබුවේ යෝජනාව පරාජය කිරීම සඳහා බහුතර ඡන්ද ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවට පැහැදිලි සාක්ෂි තිබියදී ය. එම යෝජනා මගින් ඉදිරිපත් කළ ප්‍රධාන කොන්දේසිය වූයේ ජාත්‍යන්තර යාන්ත්‍රණයක් මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහිව යුධ අපරාධ චෝදනා  සහ සාක්ෂි ගොණු කළ යුතු බවය. ඊට පෙර 2012 සහ 2014 වසර වලදී ශ්‍රි ලංකාවට අදාළව යුද අපරාධ චෝදනා විමර්ශනය කළ යුතු බවට ගෙන එන ලද යෝජනා වලට ශ්‍රී ලංකාවේ රජය විසින් විරෝධය ප්‍රකාශ කළ අතර ඡන්දයක් ඉල්ලා ශ්‍රී ලංකාවට හිතවාදී රටවල් යොදාගනිමින් බෙදීමක් ඇති කරනු ලැබීය. කෙසේ වෙතත්  සමස්ත යෝජනාවට විරෝධය ප්‍රකාශ නොකර හුදු ප්‍රතික්ෂේප කිරීම පමණක් සිදු සිදුකළද 46/1, 51/1 සහ 57/1  යෝජනා මගින් දිගින් දිගටම ඉදිරිපත් කළ ජාත්‍යන්තර යුද අපරාධ යාන්ත්‍රණයට විරුද්ධව ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය විසින් වාචිකව විරෝධය ප්‍රකාශ කිරීම අගය කළ යුතුය.

නමුත් එහිදී ඇය තාක්ෂණිකව වැරදි ප්‍රකාශයක් සිදුකරමින් මානව හිමිකම් කවුන්සිලයට චෝදනාවක් එල්ල කරනු ලැබීය. එනම් මානව හිමිකම් කවුන්සිලය විසින් ඒකපාර්ශවීයව යුද අපරාද විමර්ශන ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවීම මගින් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය වන බව ප්‍රකාශ කිරීම වෙනුවට ඇය චෝදනා කළේ කවුන්සිලය තම බලාධිකාරිය පුළුල් කිරීමට ක්‍රියා කරන බවය. කවුන්සිලයට තම බලඅධිකාරිය පුළුල් කර ගැනීමට බලයක් නොමැති අතර එය සිදුවිය යුත්තේ ප්‍රඥප්තියට අනුව සහ මහා මණ්ඩලයේ අනුමැතිය අනුව පමණි. එසේ වුවත් ජාත්‍යන්තර යාන්ත්‍රණයට එකඟ නොවන බව විශේෂිතව ප්‍රකාශ කිරීම අගය කළ යුතුය. නමුත් ඇයගේ පිළිතුරු කතාව තුළ 60/1 යෝජනාව ප්‍රතික්ෂේප කරන අතර බරපතල කොන්දේසි ලෙස සැලකෙන සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම සහ අභිචෝදක කාර්යාලය පිහිටුවීමට එකඟවීම මගින් ඉතා සූක්ෂමව යෝජනාව ප්‍රතික්ෂේප කරන අතර මහ කොමසාරිස් වාර්තාවේ අඩංගු බරපතල කොන්දේසි වලට එකඟතාවය පළ කිරීම සිදුවේ. 

කෙසේ වෙතත් ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ ඒ වටා පෙළ ගැසෙන සහ ඊට බලපෑම් කරන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ජාලය විසින් ඉටු කර ගැනීමට අපේක්ෂිත අවසන් අරමුණ පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැතිව මෙම පරස්පරතා ලෙෂ පෙණෙන මානසික යුද උපක්‍රම තේරුම් ගැනීම දුෂ්කර වේ. පළමුවෙන්ම, බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමෙන් පසුව 2009 මැයි මාසයේදී මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 11/1 යෝජනාව සංශෝධනය කර ගැනීම මගින් ආණ්ඩුව ඊට සමඅනුග්‍රහය දැක්විය. එසේ ශ්‍රී ලංකාවේ රජය ජයග්‍රහණයක් ලෙස හඳුන්වන පොදු එකඟතාවයෙන් සම්මත කළ යෝජනාව මගින් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ රජය එකඟ විය. ඒ අනුව ඊට හිලව්වට අදාළ යෝජනාවෙන් යුධ අපරාධ චෝදනා ඉවත් විය. ඒ මගින් යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ අවසාන අරමුණ කුමක්දැයි ඉතා හොඳින් පැහැදිලි වේ. එදා පැවැති රජය පොරොන්දු වූ ආකාරයට 13වන සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් උතුරු සහ නැගෙනහිර පළාත්වල ස්වයං පාලනය පිහිටුවීමට අවශ්‍ය තත්ත්වය නිර්මාණය නොකළ බැවින් එතැන් සිට යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වූ බව ඉතා පැහැදිලියි.

එම ඉතිහාසය තුළ තීරණාත්මක සන්ධිස්ථානය වන්නේ 2015 දී, 30 වැනි සැසිවාරයට ඉදිරිපත් කළ මහ කොමසාරිස් වාර්තාව සහ ඊට අනුව ඉදිරිපත් කළ 30/1 යෝජනාවය. එම වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවට බරපතල යුධ අපරාධ චෝදනා 8ක් එල්ල කරනු ලැබූ අතර එල්.ටී.ටී.ඊ සංවිධානයට නාමිකව චෝදනා 3ක් එල්ල කරනු ලැබීය. එසේ වගකිවයුතු සංවිධානයකට සහ පුද්ගලයන්ට චෝදනා එල්ල කිරීම මගින් ඔවුන්ට දඬුවම් කිරීමේ ප්‍රායෝගික අවකාශයක් නොමැති තත්ත්වයක් යටතේ එල්.ටී.ටී.ඊ සංවිධානයට චෝදනා එල්ල කරනු ලබන්නේ ව්‍යාජ සාධාරණත්වයක් පෙන්වීම සඳහා බව ඉතා හොඳින් පැහැදිලි විය. කෙසේ වෙතත් මහ කොමසාරිස් වාර්තාව මගින් එල්ල කරනු ලැබූ චෝදනා තවදුරටත් විමර්ශනය කිරීම සහ රණවිරුවන්ට දඬුවම් කිරීම සඳහා වන කොන්දේසි සියල්ල 30/1 යෝජනාවේ අඩංගු විය. ඒ මගින් ජාත්‍යන්තර ප්‍රජාව සහ ශ්‍රී ලංකාවේ රජය විසින් ඉටු කළ යුතු කොන්දේසි  නිශ්චිතව ප්‍රකාශ විය. එම චෝදනා පත්‍රය සහ ඉටු කළ යුතු කොන්දේසි සියල්ල විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ස්තුති පූර්වකව පිළිගනු ලැබීය.

එතැන් සිට යහපාලන ආණ්ඩුව විසින් රණවිරු දඩයමට අදාළ නීතිමය රාමු 7ක් සම්මත කරනු ලැබීය. එම පනත් 7ට අදාළ ක්‍රියාවලිය සම්පූර්ණ කරනු ලබන්නේ රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුවය. රණවිරු දඩයමට අදාළව නීතිමය රාමු 9ක් සම්මත කළ යුතු බවට මූලික වශයෙන් 30/1 යෝජනාව මගින් එකඟ වී ඇත. ඒ අනුව ඒ අතරින් ඉතිරි වී ඇත්තේ තවත් පනත් 2ක් පමණි. එනම් සත්‍ය සෙවීමේ කොමිසම සහ අභිචෝදක කාර්යාලය පිහිටුවීමට අදාළ පනත් දෙක පමණි. ඒ අතුරින් සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ වන විට ගැසට කර ඇත. වර්තමාන රජය විසින් අභිචෝධක කාර්යාලය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත. එම පනත් 2ක සම්මත කළ විට සමස්ත රණවිරු දඩයමේ මාර්ග සිතියමට අදාල නීතිමය රාමු සියල්ල සම්පූර්ණ වේ.

ඊට අමතරව 30/1 යෝජනාවට අනුව ඊනියා යහපාලන කාලය තුළ ප්‍රමුඛතාවය ලබාදුන් රණවිරුවන්ට පරිපාලන වශයෙන් සහ පවතින අපරාධ නීතිය යටතේ දඩුවම් කිරීමේ ක්‍රියාවලිය ද වර්තමාන රජය යටතේ ඉදිරියට ගමන් කරන බව ඉතා පැහැදිලිව දැක ගත හැක. විශේෂයෙන්ම ත්‍රස්තවාදී සැකකරුවෙකුගේ සාක්ෂි මත හිටපු නාවික හමුදාපතිවරයෙකුට නඩු පවරා බන්ධනාගාර ගත කිරීමට ධෛර්යමත් වීම තුළින් එම ක්‍රියාවලිය නිර්භයව ඉදිරියට ගෙන යාමට වර්තමාන රජය සූදානම් බව ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්වා ඇත. ඒ අනුව මානව හිමිකම් කවුන්සිලය යොදා ගනිමින් බෙදුම්වාදී මාර්ග සිතියමට අදාළව තවදුරටත් ඉටු කර ගත යුතු වන්නේ මූලික වශයෙන් සත්‍ය සෙවීමේ කොමිසම සහ අභිචෝදක කාර්යාලය පිහිටුවීමට අදාළ නීතිමය රාමු සම්මත කිරීම සහ පළාත් සභා මැතිවරණය පවත්වා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම පමණි. ඊට අමතරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම මගින් සහ මාර්ගගත ආරක්ෂණ පනත සංශෝධනය කිරීම මගින් රාජ්‍යයේ දෑත් බැද දමා  සමස්ත ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමට ද අවශ්‍ය වේ. 

වර්තමාන ආණ්ඩුව ඉතිහාසයේ ප්‍රථම වතාවට මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක් ප්‍රතික්ෂේප කරන අතර එම යෝජනා මගින් අවසානයේදී ඉටු කර ගැනීමට අපේක්ෂිත සියලු අරමුණු ඉටු කර දීමට එකඟ වී ඇත. එම ක්‍රියාවලිය තවදුරටත් සුවිශේෂී වන්නේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම මගින් යටත් නොවන බවට ලබා දෙන ව්‍යාජ පණිවිඩය තුළින් ලබා ගන්නා ගෞරවයද එම අවසන් පාවාදීම සාධාරණීකරණය කිරීමට යොදා ගැනීම නිසාය. ඊට අමතරව දැනටම අකර්මණ්‍යව පවතින අතුරුදහන් කිරීම පිළිබඳ කාර්යාලය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සහාය ලබා ගැනීමට ආණ්ඩුව වක්‍රව එකඟතාවය පළකර ඇත. ඒ අනුව සත්‍ය සෙවීමේ කොමිසම ක්‍රියාත්මක වීමේදී ඒ මඟින් ප්‍රබල ජාත්‍යන්තර නියෝජනයකට ඉඩ සලසන බැවින් බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම ගමන් කිරීමට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාව තුළ ස්ථානගත වෙමින් ප්‍රබල ජාත්‍යන්තර මැදිහත්වීමක් සිදුවන බවට කිසිදු සැකයක් නැත. 

සත්‍ය සෙවීමේ කොමිසම පනත සහ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත මගින් සාක්ෂි ආඥා පනත අදාළ නොවන ලෙස සහ අණදීමේ වගකීම අදාළ වන ලෙස රණවිරුවන්ට එරෙහිව බරපතළ යුධ අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වේ. ඊට සමගාමීව ආණ්ඩුව එකඟ නොවන බව ප්‍රකාශ කළ ද ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශන යාන්ත්‍රණය ද ඉදිරියට ගමන් කරන බවට කිසිදු සැකයක් නැත. ඒ අනුව බෙදුම්වාදී මාර්ග සිතියමට අදාළ අවසන් සැතපුම ගමන් කිරීම සඳහා අවශ්‍ය වන කොන්දේසි සියල්ල සහ රණවිරුවන් විසින් බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීම මගින් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට අත්පත් කරදුන් ජයග්‍රහණ පාවාදීමේ කොන්ත්‍රාත්තුව සැපිරීමේ වගකීම පැවරි ඇත්තේ වර්තමාන රජයට වන අතර ආණ්ඩුව ඊට පැහැදිලිව එකඟතාවය ප්‍රකාශ කර ඇත. එම නිසා ජාත්‍යන්තර යුධ අපරාධ යාන්ත්‍රණයට විරුද්ධ වීම සහ 60/1 යෝජනා ප්‍රතික්ෂේප කිරීම යනු හුදු ඇස්බැන්දුමක් පමණක් බව ඉතා කෙටි කාලයකදී මහජනයාට වැටහෙනු ඇත.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර 

මහ ලේකම්

දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය

2025-10-11


සම්බන්ධිත පුවත් | Related News

මහ බස් මාදිලියක (මබමාවක, Large Language Model, LLM) හැකියාව මෙන්න මේකයි කියලා නිශ්චිත කරලා කියන්න බෑ. මබමාවන්ගේ හැකියාව සන්දර්භය අනුව වෙනස්වෙනවා.
ප්‍රවෘත්ති බලද්දි දවසගානේ මේ වචන ඇහෙද්දි, මේ කියන්නේ ඇත්තටම මොකක් ගැනද කියලා ඔයා කවදාහරි හිතලා තියෙනවද? නම දන්නවා වුණාට, මේ ආයතන හැදුණේ කොහොමද, මේවායේ ඇතුළාන්තය මොකක්ද කියලා දන්නේ අපි අතරින් ඉතාම සුළු පිරිසක් විතරයි.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
ශ්‍රී ලංකාවේ බිත්තර පරිභෝජනය අඩුවීම මන්දපෝෂණයට හේතු වී ඇත.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
“හරක් කටා” නැමැත්තාගේ රැඳවුම් නියෝග ඉවත්කර සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12 ක) අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා ඊයේ (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
වත්මන් ආණ්ඩුව විසින් පසුගිය කාලයේ දී විවෘත කළ අලවල සංචාරක මධ්‍යස්ථානය මේ වන විට වල් බිහිවී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප රැසක් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.
පසුගිය 14 වෙනිදා සුරේෂ් සලේ තමන් PTA යටතේ රදවා ගෙන සිටීමට එරෙහිව අධිකරණයට ඉදිරිපති කරන ලද රීට් පෙත්සමට අදාලව කරුණු දැක්වීම කරනු ලැබුවා.
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (14) පස්වරුවේ කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබිණි.

ප්‍රධාන පුවත්

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.