තවත් අගනා සොයුරකුගේ සමුගැණීමක්..
1994 මහ මැතිවරණයට පොලොන්නරුවේදී නාමයෝජනා දීමට පානදුරේ ගුරුවරයකුද තවත් එක් පිටස්තර සගයෙකු ද , එහි කැටුව යාමට මට සිදුවිය.
එසේ ඒ සගයන් කැටුව යාමට සිදුවූයේ , අත් අඩංගුවට පත්ව නිදහස්ව ආ අයද , අත් අඩංගුවට පත් නොවූ අයද කෙතෙක් සිටියද ඒ සඳහා උණගලාවෙහෙරේ කේ.බී.සහෝදරයා සමග ඉදිරිපත්වූ පිරිසට දෙදෙනෙක් මදි වූ නිසාය.
එවකට ජ.වි.පෙ. දේශපාලන ය සමග සමීප සම්බන්ධයක් සහිතව සිටිමින් ජ.වි.පෙ. ආධාරකරුවකු වූ මේ සහෝදරයාව නාම යෝජනා සඳහා උනන්දු කලේ එවකට ද සිරගතව සිටි ඉන්ද්‍රානන්ද ද සිල්වා වන ඔහුගේ සහෝදරයාය.
හිටපු මැතිවරණ කොමසාරිස් ආර්.කේ චන්ද්‍රානන්ද ද සිල්වා මහතා නිසා එකල මේ සහෝදරයා ගේ නම මා තුල තදින් ධාරණය ව තිබූ නමුත් නමේ දෙමාපියන් දැමූ කොටස මට දැන් මතක නැත. මා දැන සිටි සහ අදත් දන්නා කොටස රාහුබද්ද කංකානමගේ ....... ද සිල්වා යන ඉතිරි සියල්ලය. (ඔහු අනුර විය යුතු යැයි යාන්තමින් ඉපිළෙන මතකයක් තිබේ. )
එදා ඔහු අනතුර නොතකා ජ.වි.පෙ. නාමයෝජනා ළැයිස්තුවේ අපේක්ශකයෙකු ලෙස ඉදිරිපත්වී එළිමහනට එන මොහොතේ , කැළණි විශ්ව විද්‍යාලයේ සැපට සිටි අද
" ජ.වි.පෙ. " ලෙස පෙනීසිටින කොම්පැණියේ
" නායකයා " ලෙස පෙනී සිටින්නා , නාමයෝජනා ලැයිස්තු වලට විශ්ව විද්‍යාල සිසුන් ගන්නවාට දැඩිව විරුද්ධ විය.
ඔහු අපෙන් ඇසුවේ " මේ අයගෙ ජීවිත වලට වගකියන්නේ කවුද කියාය ".
එවැනි , බියෙන් මුළු වැදී සිටි පලාගියවුන් සමග සසඳද්දී අනුර , පක්ෂය , පොළොව යටින් මතුපිටට ගැනීම සඳහා ඒ මොහොතේ කල කැපකිරීම විෂිශ්ඨය.
අද බොහෝ අයට උදම් අනන්නට පක්ෂයක් නිර්මාණය කලේ ඔහු වැනි නිර්භීත මිනිසුන් ය..!!!
( මැතිවරණයට පෙර ( ලාල් ගේ )ගෙදර ගොස් කථාකල සැණින් , ඔහු කරමින් සිටි සුළු ව්‍යාපාරය පසෙක තබා පැමින පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු වල සංවිධායකයා වූයේ කුරගමගේ දොන් ලාල් කාන්තය. අවමංගල්‍ය මොහොතක් වූවද එය මෙහිලා සඳහන් නොකලොත් සාධාරණ නැත . අද පොලොන්නරුවේ " ජ.වි.පෙ ." දිසා ලේකම් වික්‍රමසිංහ සහෝදරයාද නාම යෝජනා දීමට එඩිතරවූ එක් සගයෙකි .)
අනුර , රාජ්‍ය පරිපාළන සේවයේ සිටි ජ්‍යේෂ්ඨ නිළධාරියෙකි.
කෙසේ වෙතත් අපේ මලයා වේලාසණින් නික්ම ගොසිනි. ඔහු ගැන බොහෝ දෙනෙක් නොදන්නා මේ සටහනේ ඇතුලත් කාරණය සිහිපත් කිරීම , ඔහු නික්ම යන මොහොතේ දී , ඔහු එදා කල කැපකිරීමට ම විසින් කලහැකි හොඳම උපහාරය යැයි සිතමි.
සොයුර ,
ඔබට මගේ අවසන් ආචාරය පළකරමි..!!!
- නන්දන ගුණතිලක -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..