News Category
From Date
To Date
Maximum Number of Result

අපේ රටට තිබ්බ, ඒත් අද නැති නැව්

Nov 30, 2023 at 07:52 AM
|

1969 සිලෝන් ෂිපින් කෝපරේෂන් ආරම්භ කර තිබෙනවා. සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍ය වරියගේ පාළන සමයේ පී. බී. ජී. කලුගල්ල වෙළද හා නාවික අමාත්‍යවරයා ලෙස නාවික කටයුතු ආරම්භ කර තිබෙනවා.  1970 දී එහි ප්‍රධානය කාර්යාලය කොළඹ 1 බාරොන් ජයතිලක මාවතේ ආරම්භ කිරීමෙන් පසු, 1971 දී ප්‍රථම වරට මිලදී ගන්නා ලද ලංකා රාණි නෞකාව තමයි ශ්‍රී ලංකාවට අයිතිව තිබූ ප්‍රථම නැව.

එතැන් සිට වරින් වර මිලදී ගත් නෞකා 17ක් අප රට සතුව තිබි ඇත. මේ එම නෞකා ගැන තොරතුරුයි.

මෙම පරන නැව් කල් ඉකුත්විම මත විකිනිමට සිදුවිය. ඒවායින් නිසි ප්‍රෙයෝජන ලබා ගත්තෙමු. 

එහෙත් ඉන් පසුව ලබාගත් අලුත් නැව් නිශ්පාදනය් බාල බව නිසා හා ඒ සදහා ගෙවු ඉතා ඉහල මිල නිසා වැඩිකල් බාවිතයට නොහැකි විය. 

ලංකා රාණි

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මුල් නාමය Finnamore Valley නම් විය. මෙම නැව ටොන් 10345ක් බර වන අතර, ටොන් 15472ක උපරිම බරක් ගෙන යා හැක.

1975 ජනවාරි 15 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1986 මැයි 22 සිංගප්පූරුවේදී විකුණා ඇත.

ලංකා සාගරිකා

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 1591ක් බර වන අතර, ටොන් 2604ක උපරිම බරක් ගෙන යා හැක.

1972 පෙබරවාරි 8 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1983 ජූලි 5 ජපානයේදී විකුණා ඇත.

ලංකා දේවි

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 9869ක් බර වන අතර, ටොන් 14326ක උපරිම බරක් ගෙන යා හැක.

1972 අප්‍රේල් 11 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1987 පෙබරවාරි 1 නොර්වේදී විකුණා ඇත.

ලංකා කල්‍යාණි 

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 5206ක් බර වන අතර, ටොන්  6376 ක උපරිම බරක් ගෙන යා හැක.

1972 සැප්තැම්බර් 20 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1985 සැප්තැම්බර් 2 Canton හිදී රාජ්‍යයට විකුණා ඇත.

ලංකා කාන්ති

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 5678ක් බර වන අතර, ටොන්  6790 ක උපරිම බරක් ගෙන යා හැක.

1972 නොවැම්බර් 28 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1985 අගෝස්තු 21 කොළඹදී විකුණා ඇත.

ලංකා ශාන්ති

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 9464ක් බර වන අතර, ටොන්  14580ක උපරිම බරක් ගෙන යා හැක.

1973 මැයි ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1986 මැයි 7 Antwerp හිදී විකුණා ඇත.

ලංකා කීර්ති

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 8620ක් බර වන අතර, ටොන්  12068 ක උපරිම බරක් ගෙන යා හැක.

1975 පෙබරවාරි ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1985 මාර්තු 26 සිංගප්පූරුවේදී විකුණා ඇත.

ලංකා රත්න

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 10203ක් බර වන අතර, ටොන්  15305 ක උපරිම බරක් ගෙන යා හැක.

1975 අගෝස්තු 29 ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1986 මැයි 26 ස්පාඤ්ඤයේදි විකුණා ඇත.

තම්මැන්නා

ලංකාව සතුව තිබූ එකම බොර තෙල් ප්‍රවාහන නෞකාව මෙයයි. මෙම නැව ටොන් 18351ක් බර වන අතර, ටොන්  30278 ක උපරිම බරක් ගෙන යා හැක.

1975 සැප්තැම්බර් ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1984 අප්‍රේල් 6 කොළඹදී විකුණා ඇත.

1977න් පසු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේ ලලිත් ඇතුලත් මුදලි මහතා නාවික හා වෙළද අමාත්‍යවරයා ලෙස ලංකාවට ගෙන්වූ නෞකාවන් මෙසේයි.

ලංකා සිරි

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 4060ක් බර වන අතර, ටොන්  3831 ක උපරිම බරක් ගෙන යා හැක.

1982 පෙබරවාරි නිශ්පාදනය කල නැවකි.

ලංකා සීදේවි

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 4060ක් බර වන අතර, ටොන්  3831 ක උපරිම බරක් ගෙන යා හැක.

1982 මාර්තු නිශ්පාදනය කල නැවකි.

ලංකා ශ්‍රීමණී

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 9129ක් බර වන අතර, ටොන්  9609ක උපරිම බරක් ගෙන යා හැක.

1982 අගොස්තු නිශ්පාදනය කල නැවකි.

ලංකා ශ්‍රීමතී

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 11498ක් බර වන අතර, ටොන්  19447ක උපරිම බරක් ගෙන යා හැක.1982 ඔක්තෝබර් නිශ්පාදනය කල නැවකි.

ලංකා මුදිත

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 2934ක් බර වන අතර, ටොන් 3080ක උපරිම බරක් ගෙන යා හැක.1982 ඔක්තෝබර් නිශ්පාදනය කල නැවකි.

1982 දෙසැම්බර් නිශ්පාදනය කල නැවකි.

ලංකා මහපොල

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 8082ක් බර වන අතර, ටොන් 11372ක උපරිම බරක් ගෙන යා හැක.1982 ඔක්තෝබර් නිශ්පාදනය කල නැවකි.

1983 ජූනි 29 නිශ්පාදනය කල නැවකි.

ලංකා අතුල

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 11217ක් බර වන අතර, ටොන් 13880ක උපරිම බරක් ගෙන යා හැක.

1983 සැප්තැම්බර් 9 නිශ්පාදනය කල නැවකි.

ලංකා අජිත

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 8678ක් බර වන අතර, ටොන් 11450ක උපරිම බරක් ගෙන යා හැක.

1985 ජනවාරි 10 නිශ්පාදනය කල නැවකි.

එහෙත් අද වන විට සිලෝන් ෂිපින් කෝපරේෂන් සතුව එක් නෞකාවක්වත් නොමැති අතර, අප රටට නැව් තිබෙන කාලයේ එක් නැවක් වත් නොතිබුණු මාලදිවයින, සිංගප්පූරුව, මැලේෂියාව වැනි රටවල් දැන් විශාල නැව් සමාගම් වල හිමි කරුවන් බවට පත් වී තිබෙනවා. ලෝකයේ නාවික ප්‍රධාන නාවික මාර්ග අසලම පිහිටි අපේ රට ඇත්තෙන්ම මේ වන විට ආසියාවේ විශාලතම නැව් හිමි රටක්ව තිබිය යුතු වුවත්, මුලින් තිබූ නෞකාත් අහිමි කරගනිමින් පරිහානියට පත් වීම වේදනාවට තුඩුදෙන කරුණක් වෙනවා.

- උපුටාගැනීම් අන්තර්ජාලය - 

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.