උවිඳුගේ youtube සාකච්ඡාවට මහාචාර්යවරයකුගෙන් පිළිතුරක්
පසුගිය දා උවිඳු විජේවීර මහතා youtube නාලිකාවක් සමග පැවැත්වූ සංවාදයක දී එහි නිවේදකයා දිගින් දිගටම වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ හා එදා රෝහණ විජේවීරයන් විසින් නිර්මාණය කළ ජනතා විමුක්ති පෙරමුණ අතර සමානතා මතු කිරීමට දැරූ උත්සාහය පරාජය කරමින් පිළිතුරු දීමට උවිඳු විජේවීර සමත් වීම පිළිබඳව මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා මහතා මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
එම සටහන පහළින්...
මෙම සාකච්ඡාව මුළ සිට අග දක්වාම ඉතාමත් සාවධානව මම අසා සිටියා.
මුළු සාකච්ඡාව පුරාම ප්‍රශ්න අසන චතුරංග උත්සාහ කළේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ වූ රෝහණ විජේවීරට තිබූ පිළිගැනීම ඔහුගේ පුත් උවිඳු හරහා NPP හා අනුර කුමාරගේ බංකොලොත් JVP කණ්ඩායම්වලට ලබාදීමටයි.
මා අපේක්ෂා කළාටත් වඩා හොඳින් උවිඳු පිළිතුරු දුන්නා පමණක් නොවෙයි අද ඇමරිකාවට සහ ඉන්දියාවට ගැතිකම් කරමින් බංකොලොත් ගෝලීය දේශපාලනයකට බඩගාමින් ප්‍රවේශයක් ලබා ගන්න උත්සාහ කරන NPP/JVP පිරිස් (සෘජුව නොකළත්) දේශපාලන වශයෙන් නිරුවත් කරන්නත් දක්ෂ වුණා.
මා මේ සටහන තබන්නේ මාගේ සමීප මිත්‍රයෙක් ව සිටි රෝහණ විජේවීරගේ පුත්‍රයා වන උවිඳු විජයවීරට දේශපාලන තල්ලුවක් දීමට නොව උවිඳු දෙවන පරපුරේ සාමාජිකයෙක් ලෙස සිතන පතන ආකාරය බොහෝ දුරට නිවැරදි බව කීමටයි. 71 අරගලයේ දී විජේවීරවත් පාවාදෙමින් CIA එකට දැනුවත්ව හෝ නොදැනුවත්ව සේවය කළ පොඩි අතුල සහ ලොකු අතුලට විශාල ජනතා ප්‍රසාදයක් ලබාදීමට දේශයේ හතුරන් ක්‍රියාකරන අතර විජේවීර විප්ලවය සූදානම් කළේ CIA කාරයෙක් ලෙසයි කියා ප්‍රචාරය කරන්න තරම් මේ ද්‍රෝහීන් සැහැසි වුණා.
මෙම සාකච්ඡාවෙන් චතුරංග බලාපොරොත්තු වුණු ඉලක්කය ඉටු වුණේ නැහැ. ඔහු මුළු කාලය තුළම හැසුරුණේ NPP/JVP වෙනුවෙන් කැපවුණු, විජේවීරගෙන් තොර JVP කණ්ඩායමේ මඩ පැල්ලම් පමණක් නොව ලේ පැල්ලම් ද සෝදා හරින්න කොන්ත්‍රාත් ගත් පුද්ගලයෙක් ලෙසයි.
හරකා නිතැතින්ම හැරෙන්නේ පොල් පැලය දෙසට වගේම
චතුරංග, වත්මන් තරුණ පරපුර කෙරෙහි උවිඳු තුළ ඇති මානුෂික ආකල්ප හා සානුකම්පිත බව සූරාගෙන එය වත්මන් දූෂිත JVP යට ආදේශ කිරීමට නිශ්ඵල උත්සාහයක යෙදුණා.
රෝහණ විජේවීරගේ ජවිපය තුළත් නරුමයන් නොසිටියා නොවෙයි.
පන්සිල් නො ගත්තේ අන්න ඒ පිරිසයි.
නොකෙලෙස් පිටිසර ගම්වල තරුණ තරුණියන් මෙන්ම ගම්බද පන්සල් වල තරුණ සාමණේර හිමිවරුන් විජේවීරගේ දේශපාලන දර්ශනය ට ආකර්ෂණය වුණේ කිසිම පුද්ගලික වාසියක් බලාගෙන නොව ස්වයංපෝෂිත වූ නිවහල් ශ්‍රීලංකාවක් ගොඩ නංවා ගැනීමටයි. ඔවුන් පන් සිල් රැක්කා පමණක් නොව දුරාචාරයෙන් තම පරපුරේ සගයින්ව බේරා ගැනීමටත් කටයුතු කළා. මත්පැන් හා දුම් බීමෙන් තරුණ පරපුර ගලවා ගැනීමත් විජේවීරගේ එක් ප්‍රධාන බලාපොරොත්තුවක් වීම තුළින් ඔහු ලංකාවේ මත්පැන් නිෂ්පාදකයින්ගේ සහ දුම්කොළ සමාගම් වල වෛරයට ලක් වුණා.
ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ මොන අඩුපාඩු කම තිබුනත් තරුණ පරපුර මත්ද්‍රව්‍ය වලින් හා දුම්පානයෙන් වළකා ගැනීමට සාර්ථක උත්සාහයක් දැරුවා.
උන්වහන්සේගේ මරණයටත් ශ්‍රී ලාංකිකයෙක් සම්බන්ධ රුසියාවේ ක්‍රිස්තියානි පල්ලියක් සෘජුවම සම්බන්ධ වී සිටියා.
කුලියාපිටියේ ලයනල් ජයතිලක මන්ත්‍රීවරයා දුම්බීමෙන් හා මත්පැන් පානයෙන් වැළකෙන ලෙස තරුණ පරපුරට තරයේම අවවාද කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. එසේ කර, ඝාතනයේ වගකීම විජේවීරගේ JVP යට බැර කළා.
R. ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය දීමට විරුද්ධවූ JR ජයවර්ධනට පක්ෂපාතී UNP නායකයින් කිහිප දෙනෙක්ම වෙඩි තබා ඝාතනය කළේ ප්‍රේමදාසගේ සැළසුමක් මතයි. ඝාතකයා වූයේ විජය කුමාරතුංග ඝාතනය කළ රණසිංහ මයි. පාවිච්චි කලේ කළේ එකම අවියයි.
අද NPP/JVP යෝධ ශක්තියක් ලබා ඉදිරියට පැමිණ ඇත්තේ යුගයේ අවශ්‍යතාවක් වෙනුවෙන් කියා නැවත වතාවක් ඉතිහාසය ආපස්සට හරවන්න දේශයේම හතුරන් විදේශීය බලවතුන් හා ක්‍රිස්තියානි සංවිධාන සමග එකතුවී රටේ භෞමික අඛණ්ඩ තාවයටත්, හෙළ සංස්කෘතිය ටත් බුදුදහමටත් එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටිනවා.
අවාසනාවකට මෙන්, විශ්‍රාමික රණවිරුවන් යැයි කියාගන්නා ක්‍රිස්තියානි බලවේගය විසින් මෙහෙයවන පිරිස් ජාතික ජන බලවේගයට එක්වී රට මුදා ගන්නා ආකාරය ගැන පුරසාරම් දොඩනවා.
නමුත් ඔවුන්, ඔවුන්ව මෙහෙයවන අදෘශ්‍යමාන බලවේගය එදා රණවිරුවන් නොකා නොබී මව්බිම වෙනුවෙන් ත්‍රස්තවාදීන් පරාජය කිරීමට සටන් කරද්දී, රටේ මුර දේවතාවුන් වූ අපේ සන්නද්ධ හමුදාවල සාමාජිකයින් ලොවට හදුන්වා දුන්නේ ලෝකයේ සිටින ම්ලේච්ඡතම යුද හමුදාව ලෙසින්.
එපමණක් නොවෙයි එම හමුදාව බෞද්ධ හමුදාවක් ලෙසත් ජාත්‍යන්තරය ඉදිරියේ හංවඩු ගසා තිබුණා. වත්මන් JVP නායකත්වය හෝ NPP රූකඩයන් අතරෙන් එක් අයෙක් හෝ අපේ මවුබිම, භෞමික අඛණ්ඩතාවය හෝ මිනීමරු එල්ටීටීඊ සංවිධානය පිටුපස හොල්මන් කළේ ලංකාවේ කතෝලික සභාව බව ලොවට හෙළි කරමින් ලිපියක් නොව එක වගන්තියක් ලියූ බව හැකිනම් ඔප්පු කරන්න කියා
මා වෙස් මුහුණු බැඳගෙන දේශපාලන කරන කුහක තක්කඩි වංචනික පිරිස් වලට විවෘත අභියෝගයක් කරනවා.
ශ්‍රී ලංකාව සමාජ ආර්ථික හා සංස්කෘතික වශයෙන් දරුණු සෝදාපාලුවකට ලක්වුණේ දේශීය හා විදේශීය අදෘශ්‍යමාන බලවේග වල නින්දිත කුමන්ත්‍රණයක් නිසා බව හෙළි කරන්න තරම් කොන්දක් පණ ඇති අයෙක් වත්මන් JVP එකේ සිටිනවාද කියා සොයා බළාම මීළඟ ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට සූදානම් වන ලෙස මා රටේ සියලුම ජනවාර්ගික කොටස් වලින් ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා.
(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..