බටලන්ද ප්‍රමුඛ 88-89 වධකාගාර සමූහය තුළ වද බන්ධනයට ලක්වූවන්ට සාධාරණය ඉටු කරන්නේ කෙසේද? ජාතික සංවිධාන පහදා දෙයි.
2002 දී ව්‍යස්ථාවට පටහැනිව සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීම සහ කොටි ත්‍රස්තවාදීන්ට තාවකාලික ආණ්ඩුවක් ලබාදී සූඩානයේදී සිදු කළ ආකාරයට රට බෙදා වෙන්කර අමු සොහොනක් කිරීමට උත්සාහ කිරීම පිළිබඳ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා දේශද්‍රෝහී සහ රාජ්‍යද්‍රෝහී අපරාධයකට වරදකරුවෙකු වන බව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කිරීම සහ ඉන්පසුව බටලන්ද වධකාගාරයට අදාළව එතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට පවතින සංවාදය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්.
‘‘ කාන්තාවක් දූෂණය කිරීමට තැත් කිරීම යනු දුෂණය කිරීම වැනිම වූ අපරාධ නීතිය යටතේ වරදක් බව මා සඳහන් කළා. එය රාජ්‍යයට ද්‍රෝහී වීමට අදාළව එසේ උත්සාහ කිරීම සහ එසේ වුවත් එය කළ නොහැකි වීම නිසා අදාළ පුද්ගලයාට දඬුවම් කළ හැකිද යන්න සොයා බැලිය යුතු බව මා සඳහන් කළා. නමුත් බටලන්ද කොමිෂන් වාර්තාවට අදාළව ගත්විට මා දන්නා තරමින් එම කොමිසම පත් කරන්නේ 1948 විශේෂ විමර්ශන කොමිෂන් සභා පනත යටතේ මිස 1978 ජනාධිපති විමර්ශන කොමිෂන් සභා විශේෂ විධිවිධාන පනත යටතේ නොවේ. ඒ නිසා එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර යෝජනාවක් සම්මත කිරීම මගින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න නීතිමය ප්‍රතිපාදන නැහැ.
එසේ වුවත් එම කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාද කරලා එහි අඩංගු නිර්දේශ අනුව අනාගතයේදී එවැනි දේ සිදු නොවීම සඳහා නීතිමය සහ ආයතනමය ප්‍රතිසංස්කරණ සඳහා යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. දෙවැන්න නීතිපතිවරයාට යොමු කර අපරාධ නීතිය යටතේ චෝදනා ගොනු කරන්නත් පුළුවන්. එහෙත් අපේ රටේ අපරාධ නීතියට අදාළව මා දන්නා තරමින් අණදීමේ වගකීම පිළිබඳව නඩු පැවරීමේ හැකියාවක් නැහැ.
රනිල් වික්‍රමසිංහ මහතාට එල්ලවන්නේ අපරාධවලට අදාළව නිසි නීතිමය බලයක් නොමැතිව ඒ සඳහා අණදීම පිළිබඳව චෝදනාවල්. ඒ නිසා ඔහු කළ අපරාධ වලින් ඔහුට නීතියෙන් ගැලවීම සඳහා වැඩි ඉඩක් ලැබෙනවා. කෙසේ වෙතත් ඔහු විසින් පසුකාලීනව යහපාලන ආණ්ඩුව යටතේ සම්මත කළ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත සහ අතුරුදහන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත අනුව රණවිරුවන්ට එරෙහිව අතීතයට බලපාන පරිදි සහ සාක්ෂි ආඥ පනත අදාල නොවන ලෙස පරීක්ෂණ පවත්වා දඬුවම් කළ හැකියි.
රනිල් වික්‍රමසිංහ මහතා 88-89 කාලයේදී අතුරුදහන් කිරීම් වලටත් අණදුන් බවට විවාදයක් නැතත් ඔහුට නීත්‍යානුකූල අණදීමේ බලයක් නොතිබූ බැවින් එම පනත් යටතේ එනම් ඔහුගේ පනත් යටතේ ඔහුට විරුද්ධව නඩු පැවරීමේ හැකියාවක් නැහැ. නමුත් වද බන්ධනයන්ට ලක්වූවන්ට සහ ඝාතනයට ලක්වූවන්ට මෙන්ම බොහෝ කැප කිරීම් කළ එහෙත් ජීවිතය රැක ගැනීමට හැකි වූ සියලු මිනිසුන්ට සාධාරණය ඉටු කළ හැකි ආකාර කිහිපයක් තිබෙනවා. ඒවා කෙටියෙන් මෙසේ දැක්විය හැකියි
1. වද බන්ධනයට ලක්වූවන් එසේ ලක්වීමට හේතු වූ දේශපාලන සාධකය එනම් ඔවුන්ගේ දේශපාලන අරමුණුවලට ගරු කිරීමය. ඒ අනුව ආණ්ඩුව ඔවුන්ගේ නාමයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතුය. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක නොකරන බවට සහ බෙදුම්වාදී න්‍යාය පත්‍රයට අදාල ප්‍රකාශිත හෝ සැඟවුණු කිසිදු ක්‍රියාවකට ඉඩ නොදන බවට මෙන්ම ඉන්දියානු ව්‍යාප්තවාදය හෙවත් මහාභාරත් න්‍යායට අනුව ඉන්දියාවෙන් එල්ල වන බලපෑම් වලට යටත් නොවන බවට ජනාධිපතිවරයා විසින් සහ ආණ්ඩුවේ ප්‍රබලයින් විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීම.
2. පරණගම කොමිසම හෙවත් අතුරුදහන්වීම් පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කළ වාර්තාව සහ එම කොමිසමේ දෙවන බළාධිකාරියේ යටතේ රණවිරුවන්ට එරෙහිව එල්ල වූ යුද අපරාධ චෝදනා නිෂ්ප්‍රභා කිරීම මුල්කරගෙන කැඳවන ලද ජාත්‍යන්තර විශේෂඥ වාර්තා 6ක් පාර්ලිමේන්තුවේ සභාගත කර විවාදයට ලක් කිරීම.
3. ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේදී විදේශ අමාත්‍යවරයා විසින් පොරොන්දු වූ පරිදි සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම මගින් බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම දක්වා වන ගමනට පහසුකම් සැලසීමේ ක්‍රියාවලිය අත්හිටුවන බව සහ එය වැරදි උපදේස් මත ඇති කරගත් එකඟතාවයක් බව ප්‍රකාශයට පත් කිරීම.
4. ඊට සමගාමීව ස්වභාවික යුක්තිය යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහිව එල්ල වී ඇති යුධ අපරාධ චෝදනා පිළිබඳව විධිමත්ව නීතිමය සහ කරුණුමය සාක්ෂි අනුව ප්‍රතිඋත්තර බැඳීමට අවස්ථාව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටීම සහ ඒ සදහා පරණගම කොමිසම යටතේ ලබාගත් ජාත්‍යන්තර විශේෂඥ වාර්තා යොදා ගැනීම.
5. සියලු ඝාතනවල ප්‍රධාන සංකේතයක් වන අත්අඩංගුවට ගෙන සිටියදී රෝහණ විජේවීර මහතා වෙඩි තබා ඝාතනය කර පණපිටින් ආදාහනාගාරයට විසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති පර්යේෂණ කොමිෂන් සභාවක් පත් කිරීම.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..
බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..