බටලන්ද ප්‍රමුඛ 88-89 වධකාගාර සමූහය තුළ වද බන්ධනයට ලක්වූවන්ට සාධාරණය ඉටු කරන්නේ කෙසේද? ජාතික සංවිධාන පහදා දෙයි.
2002 දී ව්‍යස්ථාවට පටහැනිව සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීම සහ කොටි ත්‍රස්තවාදීන්ට තාවකාලික ආණ්ඩුවක් ලබාදී සූඩානයේදී සිදු කළ ආකාරයට රට බෙදා වෙන්කර අමු සොහොනක් කිරීමට උත්සාහ කිරීම පිළිබඳ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා දේශද්‍රෝහී සහ රාජ්‍යද්‍රෝහී අපරාධයකට වරදකරුවෙකු වන බව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කිරීම සහ ඉන්පසුව බටලන්ද වධකාගාරයට අදාළව එතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට පවතින සංවාදය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්.
‘‘ කාන්තාවක් දූෂණය කිරීමට තැත් කිරීම යනු දුෂණය කිරීම වැනිම වූ අපරාධ නීතිය යටතේ වරදක් බව මා සඳහන් කළා. එය රාජ්‍යයට ද්‍රෝහී වීමට අදාළව එසේ උත්සාහ කිරීම සහ එසේ වුවත් එය කළ නොහැකි වීම නිසා අදාළ පුද්ගලයාට දඬුවම් කළ හැකිද යන්න සොයා බැලිය යුතු බව මා සඳහන් කළා. නමුත් බටලන්ද කොමිෂන් වාර්තාවට අදාළව ගත්විට මා දන්නා තරමින් එම කොමිසම පත් කරන්නේ 1948 විශේෂ විමර්ශන කොමිෂන් සභා පනත යටතේ මිස 1978 ජනාධිපති විමර්ශන කොමිෂන් සභා විශේෂ විධිවිධාන පනත යටතේ නොවේ. ඒ නිසා එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර යෝජනාවක් සම්මත කිරීම මගින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න නීතිමය ප්‍රතිපාදන නැහැ.
එසේ වුවත් එම කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාද කරලා එහි අඩංගු නිර්දේශ අනුව අනාගතයේදී එවැනි දේ සිදු නොවීම සඳහා නීතිමය සහ ආයතනමය ප්‍රතිසංස්කරණ සඳහා යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. දෙවැන්න නීතිපතිවරයාට යොමු කර අපරාධ නීතිය යටතේ චෝදනා ගොනු කරන්නත් පුළුවන්. එහෙත් අපේ රටේ අපරාධ නීතියට අදාළව මා දන්නා තරමින් අණදීමේ වගකීම පිළිබඳව නඩු පැවරීමේ හැකියාවක් නැහැ.
රනිල් වික්‍රමසිංහ මහතාට එල්ලවන්නේ අපරාධවලට අදාළව නිසි නීතිමය බලයක් නොමැතිව ඒ සඳහා අණදීම පිළිබඳව චෝදනාවල්. ඒ නිසා ඔහු කළ අපරාධ වලින් ඔහුට නීතියෙන් ගැලවීම සඳහා වැඩි ඉඩක් ලැබෙනවා. කෙසේ වෙතත් ඔහු විසින් පසුකාලීනව යහපාලන ආණ්ඩුව යටතේ සම්මත කළ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත සහ අතුරුදහන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත අනුව රණවිරුවන්ට එරෙහිව අතීතයට බලපාන පරිදි සහ සාක්ෂි ආඥ පනත අදාල නොවන ලෙස පරීක්ෂණ පවත්වා දඬුවම් කළ හැකියි.
රනිල් වික්‍රමසිංහ මහතා 88-89 කාලයේදී අතුරුදහන් කිරීම් වලටත් අණදුන් බවට විවාදයක් නැතත් ඔහුට නීත්‍යානුකූල අණදීමේ බලයක් නොතිබූ බැවින් එම පනත් යටතේ එනම් ඔහුගේ පනත් යටතේ ඔහුට විරුද්ධව නඩු පැවරීමේ හැකියාවක් නැහැ. නමුත් වද බන්ධනයන්ට ලක්වූවන්ට සහ ඝාතනයට ලක්වූවන්ට මෙන්ම බොහෝ කැප කිරීම් කළ එහෙත් ජීවිතය රැක ගැනීමට හැකි වූ සියලු මිනිසුන්ට සාධාරණය ඉටු කළ හැකි ආකාර කිහිපයක් තිබෙනවා. ඒවා කෙටියෙන් මෙසේ දැක්විය හැකියි
1. වද බන්ධනයට ලක්වූවන් එසේ ලක්වීමට හේතු වූ දේශපාලන සාධකය එනම් ඔවුන්ගේ දේශපාලන අරමුණුවලට ගරු කිරීමය. ඒ අනුව ආණ්ඩුව ඔවුන්ගේ නාමයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතුය. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක නොකරන බවට සහ බෙදුම්වාදී න්‍යාය පත්‍රයට අදාල ප්‍රකාශිත හෝ සැඟවුණු කිසිදු ක්‍රියාවකට ඉඩ නොදන බවට මෙන්ම ඉන්දියානු ව්‍යාප්තවාදය හෙවත් මහාභාරත් න්‍යායට අනුව ඉන්දියාවෙන් එල්ල වන බලපෑම් වලට යටත් නොවන බවට ජනාධිපතිවරයා විසින් සහ ආණ්ඩුවේ ප්‍රබලයින් විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීම.
2. පරණගම කොමිසම හෙවත් අතුරුදහන්වීම් පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කළ වාර්තාව සහ එම කොමිසමේ දෙවන බළාධිකාරියේ යටතේ රණවිරුවන්ට එරෙහිව එල්ල වූ යුද අපරාධ චෝදනා නිෂ්ප්‍රභා කිරීම මුල්කරගෙන කැඳවන ලද ජාත්‍යන්තර විශේෂඥ වාර්තා 6ක් පාර්ලිමේන්තුවේ සභාගත කර විවාදයට ලක් කිරීම.
3. ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේදී විදේශ අමාත්‍යවරයා විසින් පොරොන්දු වූ පරිදි සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම මගින් බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම දක්වා වන ගමනට පහසුකම් සැලසීමේ ක්‍රියාවලිය අත්හිටුවන බව සහ එය වැරදි උපදේස් මත ඇති කරගත් එකඟතාවයක් බව ප්‍රකාශයට පත් කිරීම.
4. ඊට සමගාමීව ස්වභාවික යුක්තිය යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහිව එල්ල වී ඇති යුධ අපරාධ චෝදනා පිළිබඳව විධිමත්ව නීතිමය සහ කරුණුමය සාක්ෂි අනුව ප්‍රතිඋත්තර බැඳීමට අවස්ථාව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටීම සහ ඒ සදහා පරණගම කොමිසම යටතේ ලබාගත් ජාත්‍යන්තර විශේෂඥ වාර්තා යොදා ගැනීම.
5. සියලු ඝාතනවල ප්‍රධාන සංකේතයක් වන අත්අඩංගුවට ගෙන සිටියදී රෝහණ විජේවීර මහතා වෙඩි තබා ඝාතනය කර පණපිටින් ආදාහනාගාරයට විසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති පර්යේෂණ කොමිෂන් සභාවක් පත් කිරීම.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..