
උදයංගට කපිලට අමෙරිකාවෙන් රටට ඇතුළු වීම තහනම් කරයි. සමීප ඥාතීනුත් ඒ අතර!
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ඇමෙරිකා එක්සත් ජනපදය සම්බාධක සහ වීසා සීමා තහනම් පනවා ඇතැයි වාර්තා වේ.
උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී දූෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවද කපිල චන්ද්‍රසේන මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලට ගැනීමේදී අල්ලස් ගත් බවද චෝදනා ඉදිරිපත කිරීමට පාදක කර තිබේ.
ඒ අනුව ඔවුන් දෙදෙනාට සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයන් සියළු දෙනාගේ නම් ප්‍රසිද්ධ කර අමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇතැයි පැවසේ.
අමෙරිකා එක්සත් ජනපදය අදාළ තහනම ප්‍රකාශයට පත් කරමින් පහත පරිදි
ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන:
7031(ඇ) වගන්තියට අනුව රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් කපිල චන්ද්‍රසේන සැලකිය යුතු දූෂණයකට සම්බන්ධ බවට ප්‍රසිද්ධියේ නම් කරයි. චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකාවට එයාර්බස් ගුවන් යානා වෙළෙඳපොළ වටිනාකමට වඩා මිල දී ගැනීම සහතික කිරීම සඳහා අල්ලසක් ලබා ගත්තේය. මෙම ක්‍රියවෙහි කොටසක් ලෙස, ඔහුගේ සමීපතම පවුලේ සාමාජිකයන් ද නම් කරනු ලැබේ.
උදයංග වීරතුංග, රුසියාවේ හිටපු තානාපති:
7031 (ඇ) වගන්තියට අනුව රාජ්‍ය දෙපාර්තමේන්තුව උදයංග වීරතුංග සැලකිය යුතු දූෂණයකට සම්බන්ධ බවට ප්‍රසිද්ධියේ නම් කරයි. වීරතුංග ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධ දූෂිත යෝජනා ක්‍රමයකින් පුද්ගලිකව ප්‍රතිලාභ ලබා ගත්තේය. මෙම ක්‍රියාවෙහි කොටසක් ලෙස, ඔහුගේ සමීපතම පවුලේ සාමාජිකයන් ද නම් කරනු ලැබේ.
කෙසේ වුවද පසුගියදා මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් උදයංග වීරතුංග මහතාට එරෙහි පනවා තිබූ නඩුවට පෙනි සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුව වසර දයකට ආසන්න කාලයක් තිස්සේ නඩුව ඇසීමට අවශ්‍ය ආකාරයට අධිකරණයට කරුණු ඉදිරිපත් කර නොමැති බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
