News Category
From Date
To Date
Maximum Number of Result

රබර්, සීල්ද දැන් දැන්, පැමිණෙන්නේය

Nov 4, 2023 at 09:26 AM
|

රබර්,සීල්ද දැන් දැන්,පැමිණෙන්නේය.

අපි කසන හොරිවල වේදනාව තවම අපට දැනෙන්නේද නැත. ‼️

ඉන්දියාව අරගලයට යෙදවු පිරිවැය සොයා  අහවරය. දැන් ලබාගන්නේ, එහි ගිනි පොළියයි.

ඉන්දියාවේ මුදල් කැබිනට් ඇමතිවරිය ආචාර්ය නිර්මලා සීතාරාමන් ලංකාවට එන්නේ එහෙම ගිණිපොළිය ලෙස ඉන්දියාවට වක්‍රව අත්පත් වෙන්න නියමිත ⁣දේවල් වල රබර්,සීල් එක තියන්නයි.

පුළුවන් නම්,නෑ කියන්න. 

ඉන්දියාව බරපතල විදිහට මේ,වෙනකොට උතුර සහ නැගෙනහිර දෙපලාත එකක් වශයෙන් පිහිටුවා පළාත් සභා,ජන්දය පවත්වන්න බලපෑම කරන්නේ,නෑ කියලා.

ඉන්දියවෙ පුර්ණ බලය බෙදීමක් ලෙස පොළිස් සහ ඉඩම් බලතලද සමග වන ⁣බලය විමධ්‍යගත කරණයකට ලංකාව තල්ලු,නොකරනවා කියලා. 

ඉන්දියවෙ නිළ නොළත් විදිහට  ලංකාවේ දෙමළ ජනවර්ගය බහුතරය වන ප්‍රදේශ ඉන්දීය කැමැත්තට පාලනය වන දේශපාලන මැදිහත් වීමකට පැමිණෙමින් ඉනිනේ,නෑ කියලා.

ඉන්දියාව නිර්මාණය කරලා දුන්න  ප්‍රබාකරන්ගේ ඊලමේ රාජ්‍යයේ ඉන්දීය සැළසුමේ අගනුවර වුනේ,ත්‍රිකුණාමලය. ඉන්දියාව අද ක්‍රියාත්මක කරන්නේ ඒ රාජ්‍යය අනියමින් පිහිටුවා රෑකඩ ප්‍රබාකරන්,කෙනෙක් ලවා  ඒ,ප්‍රදේශ ඉන්දියානු මෙතඩි එකට පාලනය කිරීමයි.

ඔවුන්,ඒ සදහා ඕනෑම අවස්ථාවක (ලංකා රජය ඉන්දියාවට එරෙහිව යන මොහෙතෙක )  එක්සත් ජාතීන්ගේ  සංගමයට  ස්වාධීන රටක් ලෙස  පවත්වා ගන්න අවශ්‍ය වන පසුබිම තිබෙන බව සනාථ කරන්න අවශ්‍ය සාධක 05 නිර්මාණය  කරමින්,පවතිනවා.

01. වෙනම භූමියක් ( උතුරු,නැගෙනහිර ඒකාබද්ධ කිරීමකට බල කරන්නේ ඒ නිශ්චික සාධකයට.

02. වෙනම ආරක්ෂක බලයක් ( පොළිස් බලය හරහා පාහිටුවන පළාත් පොළීසිය අවශ්‍ය ඕනෑම වෙලවෙක මිල්ටරි බලයක් ලෙස පරිවර්ථනය කරන්න හැකිය.)

03. වෙනම පිළිගත්  මුදල් ඒකකයක් සහ මුල්‍ය පද්ධතියක්,පැවතීම (  ඉන්දියානු රැපියල ලංකාවෙි ව්‍යවහාර භාවිතයට පළාත් සභාවකට පිළාගැනිමට හැකියාව  මුල්‍ය බළය පළාති සහාවට විමධ්‍යගත වීම තුළ පවතී.)  එයට අදාලව ඉන්දියානු,බැංකු ශාඛාවක්  ත්‍රිකුණාමලය තුළ  මුලික කරගෙන පිහිටුවීම  ඉදිරියේ යාපනය කිලිනෙචේචිය මන්නාරම ශාඛා අරඹන්න නියමිත වීම  එක පැතිකඩකි.

04. වෙනම පරිපාලන පද්ෂතායකි පැවතීම එනම් ඉන්දියාව උතුරු නැගෙනහිර ඉලක්ක කොට අළුත් පානීය ජලපද්ධති විදුලි පද්ධති ඉනිදියාවට යාවෙන දඅමිරිය මහාමාර්ග පද්ංධති සම්මන්ත්‍රණ ශාලා කර්මාන්ත පුර ගුවන්,තොටුපල වරාය  යම් සැංළසුමකට අනුව ගොඩනගමින් තිබෙන බව වටහාගත යුතුය.

යමි හෙයක්න් ලංකාවෙි දකුණිනි සැපයුම් නතර කරන විට  ස්වයංව ඉන්දියාව හා ගණුදෙංණු කරමින් එකී භූමියට යැපෙන්න යටිතළ පහසුකම් ගොඩනගමින්,තිබේ.

05. පැහැදිලි ජනතාවක් භාෂාවක් සංස්කෘතියක්  ජනාවාස වීම.

ඉතා කිෂුක්ෂමව සිංහලයා නැගෙනහිර භූමියෙන් ඉවත්ව පිටව යන තැනට වර්ථමානයේ කටයුකු වන්නේද  ඉන්දියාව තමිල්නාඩුව සමග සංස්කෘතිය එකටම ගැටගසන්නේද  නිවාස ව්‍යාපෘති ආදිය දියත් කරන්නේද  ඉන්දියාවට හිතැති චරිත සහ දේශපාලන පක්ෂ පිහිටුවන්නේද කලමනාකරංණය කරන්නේද ඒ නිසාය.‼️

ලංකාවේ දේශපාලන ආර්ථාක   අර්බුදය නිර්මාණය කොට අර්බුදයෙන් වැඩිම වාසි ගන්නේ  ඉන්දියාවය. මේ සැළසුමට අනුව ඉන්දියාව නිර්මාණය කරන ඊලමේ,නෙවෙන නමුත්  ඒ හා සමාන භූමියකි. එකී භූමිය හරහා සමස්ථ ලංකාවත් වක්‍රව පාලනය කිරීමේ දිගුදුර ව්‍යාපෘතිය අපි කියවාගෙන තිබෙනවාද යන්න ගැටළුවකි.

ඉන්දීය නිළධාරීන් හරහා ස්ථාපිත කරන කලාපීය බලවතා ලෙස ඉන්දියාව දකින හීනයේ ' ගැට " ස්ථාවර බැමි බවට පත්කරන තැන්වල ඉන්දීය  කැබිනට් රාජ්‍ය ආරක්ෂක ඇමති, ඉන්දීය  කැබිනට් මුදල්,ඇමති, ඉන්දීය අග්‍රාමාත්‍ය වැනි චරිත අවසාන සම්මුතින්ට ඒ ඒ ව්‍යාපෘතියට අදාල ගැලපෙන චරිතය " රබර් සීල් එක ගහන්න  "  බස්සවන්නේය.‼️

සීතා රාමන් ත්‍රිකුණාමලයේ,යාපනයේ යමින් එමින් කරේ ආන්න ඒවාට අයිති වැඩය.

එසේ නැතුව ඉන්දීය කැබ්නටි මුදල් ඇමති වරිය මල්වතු අස්ගිරි මහනායක දෙෑබෑයන්  බලන්න ඉන්දියානු වතු ටදමළ ජනතවෙගේ 200 වැනි ලංකාවට  බින්න බැහීම(බැස්සවීම )  සමරන්න ආවා කියලා හිතනවනම් ඒවා  ආතල් පමණය 

අපි විහින් බෝකරගත හොරි කසන විට දැනට සනීප වුනාට කැසිල්ල . නතරකරන ව්ට දැනෙන වේදනාව අයිති අනාගතයටය.

- නුවන් මොණරවිළ -

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.