ආණ්ඩුව ඉතා නිර්ලජ්ජිත ලෙස දෙමළ ඩයස්පෝරාව ප්‍රමුඛ බෙදුම්වාදීන් සතුටු කිරීමට පුරාවිද්‍යා පනත අහෝසිකර ජාතික උරුම පනත නමින් පනතක් ගෙනවිත් උතුරු සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන මෙම ජාතිවාදීන්ගේ ග්‍රහණයට නතු කිරීමට උත්සාහ දරන බවත්, නැවත වටයකින් රණවිරු දඩයම ආරම්භ කර නාවික හමුදාවේ සිටි උසස් නිලධාරීන් කිහිපදෙනෙකුට පුනුරුත්තාපනය කළ කොටි ත්‍රස්තවාදියෙකුගේ කටඋත්තර බලෙන් ගෙන ඔවුන්ව සිරගත කිරීමට උත්සාහ දරන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
යම් නීතියක් සකස් කිරීමේදී එයට අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ප්‍රශස්ත අන්දමින් කටයුතු කිරීමේ ව්‍යවහාරයක් පැවතිය යුතු බවත් නමුත් නීති සම්පාදනයේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලුම ව්‍යවහාරයන් පැත්තකට දමා තනිකරම ඒකාධිපති උද්ධච්ච නීති සම්පාදන ව්‍යවහාරයක් බවට පත්වෙමින් පවතින බවත් ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි පෞරාණික බෞද්ධ උරුමයන්, සෙල්ලිපි සහ බුදු පිළිම විනාශයට පත්වීම මෙන්ම අභාවයට යාම සම්බන්ධයෙන් සිංහල බෞද්ධ සමාජය තුළ සහ ජාතික මට්ටමින් දැඩි කනස්සල්ලක් හා සංවාදයක් මතුව ඇති පසුබිමක, ජාතික උරුමය සුරැකීමේ මධ්‍යස්ථානය මගින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නියෝජිතයන් පෙන්වා දුන්නේ, නැගෙනහිර පළාතේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු පන්සල්, සෙල්ලිපි සහ බුදු පිළිම ආශ්‍රිතව සිදුවන හානි පිළිබඳව බලධාරීන්ගේ අවධානය වහා යොමු විය යුතු බවයි.
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්