News Category
From Date
To Date
Maximum Number of Result

අමාත්‍ය මණ්ඩලය විසින්, පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අනුමත කිරීමට කටයුතු කර තිබුණි.

“පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම” මැයින් ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් සමග විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් කවුරුන්ද යන්න දැනගැනීම අත්‍යවශ්‍ය බවයි.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස හයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ අද (14) නියෝග කළේය.

ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 137 වන ජන්ම දිනය ඊයේ (13) දිනයට යෙදී තිබුණු අතර ඒ නිමිත්තෙන් මතුගම, ලූල්බද්දුව එතුමන්ගේ උපන් ගමේ පිහිටි කන්නන්ගර සමාධියට පුපෝපහාර දැක්වීම සිදුවිය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2015 වසරේ ජුනි මස පළමු වැනිදා සිට 2021 වසරේ මාර්තු මස 17 වන දින දක්වා වූ කාලසීමාව තුළ ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයාබැලීම සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සහභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත් කරණු ලැබීය.

වර්ණ මාධ්‍ය චැනලයට අදහස් දක්වමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් කරනු ලබන පැහැදිලි කිරීම සත්‍යයක් වුවත් ඊට වඩා තවත් සත්‍යයක් තිබෙන බව ය.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා මේ මස 25 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර තිබේ.

ඉන්දීය සංගීත ප්‍රසංගයක් සඳහා ගොස් සිටින ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා මෙනවිය දිවයිනට පැමිණ තිබේ.

“ඔන්ලයින් කරන්න කියලා ෆෝන් එකක් අරන් දුන්නා. අන්තිමට ඔන්ලයිනුත් නැති වුණා. ළමයා ඊට පස්සේ ගේම් ගහන්න පුරුදු වෙලා. අනේ දෙයියනේ, අම්මලා තාත්තලාගෙන් වැඳලා ඉල්ලන්නේ, ළමයින්ට ෆෝන් නම් දෙන්න එපා….”


ප්‍රධාන පුවත්

අනුරගේ කතාවට ‌ෆොන්සේකාටත් රිදිලා

ජාතික රණවිරු සැමරුම් උත්මයයේදී ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සෑම පාර්ශ්වයක්ම සාමය වෙනුවෙන් යුද්ධ කරන බවට කල ප‍්‍රකාශයට තමන් එකඟ නොවන බවල හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ජුලි මස 11 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

රට අනතුරේ හෙළන මාලිමා ආණ්ඩුවේ විදේශ ගැති ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් විරෝධතාවක්..

ඉන්දියානු සාගරයේ භූ දේශපාලනික උපායමාර්ගක කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකයේ දේශපාලනික ආර්ථික සහ යුදමය වැදගත්කමක් ලැබී තිබීම නිසා ලෝකයේ බලවත් රටවල් දැඩි ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අවදානය යොමුකර තිබේ.

යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු, යුරෝපා මහාද්වීපය පුරාම දිවි පිදූ සෝවියට් සොල්දාදුවන් වෙනුවෙන් ස්මාරක 4,000 ක් පමණ ඉදිකර ඇත.

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරු කළේය.

9 වැදැරුම් ප්‍රතිඥාවක් ලබාදී ජානිපේ නියෝජිතයෝ ගමන අරඹයි

2025 පලාත් පාලන මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණේ “පංචායුධය ලකුණින්” තරගවැදී තේරී පත්වූ, පළාත් පාලන නියෝජිතයන්ගේ විශේෂ හමුවක් ,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (27) බත්තරමුල්ල, ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විය. මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආශිර්වාදයෙන් පසු තේරීපත්වූ සභිකයින් 26 දෙනා ජාතික නිදහස් පෙරමුණේ පළාත් පාලන මහජන නියෝජිතයින්ගේ ප්‍රතිඥාව සිදු කරන ලදි. පක්ෂ නායක විමල් වීරවංශ මහතා විසින් ඔවුන්ට මහජන නියෝජිතයන් ලෙස පැවරෙන වගකීම් පිළිබඳව පැහැදිලි කල අතර ඔවුන් සියලු දෙනාට ජාතික නිදහස් පෙරමුණේ සුබ පැතුම්ද එක් කළේය. පළාත් පාලන නියෝජිතයන් විසින් ලබාදුන් 9 වැදැරුම් පුතිඥාව පහතින්

අනුර වික්‍රමසිංහ එයාගේ සීයා ගිය වැල් පාලමේම ඔහේ යනවා.. ඩීල් වසන්තලා හාම්පුත්තු එක්ක ඩීල් දමා කර්මාන්ත ශාලා වසා දමනවා - විමල්ගෙන් චෝදනා (වීඩියෝ)

අනුර වික්‍රමසිංහ රනිල් සීයා ගිය වැල්පාලමේම ලංකාව නමැති දරුවා වඩාගෙන ඔහේ යන බවත්, රටේ කර්මාන්ත විශාල ප්‍රමාණයක් මේ වන විට වැසී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට සියලු කටයුතු සකසා අවසන්.. - විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)

මානුෂීය මෙහෙයුම වෙනුවෙන් කැපවූ රණවිරුවන් 58 දෙනෙක් මේ වන විට දංගෙඩියට ගෙනයන්න පිඹුරුපත් සකසා අවසන් බව විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.