News Category
From Date
To Date
Maximum Number of Result

අද (09) අලුයම අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතය.

බහුජාතික සමාගමකට රු. මිලියන 2000 ක බදු පනවන ගැසට් පත්‍රයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමා කිරීම මගින් එම සමාගමට මූල්‍ය වාසියක් අත්කර දීමේ දූෂණ චෝදනාවෙන් බේරීම සඳහා හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා විසින් වරප්‍රසාද පනත පාවිච්චි කිරීම හාස්‍යජනක ක්‍රියාවක් බව ජාතික සංවිධාන පවසයි.

පෙරදිග දේශපාලන විද්‍යායතනය විසින් මෙහෙයවන ලද චීනය ප්‍රමුඛ පෙරදිග කලාපයේ රටවල දර්ශනයන්, එහි දේශපාලන ප්‍රවනතාවන් හැදෑරීම පිණිස ගොඩනැගූ පෙරදිග දේශපාලන විද්‍යායතනය මෙහෙය වූ පාඨමාලාව සාර්ථකව අවසන් කෙරිනි.

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබේ.‍

පොලිස්පති ධුරයේ වැඩබැලීම සඳහා සී.ඩී වික්‍රමරත්න මහතාට ලබාදී ඇති සේවා දිගුව අදින් (09) අවසන් වීමට නියමිතව ඇති අතර, ජූලි මස 09 වනදා සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම සේවා දිගුව ලබාදී තිබුණි.

නවසීලන්තයෙන් මිලදී ගත් ඇන්කර් කිරි පැකට්ටුවක් සහ ශ්‍රී ලංකාවෙන් මිලදී ගත් ඇන්කර් කිරිපැකට්ටුවක් අතර ඇති වෙනස පිළිබඳව හෙළිකෙරෙන එක්තරා වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

‍1823 දී ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබූ කඳුකර දෙමළ ප්‍රජාව මෙරටට පැමිණ වසර 200ක් ගතවී ඇතත්, ලංකාවේ වැඩියෙන්ම පීඩාවට පත්ව සිටින ජන ප්‍රජාව වන්නේ ඔවුන් බව ජාතික ජන බලවේගයේ සභික විජිත හේරත් මහතා පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ චෙන්කලඩි මහා විද්‍යාලයේ සාංවත්සරික උත්සවයකට ප්‍රධාන අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

"අපේ දේ බලාගන්න අපට පුළුවන්" යැයි පසුගියදා ජාත්‍යන්තරය හමුවේ පාරම්බෑ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේ කරන්නේ අපේ මිල්කෝ සමාගම ඉන්දියාවේ අමූල් සමාගමට විකුණා දමා දැයි ජාතික ගොවි ව්‍යාපාරය ප්‍රශ්න කර සිටියි.


ප්‍රධාන පුවත්

අවි බලය වෙනුවට මෘදු බලය.... USAID සල්ලි හුටපටයේ තිත්ත ඇත්ත (වීඩියෝ)

USAID සංවිධානය පිහිටුවන ලද්දේ අමෙරිකාවට බරපතළ හිසරදයක් වී තිබූ සෝවියට් දේශයේ ක්‍රියාකලාපය පාලනය කිරීම සදහා බවත් 1961 දී ඇමෙරිකානු ජනාධිපති ජෝන් එප් කෙනඩි ජනාධිපතිවරයා‌ගේ ඍජු මැදිහත්වීම යටතේ මෙම ආයෙනය පිහිටුවා ඇති බවත්, එතෙක් කලක් අවි බලයෙන් ඇමෙරිකානු අධිපත්‍ය පැතිරවීම වෙනුවට මෘදු ආකාරයෙන් ඇමෙරිකානු බලය ලෝකය පුරා පැතිරවීම මෙහි අරමුණ බවත් ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ට්‍රම්ප්ගේ ගේම් පෑලැන් එකට අනුව ජාතික බලවේගත් ගොනාට අඳින්න පුළුවන් - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ඇමරිකානු ආධිපත්‍ය ලෝකය පුරා පැතිරවීම සඳහා මුල් යුගයේදී CIA සංවිධානය යොදාගත් නමුත් වඩා දියුණු ලෙස ලෝක ප්‍රජාව ගොනාට අන්දමින් එම න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයාම සඳහා 1961 දී USAID සංවිධානය පිහිටු වූ බවත් ඉන්පසු එම ක්‍රියාවලිය වඩා ඉලක්ක සහගතව කිරීම සඳහා 1983 NED නැමති සංවිධානය සහ ඊට අනුබද්ධ සංවිධාන ජාලය පිහිට වූ බව ජාතික සංවිධානය එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

රටේ ආරක්ෂක තත්ත්වය ගැන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්

රට තුළ පවතින පාතාල කල්ලි ගැටුම් පාලනය පිළිබඳ සහ රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙයි.

තරුණ සේවා සභාවේ කෝටි 18ක් ජනාධිපතිවරණ ඡන්ද වැඩට අරන්... කෝප් කමිටුවේදී හෙළිවෙයි

ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය විය.

ස්වෛරීභාවය සහතික නොකර අපගේ මව්බිම වන රුසියාවේ ආරක්ෂාව, රටේ අභ්‍යන්තර සංවර්ධනය වෙනුවෙන් හිතකර කොන්දේසි නිර්මානය කළ නොහැකියි-ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ විශේෂ ආරක්ෂක නිලධරී කර්නල් නිකොලායි බෙලියන්කින්

ස්වෛරීභාවය සහතික නොකර අපගේ මව්බිම වන රුසියාවේ ආරක්ෂාව, රටේ අභ්‍යන්තර සංවර්ධනය වෙනුවෙන් හිතකර කොන්දේසි නිර්මානය කළ නොහැකි බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ විශේෂ ආරක්ෂක නිලධරී කර්නල් නිකොලායි බෙලියන්කින් මහතා පැවසීය.

මේ අය වැය IMF වට්ටෝරුවට හදපු සිරිකොතේ සුවඳ තියෙන අය වැයක් . උවිඳු විජේවීර (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව විසින් ගෙනා ආ අය වැය IMF වට්ටොරුවට හදපු සිරිකොතේ සුවඳ තියෙන අය වැයක් බව දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර මහතා පවසයි. ඔහු මේ අදහස් පළකලේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ් මහතා මෙසේද පැවසීය.

විද්‍යා දියණියගේ ඝාතනයට ලලිත් ජයසිංහට වසර හතරක සිරදඬුවම්

ශිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවිය අපයෝජනය කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහලිංගම් ශෂිකුමාර් හෙවත් '' ස්විස් කුමාර්'' නැමැත්තාට පැනයාමට උපකිරීම සම්බන්ධයෙන් චෝදනාවන්ට වරදකරු වූ හිටපු උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ නැමැත්තාට වසර හතරක බරපතල වැඩසහිත සිරදඬුවම් සහ මුදලින් රුපියල් 50000ක දඩමුදලක් ගෙවන ලෙස වවුනියාව මහාධිකරණ විනිසුරු එම්. එම් මිහාර් මහතා නියම කළේය.

රනිල් පාර්ලිමේන්තුවට?

එක්සත් ජාතික පක්ෂයේ නායක සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වසර අවසානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

IMF යෝජනා අනුව අය වැය සකස් කිරීම වරදක් නොවෙයි - රවී කරුණානායක

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ යෝජනා අනුව වත්මන් ආණ්ඩුවේ පළමු අයවැය සකස්කර තිබීම වරදක් නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රවී කරුණානායක පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.