News Category
From Date
To Date
Maximum Number of Result

ලෝක ෆැසිස්ට් විරෝධී සහ ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය ජයග්‍රහණය කිරීමේ 80 වැනි සංවත්සරය සමරමින් විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ (අගෝස්‍තු 31) කොළඹ පදනම් ආයතනයේ නිව් වින්ග් ශාලාවේදී පැවැත්විය.

"රණවිරුවන් පීඩාවට පත්කිරීම පිළිබඳව වන සැලකර සිටීමයි" යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අස්ගිරි පාර්ශවයේ මහා නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් වෙත ලිපියක් යොමුකර තිබේ.

ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, රුසියාව සහ චීනය අතර ශක්තිමත්ව ගොඩ නැගෙන සන්ධානය, දෙරටටම අයත් ඓතිහාසික උරුමය සහ බහු ධ්‍රැවීය ගෝලීය පිළිවෙලක් සඳහා පොදු දැක්ම ඉස්මතු කරමින් කරුණු ගෙනහැර දක්වමින් ඔහුගේ චීන සංචාරයට පෙර ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය සමඟ සම්මුඛ සාකච්ඡාවක නිරත විය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයකට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

දෙවන පරපුර ව්‍යාපාරයේ රණවිරු ජනපවුර විසින් ලබන මස 08 වන දින රණවිරුවන් දඩයම් කිරීමට සුදානමින් ඉදිරිපත් කිරීමට නියමිත ජිනිවා යෝජනා වලට එරෙහිව එකතු කරන ලබන මහජන අත්සන් එකතු කිරීමේ දැවැන්ත වැඩසටහනට සමගාමීව 2025 සැප්තැම්බර් 01 ඊයේ දින උදෑසන 9.00 සිට සවස 5.00 සිට කොටුව දුම්රියපල අසල දී මහජන අත්සන් එකතු කිරීම සිදු කෙරිණි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා, මුදල් ඇමති ලෙස සිය නිල බලය භාවිතාකර ඉකුත් ජූලි 14 වන දින, අංක 2445/02, 2445/03, 2445/04 සහ 2445/05 දරණ විශේෂ ගැසට්පත් 04 ක් නිකුත් කරමින් බ්‍රවුන්ස් ආයෝජන සමාගමේ අනුබද්ධිත සමාගමක් වන සිලෝන් රියල් එස්ටේට් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමත්, ක්ලෝස්පින් කළමනාකරණ හා සංවර්ධන පුද්ගලික සමාගමත්, අයි.එෆ්.සී. කොළඹ 01 පුද්ගලික සමාගමත්, අයි.සී.සී පෝට් සිටි පුද්ගලික සමාගමත්, කොළඹ වරාය පුරවර ආර්ථික කොමිසමේ ප්‍රතිපාදන යොදා ගනිමින් "වැදගත් ප්‍රාථමික උපායමාර්ගික ව්‍යාපාර" ලෙස නම් කර ඇති බවත්, එම සමාගම් වෙන් වෙන් වශයෙන් කොළඹ වරාය පුරවරයේ නියැලෙන ආර්ථික ක්‍රියාකාරකම් ද ඊට අනුෂංගික රජයේ සහන මාලාව ද එම ගැසට්පත්වල සඳහන්ව ඇති බවත් වෘත්තීය සංගම් පෙන්වා දෙයි.

ලොව විශාලතම මාර්ගගත අලෙවි වේදිකාවක් වන ඇමසන් (Amazon) සමාගමේ එක්සත් රාජධානියේ ශාඛාව විසින්, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ ස්වයං චරිතාපදාන ග්‍රන්ථයක් වන ‘The Turning Point: The Naval Role in Sri Lanka’s War on LTTE Terrorism’ එරටදී අලෙවි කිරීම නවතා දැමීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අදට (02) යෙදී තිබේ.

ධීවර ජනතාවට අවශ්‍ය පහසුකම් සලසා දීම රජයේ වගකීම බවත්, උතුරේ ධීවර වරාය සංවර්ධනය කරමින් එම ධීවර ප්‍රජාවට අවශ්‍ය පහසුකම් ලබාදීමට මෙන්ම ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.


ප්‍රධාන පුවත්

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.