දිට්වා කුඹුරු අක්කර 1,37,265ක්, රට පුරා පාලම් 22ක් වනසයි.. රේල් පාරෙන් 2/3ක් ම ඉවරයි..
දිවයිනට බලපෑ දිට්වා සුළිකුණාටුව හේතුවෙන් කුඹුරු අක්කර 1,37,265ක් විනාශ වී ඇති බවත් දුම්රිය මාර්ග පද්ධතියේ දිගින් කිලෝමීටර් 1593කින් භාවිතයට ගත හැක්කේ කිලෝමීටර් 478ක් යැයි ද එය දුම්රිය මාර්ගයෙන් 1/3ක් පමණක් බව ද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.
ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් වැව් 1777ක්, අමුණු 483ක්, ඇළ මාර්ග 1936ක් සහ කෘෂි මාර්ග 328ක්, කුඹුරු අක්කර 1,37,265ක් සහ සුළු වාරිමාර්ග 305ක් හානි වී ඇති බව හඳුනාගෙන ඇතැයි ද චන්ද්‍රකීර්ති මහතා කීය.
නිවේදනයක් නිකුත්කරමින් ඒ මහතා මෙසේ ද කියා සිටී.
ආපදාවට පත් වී ඇති ප්‍රදේශවල ජනතාව අතුරින් සායන, චිකිත්සා හා වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල්වල දින ලබාදී ඇති රෝගීන්ට මෙම කාලය තුළ නියමිත පරිදි රෝහල්වලට පැමිණීමට නොහැකි බැවින් එවැනි රෝගීන් හට මෙකී ආපදා තත්ත්වය පහව ගිය පසු නව දින ලබාදීමටත් එහිදීම එම අයවලුන්ට ප්‍රමුඛතාව ලබාදීමටත් කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කර ඇත.
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ප්‍රවාහනයට බාධා පැවති මාර්ග 246ක ප්‍රමාණයක් මේ වනවිට වාහන ධාවනයට හැකි වන පරිදි යථාවත් කොට ඇත. කෙසේ වෙතත් දිවයිනේ මාර්ග පද්ධතියේ පාලම් 22ක් විනාශ වී ඇති අතර ඉන් 6ක් ඌව පළාතටත්, 4ක් උතුරු පළාතටත්, 4ක් වයඹ පළාතටත්, 3ක් බස්නාහිර පළාතටත්, 2ක් මධ්‍යම පළාතටත්, 2ක් නැඟෙනහිර පළාතටත්, 1ක් උතුරුමැද පළාතටත් අයත් වේ. එමෙන්ම මෙරට දුම්රිය මාර්ග පද්ධතියට සුවිශාල හානියක් වී ඇති බව හඳුනාගෙන ඇති අතර දිගින් කිලෝමීටර් 1,593ක් වන සමස්ත දුම්රිය මාර්ග පද්ධතියෙන් මේ අවස්ථාවේදී දුම්රිය ධාවනය සඳහා යොදාගත හැකිව ඇත්තේ කිලෝමීටර් 478ක දුර ප්‍රමාණයක් පමණි.
බිඳවැටුණු දුරකථන සම්බන්ධතාවලින් 91%ක් මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇත. කෙසේ ්වෙතත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ විදුලි සංදේශ පහසුකම් යථාවත් කිරීම් තවදුරටත් සිදු කළ යුතුව ඇත.
එමෙන්ම ආපදාවත් සමගම ක්‍රියාකාරිත්වය බිඳවැටුණු විදුලි උප පොළවල් 16,178කින් 11,315ක් නැවත සක්‍රීය කොට ඇති අතර ඒ අනුව බිඳවැටුණු පාරිභෝගික විදුලි සම්බන්ධතා 3,531,841කින් 2,526,264 එනම් 72%ක් නැවත යථා තත්ත්වයට පත්කර ඇත.
ගොඩබිම් මාර්ගවලින් ළඟා වීමට නොහැකිව තිබූ අරණායක ප්‍රදේශයේ ආපදාවට පත් පිරිසට ගුවනින් වියළි ආහාර සැපයීමත්, වෛi කාර්ය මණ්ඩලයේ සහාය ලබාදීමත් පෙරේදා (3 දා) සිදු විය.
තවද නිවාස සහ ගොඩනැඟිලි අවදානම් තත්ත්ව පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයට සහය වීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයත්, භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ සහ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ භූවිද්‍යාඥයින් සම්බන්ධ කිරීම සිදු විය.
විශේෂයෙන්ම සංවර්ධන පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ලබා ගැනීම සඳහා දේශගුණ විපර්යාස ප්‍රතිචාරාත්මක, ප්‍රතිස්ථාපන සහ ප්‍රතිසංස්කරණ ආයෝජන සැලැස්ම කඩිනමින් සකස් කරන ලෙස ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇත.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..