News Category
From Date
To Date
Maximum Number of Result

ජාත්‍යන්තරයෙන් බලපෑම් ආවද මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කරන තෙක් යුක්තිය මෙහෙයුම දිගටම ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලික කරගනිමින් ගොඩනැගීමට නියමිත නව සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් මතුව ඇති බව වාර්තා වේ.

කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය ජයග්‍රාහනය කරවීම සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා කරුණු 16කින් යුත් ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණයට එළඹ ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතා පත්කර ඇත.

මාර්තු මාසයේ 21 වැනිදායින් පසු දිවයිනේ වැසි තත්ත්වය අඩු වැඩි වශයෙන් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ එළඹෙන අඟහරුවාදා හා බදාදා දිනවල රට පුරා රජයේ රෝහල්ව වැඩ වර්ජන ආරම්භ කිරීමට තීරණය කර ඇති බවය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වැඩි කර ගත් වැටුප් යම් ප්‍රමාණයකින් අඩු කර ගැනීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු අදාළ පාර්ශ්වවලට දැනුම්දී ඇතැයි එම බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සහ මුදල් කාරක සභාවේ සභාපතිවරයා වන හර්ෂ ද සිල්වා මහතා මිල සූත්‍ර කතාවක් ඉදිරියට දමමින් කිරිපිටි ආනයනකරුවන්ට නැවත වටයකින් බදු සහන ලබාදීමට ක්‍රියාකරන බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.


ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.