News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය ප්‍රදේශීය සභාවේ මංගල අයවැය ඊයේ (16) පරාජයට පත්විය.

2025 වසරේ මුල් මාස නවය තුළ මෙරටින් නව HIV/AIDS ආසාදිතයන් 600කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 13ක් වාර්තා වී තිබේ.

'ඔන්ඩැන්සෙට්‍රෝන්' එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන සියලුම එන්නත් වර්ග මෙරට රෝහල් තුළ භාවිතය තාවකාලිකව තහනම් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ථ ලංකා කාරක සභාව කැඳවීම පක්ෂයේ ව්‍යවස්ථාව යළිත් උල්ලංඝනය කිරීමක් බව පාර්ලිමේන්තු නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඇමරිකානු ඖෂධ බලාත්මක කිරීමේ පරිපාලනය විසින් සපයන ලද බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වෙමින් පසුගිය නොවැම්බර් 26 වන දින දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතේ ෂෙන්සෙන් හි යැන්ටියන් වරායේ සැක සහිත ජාත්‍යන්තර බහාලුමකින් කොකේන් කිලෝග්‍රෑම් 430ක් අත්අඩංගුවට ගත් බව ෂින්හුවා පුවත් සේවය පවසයි.

ඉන්දියාව සමග හොර රහසේ අත්සන් කළ ගිවිසුම් හතෙන් පසු පළමු වරට ඉන්දියානු ප්‍රමිතියේ බෙහෙත්වලට ලංකාවේ සෞඛ්‍ය අංශ විවෘත කළ බවත්, මීට පෙර මොන ආණ්ඩුව තිබුන ද මෙරට තිබුනේ බ්‍රිතාන්‍ය ප්‍රමිතිය හෝ ඊට ඉහළ ප්‍රමිතියක් සහිත ඖෂධ බවත් ජානිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව රෙජිස්ටර් ජනරාල් වරයා වෙත සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත සංක‍්‍රාන්තික ලිංගික ප‍්‍රජාවගේ උප්පැන්න සහතික වල නම සහ ස්ත‍්‍රි/පුරුෂ භාවය සංශෝධනය කිරීම යන ශීර්ෂය රැගත් අංක 06/2016 දරණ චක‍්‍රලේඛය සම්බන්ධයෙන් ලිපියක් යොමුකර තිබේ.

මුදල් විශුද්ධීකරණ පනත යටතේ දූෂණය නමැති වරදක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය සී.බී.රත්නායක ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (16) නියෝග කළේය.

දේශපාලකයන් තමන්ට ආවඩන භික්ෂූන් වහන්සේලා පමණක් හොඳයැයි සිතා කටයුතු කරන්නේ නම් එය මෙරට ඉතා ශොචනීය තත්ත්වයක් බවත්, මහානායක හිමියන් කෝට්ටේ වැඩ සිටියද මෙරට රාජ්‍ය නායකයා අද වනතුරු මහානයක හිමියන් මුණගැසී නැත.ි බවත් පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි පවසති.


ප්‍රධාන පුවත්

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.