News Category
From Date
To Date
Maximum Number of Result

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම කළ යුත්තේ ඉලක්කම් වලින් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් "පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබේ.

2024 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසුව ප්‍රධාන පෙළේ අපේක්ෂකයන් වෙනුවෙන් සංවිධානය කරන මංගල ජන රැලි කිහිපයක් හෙට දින (17දා) පැවැත්වෙයි.

‘එම්පොක්ස්’ හෙවත් ‘මන්කිපොක්ස්’ රෝගය ජාත්‍යන්තර වශයෙන් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පියවර ගෙන තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන බලවේග පක්ෂයට සහයෝගය ලබාදීමට සූදානමක් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

රට ගොඩනැගීම සඳහා සියලු දෙනා ජාති ආගම් භේදයකින් තොරව එකතු විය යුතු බවත්, ඒ හරහා රට විශාල ජයග්‍රහණයක් කරා ගෙන යා හැකි බවත් ජනාධිපතිධූර අපේක්ෂක දිලිත් ජයවීර මහතා ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 වසරේ දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වෙයි.

2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.


ප්‍රධාන පුවත්

රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..

උතුරු මැද පළාත් සභාව සතු සුඛෝපභෝගී වාහන විසි දෙකක් රහසිගතව ටෙන්ඩර් කැඳවා අඩුමිලට වෙන්දේසි කර ඇති බවට අපි පුරවැසියෝ සංවිධානය චෝදනා කරයි.

අනුරගේ කතාවට ‌ෆොන්සේකාටත් රිදිලා

ජාතික රණවිරු සැමරුම් උත්මයයේදී ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සෑම පාර්ශ්වයක්ම සාමය වෙනුවෙන් යුද්ධ කරන බවට කල ප‍්‍රකාශයට තමන් එකඟ නොවන බවල හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ජුලි මස 11 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

රට අනතුරේ හෙළන මාලිමා ආණ්ඩුවේ විදේශ ගැති ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් විරෝධතාවක්..

ඉන්දියානු සාගරයේ භූ දේශපාලනික උපායමාර්ගක කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකයේ දේශපාලනික ආර්ථික සහ යුදමය වැදගත්කමක් ලැබී තිබීම නිසා ලෝකයේ බලවත් රටවල් දැඩි ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අවදානය යොමුකර තිබේ.

යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු, යුරෝපා මහාද්වීපය පුරාම දිවි පිදූ සෝවියට් සොල්දාදුවන් වෙනුවෙන් ස්මාරක 4,000 ක් පමණ ඉදිකර ඇත.

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරු කළේය.

9 වැදැරුම් ප්‍රතිඥාවක් ලබාදී ජානිපේ නියෝජිතයෝ ගමන අරඹයි

2025 පලාත් පාලන මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණේ “පංචායුධය ලකුණින්” තරගවැදී තේරී පත්වූ, පළාත් පාලන නියෝජිතයන්ගේ විශේෂ හමුවක් ,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (27) බත්තරමුල්ල, ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විය. මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආශිර්වාදයෙන් පසු තේරීපත්වූ සභිකයින් 26 දෙනා ජාතික නිදහස් පෙරමුණේ පළාත් පාලන මහජන නියෝජිතයින්ගේ ප්‍රතිඥාව සිදු කරන ලදි. පක්ෂ නායක විමල් වීරවංශ මහතා විසින් ඔවුන්ට මහජන නියෝජිතයන් ලෙස පැවරෙන වගකීම් පිළිබඳව පැහැදිලි කල අතර ඔවුන් සියලු දෙනාට ජාතික නිදහස් පෙරමුණේ සුබ පැතුම්ද එක් කළේය. පළාත් පාලන නියෝජිතයන් විසින් ලබාදුන් 9 වැදැරුම් පුතිඥාව පහතින්

අනුර වික්‍රමසිංහ එයාගේ සීයා ගිය වැල් පාලමේම ඔහේ යනවා.. ඩීල් වසන්තලා හාම්පුත්තු එක්ක ඩීල් දමා කර්මාන්ත ශාලා වසා දමනවා - විමල්ගෙන් චෝදනා (වීඩියෝ)

අනුර වික්‍රමසිංහ රනිල් සීයා ගිය වැල්පාලමේම ලංකාව නමැති දරුවා වඩාගෙන ඔහේ යන බවත්, රටේ කර්මාන්ත විශාල ප්‍රමාණයක් මේ වන විට වැසී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට සියලු කටයුතු සකසා අවසන්.. - විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)

මානුෂීය මෙහෙයුම වෙනුවෙන් කැපවූ රණවිරුවන් 58 දෙනෙක් මේ වන විට දංගෙඩියට ගෙනයන්න පිඹුරුපත් සකසා අවසන් බව විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.