තෙල් මිල අඩු කරන්න බෑ..- සිපෙට්කෝ
දැනට මෙරට පවතින ඉන්ධන සංචිත ජූලි මාසය දක්වා ප්‍රමාණවත් බවත්, සැප්තැම්බර් මාසය දක්වා මෙරටට ඉන්ධන ගෙන්වීමට ඇණවුම් කර ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ, මයුර නෙත්තිකුමාර පැවසීය.
පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සමාන්‍ය ක්‍රමවේදය යටතේ මාසිකව සිදුකරනු ලබන මිල සංශෝධනයට අමතරව ඉන්ධන මිල සංශෝධනය කිරීමට බලාපොරොත්තුවක් නොමැති බව ද ඔහු කියා සිටියේ ය.
එමෙන් ම, යුද්ධය ආරම්භ වීමත් සමග ම දිගින් දිගට ම ඉහළ යන ඉන්ධන මිල පහත වැටීමක් පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමට හැකි දැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයාගෙන් විමසීමක් සිදු කරන ලදී.
"ඉන්ධන මිල ඊළඟ මාස දෙකේ අඩු වෙයි කියලා හිතන්න අමාරුයි. දැනට ලෝක වෙළදපොලේ මිල 4වෙනි මාසයට සහ 3 වෙනි මාසයේ අග කාලයට සාපේක්ෂව අඩු වෙලා තියෙනවා. ඒත් මැයි 13 ගත්තත් ඩීසල් බැරලයක් 154ට තමා තිබුණේ," ඔහු පැවසුවේ ය.
"සාමාන්‍යයෙන් ඉන්ඩෙක්ස් ප්‍රයිස් එක 70,80,90 රේන්ජ් එකේ තමයි යුද්දෙට කලින් තිබුණේ. ඒ කාලේ 80 කියලා ගත්තොත් දැන් තියෙන්නේ දෙගුණයකට කිට්ටු වෙන ගාණකටනේ. කොහොමත් ලෝක වෙළදපොලේ දැන් තියෙන මිල කලින් තිබුණාට වැඩිය වැඩි ගාණට. බොර තෙල් මිල වුණත් යුද්දෙට කලින් තිබුණේ 63,69 කියන රේන්ජ් එකේ. දැන් තියෙන්නේ මේ මාසේ 110යි ඊළඟ මාසේ 104ක් වගේ ගාණකට තමා තියෙන්නේ. ඊටත් පස්සේ මාසෙත් 100ට උඩින් තියෙයි කියලා තමයි පුරෝකථනය කරන්නේ," බොතරතෙල් මිල සම්බන්ධයෙන් පැහැදිලි කරමින් කියා සිටියේ ය.
"ඒක දෙගුණයක් නොවුණත් දෙගුණයකට ආසන්න ප්‍රමාණයකට වැඩි වෙලා තියෙනවා. නමුත් අපේ මිල දෙගුණයක් කරලා නැහැ. ඒක අනුව ගත්තා ම ඉදිරි මාස කීපයේ තියෙයි හිතන මට්ටමට තමා දැන් ඩීසල් සහ පෙට්‍රල් මිල මේ වෙද්දී තියෙන්නේ. ඉදිරියේ අඩු වුණත් ඔය ගාණටනේ අඩු වෙන්නේ. එතකොට බොහෝ විට අඩු කිරීමේ හැකියාවක් නැති වෙනවා ඉදිරි මාසය, දෙක ඇතුළත," යැයි ඔහු කියා සිටියේ ය.
දැනට ලබා දෙන සහනාධාරය අඩු කරමින් පවතින මිලට අනුව ඉන්ධන ලබා දීමේ හැකියාවක් පවතී දැයි සලකා බලමින් සිටින බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ, පැවසීය.
- BBC
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්