News Category
From Date
To Date
Maximum Number of Result

වසර 5ක් නොසිට හැකි ඉක්මනින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව ගෙන ඒන ලෙස කාදිනල් තුමන් විසින් ආණ්ඩුවට යෝජනා කර ඇත. නව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා කාදිනල්තුමන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදී මේ බව පවසා ඇත.

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවේ පැවැත්වූ තේපැන් සංග්‍රහයේ වියදම් සම්බන්ධයෙන් පළ වූ ප්‍රවෘත්ති වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

නව ආණ්ඩුව බලයට පත්වීමට සමාන්තරව බෙදුම්වාදී බලවේග තමා විසින් රඟදක්වන නාට්‍යයේ පිටපත වෙනස් කරමින් ඉදිරිපත් කරන බව දැන් පැහැදිලිව දැකගත හැකි බව දෛශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රුසියානු ආරක්ෂක හමුදා ඩොන්ස්ටෙක් මහජන සමූහ ආණ්ඩුවේ ඩොන්බාස් පලාතේ කුරකෝවෝ ප්‍රදේශයේ ප්‍රධානතම නගරය වන ඛ්ය්‍රඛොවො මුදවා ගත් බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ගැටුමේදී යුක්රේන හමුදාවට ප්‍රදේශයේ සටන්වැදුනු තම හමුදා සාමාජිකයින්ගෙන් 80% ක් ඛ්ය්‍රඛොවො නගරය මුදවා ගැනීමේ සටන් වලදී අහිමි විය.

ආයුර්වේදය අපේ රටටම ආවේණික වූ වෛද්‍ය ක්‍රමයක් බව සංචාරක හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.

පසුගිය සතියේ තම පුවත්පත විසින් පළ කළ රජය විසින් ආරම්භ කර ඇති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පාරේ කොස් විකුණන්න බැරි බව පැවසූ වාර්තාවේ අකුරක් කොමාවක් නෑර සියල්ල සත්‍ය බව අරුණ පුවත්පත අවධාරණය කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 2024 මෙහෙයුම් වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 622 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි වටිනාකම රු. බිලියන 15.55 කි. එමෙන්ම අයිස් (ICE) කිලෝග්‍රෑම් 1,211 කට වැඩි ප්‍රමාණයක් ද ඒහි වටිනාකම රු. බිලියන 11.5 ක් පමණ වේ.

පසුගිය වසරේ (2024) මුල් මාස 10 තුළ පිරිපහදු නොකළ තෙල්, පොල්තෙල් නමින් ආනයනය කර රට පුරා අලෙවි කිරීමෙන් රජයට රුපියල් බිලියන 05ක හෙවත් කෝටි 5000ක බදු ආදායමක් අහිමිකර ඇති බවත්, එම මුදල් වහාම අයකර ගැනීමට කටයුතු කළ යුතු බවත් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර අහෝසි කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ඉදිරියට එම තනතුරට කිසිවකු පත් නොකරන අතර එම කාර්ය මණ්ඩලය ද ඔවුනගේ මව් ඒකක වෙත නැවත යවනු ඇත.


ප්‍රධාන පුවත්

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.